Main Logo

Sunday, 30 June 2013

ජනපති අත ශක්තිමත් කරමු

අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී බොහෝ කල් ය. එය කැඩුවේ ඉන්දියාව ය. එබැවින් ඒ ගිවිසුම අනුව පළාත් සභා අහෝසි කිරීමට හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට නොහැකි යැයි කීමට ඉන්දියාවට කිසිම අයිතියක් නැත. හැරත්  ඉන්දු ලංකා ගිවිසුමෙන් ජේ ආර් ජයවර්ධන මෙරට ස්වෛරීභාවය පාවා දී ඇත. මෙරට සංස්කෘතිය දුර්වල කිරීමට පියවර ගැනීම මදිවාට ස්වෛරීභාවය ද පාවා දීමට කටයුතු කළ මේ පුද්ගලයා නිවටයකු පමණක් නොව ද්‍රෝහියෙක් ද විය. ඔහු බටහිරයන් හමුවේ ද ඉන්දියාව හමුදාවේ වැඳ වැටුණේ ය. එහෙත් ඔහු ගැන කතා කිරීමෙන් පමණක් ඔහු අපට ඇතිකළ ප්‍රශ්න විසඳාගත නො හැකි ය. මේ ප්‍රශ්න විසඳාගත හැක්කේ කෙසේ ද කවුරුන් මගින් ද? අපට මූලික ප්‍රශ්න තුනක් ඇත. ඒ විය යුතු පරිද්දෙන් ම දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්‍ෂෙත්‍රවල ය.

අප ලැබූ සීමිත නිදහසෙන් පසුව එ ජා පක්‍ෂයෙන් ඒ එක් ක්‍ෂෙත්‍රයකවත් අපට අවශ්‍ය සංවර්ධනයක් නො ලැබිණි. මෙරට ජනතාව වැඩිකල් නොගොස් ම එ පෙරමුණ බලයට පත්කළේ එබැවිනි. එහි ප්‍රධාන පක්‍ෂය වූයේ ශ්‍රී ල නි පක්‍ෂය ය. එය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය විය. එනම් සිංහලත්වයේ පක්‍ෂය විය. එය එසේ වූයේ ජිම් මුණසිංහ, ස්ටැන්ලි සොයිසා ආදීන් එහි නායකත්වයේ සිටි නිසාවත් පසුව චන්ද්‍රිකා කුමාරතුංග පක්‍ෂයේ බලය ලබාගත් නිසාවත් නොව ඒ පක්‍ෂයට ඡන්දය දෙන ජනතාව සිංහලත්වය අගය කළ හා පිළිගත් නිසා ය. ජිම් මුණසිංහලා පක්‍ෂයේ නායකයන් වීමට උත්සාහ නොකළ නමුත් පසුව මාක්ස්වාදය කටගාගත් කුමාර් රූපසිංහ ජනවේගය කල්ලිය සංවිධානය කිරීමෙන් හා විජය කුමාරතුංග තම නළු ජනප්‍රියභාවය යොදාගනිමින් පක්‍ෂ නායකත්වයට පත්වීමට උත්සාහ කළහ. මේ දෙදෙනාම බෞද්ධයන් නොවූ අතර බෞද්ධයනට පක්‍ෂපාතීත්වයක් දැක්වී යැයි ද කිව නොහැකි ය. ඔවුන් දෙදෙනාම බණ්ඩාරනායක දියනියන් සමග විවාහ වීමෙන් ද පක්‍ෂ නායකත්වයට අනියම් සුදුසුකමක් ලබා ඇති බව ඇතැමුන්ට දැනෙන්නට විය. කුමාර් රූපසිංහ පසුකලෙක යුරෝපයේ ජීවත් වෙමින් රාජ්‍ය නොවන සංවිධානයක් ඔස්සේ සිංහලයන්ට විරුද්ධව ක්‍රියාකළ අතර විජය කුමාරතුංග මහජන පක්‍ෂය නමින් සිංහල විරෝධී පක්‍ෂයක් පිහිටුවා ගත්තේ ය.  මොවුන් දෙදෙනාගෙන් එක් අයකු වුවත් බලයට පත්වී නම් මේ වන විට ෆෙඩරල් රාජ්‍යයක් ඇති වී ඊළමකට මගකපා අවසාන ය. බණ්ඩාරනායක කෙනකුට වඩා කුමාරතුංග කෙනකු වූ චන්ද්‍රිකා අනූවේ දශකයේ මුල මෙරටට ගෙන්වා ගනු ලැබුයේ එකී දෙදෙනාගෙන් කරගැනීමට නොහැකි වූ කාර්යය ඇය ලවා කරවා ගැනීමට ය. එහෙත් ශ්‍රි ල නි පක්‍ෂයට ඡන්දය දෙන සිංහලත්වයේ බලපෑම හේතුකොටගෙන ඇයට ඒ කිරීමට නොහැකි විය. කෙතරම් වලිකෑවත් ඇයට අනාගතයේදීත් ඒ කිරීමට නොහැකි වනු ඇත. සිංහලයකු වීම පිළිබඳ ලජ්ජා වන්නේ යැයි කියන අයකුගේ මව වීම අද ඇයට තවත් නුසුදුසුකමක් බවට පත් වී ඇත.

ශ්‍රී ල නි පක්‍ෂය හැරුණු විට මෙරට සිංහලත්වය වෙනුවෙන් පෙනු සිටින පක්‍ෂය මහජන එක්සත් පෙරමුණ ය. චන්ද්‍රිකා නායකත්වයට පත්වීම මගින් ශ්‍රී ල නි පක්‍ෂයට යම් කැළලක් ඇති විණි ද ම එ පෙරමුණට නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නො වී ය. 1987 සිට ම ඉන්දු ලංකා ගිවිසුමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළත්සභාවලට දිගින් දිගට ම විරුද්ධ ව සිටි එකම දේශපාලන පක්‍ෂ නායකයා දිනේශ් ගුණවර්ධන මහතා ය. ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වය සිංහලත්වය වෙනුවෙන් පෙනී සිටිනතාක් ඒ මහතා ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ නොවනු ඇත. එහෙත් චන්ද්‍රිකා නායකත්වයට පත්වීමෙන් පසුව 1994 දී පැවති මැතිවරණයේ දී ඇයට අසීමිත බලයක් හිමිවනු වැළැක්වීමට ම එ පෙ තනිව ම තරග කළේ සිංහලත්වයට ඇගෙන් විය හැකි තර්ජනය ජනතාවට පැහැදිලි කරමිනි. කිසිම දිනෙක ම එ පෙරමුණේ සාමාජිකයකු නොවුණ ද ඒ මැතිවරනයේ දී මා ද ඒ පක්‍ෂයෙන් තරග කලේ චන්ද්‍රිිකාගේ අනතුර අපට දැනුණු බැවිනි. එදා ජාතික ව්‍යාපාරයේ පතාක යෝධයන් ලෙස පෙනී සිටි ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද ජනතා මිතුරන් නමින් පෙනී සිටි අය ද වෙනත් මහක් ගනිද්දී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ ම එ පෙ සමග සිටියෝ ය. ධර්මසේකර මහතා ද (අද අනගාරිකතුමා) මා සමග එකට ම එ පෙරමුණෙන් තරග කළේ ය. එදත් අදත් සිංහලත්වය වෙනුවෙන් තම වයස ද නොතකා පෙනී සිටින ගුණාදාස අමරසේකර මහතා ම එ පෙරමුණේ ප්‍රබල ම ආධාරකරුවෙක් විය.  එහෙත් ජනතාවට එදා අප කී දේ අවබෝධ නො විණි. ඔවුහු බණ්ඩාරනායක යුවළගේ දියණියට ඡන්දය දුන්හ. ඔවුන් නොදැන සිටි කරුණ නම් තමන් ඡන්දය දුන්නේ විජය කුමාරතුංගගේ බිරියට බව ය.

අද අප කතාකරන ප්‍රශ්න අළුත් දේ නො වේ. මේ ප්‍රශ්න 1987 සිට ම සාකච්ඡා කෙරී ඇත. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නීත්‍යානුකුල නොවන භාවය පිලිබඳ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ද දිනේශ් ගුණවර්ධන මහතා ද නඩු කීහ. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය නඩුව ඉවත දැමී ය. පොලිස් බලතල හා ඉඩම් බලතල දීම පිළිබඳ ව ගැටුමක් සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ දී සාකච්ඡා චිය. එහි ම එ පෙරමුණ නියෝජනය කළේ මා ය. 2008 දී පමණ ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි කමිටුවෙන් අතුරු වාර්තාවක් ඉල්ලනු ලැබිණි. ඒ වාර්තාවෙහි දහතුන ක්‍රියාත්මක කිරීම පිළිගන්නා බව අඩංගු විය යුතු යැයි තිස්ස විතාරණ කීවේ ය. පොලිස් හා ඉඩම් බලතල පළාත්සභාවලට දීම ගැන මම තදින් ම විරුද්ධ වීමි. මට උදය ගම්මන්පිල මහතාගේ අනගි සහාය ද ලැබිණි. අනෙක් සියල්ලෝ ම අපට විරුද්ධ වූහ. අවසානයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ නායකයන් ද කමිටුවේ සාමාජිකයන් ද අරලියගහ මන්දිරයට කැඳවී ය. එහි දී උණුසුම් විවාදයක් මැද රාජපක්‍ෂ මහතා මට අතින් සංඥා කරමින් එතුමා ඒ ගැන බලාගන්නා බව කියා සිටියේ ය. මම එතුමා විශ්වාස කළෙමි. අතුරු වාර්තාව තිස්ස විතාරණට අවශ්‍ය අන්දමට නොව මගේ සංශෝධනයක් සහිත ව අපට අවශ්‍ය අන්දමට නිකුත් කෙරිණි. ජනාධිපතිතුමා ගැන තිබූ විශ්වාසය අද වන තුරුත් බිඳී නැත. එහෙත් ජනවේග කල්ලියේ හා මහජන පක්‍ෂයේ නෂ්ඨාවශේෂ (ඇතැම්හු මේ සංවිධාන දෙකෙහි ම සාමාජිකයෝ වූහ) කසිකබල් වමත් සමග එකතු වී අද සංධානයේ කැරළි ගැසීමට පටන්ගෙන ඇත. ශ්‍රි ල නි පක්‍ෂයේ ද සංධානයේ ද පදනම වන්නේ ජාතිකත්වය ය. එයට විරුද්ධ මේ ඇවිදින නටබුන් පරාජය කිරීමට ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කළ යුතුව ඇත.


නලින් ද සිල්වා

2013-06-30

Wednesday, 26 June 2013

භික්‍ෂූන් වහන්සේ ඉවත් කිරීමේ ආරම්භය

බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අද අප යට වී ඇත. තවමත් මුළුමනින් ම යට වී නැතත් අද වන විට අපි ඉතා වැඩි දෙනෙක් සංස්කෘතියෙන් ක්‍රිස්තියානී වෙමු. ගිය සතියේ අප කී පරිදි මිනිසුන්ගේ සිරුරුවලට අවශ්‍ය වන්නේ ඉන්ද්‍රිය පිනවීම මිස එසේ පිනවීමට ඇති කැමැත්ත තැවීම නො වේ. මිනිසුන්ගේ   සිරුරුවලට අවශ්‍ය වීම යන්නෙන් අදහස් වන්නේ පංචෙන්ද්‍රියන්ට අවශ්‍ය වීම පමණක් නො වේ. පංචෙන්ද්‍රියන්ට යමක් අවශ්‍ය වන්නේ මනස නමැති ඉන්ද්‍රිය ඒ සඳහා කැමැත්තක් දක්වන බැවිනි.

අප කලින් පෙන්වා දී ඇති පරිදි ඇස කණ ආදී අවයව ඉන්ද්‍රිය බවට පත්වන්නේ ඒ අවයව මනස සමග බැඳීමෙනි. එබැවින් සිරුරට අවශ්‍ය වීම යනු අවසාන විග්‍රහයෙහි දී මනසට අවශ්‍ය වීම මිස අනෙකක් නො වේ.  අපේ හෙළ බෞද්ධ සංස්කෘතියෙන් මෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ද කෙරුණේ මනසට තහංචි දැමීම ය. සියල්ලට ම   වඩා මනස ප්‍රධාන යැයි බුදුන් වහ්සේ වදාළහ. පන්සිල්   කිනම් සංස්කෘතියක උපත ලැබිණ ද, පෙහෙවස් සමාදම් වීම්, භාවනා කිරීම් ආදියෙන් කෙරුණේ මනස පාලනය කිරීම ය.

එහෙත් එය එක්තරා ආකාරයකින් ගතහෙහාත් ස්වාභාවික නො වේ. ස්වාභාවිකත්වය යනු මනසට රිසි පරිදි ක්‍රියාකිරීමට ඉඩදීම ය. ඇස පිනවීම යනු මනසේ ආධාරය ඇතිව ඇස නමැති ඉන්ද්‍රියට නොයෙකුත් රූප කෙරෙහි ඇල්මක් දැක්වීම ය. අනෙක් ඉන්ද්‍රිය පිනවීම් ගැන ද එසේ දත යුතු ය. මේ ඉන්ද්‍රියයන් පිනවීමෙන් ඈත්වීමට බෞද්ධ සංස්කෘතියෙන් අනුබල ලැබෙන්නේ නිවන අරමුණු කරගෙන ය. මිනිසුන් අපරාධ කරන්නේ නිවන අරමුණු කරගෙන නොව නිවනට පිටුපාමින් ය. කසිකබල් මාක්ස්වාදීන්ට, පශ්චාත් මාක්ස්වාදීන්ට, පශ්චාත් නූතනවාදීන්ට ආදීන්ට ඒ බව නොතේරෙන්නේ ඔවුන් අදහන විශ්වාස කරන මතවාද (ඒ ඇදහීමක් මිස අන් කිසිවක් නො වේ) විසින් ඔවුන් ඒ ස්ථාවරවලට ඇද දමනු ලැබ ඇති නිසා ය.   

ඇස පිනවීමට අපේ මනස අප යොමු කරද්දී එයට පිටුපෑමට නම් අපට යම් කිසිවකුගේ යම්කිසිවකගේ ඉගැන්වීමක් ආධාරයක් අවශ්‍ය වෙයි. බෞද්ධ සංස්කෘතිය විසින් කෙරුණේ එයයි. බුදුදහම අපට බුදුන්වහන්සේගේ කාලයේ සිට ම ලැබුණ ද දේවානම්පිය තිස්ස රජු සමයේ ලැබුණ ද අපට බෞද්ධ සංස්කෘතියෙන් උගන්වනු ලැබුයේ ඉන්ද්‍රිය පිනවීමට නොව ඉන්ද්‍රිය පිනවීම තැවීමට ය. බොහෝ විට යක්‍ෂ ගෝත්‍රිකයන් හා මෙරට විසූ විවිධ ගෝත්‍රිකයන් ද ඉන්ද්‍රිය පිනවීමට එතරම් නැඹුරුවක් නැතිව සිටියේ   යැයි විශ්වාස කළ හැකි ය.

මහාවිහාරය බලවත් වීමෙන් පසු ඉන්ද්‍රිය පිනවීමට තව තවත් තහංචි පැනවී ඇති බව පෙනී යයි. ථෙරවාදී බුදුදහම මාධ්‍යමිකයන්ගේ විවේචන හමුවෙහි  භාරතයේ අසරණවත් ම ලංකාවේ මහාවිහාරයෙහි හා ආන්ද්‍ර ප්‍රදේශයෙහි භික්‍ෂූන් වහන්සේ එකතු වී ථෙරවාදය ආරක්‍ෂා කිරීමට ගත් පියවර අතර සිංහ ගෝත්‍රය බලවත් කිරීමත් අනෙක් ගෝත්‍රිකයන් විශේෂයෙන් ම යක්‍ෂ ගෝත්‍රය පහතට දැමීමත් අභයගිරියෙහි ඉඩකඩ වෙන් වු ථෙරවාද නොවන වෙනත් බෞද්ධ ගුරුකුලවලට තහංචි පැනවීමත් විය. රාමායණය මහාභාරතය ආදී කෘති කියවීම අගෞරවයට පාත්‍ර කෙරුණු අතර භික්‍ෂූන් වහන්සේ ජ්‍යොතිශය වෛද්‍යකර්මය ආදීයෙහි නිරතවීම ද  හෙළා දකිනු ලැබිණි.

ඒ හේතුවෙන් අපේ නිර්මාණශීලීත්වය මොට වී ගිය ද සිංහල බෞද්ධයෝ ඉන්ද්‍රිය පිනවීමෙන් තවත් ඈතට ගෙන යනු ලැබූහ. අඩු වැඩි වශයෙන් අනුරාධපුර යුගයේ අවසන් භාගය වන විට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබිණි. මහාවිහාර භික්‍ෂූන් වහන්සේ එහි නියමුවෝ වූහ. අපේ පිරිවෙන්වල උගන්වනු ලෑබුයේ මහාවිහාර සම්ප්‍රදාය ය. මහාවිහාර ථෙරවාදය විසින් සිංහල බෞද්ධ ජනජීවිතය හැඩගස්වනු ලැබිණි. සියමට හෙවත් තායිලන්තයටත් මියන්මාරයට හෙවත් බුරුමයටත් ගෙනයනු ලැබුයේ මේ සම්ප්‍රදාය ය. අද ඒ රටවල පමණක් නොව ලාඕසයේ හා කාම්බෝජයේ ද චීනයේ ඇතැම් ප්‍රදේශයක ද ඇත්තේ මේ මහාවිහාර සම්ප්‍රදාය ය.

පසුකලෙක නුවර යුගයේ දී  අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සියමෙන් මෙරටට ගෙනෙනු ලෑබූ උපසම්පදාවත් සමග නැවත මෙරට තහවුරු වූයේ අනුරාධපුර යුගයේ බලයට පත් වූ මහාවිහාර සම්ප්‍රදාය හා ථෙරවාදය ය. පරම ධම්ම චෙතිය පිරිවෙණත් පසුව විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙණ් ද එකී මහාවිහාර ථෙරවාදී සම්ප්‍රදායෙහි ස්ථාපිත කෙරිණි. මේ සම්ප්‍රදායට සිංහල බෞද්ධයන්ගෙන් අභියෝග නොතිබුණා නො වේ.

එහි දී කැපී පෙනුණු බුද්ධිමතකු වූයේ කුමාරතුංග මුනිදාස මහතා ය. කුමාරතුංග මුනිදාස මහතා අනුරාධපුර යුගයේ  මැද භාගයෙන් පමණ පසු මෙරට බිහි වූ ශ්‍රෙෂ්ඨතම බුද්ධිමතා බව කිසිදු පැකිළීමකින් තොරව කිව හැකි ය. ඒ බව වසර කිහිපයකට පෙර ද ඒ මහතා අනුස්මරණය කෙරුණු සම්මන්ත්‍රණයක දී මා පවසා ඇත. එහෙත් ඒ මහතා බුදුදහමට නොව සිංහල භාෂාවට සේවය කිරීම තම අරමුණ කරගත් බැවින් හා සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හෙළ සංස්කෘතියට මිස හෙළ බෞද්ධ සංස්කෘතියට මාරුවීමට තරම් අවශ්‍ය දත්ත ඒ මහතාට නොතිබූ බැවින් එතුමාගේ මත සමාජය මෙන් ම උගතුන් විසින් ද නොසලකා හරිනු ලැබිණි. එතුමාට ලංකා විශ්වවිද්‍යාලයෙන්වත් එයට පෙර තිබූ විශ්වවිද්‍යාල ආයතනයෙන්වත් නිසි තැන නො ලැබිණි.

කුමාරතුංග මහතා ප්‍රමුඛ අතළොස්සකගේ විවේචන හමුවේ වුව ද විද්‍යොදය හා විද්‍යාලංකාර  ප්‍රධාන පිරිවෙන්වලට හා එයින් බිහිකෙරුණු භික්‍ෂූන්වහන්සේට මහාවිහාර ථෙරවාද සම්ප්‍රදාය රැකගත හැකි වූ අතර සිංහල බෞද්ධයෝ ඉන්ද්‍රිය පිනවීම තැවීමට උන්වහන්සේගේ නායකත්වයෙන් දිගට ම යොමු වූහ. සිංහල බෞද්ධයෝ පොදුවේ ගත්කල බටහිරයන් අනුකරණය නො කළහ. මේ තත්වය වෙනස්වීමට පටන්ගත්තේ ඉංගිරිසින් විසින් ඔවුන්ගේ උසස් අධ්‍යාපනය මෙරටට හඳුන්වාදීමෙන් පසුව ය.

පෘතුගීසි සමයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මෙරටට හඳුන්වාදෙනු ලැබූ නමුත් මෙරට වෙහෙර විහාරවලට ඔවුන් පහර දුන් නමුත් ඔවුන්ගේ ඉන්ද්‍රිය පිනවන පෞද්ගලදකත්වය මුල්කරගත් සංස්කෘතිය රටපුරා පැතිර නො ගියේ ය. ලන්දේසීන් මෙරට ඔවුන්ගේ පාසල් පිහිටුවීමෙන් ද අපේ සංස්කෘතිය වෙනස්කිරීමට කටයුතු කළ නමුත් එය ද සාර්ථක නො වී ය. ඉංගිරිසිහු ඔවුන්ගේ පාසල් මෙරට පිහිටුවීමට කටයුතු කළා පමණක් නොව ඊනියා උසස් අධ්‍යාපනය ද හඳුන්වා දුන්හ. අපේ පරිහාණිය ඇරඹුණේ ඉන් පසුව ය.

මෙරට  සියවස් කිහිපයක් තිස්සේ විඤ්ඤූන් වූයේ භික්‍ෂූන් වහන්සේ ය. එහෙත් ඉංගිරිසි උසස් අධ්‍යාපනය හඳුන්වාදීමෙන් පසුව ඒ තත්ත්වය ක්‍රමයෙන් නැතිවීමට පටන්ගත්තේ ය. ඉංගිරිසි උගත් ඊනියා විඤ්ඤූන් පිරිසක් අප මත පටවනු ලැබූහ. මෙරට සංස්කෘතියෙන් යම් පමණකට වියෝ කරනු ලෑබූ මේ උගත්තු ක්‍රමයෙන් භික්‍ෂූන් වහන්සේ ඉවත් කර ඊනියා විඤ්ඤූන්  බට පත්වූහ. එහෙත් එයට දශක ගණනාවක් ගත වූයේ ය.

විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් පිහිටුවනු ලැබූ දහනවවැනි සියවස අගභාගයේ දී ම වෛද්‍ය විද්‍යාලය, නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලය පිහිටුවනු ලැබිණි. මේ හේතුවෙන් මෙරට ඊනියා වෘත්තීයික පෙළැන්තියක් ඇති කිරීමට පියවර ගැනිණි. අද ද වෛද්‍යරු, ඉංජිනේරුවෝ හා නීතිඥයෝ මෙරට ප්‍රධාන බටහිර වෘත්තිකයෝ වෙති. මුල දී ම බටහිර විද්‍යාඥයන් බිහිකිරීමේ අවශ්‍යතාවක් ඉංගිරිසින්ට නො වී ය. එහෙත් මෙරට කිසි දිනෙක හරිහමන් බටහිර විද්‍යාඥයන් බිහි නොවීමට හේතුව එය නොව බටහිර විද්‍යාවේ චින්තනය අප රටට ආගන්තුක වීම ය.

ක්‍රමයෙන් ඉංගිරිසි යටත්විජිත ආණ්ඩුවේ අනුග්‍රහය හා ආශිර්වාදය ලත් බටහිර වෛද්‍යවරු මෙරට පාරම්පරික වෙදවරුන් නොවැදගත් පිරිසක් බවට පත්කිරීමට සමත්වූහ. එයට අමතර ව ඉන්දීය ගැති මානසිකත්වයක් සහිත ඇතැම් සිංහල බෞද්ධයෝ සංගීතය හා ආයුර්වේදය ඉන්දියාවෙන් ලබාගැනීමට කටයුතු කළහ. යටත්විජිත සමයේ ප්‍රතිඵලයක් ලෙස අවාසනාවකට මතුවූයේ හෙළ බෞද්ධ යටත්විජිත විරෝධී ව්‍යාපාරයක් නොව සිංහල බෞද්ධ යටත්විජිත විරෝධී ව්‍යාපාරයකි. මෙය ගැඹුරින් පසුව විස්තර කළ යුත්තකි.

සිංහල බෞද්ධ මනස තිබුණේ යම් ප්‍රමාණයක අධ්‍යාපනයක් ලැබූ උගතුන් අතර ය. සිංහල බෞද්ධ මනස අඩු වැඩි වශයෙන් ඉන්දීය ගැති විය. එය අනුරාධපුර අගභාගයේ සිට පැවත එන්නකි. හෙළ බෞද්ධ මනස දැකගත හැකි වූයේ ගැමියන් අතර ය. හෙළ බෞද්ධ ගැමියන් අතර සිංහල පාරම්පරික වෙදකම ශක්තිමත් ව පැවතිණි. ආයුර්වේදය හා බටහිර වෙදකම නාගරිකයන් හා උගතුන් අතර පැතිරිණි.

හෙළ සංගීතයක් හෙළ බෞද්ධයන් අතර පැවතිණි. එහෙත් එයට ඉංගිරිසින්ගේ අනුග්‍රහයක් නො ලැබිණි. උගත් සිංහල බෞද්ධයෝ මහාවිහාර ථෙරවාද සම්ප්‍රදායෙහි පිහිටියෝ සංගීතය ගැන එතරම් උනන්දුවක් නො දැක්වූහ. එබැවින් සිංහල සංගීතයක් ගැන මුල දී උනන්දුවක් දැක්වූයේ කතෝලික හා ක්‍රිස්තියානි සිංහලයන් ය. පළමුවෙන් සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගියෝ සිංහල කතෝලිකයෝ හා ක්‍රිස්තියානිහු වූහ.

ඒ කුමක් වුවත් භික්‍ෂූන් වහන්සේ ක්‍රමයෙන් සමාජයේ විඤ්ඤූන්ගේ තත්ත්වයෙන් ඉවත් කරනු ලැබූහ. හෙළ බෞද්ධ සංස්කෘතියේ වැදගත් ම අංග වූයේ වෙදකම හා ගොවිකම ය.  මහාවිහාර සම්ප්‍රදාය කුමක් වුවත් මෙරට භික්‍ෂූන් වහන්සේ වෙදකමෙන් ඉවත් නො වූහ. සංගීතය කෙසේ වෙතත් කලා ශිල්පවලින් ද ඉවත් නො වූහ. භික්‍ෂූන් වහන්සේ අතර ගායකයන් හා වාදකයන් නොමැති වුවත් අද ගීත රචකයන් වහන්සේ දැකිය හැකි ය. මේ හෙළ බෞද්ධ සම්ප්‍රදාය ය.

එහෙත් පාරම්පරික වෙදකමට පහර වැදෙත් ම භික්‍ෂූන් වහන්සේගේ විඤ්ඤූන් භාවය ද අභියෝගයට ලක්විය. තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ සිංහල බෞද්ධයන් ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා එංගලන්තයට හා ඉන්දියාවට යෑම ඇරඹීමත් සමග ය. ගිහි උගතුන් පැරණි යුගවල ද සිටි නමුත් ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නායකත්වය තිබුණේ භික්‍ෂූන් වහන්සේ අත ය. ඉංගිරිසි අධ්‍යාපනය ප්‍රචලිත වීමත් සමග ගිහි සිංහල බෞද්ධ උගත්තු පෙරට පැමිණියහ.

එසේ වුවත් විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රධාන කොටගත් පිරිවෙන් පද්ධතියට මහාවිහාර සම්ප්‍රදායේ උගත් භික්‍ෂූන් වහන්සේ පරපුරක් සන්තතික ව බිහිකිරීමේ හැකියාව විය. යටත්විජිත යුගයේ සියළු බාධක මධ්‍යයේ භික්‍ෂූන් වහන්සේ මෙරට විඤ්ඤුන් වහන්සේ වූහ. විශේෂයෙන් ම හෙළ බෞද්ධ ගැමියන්ගේ විඤ්ඤූන් වූයේ භික්‍ෂූන් වහන්සේ ය. උන්වහන්සේට මෙරට බෞද්ධයන් පවු තැවීමේ මගට යොමුකර ඉන්ද්‍රිය පිනවීමෙන් ගලවා ගැනීමට හැකිවිය.


නලින් ද සිල්වා

2013-06-26

Why the northern province elections are different



As we have argued previously the Indo Lanka Accord is defunct due to the failure of India to fulfill any of the undertakings on her part as stated in the Accord. Thus there is no case for the thirteenth amendment or the provincial councils whether in the northern province or anywhere else in the country. Further the thirteenth amendment is not the law of the country as it was “passed” by the parliament going against the decision of the Supreme Court that wanted the President to hold a referendum to approve the Clauses 154 G (2) (b) and 154 G (3) (b). The Parliament “passed” the relevant bill as a whole and not clause by clause and hence the thirteenth amendment has to be declared null and void as a whole and not “Article” by “Article”. 

The question is being raised by some politicians as to why object to the elections for the provincial council in the northern province when the other provinces are “enjoying” the opportunities provided by the provincial councils. There is a reason for that though many people have forgotten the history of the establishment of the provincial councils through the now defunct Indo Lanka Accord. The so called Tamil problem goes back to the second decade of the nineteenth century when the Legislative Assembly was formed. The English did not give the Sinhala people or their culture the due place and only one member was appointed to represent the Sinhala people who had a history of more than two thousand years and who essentially created and developed the unique culture of the country. The number of Tamil representatives in the legislative assembly was equal to the number of Sinhala representatives which was a glaring discrimination against the Sinhala people. Further the Sinhala people were discriminated against in the professions and the English were very generous when it came to giving privileges to the English speaking Vellalas who had been brought to Sri Lanka by the Dutch as agricultural labourers.   With the limited franchise introduced in 1912 and universal franchise initiated in 1931 the English speaking Tamil Vellala leaders began to lose their privileges in the legislature, professions and the society in general  and the colonial rulers and the Tamil leaders interpreted it as discrimination against the Tamils in general. The “problem” of a few Vellalas was generalized to a problem of the entire Tamil community and the concept of a Tamil homeland was introduced. Tamil leaders decided to use the ordinary Tamils to achieve their ambitions.

Vadukkoddai Resolution of 1976 was the culmination of a process begun by the Ilankai Thamil Arasu Kadchi (ITAK) or the so called Federal Party that had the objective of establishing a separate Tamil State.  We reproduce below relevant sections of the resolution as many people have forgotten   the resolution by now. 

“The first National Convention of the Tamil United Liberation Front meeting at Pannakam (Vadukkoddai Constituency) on the 14th day of May, 1976, hereby declares that the Tamils of Ceylon by virtue of their great language, their religions, their separate culture and heritage, their history of independent existence as a separate state over a distinct territory for several centuries till they were conquered by the armed might of the European invaders and above all by their will to exist as a separate entity ruling themselves in their own territory, are a nation distinct and apart from Sinhalese and this Convention announces to the world that the Republican Constitution of 1972 has made the Tamils a slave nation ruled by the new colonial masters, the Sinhalese ,who are using the power they have wrongly usurped to deprive the Tamil Nation of its territory, language citizenship, economic life, opportunities of employment and education, thereby destroying all the attributes of nationhood of the Tamil people.

And, while taking note of the reservations in relation to its commitment to the setting up of a separated state of TAMIL EELAM expressed by the Ceylon Workers Congress as a Trade Union of the Plantation Workers, the majority of whom live and work outside the Northern and Eastern areas,
This convention resolves that restoration and reconstitution of the Free, Sovereign, Secular, Socialist State of TAMIL EELAM, based on the right of self determination inherent to every nation, has become inevitable in order to safeguard the very existence of the Tamil Nation in this Country.

This Convention further declares -
that the State of TAMIL EELAM shall consist of the people of the Northern and Eastern provinces and shall also ensure full and equal rights of citizenship of the State of TAMIL EELAM to all Tamil speaking people living in any part of Ceylon and to Tamils of EELAM origin living in any part of the world who may opt for citizenship of TAMIL EELAM.
that the constitution of TAMIL EELAM shall be based on the principle of democratic decentralization so as to ensure the non-domination of any religious or territorial community of TAMIL EELAM by any other section.
that in the state of Tamil Eelam caste shall be abolished and the observance of the pernicious practice of untouchability or inequality of any type based on birth shall be totally eradicated and its observance in any form punished by law.
that TAMIL EELAM shall be a secular state giving equal protection and assistance to all religions to which the people of the state may belong.
that Tamil shall be the language of the State, but the rights of Sinhalese speaking minorities in Tamil Eelam to education and transaction of business in their language shall be protected on a reciprocal basis with the Tamil speaking minorities in the Sinhala State.
that Tamil Eelam shall be a Socialist State wherein the exploitation of man by man shall be forbidden, the dignity of labor shall be recognized, the means of production and distribution shall be subject to public ownership and control while permitting private enterprise in these branches within limit prescribed by law, economic development shall be on the basis of socialist planning and there shall be a ceiling on the total wealth that any individual of family may acquire.

This Convention directs the Action Committee of the TAMIL UNITED LIBERATION FRONT to formulate a plan of action and launch without undue delay the struggle for winning the sovereignty and freedom of the Tamil Nation;
And this Convention calls upon the Tamil Nation in general and the Tamil youth in particular to come forward to throw themselves fully into the sacred fight for freedom and to flinch not till the goal of a sovereign state of TAMIL EELAM is reached.”

Unlike in the other provinces there will be many candidates at the elections for the provincial council of the northern province who support the Vadukkoddai Resolution with many constituent  parties of the TNA and their members being either represented or being present individually at the “convention”. The Vadukkoddai Resolution advocates and approves the establishment of an Eelam and it is against the sixth amendment to the constitution which states among others the following:
157A. (1) No person shall, directly or indirectly, in or outside Sri Lanka, support, espouse, promote, finance, encourage or advocate the establishment of a separate State within the territory of Sri Lanka.
(2) No political party or other association or organization shall have as one of its aims or objects the establishment of a separate State within the territory of Sri Lanka.

It was not only the LTTE that fought for an Eelam, and those who abide by the Vadukkoddai Resolution will be campaigning in the northern province provincial council election. Would the TNA as a whole or as constituent parties adopt a resolution before the provincial council elections to the effect that Vadukkoddai Resolution is null and void. Politically all these resolutions, Accords, Pacts have been sunk in the Nandikadal Lagoon  with the defeat of the LTTE as the latter was the heir to all of them and was the culmination of the evolution of a problem that has a history going back to the Dutch who brought the Vellalas to Sri Lanka. Nandikadal was the political solution to a “problem” that has not been translated into law by abolishing the thirteenth amendment and the provincial councils. Law is always behind politics, technology and other systems of knowledge in general and it takes some time for Law to catch up in a western style democracy that actually does not represent the view of the people at any given time. The old left and Janavega and other sorts of socialists and liberals who have been elected to the Parliament do not represent the public view which will be asserted if a referendum is held. However, before a Parliament that represents the view of the public is elected and a cabinet is appointed accordingly  or a referendum is held, the government should at least amend the so called thirteenth amendment to have a clause similar to the Article 63 of the constitution that makes it compulsory for the MPs to take an oath to the effect or affirm that they would uphold and defend the Constitution of the Republic, as far as Provincial Council Members are also concerned before holding the elections to the northern province provincial council elections. Otherwise if a majority of members are elected to the northern province provincial council that does not uphold and defend the constitution but abide by the Vadukkoddai Resolution it would spell disaster for the country.  


Nalin De Silva

26-06-2013

Tuesday, 25 June 2013

නිජ බිම් දේශපාලණය නීති විරෝධී කල යුතුය

දෙමළ ජාතිවාදීහු නැගෙනහිර සහ උතුරු පළාතේ වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කර ගැනීම සඳහා දේශපාලණ බලයක් ඉල්ලා සිටිති. ඉන්දියාව සහ බටහිර රටවල් මේ ඉල්ලීම අනුමත කරන අතර රටතුල ක්‍රියාත්මක වන විදේශීය බලවේග මෙන්ම ආණ්ඩුවේ සමහරක් මැති ඇමතිවරුද එය අනුමත කරති. නමුත් දෙමළ ජාතිවාදීන් ගේ ඉල්ලීමත් අනිත් පළාත්වල සිංහලුන් තමන්ගේ පළාතට දේශපාලණ බලයක් ඉල්ලීමකුත් ප්‍රතිපත්තිමයව එක සමාන නොවේ. දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීමේ පදනම ඒ පළාත් තමන්ගේ නිජ බිමවේය යන්නය. ඒ නිසා ඔවුන්ට එම පළාත් තමන්ට අවශ්‍ය ආකාරයට පාලණය කර ගැනීමට සුවිශේෂ අයිතියක් ඇතැයි ඔවුහු උපකල්පණය කරති. නමුත් සිංහලයන් තමන් ජීවත්වන ප්‍රදේශයට දේශපාලණ බලයක් අවශ්‍යයැයි ඉල්ලන්නේ නම් ඒ ඉල්ලන්නේ රටේ ඒකීය භාවය පිළිගනිමිනි. එකම පරිපාලණ ව්‍යුහය තුල වුවද මෙවැනි ප්‍රතිපත්තිමය වෙනසක් තිබීම රටේ දේශපාලණ ක්‍ෂේත්‍රයේ අසමමිතික බවක් ඇති කරයි. එය රටේ ඒකීය භාවයට තර්ජනයකි.

සිංහලයෝ තමන් ජීවත්වෙන ප්‍රදේශ පමණක් තම නිජ බිම ලෙස නොසලකති. ඔවුන්ට මුලු ශ්‍රී ලංකාවම තම නිජ බිමය. එමෙන්ම තමන් වෙසෙන ප්‍රදේශය ඉන් පිටත ජීවත්වන රටවැසියන්ටද අයිති ලෙස සැලකිය හැකි බව ඔවුහු පිළිගනිති. උදාහරණයක් වශයෙන් වයඹේ ජීවත්වන මිනිසුන් උතුරත් දකුනත් තමන්ට අයිතියැයි සලකන අතරම ඒ පළාත්වල මිනිසුන්ටද වයඹට අයිතියක් ඇතැයි වයඹේ මිනිස්සු පිළිගනිති. නමුත් දෙමළ ජාතිවාදීහු නැඟෙනහිර හා උතුරු පළාත් පිළිබඳ දරන ආකල්පය මෙය නොවේ. ඔවුන්ට අනුව ඔවුන්ගේ නිජ බිම් වලට ඔවුන්ට සුවිශේෂවූ අයිතියක් ඇත. ඔවුන්ට තම පළාත්වලට ඇති අයිතිය රටේ අනිකුත් පළාත්වල වෙසෙන සිංහල ජනතාවට නැතැයි සිතති. පැහැදිලිවම නැඟෙනහිර හා උතුරු පළාත් තම නිජ බිම් යැයි සැලකීම තුලින් දෙමළ ජාතිවාදීහු ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ඒකීය භාවය ප්‍රතික්‍ෂ්ප කර සිටිති.

ඉන්දියාව බටහිර සහ ඔවුන්ගේ ගැත්තන් පළාත් සභා හරහා දේශපාලණ බලය පිරිනමන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ඒකීය භාවය ප්‍රතික්‍ෂේප කර ඇති දේශපාලණ බලවේගයකටය. එවැනි බලවේගයක ක්‍රියාකාරිත්වය ව්‍යවස්ථාවෙන් ආවරණය කල හැකිද?

මෙහිදී මතු කෙරෙන ප්‍රශ්ණය දහතුන්වෙනි සංශෝධනය මඟින් රටේ ඒකීය භාවය නැතිවේද නැද්ද යන්න පමණක් නොවේ. අවශ්‍යනම් අපට පළාත් සභා සම්බන්ධ නීති රීති රටේ ඒකීය භාවය සුරැකෙන පරිදි වෙනස් කර ගත හැකියැයි සිතිය හැකිය. නමුත් දේශපාලණයේ යෙදෙන්නේ ප්‍රාණී දේශපාලකයින් මිස අප්‍රාණී ව්‍යවස්ථාව නොවේ. දෙමළ ජාතිවාදී දේශපාලකයින් රටේ ඒකීය භාවය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්‍ෂේප කර ඇතිවිට ඔවුන්ගෙන් රටේ ඒකීය භාවයට ඇතිවිය හැකි තර්ජනය ව්‍යවස්ථාවෙන් පමණක් වලකා ලිය හැකිද? උදාහරණයක් වශයෙන් දේශපාලණ බලයක් ලත්විට උතුරු පළාත තමන්ගේ නිජ බිම යැයි සලකන දේශපාලකයින් සිංහලයින්ට තම පළාතේ පදිංචිවීමට, රැකියා කිරීමට, වෙළඳාම් කිරීමට, පංසල් තැනීමට, රාජ්‍ය ද්‍රෝහීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට, පුරාවිද්‍යා ගවේශණයට, පාසල් වල සිංහලෙන්ද ඉගැන්වීමට, රටේ ඉතිහාසය ඉගැන්වීමට, රටට විරුද්ධ විදේශීය බලවලට එරෙහිව එම ප්‍රදේශතුල ක්‍රියාත්මක වීමට ආදී නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් ඉඩ දෙයිද? ව්‍යවස්ථාවෙන් පමණක් මේ ඉඩ ලබා දී තිබීම ප්‍රමාණවත් නොවේ. නිජ බිම සංකල්පය මත බලය ඉල්ලීම තුලින් දෙමළ ජාතිවාදීන්  ප්‍රකාශ කර සිටින්නේ ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි ඉඩක් සිංහලුන්ට නොදෙන බවය. එකම නීතිමය හා පරිපාළන ව්‍යුහය තුල වුවද නිජ බිම පදනම් කරගත් දේශපාලණයක් හා එවැනි පදනමක් නැති දේශපාලණයක් අතර බල අසමමිතිකමක් ඇතිවීම රටේ ඒකීය භාවයට තර්ජනයකි.

බලය විමධ්‍යගත කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ඒකීය භාවය මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යයද ආරක්‍ෂාකල යුතුය. පළාත් සභා සම්බන්ධ නීති රීති වෙනස් කිරීමෙන් පමණක් එය ඉටු කර ගත නොහැකිය. කල යුත්තේ නිජ බිම් දේශපාලණයද නීති විරෝධී කිරීමය. එනම් කිසිම ජාතියකට හෝ ආගමකට හෝ අයත් ජන කොටසකට රටේ තෝරාගත් ප්‍රදේශයක් තම නිජ බිම ලෙස සලකා දේශපාලණය කිරීම, ඒ ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පක්‍ෂ සංවිධාන කරගැනීම හා එහි සාමාජිකත්වය ලබාදීම හා ලබා ගැනීම නීති විරෝධී කල යුතුය. රටේ ඒකීය භාවය පිළිගන්නේනම් මේ පිළිබඳව කිසිවකුටත් ප්‍රශ්ණයක් තිබිය නොහැකිය. නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීම යනු යම් ජන කොටසක අනන්‍යතාව හෝ ඔවුන්ගේ සංස්කෘතිය හෝ ඔවුන්ගේ ඉතිහාසය හෝ ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් හෝ ප්‍රතික්‍ෂේප කිරීම නොව මුළු රටම ඔවුන්ගේ නිජ බිම යැයි පිළිගැනීමය. එහි වරදක් ඇත්ද? ඉංග්‍රීසීන් විසින් දහනවවන සියවස අග භාගයේ වෙන් කරන ලද නැගෙනහිර හා උතුරු පළාත් දෙමළ ජනතාවගේ නිජබිම යැයි සැලකීමට ඓතිහාසික සාධක නැති බව විද්වතුන් විසින් පැහැදිලිවම පෙන්වා ඇති බැවින් ඒ පිළිබඳව සෙද්ධාන්තික ප්‍රශ්ණයක්ද තිබිය නොහැකිය.

නිජ බිම් දේශපාලණය නීති විරෝධී කල යුතුව තිබුනේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟමය. ඇමරිකාව ඔවුන්ගේ සිවිල් යුද්ධයෙන් පසුව ක්‍රියා කල ආකාරය එයට හොඳ ආදර්ශයකි. සිවිල් යුද්ධයට පෙර ඇමරිකාවේ දකුනු ප්‍රාන්තවල ආර්ථිකය රැඳුනේ අප්‍රිකාවේ සිට බලහත්කාරයෙන් එහි ගෙනා වහලුන්ගේ ශ්‍රමයෙනි. උතුරු ප්‍රාන්ත වහලුන් තබා ගැනීමට විරුද්ධවූ නිසා දකුණු ප්‍රාන්ත වෙනම රාජ්‍යයක් පිහිටුවාගැනීම සඳහා උතුර සමඟ යුධ වැදිනි. ඒ යුද්ධයෙන් උතුර දිනූ අතර ඉන් පසු ඔවුහු මුලු රටේම වහලභාවය නීති විරෝධී කලහ. යුධයෙන් දිනූ උතුරු ඇමරිකානුවන්ට තමන්ගේ දේශපාලණ දැක්ම මුලු රටටම බලපාන ලෙස නීති ගත කිරීමට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නොවිනි. එල්ටීටී ත්‍රස්තවාදයට පදනමවූයේ ඊනියා නිජ බිම් දේශපාලණයය. එල්ටීටීයේ පරාජයත් සමඟ නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීම අපට ගැටළුවක් නොවිය යුතුය. අවාසනාවකට අද අපට නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීමට තබා පළාත් සභා අහෝසි කිරීමටවත් ශක්තියක් නැත.

නිජ බිම් දේශපාලණය නීතියෙන් අහෝසි කර ඊට විකල්පයක් දෙමළ ජනතාවට ලබාදිය යුතුය. එය ව්‍යවස්ථාවෙන් කල නොහැකිය. එය සාමාන්‍ය දෙමළ ජනතාව තුලින් බිහි විය යුතුය. වඩාත් නිවැරදිව කියන්නේ නම් විකල්ප දේශපාලණයක් ඔවුන් විසින් බිහි කර ගත යුතුය. අද රජය සමඟ සමහර දෙමළ දේශපාලකයින් යම් සුහදතාවක් පැවැත්වුවද ඔවුන් කරන විකල්ප දේශපාලණයක් නැත. නමුත් එය ගොඩනඟාගත නොහැකි දෙයක් නොවේ. එය දෙමළ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් මත පදනම්වුනු සාමාන්‍ය දෙමළ ජනතාවගෙන් පැණනැගුනු ජාතික ව්‍යාපාරයකට කල හැකිය. රටේ ඒකීය බව රැකෙන පරදි බලය බෙදීමක් බලාපොරොත්තුවිය හැක්කේ නිජ බිම් දේශපාලණය නීති විරෝධී කරන රටේ ඒකීය බව සුරකින ව්‍යවස්ථාවක් තුල දෙමළ ජනතාව විකල්ප දේශපාලණයකින් නියෝජනය වෙන අවස්ථාවකදීය. එවැනි වාතාවරණයක් තුල පළාත් සභා වලටත් එහා යන අර්ථවත් ස්වාධීනවූ දේශපාලණ බලයක් ප්‍රාදේශීය ඒකකට වලට ලබාදිය හැකි වනු ඇත.

ජානක වංශපුර

Sunday, 23 June 2013

දහතුන හා ජනමතය

අපවත් වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේගේ ජන්ම ශත සංවත්සරය පසුගිය සතියේ යෙදී තිබිණි. ලිපියේ ඉඩකඩ ප්‍රශ්නයක් හේතුවෙන් උන්වහන්සේ විසින් සිදුකරන ලද ජාතික හා ශාසනික සේවය කෙටියෙන් වුවත් අගය කිරීමට නොහැකිවීම ගැන කණගාටුවෙමි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට උන්වහන්සේ මුල සිට විරුද්ධ වූහ. එසේ වුවත් එය තවමත් මෙරට ව්‍යවස්ථාවේ කොටසක් ලෙස සැලකෙයි. අද අපට උන්වහන්සේ වෙනුවෙන් පුද කළ හැකි උපරිම උපහාරය වනුයේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතියෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ නීති පොතෙන් ඉවත්කිරීම ය.  මේ ලිපිය ද ඒ වෙනුවෙනි. අපි උන්වහන්සේට නිවන් සුව පතමු.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට නීතිය නොවේ ය යන්න මගේ පෞද්ගලික හැඟීම ය. අඩුම තරමෙන් එහි 154 උ (2) (ආ) හා 154 උ (3) (ආ) වගන්ති කිසිසේත් ම මෙරට නීතිය නො වේ. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ එහි වගන්ති වෙන වෙන ම සලකමින් නොව සමස්ත සංශෝධනය ම එකට ගැනීමෙනි. එබැවින් එහි වගන්ති වෙන වෙන ම ගෙන නීති පොතෙන් ඉවත්කළ හැකි නො වේ. එබැවින් එහි එක් වගන්තියක් වුව ද නීතිය නොවේ නම් සමස්ත සංශෝධනය ම නීතිය වන්නේ නො වේ. කෙසේ වුවත් එය ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබිය යුත්තකි. අපි ඒ නීති ගැටළුව සම්බන්ධයෙන් පසුව වැඩිදුරටත් කතාකරමු. 

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අපකිර්තිමත් ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයකි. එය දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණකම්වලට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරුණකි. ඉන්දු ලංකා ගිවිසුම අද වන විට අහෝසි වී ඇත. එහි සඳහන් අන්දමට ඉන්දියාව ක්‍රියා නොකෙළේ ය. ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ නො කළේ ය. කොටි සංවිධානය නො පැරදවී ය. ඊනියා සාම සාධක හමුදාවක් මෙරටට එවූ නමුත් එය විසින් ඇති කෙරුණු සාමයක් නැත. ඔවුහු ඒ වෙනුවට සිංහලයන්ට ද දෙමළ හා මුස්ලිම් ජනයාට ද හිරිහැර කළහ. අඩත්තේට්ටම් කළහ. ඉන්දු ලංකා ගිවිසුම කඩකරනු ලැබුයේ ඉන්දියාව විසිනි. එහි කඩකිරීමට දෙයක් ඉතිරි වී නැත. ඉන්දු ලංකා ගිවිසුම අනුව ලංකාව පළාත් සභා පිහිටුවිය යුතුව තිබිණි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා පනතත් ගෙන එනු ලැබුයේ ඒ අනුව ය. ඉන්දු ලංකා ගිවිසුමේ තම කොටස ඉටු නොකර ගිවිසුම කැඩූ ඉන්දියාවට ලංකාවට ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බලකිරීමට නොව අයැදීමටවත් කිසිම නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතියක් නැත.  දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ඊනියා ප්‍රශ්නයක් ගැන කතාකිරීමට ඉන්දියාවට යෑම දේශද්‍රෝහි ක්‍රියාවකි. ඔවුහු එමගින් ලංකාවේ ස්වෛරීභාවය පාවා දෙති. ඒ මන්ත්‍රීවරුන් ද ඇතුළු මෙරට දෙමළ ජනයා නාගදීපයේ ජීවත් වූ සිංහලයන්ගෙන් හා ලන්දේසීන් විසින් 1750 න් පසු කෝරමණ්ඩළ වෙරළෙන් දුම්කොළ වගාව සඳහා ගෙන්වනු ලැබූ දෙමළ ජනයාගෙන් ද, පසුව ඉංගිරිසින් විසින් නැගෙනහිර පළාතේ හා කඳුකරයේ පදිංචිකරවනු ලැබූ දෙමළ කුලීකරුවන්ගෙන් ද පැවත එන්නෝ වෙති. එබැවින් දෙමළ ජනයා ලෙස මෙරට ඔවුන්ගේ පැවැත්ම අවුරුදු දෙසිය පනහකට පමණක් සීමා වෙයි. එසේ වුවත් ඔවුහු මෙරට පුරවැසියෝ වෙති. ඒ පිලිබඳ අපට කිසිම ගැටළුවක් නැත. පුරවැසියන් ලෙස ඔවුන්ට මෙරට අහිමිවන අයිතිවාසිකමක් නැත. එහෙත් ඔවුන් තවමත් තමන් ඉන්දියාව සමග ඇති සම්බන්ධය නවතා නැත. උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඊනියා සාම්ප්‍රදායික වාසභූමි ලෙස අවලංගු වී ඇති ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් කරවා ගැනීමට ද ඔවුහු උත්සුක වූහ. එහෙත් දෙමළ ජනයාගෙන් බහුතරය ජීවත්වන්නේ ඒ පළාත්වලින් පිට ය. දෙමළ ජාතික සංධානයේ නායකයන් වහාම තමන් පුරවැසියන් වන්නේ ඉන්දියාවේ ද නැත්නම් ලංකාවේ ද යන්න තීරණය කළ යුතු ය. වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි යැයි සිතිය හැකි සිංහ ගෝත්‍රිකයන් (ට්‍රයිබල් අර්ථයෙන් නො වේ) සමග සිංහලයන්ගේ සම්බන්ධයක් තිබිණි ද සිංහලයෝ තමන් ඉන්දියාවේ පුරවැසියන් යැයි සිහිනෙන්වත් නො සිතති. ධර්මාශෝක රජුගේ ද මිහිඳු හිමියන්ගේ ද සම්භවය වත්මන් දකුණු ඉන්දියාවේ සිංහ ගෝත්‍රික මුරා පෙළපතට (මෞර්ය වංශයට) සම්බන්ධ වුවත් සිංහල බෞද්ධයනට ඒ පිළිබඳ තැකීමක් නැත. දෙමළ නායකයන් ඇතැයි කියන තම ප්‍රශ්න මෙරට දී විසඳා ගැනීමට කටයුතු කළ යුතු ය. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති වූ ප්‍රශ්නයක් නැත. ඊනියා අසාධාරණ අන්කිසිවක් නොව ඉංගිරිසින්ගෙන් නිලතල ලැබූ ඉංගිරිසි උගත් වෙල්ලාලයනට ක්‍රමයෙන් තමන් ලැබූ අයුතු වරප්‍රසාද නැතිවී යෑම පිලිබඳ ප්‍රශ්නයකි. ඒ පිලිබඳ ව මේ තීරුවෙන් හා පොතපතින් මා කරුණු දක්වා ඇති නමුත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනකුට ද ඒ පිළිබඳ හැඟීමක් නැතිවීම කණගාටුවට කරුණකි. 

වෙල්ලාලයන්ගේ වරප්‍රසාද ක්‍රමයෙන් නැතිවීම විය යුත්තක් මිස ඊනියා ප්‍රශ්නයක් නො වේ. අවුරුදු එකසිය අනූවක් පමණ වෙල්ලාල ඉල්ලීම්වලට ඊනියා විසඳුම් ලෙස බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ආදිය ද ඉන්දු ලංකා ගිවිසුම ද ඊනියා සාම සාකච්ඡා ද ඉදිරිපත් විණි. එහි විකාශයේ අවසන් ප්‍රතිඵලය වූයේ ප්‍රභාකරන් ය. (වැඩි විස්තර කාලය වෙබ් අඩවියෙන් ලබාගත හැකි  ප්‍රභාකරන්  ඔහුගේ සියලා බාප්පලා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි.) ප්‍රභාකරන්ගේ පරාජයත් සමග වෙල්ලාලයන්ට දේශපාලන විසඳුමක් ලැබිණි. අද අවලංගු වී ඇත්තේ ඉන්දු ලංකා ගිවිසුම පමණක් නො වේ. නැති ප්‍රශ්නයකට විසඳුම් ලෙස ඉදිරිපත් වූ සියළු ගිවිසුම් ද පළාත් සභා ද නන්දිකඩාල් කලපුවේ ගිල්වනු ලැබිණි. දේශපාලනිකව ඒ එසේ වුවත් සෑමදාම අනෙක් සෑම ක්‍ෂෙත්‍රයකට ම පිටුපසින් ඇති නීතියෙන් එය තවමත් පිළිගැනී නැත. දහතුන තවමත් නීති පොතේ ඇත්තේ එබැවිනි. එය ඉවත්කිරීමට තරම් අද ජනමතයක් මතු වී ඇත. එහෙත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අද මහජන මතයට එරෙහිව ඇත. සංධානයෙන් පිට තරග කළහොත් ඡන්ද දාහක් ලබාගත නොහැකි ඇමතිවරු අද දහතුන අහෝසි කිරීමට බාධා කරති. අද කළ යුත්තේ ජනමතයට ඉඩ දී මේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පරාජයකර ඉවත්කිරීමට ක්‍රමවේදයක් සකස්කර ගැනීම ය.


නලින් ද සිල්වා

2013-06-23

Wednesday, 19 June 2013

අපට පවු තැවීම අහිමිවීම

සිංහල බෞද්ධ සංස්කෘතිය හා බටහිර විද්‍යාව අතර ඇති සම්බන්ධකම සඳහා බොහෝ දෙනා දක්වන උදාහරණ වනුයේ කාලාම සූත්‍රය හා චුල්ලහත්ථිපදොපම සූත්‍රය ය. මේ සූත්‍රවල ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි කියැවෙයි. එවැනි සම්බන්ධයක් ඇත්නම් බටහිර විද්‍යාව සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර ලැව් ගින්නක් මෙන් පැතිරී යා යුතු ය. එහෙත් ඒ එසේ වී නැත. බටහිර විද්‍යාව වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වීමට උත්සාහ කරන අය අනිවාර්යයෙන් ම ඉගෙන ගත යුතු පද්ධතියක් පමණක් බවට පත් වී ඇත.

සිංහල බෞද්ධයන්ගෙන් කී දෙනකු බටහිර විද්‍යාඥයන් වීම සඳහා අදාළ විෂය හදාරන්නේ ද? එවැනි ශිෂ්‍යයන් අද පාසල්වල නැති තරම් ය. දැනට අවුරුදු හතළිහකට පනහකට පමණ පෙර එවැන්නන් පාසල්වල සිටියත් ඔවුන් විශ්වවිද්‍යාලයට ගොස් ඒ ඒ විෂයයෙන් විශේෂ උපාධි පාඨමාලා සාර්ථක ව නිමකර පසුව ආචාර්ය උපාධි ලබාගත්තත් ඔවුන්ගෙන් බටහිර විද්‍යාවට වී ඇති සේවය කුමක් ද? ඔවුන් බොහෝ දෙනකු අද ඇමරිකාවේ හෝ වෙනත් රටවල හෝ විශ්වවිද්‍යාලවල තම තම විෂයයෙන් මහාචාර්යවරුන් වී ඇති බව සැබෑ ය. එහෙත් මේ කිසිවකුට හරිහමන් විද්‍යාඥයකු වීමට නොහැකි වී ඇත.

ලංකාව ඊනියා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක් බැවින් මෙරට පුරවැසියන්ට ලෝකයේ කොහේ ජීවත්වුවත් එංගලන්තයේ ලන්ඩන් රාජකීය සංගමයේ අධිසමාජිකයන් වීමට හැකි ය. එහෙත් රාජකීය සංගමය යමකු තම අධිසාමාජිකයකු කරගන්නේ බටහිර විද්‍යාවේ කේන්ද්‍රිය ප්‍රවාදයක් සංකල්පයක් නිර්මාණය කර ඇත්නම් හෝ පර්යේෂණයකින් යම් වැදගත් හඳුනාගැනීමක් කර ඇත්නම් හෝ පමණකි. දැනට ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය දරණ ලාංකිකයන් ඇත්තේ එක් අයකු පමණකි. ඔහු හොංකොං විශ්වවිද්‍යාලයේ සේවය කරන අතර කුරුළු උණ වෛරසය හඳුනාගත් වෛද්‍ය කණ්ඩායමේ නායකත්වය දැරීම හේතුවෙන් ඔහුට එසේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් පිරිනමනු ලැබිණි.

එය ද පර්යේෂණ ක්‍ෂෙත්‍රයෙහි බව අප අමතක නොකළ යුතු ය. මෙතෙක් කිසිම ලාංකික පුරවැසියකුට සෙන්ධාන්තික ක්‍ෂෙත්‍රයෙහි රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් හිමි වී නැත. එපමණක් නො වේ. ලන්ඩන් රාජකීය සංගමය අනුකරණය කරමින් ඇමරිකාවේ හා වෙනත් රටවල ජාතික විද්‍යා ශාස්ත්‍රාල (National Academy of Science) පිහිටුවා ඇත. ඇතැම් ලාංකිකයන් ඇමරිකාවේ පුරවැසිකම් ලබාගෙන ඇති නමුත් ඒ කිසිවකුටවත් ඇමරිකන් විද්‍යා ශාස්ත්‍රාලයේ අධිසාමාජිකත්වයක් ලැබී නැත. ඒ ඔවුන් බටහිර විද්‍යාවට කේන්ද්‍රිය වශයෙන් වැදගත් දෙයක් නිර්මාණය කර හෝ හඳුනාගෙන නොමැති බැවින් ය.

මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ඇමරිකන් පුරවැසියකු වුවත් ඔහු ගැන මෙරට බොහෝ ඉහළින් කතාකෙරුණත් ඔහුට ඇමරිකන් විද්‍යා ශාස්ත්‍රාලයේ අධිසාමාජිකත්වයක් නො ලැබිණි. මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු වුවත් ඔහුට ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් නැත. මෙරට වැසියන් අතර ඔවුන් සුප්‍රසිද්ධ පුද්ගලයන් වන නමුත් ඔවුන්ට එතෙර දී වැදගත් විද්‍යාඥයන් ලෙස සම්මාන ලැබී නැත.

මෙහි තේරුම කුමක් ද? අද බරහිර රටක ජීවත්වන මෙරට උපන් බටහිර වි්‍යාඥයකුට පහසුකම් නැතැයි කිව නො හැකි ය. එසේ පහසුකම් තිබියදීත් ඔවුන් වැදගත් බටහිර විද්‍යාඥයන් ලෙස සැලකිලි නොලබන්නේ ඔවුන්ට බටහිර විද්‍යාවේ පරිධියෙහි මිස කේන්ද්‍රයෙහි නිර්මාණ කළ නොහැකි බැවිනි. එය ලංකාවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් ද නො වේ. බොහෝ ආසියාතික රටවලට මේ ප්‍රශ්නය පොදු ය. එයට ප්‍රධාන හේතුව බටහිර විද්‍යාවේ චින්තනය ආසියාවේ චින්තනවලට ආගන්තුක වීම ය. අපට බටහිර විද්‍යාවෙන් ආචාර්ය උපාධියක් ලබාගත හැකි වුවත් බටහිර විද්‍යා විෂයයක මහාචාර්යවරයකු විය හැකි වුවත් බටහිර විද්‍යාවේ නිර්මාණ කළ හැකි නො වේ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ලංකාවේ බටහිර විද්‍යා ශාස්ත්‍රාලයේවත් අධිසාමාජිකයකු නො වේ. ඇතැම් විට ඔහු එවැනි අධිසාමාජිකත්වයක් අපේක්‍ෂා නොකළා විය හැකි ය. ඒ කෙසේ වෙතත් ඔහු මෙරට ඉදිරි පෙළේ විද්‍යාඥයකු ලෙස පමණක් නොව ඉහළ ම බුද්ධිමතකු ලෙස ද සැලකෙයි. ඇතැමුනට අනුව ඔහු ලංකාවේ අද ජීවත්වන විශිෂ්ටතම බුද්ධිමතා ය. එහෙත් ඔහුගෙන් බටහිර විද්‍යාවට සිදු වී ඇති දායකත්වය කුමක් ද? ඔහු කුප්‍රසිද්ධ ගිනිපෑගිමෙන් පසුව කර ඇති පරීක්‍ෂණය නිරීක්‍ෂණය කුමක් ද? ගිනිපෑගීම වුවත් බටහිර විද්‍යාවේ වුව ද කියැවෙන ආකාරයට  ඔහු අතින් නිරීක්‍ෂණය වී ද?

ඒ කුමක් වුවත් ගිනිපෑගීමෙන් ඔහු කර ඇත්තේ හෝ ඔහු කිරීමට බලාපොරොත්තු වූයේ හෝ කුමක් ද? මෙරට සාමාන්‍යයෙන් ගිනිපෑගීම කෙරෙන්නේ හින්දුන් හා බෞද්ධයන් අතිනි. බුදුන් වහන්සේ ගිනිපෑගීමක් ගැන දේශනාකර නොතිබුණත් එය අද වන විට සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයක් බවට පත් වී ඇත. කාලෝ ෆොන්සේකා මහතා පෙන්නුම් කිරීමට තැත්කළේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඊනියා අවිද්‍යාවක් එසේත් නැතහොත් මිථ්‍යාවක් බව ය. ඔහු එලෙස ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ සංස්කෘතියේ අවිද්‍යාත්මක බවක් පෙන්වීමට ඊනියා විද්‍යාත්මක උත්සාහයක් ගෙන තිබේ ද? ඔහු දෙවියන් වහන්සේ විශ්වාස නොකරනවා විය හැකි ය. එහෙත් එපමණකින් ඔහු ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ සංස්කෘතියට අභියෝග නොකරයි. දෙවියන් වහන්සේ පිලිබඳ ප්‍රශ්නය දාර්ශනික, අවශ්‍ය නම් දේවධර්මය පිළිබඳ ප්‍රශ්නයකි. සාමාන්‍ය ක්‍රිස්තියානින්ගේ හෝ කතෝලිකයන්ගේ හෝ සංස්කෘතියට දෙවියන් වහන්සේ ඇත් ද යන ප්‍රශ්නය වැදගත් නො වේ. දෙවියන් වහන්සේ පිලිබඳ ප්‍රශ්නය ඇත්තේ දාර්ශනික තලයක ය.

අනෙක් අතට අද බටහිර රටවල දෙවියන් වහන්සේ නොමැති ක්‍රිස්තියානි සංස්කෘතියක් පැතිරී ගොස් ඇත. අවුරුදු පන්සියයක් තිස්සේ යුරෝපයේ සිදුවෙමින් පවතින්නේ එයයි. සංස්කෘතිය යනු ආගම නොවන බව පැහැදිලි ය. ආගමක් බිහිවන්නේ සංස්කෘතියක ය. යම් සංස්කෘතියක ආගමක් බිහිවීමෙන් පසු ආගම විසින් සංස්කෘතිය ද යම් ප්‍රමාණයකට වෙනස් කෙරෙයි. කතෝලික චින්තනය පසුපස්සට දමමින් පැන නැගි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි කතෝලික නොවන ක්‍රිස්තියානි ආගම් උපත ලැබී ය. ඒ බව මා බොහෝ ලිපිවල පෙන්වා දී ඇත. කාලෝ ෆොන්සේකා මහතා හෝ වෙනත් අයකු හෝ මේ ලිපියට ප්‍රතිචාර දක්වන්නේ නම් කරුණාකර ප්‍රථමයෙන් ඒ ලිපි කියවන මෙන් ඉල්ලා සිටිමි. නැතහොත් මා ලියා ඇති කරුණු නැවත නැවතත් ලිවීමට සිදුවනු ඇත. පසුගිය සතියේ පළ වූ කොටන්දෙනිය මහතාගේ ලිපිය සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එය ය.

මාටින් ලූතර් නම් දේවගැතිතැන කතෝලික චින්තනයට ආගම පැත්තෙන් අභියෝග කළ ප්‍රසිද්ධ තැනැත්තා විය. ඔහු කතෝලික චින්තනයේ සමස්තයට අභියෝග කළේ ය. ඔහු දෙවියන් වහන්සේ යනු පෞද්ගලික අත්දැකීමක් බවට පත්කළේ ය. ඔහු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දරුවෙක් විය. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි සමස්තය වෙනුවට පෞද්ගලිකත්වය වෙයි. මේ චින්තනයෙහි බිහි වී ඇති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අද ලෝකයේ අධිපතිවාදී සංස්කෘතිය බවට පත් වී ඇත. මෙරට ද අද අධිපතිවාදී සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි වෙයි. මෙරට අද අපරාධ වැඩි වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියේ  වරදක් නිසා නොව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අද මෙරට අධිපතිවාදී සංස්කෘතිය බවට පත් වී ඇති බැවිනි. අද ලෝකයේ අපරාධ වැඩියෙන් ම කෙරෙන්නේ ඇමරිකාවේ යැයි කීම අතිශයෝක්තියක් නො වේ. අපේ රටෙහි ද ඉන්දියාවෙහි ද වෙනත් ආසියාතික රටවල ද කාමුකත්වය ඉතා භයානක ආකාරයකට පැතිරී ඇත්තේ අප ඉවක් බවක් නැතිව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කරන බැවිනි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇති වරද එය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවීම ය.

එය එසේ වී ඇත්තේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය මිනිසුන්ගේ ඇඟට ඉල්ලන දෙය දීමට සූදානම් වීම හේතුවෙනි. මිනිසුන් පාපයට පෙළඹීම ස්වාභාවික ය. එය මිනිසුන්ගේ ස්වභාවය ය. අපට අවශ්‍ය වන්නේ අපේ ඉන්ද්‍රිය පිනවීම මිස තැවීම නො වේ. තවුසා යනු මේ ඉන්ද්‍රිය පිනවීමට ඇති කමැත්ත තවන්නෙකි. කතෝලික චින්තනයෙහි ද කතෝලික ආගමෙහි ද යම් තැවීමක් වෙයි. බොහෝ සංස්කෘතීන්හි මේ තැවීම දැකිය හැකි ය. තවුසෝ හෙවත් තාපසයෝ මේ ඉන්ද්‍රිය පිනවීමට ඇති කැමැත්ත අනෙක් අයට වඩා තවති. තාපයෙන් කෙරෙන්නේ තැවීමකි. තාපසයෝ අනෙක් අයට වඩා පවු තවති. එහෙත් අනෙක් අය ද තාපසයන් පමණට ම නොවුවත් පවු තවති. ගිනිපෑගීම ද එක්තරා ආකාරයකින් පවු තැවීමට සම්බන්ධ ය.

එක් සංස්කෘතියක් ඉන්ද්‍රිය පිනවීමට අපේ ඇති කැමැත්ත තැවීමට අනුබල දෙද්දී අනෙක් සංස්කෘතියක් වැඩි වැඩියෙන් ඉන්ද්‍රිය පිනවීමට අනුබල දෙද්දී මිනිසුන් තෝරා ගන්නේ කුමන සංස්කෘතිය ද? යුරෝපීයයන් පැමිණීමට පෙර අපි පවු තැවීමට අනුබල දෙන සංස්කෘතියක ජීවත්වීමු. අද සිටින කසිකබල් ජනමාධ්‍යවෙිදීන් කලාකරුවන් ආදීන් කියාගන්නන් බොහෝ විට කියන්නේ මිනිසුන් ඉල්ලන දේ අප දිය යුතු ය යන්න ය. මේ ජනමාධ්‍යවේදීන් කලාකරුවන් තවුසන් නොවන බව අපි දනිමු. මිනිසුන් මූලික වශයෙන් ඉල්ලන්නේ ඉන්ද්‍රිය පිනවීමට ය. ජනමාධ්‍යවේදීහුව ද කලාකරුවෝ ද ජනප්‍රිය ආකාරයෙන් මෙන් ම ඊනියා සම්භාව්‍ය ආකාරයෙන් ද බොහෝ විට ඒ ලබා දෙති. එය එලොවටවත් මෙලොවටවත් වැඩදායක නො වේ. එලොවක් ගැන විශ්වාස නොකරන අනුකාරක ද්‍රව්‍යවාදී පුස්සකුට වුවත් සීමාවක් නොමැතිව ඉන්ද්‍රිය පිනවීම මෙලොවට වුවත් වැඩදායක නොවන බව තේරුම් යා යුතු ය.

අද ලෝකයේ සීමිත ස්වාභාවික සම්පත් සිඳී යන්නේ අපේ අසීමිත ආශාවන්, එනම් ඉන්ද්‍රිය පිනවීමට ඇති ආශාවන් සපුරාලීමට යෑම හේතුකොටගෙන ය. කසිකබල් මාක්ස්වාදය ද ඉන්ද්‍රිය පිනවීම සඳහා ස්වාභාවික සම්පත් නැසීමට සෑදී පෑදී සිටියේ ය. පරිසරය රැකීම මාක්ස්වාදයේ අංගයක් නො වේ. එංගල්ස් අවිඥානිකව පරිසරය ගැන ලියා ඇති වාක්‍යයක් දෙකක් හැරෙන්නට පැරණි (මම එයට සම්භාව්‍ය යැයි නො කියමි)  මාක්ස්වාදයේ පරිසරය රැකීම ගැන කියා ඇත්තේ කොහේ ද? මාක්ස්වාදී වේවා ලිබරල්වාදී වේවා ඊනියා පරිසරවාදී වේවා  බටහිරයන්ට පරිසරය රැකිය නො හැකි ය. මේ පිලිබඳ මා ලියා ඇති ලිපිවලින් සමහරක් පොතක් වශයෙන් ද පළ වී ඇත. කොටන්දෙනිය මහතා වැන්නන් ඒ පොත කියවන්නේ නම් මැනවි.

පෘතුගීසීන් සමග මේ රටට කාපල්ලා බීපල්ලා ජොලිකරපල්ලා සංස්කෘතිය පැමිණියේ ය. ස්පාඤ්ඤයන් හා පෘතුගීසීන් ආගමෙන්  කතෝලිකයන් වුව ද ඔවුන් ලෝකයට ගෙන ගියේ කතෝලික විරෝධී නැගී ආ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ය. අවුරුදු පන්සියයකට ආසන්න කාලයක් අපි මේ මානව විරෝධී සත්ත්ව විරෝධී පරිසර විරෝධී සංස්කෘතියට ඉඩ නො දුන්නෙමු. අපේ ගැමියෝ බටහිර අධ්‍යාපනයේ  අවලම් බලපෑම ඉදිරියේ ද පාපය තැවීමට කටයුතු කළහ. එහෙත් එය තවදුරටත් කරගෙන යෑමට අපට අවාසනාවකට  1956න් පසු බැරි විය. පනස්හය බටහිර සංස්කෘතියට  විරුද්ධව කරන ලද යටත්විජිතවිරෝධී සටනක් වුව ද එය හරිමග ගෙනයෑමට අපට නොහැකි විය. අපට ඒ හේතුවෙන් ම යම්තමින් වුව අපේ යැයි කිවහැකි අධ්‍යාපනයක් තිබිණි ද ඒ නැති විය. බටහිර අධ්‍යාපනයට අප යටවීමේ ප්‍රතිඵලයක් ලෙස විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් අපට අහිමි විය.  තකතීරු අනුකාරක ආයතන දෙකක් වූ ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාල අපට හිමිවූයේ පවු තවන්නන් තැවීමෙනි. කාලෝ ෆොන්සේකා මහතා කැලණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති වීම ඒ ක්‍රියාදාමයේ සංකේතයක් පමණකි. මෙය තවදුරටත් විස්තර කළ යුතුව ඇත.


නලින් ද සිල්වා

2013-06-19

Amending the thirteenth amendment – II



We continue with amending the thirteenth amendment this week as it appears that some well meaning people have misunderstood the article published last Wednesday. My intention was to draw the attention of the public to the Articles 154 G (2) (b) and 154 G (3) (b) of the constitutions, which is not law of the country. There were two amendments to the thirteenth amendment before the cabinet that met last week. One was to amend the Article 154 A (3) on the merger of two or more provincial councils. This amendment was to be affected under the Article 82 on the amendment of the constitution. The second amendment before the cabinet was to amend the Articles 154 G (2) and 154 G (3) that deal with amendments to the thirteenth amendment and the ninth schedule. This amendment was to be affected under the Article 154 G (2) itself and my intention was to show that it was not possible to do so as 154 G (2) is not the law of the country though it appears in the constitution and to open a discussion on the Articles 154 G (2) and 154 G (3). Anybody familiar with the constitution would have known that any amendment to the constitution could be affected under the Article 82 that is law of the country.

I give below in point form why I do not consider 154 G (2) (b) and 154 G (3) (b) to be the law of the country.
(i)                 Article 80 (1) states a Bill passed by Parliament shall become law when the certificate of the Speaker is endorsed, subject to the provisions of paragraph 80 (2).  What has to be decided first is whether the 13 A Bill was passed by the Parliament according to 80 (2).
(ii)               The Article 80 (2) states among other matters that where the Supreme Court has determined  that a Bill or any provision thereof requires the approval of the People at a Referendum or where any Bill is submitted to the People by Referendum under paragraph (2) of Article 85, such Bill or such provision shall become law upon being approved by the People at a Referendum in accordance with paragraph (3) of Article 85 only when the President certifies that the Bill or provision thereof has been so approved. The President shall endorse on every Bill so approved a certificate in the follow­ing form : -
“This Bill/provision has been duly approved by the People at a Referendum.”
(iii)             The Supreme Court had decided by majority opinion that 154 G (2) (b) and 154 G (3) (b) of the 13 A Bill have to be approved by the people at a referendum. However, no such referendum was held and the relevant clauses were amended without referring back to the Supreme Court, which is in contradiction with Article 122 (4).
(iv)             Article 122 (4) states:  Where any Bill, or the provision of any Bill, has been determined, or is deemed to have been determined to be inconsistent with the Constitution, such Bill or such provision shall not be passed except in the manner stated in the determination of the Supreme Court: Provided that it shall be lawful for such Bill to be passed after, such amendment as would make the Bill cease to be inconsistent with the Constitution.
(v)               It is clear that a Bill can be passed after such amendment as would make the Bill consistent with the constitution. However, the amendment by the JRJ government of 154 G (2) (b) and 154 G (3) (b) was not submitted to the Supreme Court to determine whether it was consistent with the constitution. It has to be stated that the JRJ government did not drop 154 G (2) and 154 G (3) but only amended it without referring it to the Supreme Court. The Parliament cannot decide whether an amendment is consistent with the constitution.
(vi)             The Parliament passed the amended 13 A Bill, without referring back to the Supreme Court and was endorsed by the Speaker without the endorsement by the President  that it was approved by the people at a referendum as per Article 80 (2).
(vii)           Thus 154 G (2) (b) and 154 G (3) (b) are not law of the country and they cannot be invoked to amend the 13 A or the ninth schedule. 
(viii)         Now Article 80 (3) states: Where a Bill becomes law upon the certificate of the President or the Speaker, as the case may be, being endorsed thereon, no court or tribunal shall inquire into, pronounce upon or in any manner call in question the validity of such Act on any ground whatsoever. One could argue that this implies that 13 A or any of its provisions cannot be challenged in a court of law.
(ix)             However this is applicable to only those Bills that have become law after following the correct procedure as given in Article 80 (1) and (2). Our argument is that 154 G (2) (b) and 154 G (3) (b) have not become law in spite of the endorsement by the Speaker as the procedure as laid down in 80 (1) and (2) has not been followed. A Bill becomes law  when the certificate of the Speaker/President is endorsed after it has been passed by Parliament subject to the provisions of 80 (2). Clearly 154 G (2) (b) and 154 G (3) (b) have not followed 80 (1) and (2).
(x)               Article 124 states: Save as otherwise provided in Articles 120, 121 and 122, no court or tribunal created and established for the administration of justice, or other institution, person or body of persons shall in relation to any Bill, have power or jurisdiction to inquire into, or pronounce upon, the constitutionality of such Bill or its due compliance with the legislative process, on any ground whatsoever.
(xi)             The Article 124 refers to Bills presented to the Parliament but 13 A as of today is  not such a Bill and is not applicable in this case. 
(xii)           In any event the constitution can be amended only through Article 82. Article 82 (6) specifically states: No provision in any law shall, or shall be deemed to, amend, repeal or replace the Constitution or any provision thereof, or be so interpreted or construed, unless enacted in accordance with the requirements of the preceding provisions of this Article.

Thus 154 G (2) (b) and 154 G (3) (b) contradict the Article 82 and that is the very reason that these particular clauses in the 13 A Bill should have been referred to the People, as per the opinion of the Supreme Court.  There is a contradiction in the constitution if the Articles154 G (2) (b) and 154 G (3) (b) are construed to be law of the country as in that case Article 82 states something else. If the Articles 154 G (2) (b) and 154 G (3) (b) are not law of the country then no bill  can be submitted to the Parliament to amend the thirteenth amendment or the ninth schedule under those two Articles. I am not entirely unhappy with the decision of the cabinet not to submit the Bill to amend 154 (G) (2) and 154 (G) (3) under those two articles albeit for different reasons as if it was done then some credibility would have been given to the two articles concerned. It is clear that the only way out is to scrap the articles 154 (G) (2) (b) and 154 G (3) (b) from the constitution using the Article 82 as we would not like to live with contradictions in the constitution. It has to be emphasized that the Articles 154 G (2) (b) and 154 G (3) (b) take away from the Parliament its sole authority to amend any provision of the constitution as provincial councils have to be consulted to amend the thirteenth amendment or the ninth schedule which are  parts of the constitution, under those two articles.

We do not have to listen to India on the amendment of the thirteenth amendment not only because it goes against our sovereignty but since there is no Indo Lanka Agreement. This agreement is now defunct. It was India that did not honour the Agreement by failing to unarm the LTTE and defeat it. No peace was kept by the so called Indian Peace Keeping Force, and it only harassed the Sri Lankans whether they were Sinhalas, Tamils or Muslims. We deplore the TNA on going to India to solve our problems and question the legal or moral right of India to dictate terms to us having abrogated the indo Lanka agreement.


Nalin De Silva

19-06-2013