Main Logo

Wednesday, 28 August 2013

UNHRC used against countries like Sri Lanka

The President Mahinda Rajapaksa, according to newspaper reports, has condemned the practice of certain countries for using the United Nations Human Rights Council (UNHRC) against countries like Sri Lanka and Belarus, during his visit to Belarus. This is an important statement by a President of a non western country and the President’s recent attempts to have good relationships with non western countries in Asia, Africa, Europe should be welcomed. The President could play an important role in organizing a new movement of non western countries especially when India has become a lapdog of the western countries and the non aligned movement has died a natural death after the collapse of the Soviet Union and emergence of uni-polar world. The President should also visit the South American countries, especially the Central American countries such as El Salvador that has followed the Kelaniya group in identifying what they called the Chronic Kidney Disease due to nontraditional causes as that due to Arsenic. We have to deviate from the so-called methodologies of western knowledge and western knowledge per se (unless we absorb them into our cultures), and the non western countries should get together in evolving their own systems of knowledge, and I wish the President would consider this aspect also in his future visits to the non western countries. The western intellectuals propagate the myth that we live in a knowledge based world (knowledge based economy etc.) without specifying that by knowledge they mean knowledge created in the western Christian world during the last four to five centuries. We in Sri Lanka are so much dependent on this knowledge that while China chased out Fontera of New Zealand we are still testing for DCD and some bacteria in powdered milk, while at the same time letting the Kidney patients die to maintain the hegemony of western science. (The next installment of the relevant series should appear in the near future). It has to be mentioned that we have one of the most subservient “educated” sects to western knowledge in the whole world.

The President is not quite correct when he said that some countries are using UNHRC against countries such as Sri Lanka and Belarus. The UNHRC is part of the hegemony of western Christian colonialism that came into existence about five hundred years ago. To summarize what I have been expressing in these columns and elsewhere, Greek Judaic Christian (GJC) Chinthanaya began its struggle against the Catholic Chinthanaya in the late fifteenth century and early sixteenth century and defeated it within two hundred years or so. The so called Renaissance was the beginning of the process with Martin Luther who became the father of the poster in 1517 playing an important role. Galileo Newton were to follow and it was the GJC Chinthanaya that gave rise to Judaic Christian Culture, western science, industrial revolution, capitalism, rationalism, enlightenment, modernism etc., and even post modernism to a certain extent. Joseph Needham had said that China with an enormous amount of knowledge could not create western science due to absence of capitalism in that country. However, he is wrong as in Europe capitalism followed western science and not the other way around. The Judaic Christian culture has produced the worst kind of colonialism known to the world, which has three components cultural, political and economical, which are mutually interdependent.

The Catholic Chinthanaya tried to make a comeback in the form of Marxism and Fascism but GJC Chinthanaya was able to defeat all such attempts. Today not only the Pope but the Marxists have become servants of the GJC Chinthanaya and they have all got together under the leadership of Vickramabahu, sorry Obama to suppress the other Chinthanayas such as Islamic Chinthanaya and Theravada Buddhist Chinthanaya. In the forties when the Soviet Union was in existence the western countries were forced to give limited political freedom to some countries in Asia including Sri Lanka and in the sixties to countries in Africa. However, the west wanted to keep its hegemony in all these countries and the establishment in the sixties of so called non governmental organizations that were in effect financed by the western governments was to propagate western knowledge, ideology in non western countries. They were twentieth century missions and the missionaries were adequately compensated. The Born Again Christian sect was born in USA and they also have contributed their share in propagating western ideology. The west is engaged in cultural colonialism in addition to political and economical, and the education system that includes the schools, the universities and the qualifications that we are awarded are all part and parcel of this component of colonialism. Unfortunately free education in Sri Lanka has helped cultural colonialism and that is one of the reasons why we have one of the most subservient “educated” sects in the world. Now the media, with the introduction of television, have joined hands with the NGOs, the schools and the universities to propagate western ideology.

After the fall of the Berlin Wall, the west has near monopoly in the UN and its organizations such as UNHRC, and the latter are part of western Christian colonialism. The function of the western states, and UN and its organizations is to maintain the hegemony of the Judaic Christian culture and they would not talk of violation of human rights in the western countries. The Muslims in Sri Lanka have more freedom, facilities, privileges than in the western Christian countries (don’t tell me that they are secular) but the UNHRC is interested in violation of the human rights of the Muslims in Sri Lanka. It is not double standards by the western countries but their vested interest in the protection of the western Judaic Christian culture. They want to protect Judaic Christian culture against the Muslims in the western countries but in the Theravada Buddhist countries they use Muslims to annihilate the Theravada culture if possible. While Muslim culture is a threat to Judaic Christian culture in the west, the Theravada culture is a threat to Judaic Christian culture in the ideological sphere in the entire world.

The Sinhala Buddhist culture had been one of the most tolerant cultures in the whole world until the Dutch and the English used other cultures to weaken if not destroy the Sinhala Buddhist culture. It was the Sinhala king Senerath who settled the Muslims in the present eastern province when the latter were harassed by the Catholic (emerging Christian) culture of the Portuguese. The Sinhala kings then settled the Catholics in Vahakotte near Matale and other places when the latter were harassed by the Reformist Dutch. Even today the Muslim schools in Sri Lanka have their own terms something that cannot be experienced in the “enlightened” west or any other non Muslim country. The Sinhala Buddhists having realized that the Dutch and the English were using the imported Tamils, Kochins (Kochchi), Malays, and religious communities such as Christians and Muslims turned against them as part of their anti colonial struggle. When Anagarika Dharmapala warned the Sinhala Buddhists of the Kochchis it was the Kochchis imported by the English that he had in his mind. The imported people did not want to accept that Sinhala Buddhist culture is the significant culture in the country and most of the problems in Sri Lanka are due to the association of the non Sinhala Buddhists with the colonial powers and their culture. Piyadasa Sirisena’s novels (Ediriweera Sarachchandra, after all basically a product of western education, did not consider Piyadasa Sirisena as a novelist) clearly demonstrate the anti colonial attitude of the author and not any hatred towards other ethnic communities per se.  


The UNHRC and its commissioner were not chased out by the Sri Lankan government, knowing very well what they are up to. If the NGO personalities think that the government has succumbed to international pressure then they are wrong. The west, together with their NGO agents will not stop their propaganda against the Sinhala Buddhists for violating the human rights of the “ethnic minorities” as they would not accept that the Sinhala Buddhists are fighting for their lost rights, and that the “ethnic minorities” are being used by the western powers and their lapdog India to maintain the hegemony of western Judaic Christian culture and the Indian regional superiority.   


Nalin De Silva

28-08-2013



ප්ලේටෝගේ ද්‍රව්‍යවාදය

ආනුභවික ලෝකය යනු අපේ ඉන්ද්‍රියවලට ගෝචරවන ලෝකය ය. ඉන්ද්‍රියනුභූතවාදයෙහි කියැවෙන්නේ ඉන්ද්‍රියවලට ගෝචර වන දේ සත්‍යය යන්න ය. සත් යනු අපේ සංස්කෘතියෙහි පැවැත්ම ය. ඇත යන්නෙහි ද තේරුම පැවැත්ම යන්න ය. අපේ ප්‍රශ්නය වනුයේ ඇත්තේ කුමක් ද යන්න දැනගන්නේ කෙසේ ද යන්න ය. එසේත් නැත්නම් පවතින්නේ කුමක් ද යනු දැනගැනීම ය. එහෙත් අපට මුලදී ම ප්‍රශ්නයක් පැන නගියි. එනම් යමක් පවතින්නේ කිනම් කාලයකට ද යන්න ය. 

එයට පිළිතුරක් ලෙස කාලය යනුවෙන් පවතින්නක් නැති  බවත් කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බවත් ප්‍රකාශ කළ හැකි ය. බුද්ධඝෝෂ හිමියන් අත්ථසාලිනියෙහි සඳහන් කර ඇත්තේ කාලය යනු පඤ්ඤත්තියක්, එනම් අපේ පැණවීමක් පමණක් බව ය. එහෙත් යමක් පවතින්නේ වෙනස් නොවී ද යන ප්‍රශ්නය ඇසීමට සිදුවෙයි. කාලය යන සංකල්පය අප විසින් තනාගෙන ලැබ ඇත්තේ අපට මතකයක් තිබෙන බැවින් හා වස්තු වෙනස් වන බැවිනි. එහෙත් වෙනස්වීම සඳහා වස්තුවක් වේ ද යන ප්‍රශ්නය ඊළඟට පැන නගියි.

අපට සඳහන් කිරීමට සිදුවනුයේ පවතින වස්තුවක් හෝ වෙනස්වන වස්තුවක් නැති බවත් එහෙත් වෙනස්වීමක් සිදුවන බවත් ය. ක්‍රියාව මිස පුද්ගලයකු හෝ වස්තුවක් හෝ නොපවතියි. අප වස්තුවක් ඇතැයි පිළිගතහොත් එය ආත්මවාදී වෙයි. එහි පුද්ගලාත්මභාවයක් නැති වුවත් ධර්මාත්මභාවයක් වෙයි. මා නම් පුද්ගලයකු ඇතැයි ගැනීම නිවැරදි නොවන්නා සේ ම පුටුවක් යනුවෙන් වස්තුවක් ඇතැයි ගැනීම ද නිවැරදි නො වෙයි.   

පුටුව දිරා යයි කත විට ද ආත්මවාදයට හසුවන්නේ දිරායන යමක් (පුටුවක්) පවතින බව අප විසින් උපකල්පනය කෙරෙන බැවිනි. එහෙත් ඒ දිරා යන්නේ යැයි කියන පුටුව අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වේ. අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන්නේ වෙනස්වීමක්, එනම් ක්‍රියාවක් ය. ඒ වෙනස්වීම පිටුපස පුටුවක් ඇතැයි අපි සිතමු. මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ද අපි සිතමු. එහෙත් මා යනුවෙන් කෙනකු ඇතැයි ගැනීම ආත්මයක් ඇතැයි ගැනීමකි. 

අපේ ප්‍රශ්නය අපේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් හා ඒ ඇසුරෙන් අප තනාගන්නා සංකල්ප අතර වෙනස අපට පැහැදිලි නො වීම ය. පුටුවක් දිරා යන්නේ යැයි අප කියන්නේ දිරා යෑම පමණක් ඉන්ද්‍රිය ඇසුරෙන් දැනගෙන ය. එහෙත් ඒ දිරා යෑම අපට ගෝචර වන්නේ තරමක කාලයකට පසුව ය. (කාලය යන්න දිරා යෑම ඇසුරෙන්, වෙනස්වීම ඇසුරෙන් තනාගන්නා හෙවත් පණවන සංකල්පයක් වුවත් අපට පෙනී යන්නේ, එනම් අපට ගෝචර වන්නේ පුටුව කාලයෙහි දිරා යන බව ය.) 

අපි පුටුවක් දවසකින් දෙකකින් දිරා යනු නො දකිමු. ඒ කාලයෙහි අප දකින්නේ පුටුවක පැවැත්ම ය. නිරන්තර, එනම් අතරක් නොමැතිව, වෙනස්වීමක් අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වෙයි. අපට ගෝචර වන්නේ අතරක් ඇතිව සිදුවන වෙනස්වීම් ය. අප ගැන ම හෝ අපේ ඥාතින්, මිතුරන් ගැන වුව ද අපට කිවහැක්කේ එවැන්නකි. අපේ එදිනෙදා සිදුවන වෙනස්වීම් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් කලකට පසුව අපට ඥාතියකු හෝ මිතුරකු හෝ මුණගැසුණහොත් අපි ඒ තැනැත්තාගේ වෙනස්වීමක් දකිමු. 

අනවරතයෙන් සිදුවන වෙනස්වීම අපට ගෝචර නොවූව ද අතරක් ඇතිව සිදුවන වෙනස්වීම් අපට ගෝචර වෙයි. දැන් අනවරතයෙන් සිදුවන වෙනස්වීම් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර වී නම් ඇතැම් විට අපට වෙනස්වන වස්තුවක් පිළිබඳ සංකල්පය වෙනුවට වෙනස්වීම යන සංකල්පය ඇතිවීමට ඉඩ තිබුණේ ද යන ප්‍රශ්නය පැන නගියි. එහෙත් එය එසේ වීමට ඉඩක් නැති බව අපේ චිත්ත වෙනස්වීම ගැන කල්පනා කරන විට පැහැදිලි වෙයි. චිත්තයක් යන්න ද සංකල්පයක් බව අමතක නොකරමින් අපට පහත සඳහන් කරුණු සටහන් කරගත හැකි ය. 

චිත්ත ඉතා වේගයෙන් වෙනස්වන බව අපි දනිමු. ථෙරවාද බෞද්ධ සාහිත්‍යයටව අනුව වුවත් චිත්තෂණයක් යනු ඉතා සුළු කාලයකි. රූපක්‍ෂණයකට චිත්තක්‍ෂණ දහහතක් ඇතැයි කියැවෙයි. රූපයක් වෙනස්වීමට ඉක්මණින් චිත්ත වෙනස්වන බව එයින් කියැවෙයි. එහෙත් අප සලකන්නේ මා යනුවෙන් ගන්නා පුද්ගලයකුගේ චිත්ත වෙනස්වන බව ය. මා නම් පුද්ගලයකුගෙන් තොරව චිත්ත වෙනස්වීමක් ගැන අපට කිසිදු හැඟීමක් නැත. අනවරතයෙන් මෙන් සිදුවන චිත්ත වෙනස්කම් ගැන අප දන්නේ ද මා නම් පුද්ගලයකුගේ චිත්ත වෙනස්කම් ලෙස ය. මගෙන් තොරව සිදුවන චිත්ත වෙනස්කම් ගැන අපට හැඟීමක් නැත. 

වෙනස්වන චිත්ත පරම්පරාව මනසක් ලෙස අපි ගනිමු. චිත්තය යනු කුමක් වුවත් අනුගාමී චිත්තයෙහි පූර්වගාමී චිත්තයෙහි විශාල කොටසක් රැඳී ඇතැයි, ගැබ් වී ඇතැයි යනුවෙන් ප්‍රවාදයක් තනාගැනීමට, කතන්දරයක් ගොතාගැනීමට අප පෙළඹී තිබේ. මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ගොතන කතන්දර ය සියළු කතන්දරවලට මුල ය. අප අනෙක් සියළු කතන්දර ගොතන්නේ මා නම් කතන්දරය ගොඩ නැගීමෙන් පසුව ය. 

ඊනියා පශ්චාත්නූතනවාදීන්ගේ අනෙකා යන සංකල්පය තමා යන සංකල්පය බිහිවීමට මුල වේ ය යන්න අසංගත කතන්දරයක් බවට පත්වන්නේ එබැවිනි. අනෙකා යන සංකල්පය ඇතිවන්නේ රික්තයක නො වේ. අනෙකා යන සංකල්පය ද ඇතිවන්නේ මට ය. එනම් මා විසින් මා යනුවෙන් ගැනෙන පුද්ගලයාට සාපේක්‍ෂව ය. අනෙකා යන සංකල්පය ඇති වී පසුව මා යන සංකල්පය ඇතිවනවා නොව මා යන සංකල්පයට සාපේක්‍ෂව අනෙකා යන සංකල්පය ඇතිවෙයි. පළමුව ඇතිවන්නේ මා යන සංකල්පය ය. 

එහෙත් මෙහි දී කිවයුත්තක් වෙයි. මා යන සංකල්පය පළමුවෙන් ඇතිවන්නේ යැයි කීම වැරදි ය. මෙහි දී පළමුවෙන් යැයි කියැවෙන්නේ මේ භවය පිළිබඳ ව පමණක් කල්පනා කරන විට ය. එහෙත් මනස මේ භවයේ පමණක් නොව පසුගිය භවවලදී ද තිබී ඇත. එහෙත් මෙයින් කියැවෙන්නේ මනස පවතින බවක් නො වේ. සසරේ දිගින් දිගට පැවතෙන මනසක් නැත. සසර පවතින්නේ ම, එම් අප සසරෙහි දුක් විඳින්නේ ම මනසක් ඇතැයි ගැනතම නිසා ය. මනස ද සාපෙක්‍ෂ වූවකි. මනස සාපේක්‍ෂ වන්නේ මනසට ය. මනස මනසේ ම නිර්මාණයකි. මේ පිළිබඳ විස්තරයක් සිංහල බෞද්ධ මනස නමින් පළ වී ඇති ලිපියෙහි සඳහන් වෙයි. කාලය වෙබ් අඩවියෙන් මේ ලිපය ලබාගත හැකි ය. 

පුද්ගලයකු හෝ ධර්මයක් හෝ නොමැතිව ක්‍රියාවක් පමණක් ඇතැයි අප බොහෝ වෙලාවට කියා ඇත. එහෙත් ඒ ක්‍රියාව ද සාපේක්‍ෂ වූවකි. එය මනසට සාපේක්‍ෂ වෙයි. ඒ හැරෙන්නට මනසෙන් ස්වායත්ත වූ ක්‍රියා අපේ ලෝකයෙහි නැත. අපට ගෝචරවන ක්‍රියා අපේ මනසට ගෝචරවන ක්‍රියා පමණක් වෙයි. ඒ ක්‍රියා ද සංකල්පීය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. එනම් එවැනි ක්‍රියා ද මනසින් ස්වායත්ත ව තිබිය හැකි නො වේ. දිරායන පුටුවක් පමණක් නොව මනසින් ස්වායත්ත වූ දිරායෑමක් ද නැත. 

එහෙත් පුටුව මෙන් නොව දිරායෑම ඉන්ද්‍රිය ගෝචර වෙයි. පුටුව යන්න ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියකට ද? පුටුවෙහි ඇතැයි කියන කියන ගුණ (ඇතැයි කියන පුටුවෙහි ඇතැයි කියන ගුණ) අපට විවිධ ඉන්ද්‍රියවලට දැනෙයි. පුටු‍වෙහි පැහැය, තදබව, ආදිය අපේ විවිධ ඉන්ද්‍රියවලට ගෝචර වෙයි. ඉන්ද්‍රිය යනු අවයව නොවන බව අවධාරණය කළ යුතු ය. මනස නොමැතිව (මනස යථාර්ථයක් ලෙස පවතින බවක් මෙයින් ගම්‍ය නො වේ) ඉන්ද්‍රිය නැත. කෙසේ වෙතත් පුටුවෙහි ගුණ අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන බව පැහැදිලි ය. 

දැන් අපට මේ ඉන්ද්‍රියවලින් ඇතැම් ඉන්ද්‍රිය නොතිබිණි නම් හෝ වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් හෝ පුටුවෙහි ගුණ යනුවෙන් අප සලකන්නේ ඒ ඉන්ද්‍රියවලට ගෝචර වන දේ මිස අපේ වත්මන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන දේ නො වේ. ඒ කුමක් වුවත් පුටුවෙහි ඇතැයි කියන ගුණ කිසියම් ඉන්ද්‍රිය පද්ධතියකට ගෝචර වෙයි. ඒ ගුණ වෙනස්වන බව ද ඉන්ද්‍රියයන්ට, එනම් පංචෙන්ද්‍රියයන්ට හෝ වෙනත් ඉන්ද්‍රියයන්ට හෝ ගෝචර වෙයි. එහෙත් පුටුව යන්න ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද?  පුටුව යන්න හුදෙක් මනස නම් ඉන්ද්‍රියයෙහි නිර්මාණයකි. එයට වෙනත් ඉන්ද්‍රියයක් සෘජුව හවුල් නො වේ. 

වෙනත් ඉන්දියයක් එහි දී හවුල්වන්නේ වක්‍රව ය. එනම් පුටවෙහි අහවල් ගුණ ඇතැයි කීමෙනි. අප පුටුව යැයි කියන්නේ එසේ වෙනත් ඉන්ද්‍රියයන්ගේ ආධාරයෙන් නිර්මාණය කරන ලද ගුණ වල එකතුවෙන් මනස විසින් නිර්මාණය කෙරෙන්නකට ය. අනෙක් ඉන්ද්‍රිය එහි දී මනසට හවුල්වන්නේ එසේ වක්‍රව ගුණ නිර්මාණය කිරීමෙන් ය. පුටුව යන්න අපෙන් ස්වායත්ත ව පවතින්නක් නො වේ. එය අනෙක් ඉන්ද්‍රියවල වක්‍ර ආධාරය ලැබුව ද හුදෙක් මනසෙහි නිර්මාණයකි.   

ඊනියා ද්‍රව්‍යවාදීන් ඉහත සඳහන් දේ ප්ලේටෝනීය විඥානවාදී මතයක් ලෙසත් නව මතයක් නොවන්නක් ලෙසත් හඳුන්වනු ඇත. ජීවිතයේ කිසිම දිනෙක නව මතයක් ඉදිරිපත්කර නොමැති කාලෝ ෆොන්සේකා වැනි ඊනියා ද්‍රව්‍යවාදීහු මා අළුත් මතයක් ඉදිරිපත් කළහොත් එය නිවැරදි නොවන බවත් නිවැරදි මතයක් ඉදිරිපත් කළහොත් එය නව මතයක් නොවන බවත් කියනු ඇත. එහෙත් කාලෝ ෆොන්සේකා ඒ ප්‍රකාශය ද වෙනත් කාගෙන්දෝ උපුටාගත්තකි.

එසේ වුවත් ඉහත සඳහන් කළේ ප්ලේටෝගේ විඥානවාදී මතය නො වේ. ප්ලේටෝට අනුව මනසක් ඇත. එනම් මනස මනසෙන් තොරව පවතියි. වෙනත් අයුරකින් කිවහොත් ප්ලේටෝගේ මනසත් මා බෞද්ධයකු නොවේ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් මගේ බොහෝ අදහස් තමන්ගේ මත ලෙස ඉදිරිපත් කරන්නන්ගෙ මනසත් මනසෙන් ස්වායත්තව පවතින මනස් ය. එවිට ඒ මනස් වාස්තවික ද්‍රව්‍යවාදී මනස් බවට පත්වෙයි. ප්ලේටෝගේ විඥානවාදයට එයටත් වඩා ගැටළුවක් තිබිය හැකි ද? ප්ලේටෝ මනසේ ස්වායත්ත පැවැත්ම පිළිගත් වාස්තවිකවාදියකු විය. වාස්තවිකවාදියකු ලෙස ඔහු අවසාන විග්‍රහයේ දී ද්‍රව්‍යවාදියකු විය. ඔහුට ප්‍රශ්නයක් වී නම් ඒ මනස නිර්මාණය වී ඇත්තේ කිනම් ද්‍රව්‍යවලින් දැයි කීමට නොහැකි වීම ය. එහෙත් අනෙක් අතට ඔහුගේ ද්‍රව්‍ය මනසේ නිර්මාණ විය. ඇරිස්ටෝටලීය න්‍යාය අනුව ප්ලේටෝනීය දර්ශනය විසංවාදී වෙයි. 

අප ඉදිරිපත් කරන මනස මනසෙන් තොරව ස්වායත්ත ව පවතින්නක් නො වේ. අප ඉදිරිපත් කරන්නේ මනසට සාපේක්‍ෂව නිර්මාණය වන මනසකි. එබැවින් අප ඉදිරිපත් කරන මතය විඥානවාදී හෝ ද්‍රව්‍යවාදී හෝ නො වේ. අපි විඥානවාදී අන්තය මෙන් ම ද්‍රව්‍යවාදී අන්තය ද ප්‍රතික්‍ෂෙප කරමු. අපි ශාස්වතවාදය මෙන් ම උච්ඡෙදවාදය ද ප්‍රතික්‍ෂෙප කරමු. බටහිර විද්‍යාඥයෝ ද්‍රව්‍යවාදීහු වෙති. ඔවුන්ට අනුව ද්‍රව්‍ය (විකිරණ, ක්‍ෂෙත්‍ර ආදිය ද ඇතුළත්) පවතියි. අපට ද්‍රව්‍ය, ක්‍ෂෙත්‍ර විකිරණ ආදී සියල්ල මනසේ නිර්මාණ වෙයි. එපමණක් නොව මනස ද මනසෙහි නිර්මාණයකි.


නලින් ද සිල්වා

2013-08-28

Monday, 26 August 2013

Open letter to Pillay




Dear Ms. Pillay,

I would like to pose two questions to you. You are after all the UN commissioner for human rights for the whole world and not for Sri Lanka only and I am sure that you are interested in the human rights affairs in the USA as well. Some of the NGO pundits and educated people living in Sri Lanka think that people like me are only frogs in the well without any knowledge of the current affairs, modern science etc. I am sure that you are not so and I am interested in a private in the US Army by the name Bradley Manning who was sentenced to 35 years imprisonment by a military judge apparently for leaking 700,000 government files to WikiLeaks. I agree that the main responsibility of any government is the security and the protection of the state and Manning should not have leaked those files. Did he really leak the files? If so the US army is entitled to imprison him for any amount of years that they think is suitable, and neither you nor anybody else should meddle with internal matters of the USA government, and in your interest I hope you have not taken any steps to interfere with the judgment though it is not from a female Chief Justice. What bothers me is that among the files there are apparently video footages on killing of civilians by the USA armed forces. I am interested in finding out whether as the UN commissioner for human rights you are interested in those footages.      

The second question is on Edward Snowden. I only know that he was made to stay in the Moscow airport for several days and I hope he had enough Rubles to buy his provisions while being in the airport. Are you interested in his human rights? Were you able to find out whether Putin treats him well?

Then on Sri Lanka I shall appreciate it very much if you could look into the human rights of a person called Bus Gemunu who is harassed by the government of Sri Lanka when it comes to raising of bus fare. You can ask any NGO personality who this Bus Gemunu is. As a bus traveller I am concerned of his human rights. I would also wish if you could find out why this government is so stupid as to give a contract to some ex army people to harass Ms. Abeywickrama of the Sunday Leader on the eve of your arrival if you believe some of the UNP MPs and NGO personalities.

I wish you happy hunting in Sri Lanka.   


Nalin de Silva  


Nalin De Silva

26-08-2013

Sunday, 25 August 2013

පිටිකිරි, රතුපස්වල, ආසනික් හා බටහිර විද්‍යාව - 2

හෙට අනිද්දා දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයෙහි උපත ලැබූ නවනීදන් පිල්ලෙයි මහත්මිය ලංකාවට පැමිණීමට නියමිත ය. ලන්දේසීන් අද දකුණු ඉන්දියාව යැයි හැඳින්වෙන ප්‍රදේශයෙන් ගෙන යන ලද කෘෂිකාර්මික කම්කරුවන් වූ වෙල්ලාලයන් යාපන අර්ධද්වීපයේ හැරෙන්නට පදිංචි කළේ නැටෝල් ප්‍රදේශයෙහි ය. පිල්ලෙයි වෙල්ලාල ලියක දැයි නො දනිමි. ඇය එන්නේ මානුෂික මෙහෙයුම්වල අවසාන සතියේ දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් නැති වී දැයි සොයා බැලීමට ය. එහෙත් අවුරුදු තිහක් පමණ හෙවත් සති 1500ක් පමණ කොටි ත්‍රස්තවාදීන් අතින් නැති වූ සිංහලයන්ගේ අයිතිවාසිකම් ගැන ඇය සොයා නොබලනු ඇත. එයටත් වඩා ලන්දේසීන් හා පසුව ඉංගිරිසින් දෙමළ ජනයා මෙරටට ගෙන්වීමෙන් ජනගහන රටා වෙනස්කර සිංහලයන්ගේ ඓතිහාසික, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික අයිතිවාසිකම් නැතිකිරීම ගැන ඇය සොයා නොබලනු ඇත. බටහිරයන්ගේ පිල්ලියක් වූ පිල්ලෙයි බටහිරයන් වෙනස් කළ ජනවාර්ගික රටා නිවැරදි කර උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහලයන් පදිංචි කිරීම ගැන කුමක් කියන්නේ දැයි නො දනිමු. පෘතුගීසීන්ගේ අතවරවලට ලක් වූ මුස්ලිමුන් වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කිරීමට සිංහල රජවරුන්ට හැකිනම් වත්මන් රජයට ඉඩම් නොමැති සිංහලයන් නැගෙනහිර පළාතේ පදිංචි කිරීමට නොහැක්කේ ඇයි? බටහිර බලපෑම් නොවන්නට මෙරට ප්‍රශ්න බොහෝමයක් මේ වන විට විසඳා ගැනීමට අපට හැකිවීමට තිබිණි. එහෙත් එහි දී බටහිරයන්ගෙන් යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල දාසයන්ට නම් රැකියා අහිමි වී ජීවන ප්‍රශ්න ඇතිවීමට තිබිණි. කෙසේ වෙතත් පිල්ලෙයි ගැන කතාකිරීම අපි පසුවට කල්තබමු. අපි නැවතත් පිටිකිරි, රතුපස්වල හා ආසනික් වෙතට යමු. 

ප්‍රමිතිකරණය යනු කුමක් දැයි නොදැන ප්‍රමිතිකරණය ගැන කතාකළ ජඩමාධ්‍යවේදියකු පසුගිය සතියේ ආසනික් ගැන කතාකර තිබිණි. තවත් පඬියකු අප යොදගත් ඊනියා මිථ්‍යා විධික්‍රමයක් ගැන නොදන්නා දෙමළයක් කතාකර තිබිණි. මෙරට හා බටහිර කසිකබල් බටහිර විද්‍යාඥයන්ට අද වනතුරුත් කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි දැනගැනීමට නොහැකි වී ඇත. රතුපස්වල මිනිසුන්ගේ රෝගී තත්ත්වයට හේතුව කුමක් දැයි මේ කසිකබලුන්ට කිව නො හැකි ය. අද මිනිසුන් පරිභෝජනයට ගන්නා පිටිකිරිවල අඩංගු රසායනික සංඝටක ගැන නිශ්චිත ව කීමට මෙරට ඇතැයි කියන බටහිර විද්‍යාඥයන්ට නොහැකි ය. අඩංගු සංඝටක නොදැන පිටිකිරි වස දැයි කියන්නේ කෙසේ ද? බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණවේදීන් (කිසිම සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කර නොමැති මොවුන් දන්නේ සූපශාස්ත්‍ර බටහිර විද්‍යා පරීක්‍ෂණ කිරීමට පමණකි) වකුගඩු රෝගයට හේතුව දැනගන්නා තෙක් ඒ රෝගීන් මිය යා යුතු ද? එයට එක් වැදගත් හේතුවක් වන්නේ කිවුල් ජලය ය. ඒ ආසනික් සමහ ක්‍රියාකිරීමෙන් මැග්නීසියම් හා කැල්සියම් ආසනේට් නිර්මාණය වෙයි. වකුගඩු රෝගයට හේතුව මේ ජලය බීමෙන් එහි ඇති ආසනේට් වකුගඩුවලට ගොස් එහි තැන්පත්වීම ය. එහෙත් මෙරට ද බටහිර ද ඉන්නා ලාංකික යැයි කියාගන්නා බටහිර කසිකබල් විද්‍යාඥයෝ ජලයේ කිසිදු වරදක් නො දකිති. අපි මේ ගැන තවදුරටත් පසුව කතාකරමු. අවුරුදු පනස්පහ පැන ඇති මේ අයට ආසනික් මිශ්‍ර කිවුල් ජලය දී වකුගඩු රෝගය වැළඳේ දැයි දැනගැනීමට හැකියාවක් තිබුණත් ඉන් වැඩක් නොවන්නේ වකුගඩු රෝගය වැළඳීමට පෙර ඔවුන් මිය යන බැවිනි.  දිගුකාලීන ව පිටිකිරි බීමෙන් අපට ඇතිවන ප්‍රශ්න කවරේ දැයි බටහිර විද්‍යාවට කිවහැක්කේ අප මිය යෑමෙන් පසුව ද? මේ සියල්ලෙන් පෙනී යන්නේ මහේශාඛ්‍ය වේශයෙන් පෙනී සිටින බටහිර විද්‍යාවේ මන්ද පෝෂණය ය. බටහිර විද්‍යාවට පිිටිකිරි දී එය පෝෂණය කරගත හැකි දැයි මෙරට කසිකබල් විද්‍යාඥයන් සොයා බලන්නේ ද? පිටිකිරි නොව එළකිරි ද අපට අවශ්‍ය නැත. වහුපැටියන් ද කලක් ගත වීමෙන් පසු නොබොන එළකිරි බීමට අප යොමුවන්නේ අපේ ළදරු වියෙන් පසු අපට දෙවැනි වසු වියක් අත්වන බැවින් ද? අප වෛදිකයන් නො වේ. අප ගව ඝාතනයට මෙන් ම ගව වන්දනාවට ද යොමු නොවිය යුතු ය. වසු පැටියන් හා කිරිබීම  අවුරුදු ගණනාවකට පෙර කතාකළ  වතුපිටිවල රෝහලේ බටහිර වෛද්‍යවරයකු ලෙස සේවය කරන සමන් ජයකොඩි මහතාට තවමත් ජනමාධ්‍යයෙහි ඉඩක් නැත. ඉරිදා දිවයින පුවත්පත පමණක් ඒ මහතා සමග කළ සාකච්ඡාවක් පළකර තිබිණි.  එළකිරි වෙනුවට කොළ කැඳ බීමට ජනතාව යොමු කිරීමට රජය මැදිහත් විය යුතු ය. සුද්දෝ අප කැඳ බීමෙන් ඉවත්කිරීම සඳහා  කැඳවලට අපහාස කිරීමට අද කැඳ බීල ද ආවේ වැනි ප්‍රශ්න ඇසූහ. අද අප කළ යුත්තේ අද කිරි බීල ද ආවේ යැයි සෝමාරි අලස පුද්ගලයන්ගෙන් ඇසීම ය.

බටහිර විද්‍යාවට ඉන්ද්‍රිය ගෝචර හෙවත් ආනුභවික යැයි කියන කිසිම සංසිද්ධියකට නිශ්චිත ආනුභවික හෝ ආනුභවික නොවන හෝ හේතුවක් දිය නො හැකි ය. එයට හේතුව බටහිර විද්‍යාවේ ප්‍රත්‍යක්‍ෂ නො වීම ය. බටහිර විද්‍යාවට කිසිම සංසිද්ධියක් පිළිබඳ ව ගහණයක් සම්බන්ධයෙන් සියළු පරීක්‍ෂණ කළ නො හැකි ය. යම් ගහණයක යම් ගුණයක් අධ්‍යයන කිරීමට අවශ්‍ය වූ විට බටහිර විද්‍යාවේ සමස්තය නො සැලකෙයි. සමස්තය දැකගැනීමට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තියක් සහිත අන්තර්ඥානය බටහිර විද්‍යාවට නැත. එනම් බටහිර ඉපිද ඇති දැඩිවූ බටහිර විද්‍යාඥයන්ට නැත. මෙරට කසිකබල් බටහිර විද්‍යාඥයන්ට අන්තරඥානයක් ඇත්තේ ම නැති බව අවුරුදු පනහක් ඔවුන් සමග කටයුතු කර ඇති මම හොඳාකාරව ම දනිමි. සංස්ලේෂණයක් නැතිව විශ්ලේෂණය මත පමණක් යැපෙන බටහිර විද්‍යාව (මගේ ලෝකය කියවන්න. ඇතැමුන් මගේ ලෝකය හා වෙනත් ලිපි කියවා එහි ඇති අදහස් තමන්ගේ අදහස් මෙන් වෙනත් පුවත්පත්වල දැක්වීම කණගාටුදායක ය) ගහණය සමස්තයක් ලෙස නොහදාරා (එසේ හැදැරීමට බටහිර විද්‍යාවට නො හැකි ය) එහි ඊනියා නියැදි තෝරාගනියි. ඉන්පසු ඒ නියැදිවල අදාළ ගුණය ගහණයට ම සාධාරණ (පොදු) යැයි කියයි. එසේ කීමේ දී නියැදි තෝරා ගැනීම පිලිබඳ ව ඊනියා ශිල්පීය ක්‍රම යොද ගන්නේ යැයි පම්පෝරි කතා කියයි. මොවුන්ගේ මේ ක්‍රම පිළිබඳ බොහෝ දේ කීමට ඇති නමුත් මෙහි දී සඳහන් කිරීමට සිදුවන්නේ ඉතා කෙටියෙනි. වැඩි විස්තර සඳහා මගේ ලෝකය, විද්‍යා කතන්දර, අපේ ප්‍රවාද 1 2 3, බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ කෘති හා විදුසර පුවත්පතෙහි පළවන අපේ ප්‍රවාද ලිපි පෙළ කියවන්න. 

අපට අපේ ම වූ විධික්‍රම ඇත. අපි බොහෝ දේ නාථ දෙවියන්ගෙන් හා විපස්සක දෙවියන්ගෙන් (එනම් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන්) දැනගත්තෙමු. එයට පෙර ද මෙරට බොහෝ දෙනා කසිකබල් බටහිර විද්‍යාවේ ගැරහුම් මැද දෙවියන්ගෙන් භූතයන්ගෙන් දැනගත්හ. අපෙන් පසු දෙවියන් භූතයන් නොමැතිව ආධ්‍යාත්මික ශක්තියෙන් තොරව මෙරටට ගැලපෙන දැනුමක් ලබාගත නොහැකි ය. එහෙත් අප වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව කසිකබල් විද්‍යාඥයන්ට කීවේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් මත පදනම් වීමෙන් නො වේ. කසිකබලුන්ගේ දැනගැනීම සඳහා අපි ඔවුන්ගේ විද්‍යාවට අනුව ඊනියා පරීක්‍ෂණ කළෙමු. ජඩමාධ්‍යවේදියෝ, පැරණි ඉංගිරිසි ගුරුවරු, හතරමංහන්දිවල කොලු ගැටයෝ ඒ බව නො දනිති. 
(මතු සම්බන්ධයි)           

නලින් ද සිල්වා

2013-08-25

Wednesday, 21 August 2013

The visit of Pillay

The next installment on “Let them die to maintain the hegemony of western science” has to be postponed to pen a few words on the visit of Ms. Navaneethan Pillay originally from Natal in South Africa where the Dutch settled down Vellala people or agricultural labourers brought to that part of the world from present day South India. However, I am not implying that Ms. Pillay is a descendant of the Vellalas brought to Natal by the Dutch. It has to be noted that there was no India as such when the Dutch were busy in changing the democratic pattern of Sri Lanka using military power by bringing Vellala people from present day South India to the Jaffna peninsula. It was forced settlement by a colonial power, and it is based on such settlements and the settlement of Muslims when they were harassed by the “democratic” Portuguese Catholics, by the “intolerant” Sinhala Buddhists that the Indo Lanka Accord that is defunct now, proclaimed that the Eastern and Northern provinces of Sri Lanka, that came into existence only in 1889, are the historical habitats of the Tamil speaking people in the country.

Ms. Pillay could begin her “investigations” by studying the loss of human rights of the Sinhala people due to forced settlements of Tamils by the Dutch and the English in the present day Northern and Eastern provinces of Sri Lanka. What cannot be understood is why this demographic change that was forced on us by the colonial powers cannot be rectified by settling Sinhala people in the present Northern and Eastern Provinces. If the Sinhala Kings could settle Muslims in the areas known today as the Eastern Province (the then Ruhunu Rata) why cannot the present government settle Sinhala people in those areas if there is a need for land among the Sinhala people? Is it because these areas are treated as so called historical habitats of the Tamil speaking people? It should be pointed out that as late as the fifties when applications were called for land distributions in Iranamadu the Tamils in general did not apply as probably there was no need for land among the Tamils. The so called educated Tamils were interested in jobs and privileges in Colombo leaving the “uneducated” to remain in the Jaffna peninsula. The “educated” also took up politics to become the leaders of the country, and not only Jaffna, with the connivance of the English governors. The present Tamil problem stems from this ambition of the Vellala Tamil leaders which could not be realized even with the assistance of the English governors and officials.  

I wanted to entitle this article “Ignore Pillay” but then it would have led to a contradiction as I would not have ignored her by writing on her visit. These are internal contradictions one comes across in writing or speaking (using a language) and often these contradictions are ignored by the writers as well as readers or speakers and listeners. Is it possible to write an article on Ignore Pillay ignoring her?  In any event it is clear that Ms. Pillay is ignoring the Sinhala Buddhists in the country as to my knowledge she is not interested in the violation of human rights of this category. Is she expected to meet any Sinhala Buddhist leaders? Some interested parties in the NGO sector as well as some political parties would most probably “enlighten” her on the Rathupasvela incident but that would not be for the love of the Sinhala people but for the hatred that they have towards the government. These very same parties had violated the human rights of the Sinhala people when they were in power beginning with the “hartal” of 1953 and the Sinhala people would not be fooled by the crocodile tears of the leaders of these political parties as would be demonstrated by the results of the forthcoming Provincial Council elections in the Central and the North Central Provinces. Could Ms. Pillay remain as an “international observer” of course with the permission of the Commissioner of Elections to monitor the elections? Even in the Northern Province the government would not do badly though the TNA would capture power in the first ever Provincial Council. The opposition parties as usual would complain of corruption and “computer gilmart” but Ms. Pillay could find out for herself the development that has taken place in the country including the Northern Province, though I myself am not happy with the type of development taking place.   

Now there will be complaints of the armed forces being present in the Northern Province and a former General of the Army being the governor of the Northern Province especially during the election period. It would have been better if the armed forces were not present in the Northern Province more than in the other provinces but unfortunately it is mainly in the Northern province there are Tamil racists whom have to be monitored as no others whether “international” or NGOs monitor them. Tamil racism is still present in the Northern Province with the tacit support of India and the western powers as the recent statement by Solheim with respect to the visit of Ms. Pillay would testify. Then TNA politicians such as Sampanthan and Sumanthiran, who are mainly based in Colombo, meeting the so called Tamil Eelam government bigwigs makes matters worse. The Tamil politicians whatever they say for the consumption of the Sinhala people are still following Chelvanayakam’s little now more later policy as described by none other than his son in law A. J. Wilson in the biography of the founder of the Eelam politics (Suntharalingam only gave the name Eylom) and as long as that type of politics is practiced there is no other alternative but to keep the armed forces in the Northern Province. The Tamil racist politics is against the Sinhala people thus violating the political cultural and historical rights of the latter.

Ms. Pillay may not be interested in the cultural historical and political rights of the Sinhala people. However, all these talks on multiculturalism in a strong sense are against those rights of the Sinhala people, especially of the Sinhala Buddhists. In the whole world there is no country in which multiculturalism in the strong sense is practiced and one cannot find such countries especially in the western world with which Ms. Pillay is familiar. All the western countries at present are Christian countries culturally and politically though there may be other cultures present in those countries. Even India is culturally, politically and historically a Hindu country though there are Muslims in the country. It is better not to speak of Buddhists in India who are still discriminated now more because most of them are so called Dalits.  Some of these countries may be secular on paper (in the constitutions etc.) but they practice multiculturalism in a weak sense. Not all cultures are equal in those countries as there are dominant or significant cultures. In England Anglo Saxon Christian culture is the dominant culture with the other cultures also being present. It so happens that this particular culture is the dominant culture in the world as well. In Sri Lanka Tamil and Muslim racisms are against treating the Sinhala Buddhist Culture as the significant culture of the country. These racists are thus denying the historical, political and cultural rights of the Sinhala Buddhists. In Sri Lanka the constitution says that Buddhism will be protected but that is something that has never been practiced since 1815, though the Sinhala English Accord that was signed in 1815 also has words to that effect. If Ms. Pillay could find time to meet the Sinhala Buddhists (not those introduced by the NGOs as Sinhala Buddhists) also during her stay she could learn more on these aspects.


Finally on the General who is the governor of the Northern Province. There is nothing wrong in having a former General of the Army as the governor of the Northern Province. He knows the terrain having worked as an officer in the area, unlike the bigwigs who descend on this country from the west or India. If a former Judge who wore the wig having had his education in Colombo though born in Manipay could be the Chief Minister there cannot be any objections to a General who knows the terrain to be the governor. If the judges can become Chief Ministers surely the generals could be appointed as Governors. In fact a “general” governor and a “judge” Chief Minister could be a good combination!


Nalin De Silva

21-08-2013

බටහිර විද්‍යාව බටහිරයන්ට ම අනුව ගුඩුදහමකි

යථාර්ථයක් ගැන සඳහන් කරන ඊනියා වාස්තවිකවාදී ද්‍රව්‍යවාදීන්ට (භෞතිකවාදීන්ට) හා වෙනත් එවැන්නන්ට සංකල්පවලින් තොර සංජානන ඇතැයි ගැනීමට සිදුවෙයි. බර්ට්‍රන්ඩ් රසල් විද්වතානන්ට ද සිදුවූයේ එයයි. ඒ සංජානන ඊනියා භෞතික ලෝකයකින් ආරම්භ වී අපේ ඉන්ද්‍රියවලට ගෝචර වෙයි යනු ද්‍රව්‍යවාදීන්ගේ මූලික උපකල්පනයකි. එහෙත් ද්‍රව්‍යවාදීන් තේරුම් නොගන්නා කරුණ නම් ඊනියා භෞතික ලෝකයකින් ලැබෙන්නේ යැයි කියැවෙන සංජානන ද ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ නම් එවැනි භෞතික ලෝකයක පැවැත්මක් ගැන අපට කතාකළ නොහැකි බව ය.

ඉන්ද්‍රිය ගෝචර වන්නේ මනසක් ආධාරයෙන් බව ද්‍රව්‍යවාදීහු තේරුම් නො ගනිති. අප බොහෝ දෙනාට ඉන්ද්‍රිය යනු අවයව ය. ඇස යනු අවයවයකි. එහෙත් ඇස තිබූ පමණින් මනස නොමැතිව ඇසට ගෝචරවීමක් නොවන බව අප කියා ඇත. ඇස යන්න මියගිය අයගේ සිරුරුවල ද ඇත (මෙහි ඇත යන්න යෙදෙන්නේ සම්මුති අර්ථයකින් පමණකි). එහෙත් මියගිය අයට ඇස නමැති ඉන්ද්‍රිය නැත. අපි ඇස යන්න අවයවය සඳහා මෙන් ම ඉන්ද්‍රිය සඳහා ද යොදා ගනිමු. එහි වෙනසක් නැතැයි  අපට බොහෝ විට සිතෙන්නේ ද අවයවය හා ඉන්ද්‍රිය වෙනුවෙන් එකම වචනයක් යොදා ගන්නා බැවින් ද විය හැකි ය. 

අප කලින් සඳහන්කර ඇති පරිදි ම ඇස නමැති අවයවය හා මනස එකතුවීමෙන් පමණක් ඇස නමැති ඉන්ද්‍රිය ඇති වෙයි. ඇස නමැති ඉන්ද්‍රිය යනු ඇස නමැති අවයවය නොවන බව පැහැදිලි කරගත යුතු ය. ඇස නමැති අවයවයට දැනෙන සංජානනයක් නැත. සංජානන දැනෙන්නේ ඇස නමැති ඉන්ද්‍රියට ය. එසේ සංජානන දැනෙන්නේ සංකල්පයක් ද සමගිනි. සංකල්පය තැනීම ඇස නමැති අවයවයේ කාරායයක් නොව මනසේ කාර්යයකි. ඇසට දැනෙන සංජානනය ඇස නමැති අවයවයේ ද මනසේ ද ඒකාබද්ධ ක්‍රියාවක ප්‍රතිඵලයකි.

ද්‍රව්‍යවාදීහු එසේ නොව ඇසට දැනෙන සංජානන ගැන කතා කරති. ඔවුහු එහි දී මනස අමතක කරති. එබැවින් ඔවුන්ට මනස විසින් තනනු ලබන සංකල්පය ද අමතක වෙයි. ඔවුහු සංකල්ප නොමැති හුදු සංජානන ගැන කතා කරති. බටහිර දර්ශනයේ වැදගත් ම පුද්ගලයකු වූ බර්ට්‍රන්ඩ් රසල් ට ද එය අදාළ වෙයි. රසල් විද්වතා වැදගත් වන්නේ බටහිර දර්ශනයට ය. වැදගත්කම ද සාපේක්‍ෂ ය. බටහිර දර්ශනයට සාපේක්‍ෂව බර්ට්‍රන්ඩ් රසල් විද්වතාට වැදගත්කමක් ඇත. එහෙත් සිංහල බෞද්ධයනට ඔහුගේ වැදගත්කමක් නැත. අයිසැක් නිවුටන් මෙන් ම ඇල්බට් අයින්ස්ටයින් ද සිංහල බෞද්ධයනට වැදගත් නැත. බටහිර විද්‍යාව හා බටහිර දර්ශනය දේවත්වයෙන් පුදන අයට නම් ඔවුන්ගේ වැදගත්කමක් ඇත. 

එහෙත් බොහෝ සිංහල බෞද්ධයෝ අද ඔවුනට වැදගත්කමක් දෙති. එයට ප්‍රධාන හේතුව අද බොහෝ උගත් සිංහල බෞද්ධයන් යැයි කියාගන්නා අය සිංහල බෞද්ධයන් නො  වීම ය. ඔවුහු යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ආධිපත්‍යයට යට වී සිටිති. එහෙත් ඔවුන් එසේ යට වී සිටිය යුතු නො වේ. එයින් අදහස් කරන්නේ අප බටහිර දැනුම නොහැදෑරිය යුතු බව නො වේ. අප බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම හැදෑරීමේ වරදක් නැත. හැකිනම් ඒ දැනුම අපේ සංස්කෘතියට අවශෝෂණය කරගත යුතු ය. එනම් එය අපේ දැනුමක් බවට පත්කර ගත යුතු ය

එහෙත් පාසල් සිසුන්ට එය කළ හැකි යැයි මම නො සිතමි. එබැවින් ඔවුන් අද කළ යුත්තේ ඔවුන්ට යම් හේතුවක් නිසා බටහිර විද්‍යාව හැදෑරීමට සිදු වී ඇත්නම් එය විචාරශීලීව හැදෑරීම ය. හැකිනම් බටහිර විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කිරීම පසුව කළ යුත්තකි. එසේ අවශෝෂණය කිරීමට පමණක නොව එය පට්ටපල් බොරුවක් බව දැනගැනීමට වුව ද එය හදාරා තිබිය යුතු ය. 

අවයවය හා ඉන්ද්‍රියය අතර ඇති වෙනස නොදැනීම නිසා හෝ එය දැකීමට නොහැකි නිසා හෝ බටහිර දැනුමේ ආධිපත්‍යයට යටකරවන පාසල් හා විශ්වවිද්‍යාල ඔස්සේ අප ලබන අපේ නොවන අධ්‍යාපනය හේතුවෙන් බෞද්ධ දර්ශනය හා බෞද්ධ ධර්මය පිළිබඳ උගත්තු ද පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයේ දී මංමුළා වෙති. එහි දී විශේෂයෙන් ම බලපාන්නේ ආනුභවික හා ඉන්ද්‍රිය ගෝචර දැනුම පිළිබඳ වූ පටලැවිල්ල ය. 

බුදුදහමෙහි ද ආනුභවික දැනුම ඉන්ද්‍රිය ගෝචර දැනුම ආදිය ගැන සඳහන් වෙයි.  බටහිර දර්ශනයෙහි ද බටහිර විද්‍යාවෙහි ද මේ වචන යොදා ගැනෙයි. අර්නස්ට් මාක් විද්වතා බටහිර ඉන්ද්‍රියානුභූතවාදයෙහි පුරෝගාමියකු විය. ඉංගිරිසියෙන් පොසිටිවිසම් යනුවෙන් කියැවෙන මේ බටහිර දර්ශන ප්‍රභේදයෙහි ඉන්ද්‍රිය ගෝචර දැනුම විශ්වාස කළ හැකි දැනුම ලෙස සැලකෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දේ පවතින්නේ ය යන පදනමෙනි. 

බටහිරයන්් පාරභෞතිකයක් (metaphysics) ගැන සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් බාහිර ව ඇති දේ සඳහා ය.  එහෙත් බටහිරයන් අතර ම මේ සංකල්පය පිළිබඳ විවිධ මත තිබෙන බව පැහැදිලි කරගත යුතු ය. කෙසේ වෙතත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප සාමාන්‍යයෙන් පාරභෞතික ලෙස හැඳින්වෙයි. ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප ගැන සඳහන් කරන දැනුම් ගුඩුදහම් ලෙස හැඳින්වීමේ ප්‍රවණතාවක් ද වෙයි. නිවන ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් ගුඩුදහමකි. එහෙත් උගත් බෞද්ධයෝ නිවන ගුඩුදහමක් ලෙස හැඳින්වීමට මැළිවෙති. 

බුදුන්වහන්සේ නිවන යනු මේ යැයි නිර්වචන කර නැත. නිවන වචනයෙන් ප්‍රකාශ කිරීමට නො හැකි ය. එසේ කර ඇති තැනක් සූත්‍ර පිටකයෙන් පෙන්වා දීමට හැකි අයකු වේ නම් ඒ කොතැනක දැයි දැනගනු කැමැත්තෙමි. නිවන පවතින තැනක් නො වේ. එය දිව්‍ය ලෝකවලට හා බ්‍රහ්ම ලෝකවලට ඉහළින් පිහිටි වඩා රම්‍ය වූ ස්ථානයක් නො වේ. නිවන් යනවා නිවන් දකිනවා ආදී ව්‍යවහාරවලින් අප මුළා විය යුතු නො වේ. නිවන යනු යන තැනක් නො වේ. නිවන් අවබෝධ කළ තැනැත්තාට ඒ භවයෙන් පසු යළි භවයක්, ඉපදීමක් නැත. 

නිවන යනු ඉපදීම නැතිකිරීම ය. බුදුදහම, බුද්ධාගම අනෙක් ආගම්වලින් වෙන්වන්නේ මේ කරුණෙහි දී ය. අනෙක් ආගම්වල අමරණිය භාවයක් අපේක්‍ෂා කෙරෙයි. බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ නොමැරී ජීවත්වීමට ය. එසේ ජීවත්වීමට එක්කෝ ස්වර්ගයක් එසේත් නැත්නම් බ්‍රහ්මන් සමග එකතුවීමක් වැනි නිෂ්ඨාවක් අනෙක් ආගම්වල පෙන්වා දී ඇත. එවැන්නක් ඉන්ද්‍රිය ගෝචර නොවිය හැකි ය. ආනුභවික නොවිය හැකි ය. එහෙත්  එවැන්නක් සිතින් මවාගත හැකි ය. 

එහෙත් නිවන සිතින්වත් මවාගත හැකි තැනක් නො වේ. බුදුන්වහන්සේ අනෙක් ආගමික ශාස්තෘන් වහන්සේලාගෙන් වෙන්වන්නේ උන්වහන්සේ නොමැරීමට නම් නූපදිය යුතු යැයි දේශනා කළ බැවිනි. සියළු ආගම්වලින් ම කියැවෙන්නේ එකක් ම යැයි කියන පඬියන් මේ ගැන අවබෝධයක් නැතිව ක්‍රියා කරන්නේ ද? බුදුදහමෙහි සඳහන් වන්නේ ඉපදීම නැතිකිරීමට ය. නිවන් අවබෝධයෙන් පසුව ඒ භවයෙහි චුති චිත්තයෙන් (චුති චිත්තය යන්න ද සංකල්පයක් පමණකි. එබැවින් අනෙක්  සංකල්ප මෙන් ම එය ද ශූන්‍ය වෙයි) පසු වෙනත් චිත්තයක් ඇති නො වේ.  

එහෙත් ඉහත සඳහන් වන්නේ නිවන ගැන නිර්වචනයක්, අර්ථදැක්වීමක් නො වේ. නිවන යනු මේ යැයි එහි සඳහන් නො වේ. නිවන වචනයෙන් ප්‍රකාශ කරන්නේ කෙසේ ද? නිවන සංකල්පයක් නො වේ. වචන යනු සංකල්ප ය. යමක් වචනයෙන් ප්‍රකාශ කළ හැකි නම් එය සංකල්පයක් වෙයි. මෙයින් අදහස් කරන්නේ සංකල්ප සියල්ල වචනයෙන් විස්තර කළ හැකි බව නො වේ. වචනයෙන් විස්තර කළ හැක්කේ සංකල්පවලින් සුළු ප්‍රමාණයක් පමණකි. අප බොහෝ අවස්ථාවල දී වචනවලින් කීමට නොහැකි බව, එසේත් නැත්නම් කියන්න වචන නැහැ ආදී වශයෙන් පවසන්නේ එබැවිනි.

බටහිරයෝ ඊනියා ගුඩුදහම් ප්‍රතික්‍ෂෙප කරති. එහෙත් එසේ කරනනේ බොහෝ විට ශාස්ත්‍රීය වශයෙනි. එහි ද ඔවුන් කරන්නේ බොරුවකි. ගුරුත්වාකර්ෂණය අද්‍යශ්‍යමාන ය. එය ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය ආනුභාවික නො වේ. ඒ අර්ථයෙන් ගත්කල ගුරුත්වාකර්ෂණය ගුඩුදහමකි. එහෙත් එයට ගුඩුදහමක් යැයි කියන්නකු නැත. බටහිර විද්‍යාවෙහි එවැනි ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප රාශියක් වෙයි. ඉන්ද්‍රිය ගෝචර සංකල්ප තේරුම් කිරීම සඳහා මේ ගුඩුදහම් යොදා ගැනෙයි. ඒ අර්ථයෙන් බටහිර විද්‍යාවට වඩා ගුඩුදහමක් තවත් නැත. මාක් විද්වතා බටහිර භෞතික විද්‍යාවෙහි ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගැනීමට විරුද්ධ වූයේ එය ගුඩුදහමක් කිරීමට ඔහුට අවශ්‍ය නොවූ බැවින් විය හැකි ය. 

ඒ කෙසේ වෙතත් බටහිරයන් නිවන ගුඩුදහමක් යැයි කියන්නේ නම් අප ඒ ගැන කලබල විය යුත්තේ ඇයි? ඔවුන් නිවන ගුඩුදහමක් යැයි කියන විට නැත නිවන ගුඩු දහමක් නොවේ යැයි කීමට අප ඉදිරිපත් විය යුත්තේ ඇයි? අප බටහිරයන් නිවන ගැන කියන දේ සත පහකටවත් ගණන් ගත යුතු නො වේ. බටහිරයන් නිවන ගුඩුදහමක් යැයි කියන විට අප එසේ නැතැයි කීමට ඉදිරිපත්වීමෙන් අපි බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යයට යට වෙමු. බටහිරයන් ගුඩුදහම් යැයි පිළිගන්නා දේ අපත් ප්‍රතික්‍ෂෙප කළ යුතු ද? එසේත් නැත්නම් ඒ ගුඩුදහම් නොවේ යැයි කීමට අප කරුණු ඉදිරිපත් කළ යුතු ද?

අවාසනාවකට මෙරට බුදුදහම, බෞද්ධ දර්ශනය ගැන විශාරදයන් යැයි ඔවුනොවුන් අතර ප්‍රසිද්ධ අය ක්‍රියාකරන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයට යටවීමෙනි. ඔවුන්ට අවශ්‍ය වනුයේ බටහිරයන්ගේ මිනුම් දණ්ඩ පිළිගෙන බටහිරයන්ට පිළිගත හැකි ආකාරයකට බුදුුදහම විකෘති කිරීම ය. බටහිරයන් නිවන ගුඩුදහමක් යැයි කියන විට අප ගුඩුදහම පිළිබඳ ඔවුන්ගේ මිනුම් දණ්ඩ පිළිගෙන නිවන ගුඩුදහමක් නොවේ යැයි කීමට මුසාවාද ප්‍රකාශ කළ යුතු නො වේ.

අද ඇතැම්හු නිවන වචනයෙන් ප්‍රකාශ කළ හැකි යැයි කියති. එසේ නම් ප්‍රශ්නය වනුයේ බුදුන්වහන්සේ නිවන වචනයෙන් ප්‍රකාශ කළේ නැත්තේ ඇයි ද යන්න ය. අප බටහිරයනට කිව යුත්තේ නිවන වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත් සම්මුති වශයෙන්වත් නිවන සංකල්පයක් ලෙස ප්‍රකාශ කළ නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය නම් නිවන ගුඩුදහමක් ලෙස ප්‍රකාශ කළ හැකි බවත් ය. අනෙක් අතට පෙන්වා දිය යුත්තේ ඔවුන්ගේ මිනුම් දණ්ඩට අනුව බටහිර විද්‍යාව ගුඩුදහමක් බවත් ය. 

ඔවුන් බටහිර විද්‍යාව ගුඩුදහමක් ලෙස නොපිළිගනු ඇත. අප ඔවුන්ගෙන් ඇසිය යුත්තේ බටහිර දර්ශනයෙහි ම ඉන්ද්‍රියානුභූතවාදය යනුවෙන් ප්‍රභේදයක් බිහි වී ඇත්තේ ඇයි ද යන්න ය. ඉන්ද්‍රියානුභූතවාදයෙහි පිළිගන්නා ආකාරයට ඉන්ද්‍රිය ගෝචර නොවන දේ ආනුභවික නොවන සංකල්ප අප බටහිර භෞතික විද්‍යාවෙහි නො යොදාගත යුතු ය. එහෙත් බටහිර භෞතික විද්‍යාවේ එසේ යොදාගැනෙයි. එබැවින් බටහිර ඉන්ද්‍රියානුභූතවාදය අනුව බටහිර විද්‍යාව ගුඩුදහමකි. බටහිරයන්ට අනුව නිවන ගුඩුදහමක් වීම අපට ප්‍රශ්නයක් නො වේ. එහෙත් බටහිරයන්ට ම අනුව බටහිර විද්‍යාව ගුඩුදහමක් වීම ඔවුන්ට ප්‍රශ්නයක් විය යුතු ය.    


නලින් ද සිල්වා

2013-08-21

Sunday, 18 August 2013

පිටිකිරි, රතුපස්වල, ආසනික් හා බටහිර විද්‍යාව

මුස්ලිම් ප්‍රශ්නය ගැන ද කතාකළ යුතුව ඇත. එහෙත් සතියකට වතාවක් ලිවීමට ලැබෙන තීරුවකින් ඒ සියල්ල ගැන කතාකළ හැකි නො වේ. ඉඩක් ලදහොත් පසුව ඒ ගැන කතා කරමු. අද තීරුව ආහාරවල වස විසට වෙන් කරමු.  පිටිකිරි වෙනුවට කිරිබීමට බටහිර වෛද්‍යවරු අපට දැන් කියති. ඔවුහු රූපවාහිනී නාලිකාවල අපට පිටිකිරිවල ආදීනව හා එහි ඇති වෙනත් සංඝටක ගැන කියති. ඒ පිළිබඳ ව අපේ ස්තුතිය ඔවුන්ට හිමිවෙයි. එහෙත් මේ සාකච්ඡාවල දී මෙරට පාරම්පරික වෙදමහතුන් කියන්නේ කුමක් දැයි දැනගැනීමට අපට නො හැකි විය. වෙදමහත්වරු පිටිකිරිවලට පක්‍ෂ ද? රූපවාහිනී නාලිකා ඔවුන්ගේ මතය නොවිමසන්නේ ඔවුන් වේ ප්‍රෝටීන් ගැන නොදන්නා නිසා ද? එසේත් නැත්නම් කියන විට දිව උලුක්වන බැක්ටීරියා සංඝටක ගැන ඔවුන් අසා නැති නිසා ද? ඔවුන් බටහිර රසායන විද්‍යාව හදාරා නොමැති නිසා ද? ඒ එසේ නම් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී ද විශ්වවිද්‍යාලයේ පළමු පරීක්‍ෂණයේ දී ද රසායන විද්‍යාව අසමත් මට ද පිටිකිරි ගැන කතාකිරීමට සුදුසුකම් නැත. කම් නැති. අපි ඒ ගැන කතාකරමු. පිටිකිරි අපට පුරුදු කිරීමේ දී බටහිර වෛද්‍යවරුන් කිනම් කාර්යභාරයක් එකල ඉටුකළේ ද? අද කුමක් කීවත් එදා ළදරුවන් මවුකිරෙන් ඉවත්කර පිටිකිරිවලට යොමු කිරීමේ දී ඔවුන්ගේ සේවය පිටිකිරි සමාගම්වලට අවශ්‍ය විය. අපට පිටිකිරි නොව එළකිරි වුව ද අවශ්‍ය ද? වසුපැටවා තරමක් වයස්ගත වූ පසු කිරිබීම අත්හරියි. එහෙත් අපි මැරෙනතුරු එළකිරි බොමු. අද තරුණයන්ගේ භාෂාවේ එළකිරි (එළ) යනුවෙන් ප්‍රකාශනයක් ද ඇතිවීමෙන් එහි ඇති වැදගත්කම කියැවෙයි. 

කලකට පෙර වතුපිටිවල රෝහලේ සේවය කළ බටහිර වෛද්‍යවරයකු වූ ජයකොඩි මහතා (මගේ මතකය නිවැරදි නම්) මේ වසුපැටියා හා කිරි පිළිබඳ ප්‍රශ්නය නැගී ය. ඔහු අද කොහේ සේවය කරන්නේ දැයි නො දනිමි. රූපවාහිනී නාලිකා සමහරවිට ඒ මහතා ගැන නොදන්නවා විය හැකි ය. රූපවාහිනී නාලිකාවල ඉඳහිට අපට ද තැනක් ලැබුණ ද බොහෝ විට ඉන් කෙරෙන්නේ සමාජයේ අධිපති මතවාද පට්ටාගැසීම ය. ජනමාධ්‍යවේදීන් ද සාධාරණත්වය ගැන කෙතරම් කතාකළ ද ඔවුන්ගෙන් බටහිර නොවන මතවාදවලට කෙරෙන සාධාරණත්වයක් නැත. බෞද්ධ උගතුන් යැයි කියාගන්නන් ද බටහිර මතවාද තුළ බුදුදහම කොටුකරමින් එහි ඇති ඊනියා යථාර්ථයක්, ආනුභවික දැනුමක් ආදිය ගැන කියවන කල ජනමාධ්‍යවේදීන් ගැන අප කලබල විය යුතු නො වේ. කෙසේ වෙතත් ජනමාධ්‍ය අමාත්‍යංශයෙහි සේවය කරන ආචාර්ය මහාචාර්යවරු ද ඒ ගැන අවධානයක් යොමු නො කරති. ඒ පසුබිමෙහි මේ තීරුව පළකරන ඉරිදා දිවයින පුවත්පතට විශේෂ ගෞරවයක් හිමි වෙයි.   අද සමාජයේ අධිපති මතවාද බටහිර දැනුම ය. බටහිර දැනුම වෙනස් වෙයි. ඒ බටහිර විද්‍යාව එක් පට්ටපල් බොරුවක් වෙනුවට වෙනත් පට්ටපල් බොරුවක් ආදේශ කරන බැවිනි. අද වන විට බටහිර විශ්වවේදයෙහි විශ්වය මහා පිපිරුමෙන් පටන්ගෙන ප්‍රසාරණය වන්නේ ය යන්න වෙනුවට විශ්වය ස්ථිතික ව පවතිමින් අංශුවල ස්කන්ධය වැඩිවන්නේ ය යන ප්‍රවාදය ආදේශ කිරීමේ වෑයමක් වෙයි. තවත් බටහිර විශ්වවිද්‍යාලයක් පමණක් වූ ලංකා විශ්වවිද්‍යාලයේ දී රසායන විද්‍යාව අසමත් වුවත් එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් බටහිර විශ්වවේදය සඳහා ලැබුණුු පශ්චාත් උපාධියක් මට වෙයි. ඒ නැතත් මහා පිපිරුම මෙන් ම ස්කන්ධය වැඩිවීම ද පට්ටපල් බොරු බව මම කිසිම පැකිළීමකින් තොරව ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් ඉඳහිට වුව ද මට රූපවාහිනී නාලිකාවල තැනක් ලැබෙන්නේත් කථිකාචාර්යවරයකුට සාමාන්‍යයෙන් හිමිවන අවුරුදු 42ක සේවයෙන් අවුරුදු 28ක්වත් හිමිවූයේත් මගේ බටහිර උපාධි නිසා බව මම දනිමි.

අපේ මුතුන් මිත්තන් අප මෙන් එළකිරි බීවේ ද යන්න ගැන මට නිශ්චිත සාක්‍ෂි නැත. අපි කිරි කෑවෙමු. දැනුදු කමු. තරුණ හරකුන් එළකිරි නොබොන නිසා මහළු මිනිසුන් ද ඒ නොබී සිටිය යුතු යැයි මම නො කියමි. එහෙත් අප එදා එළකිරි මෙන් ම මීකිරි ද ආහාරයට ගත්තේ කිනම් ආකාරවලට දැයි සොයා බැලිය යුතු ය. අප එහි දියරබව අඩු කළේ ද?  බටහිර වෛද්‍ය විද්‍යාව පිටිකිරි බීමට කී විට එසේ කිරීමත් එළකිරි බීමට යැයි කී විට එසේ කිරීමත් අප බටහිර දැනුම් ආධිපත්‍යයට යටවීමක් මිස වෙනත් දෙයක් නො වේ. බටහිරයන් (නවසීලන්තය ද භූගෝලීය වශයෙන් නොවුණ ද සංස්කෘතික වභයෙන් බටහිර රටකි) විවිධ පර්යේෂණ සඳහා අප වැනි රටවල වැසියන් පර්යේෂණාගාර මීයන් මෙන් යොදාගන්නා බව අපි දනිමු. අප ඔවුන්ට හසු නොවිය යුතු ය. ඇතැම් පිටිකිරිවල අර මොකක්දෝ බැක්ටීරියාව ඇතැයි මෙරට ප්‍රධාන පරයේෂණ ආයතනයක් ප්‍රකාශ කර ඇත. ආණ්ඩුව තමන්ට එහි වාර්තාව පමණක් සෑහේ යැයි පවසා ඇත. එය පිළිගත් රසායනාගාරයක් වෙයි. ඒ ආයතනය ඒ පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්තා පිළිගැනීමට සූදානම් ද? එසේත් නැත්නම් කැලණිය විශ්වවිද්‍යාලයෙහි ඊනියා ලොව පිළිගත් රසායනාගාර නැතැයි කියමින් ඒ ප්‍රතික්‍ෂෙප කරන්නේ ද? ආසනික් පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්තා ප්‍රතික්‍ෂෙප කෙරෙන්නේ කුමක් නිසා ද? ඒ වාර්තාවලින් කියැවෙන ඇතැම් කරුණු ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් විට අපේ නැතත් තමන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තාව ද පිළිගත නොහැකි යැයි කිසි දිනෙක බටහිර විද්‍යාවේ නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ඉදිරිපත් කර නැති  මෙරට ඊනියා විද්‍යාඥයෝ කියා සිටියහ.  

යම්කිසි ප්‍රපංචයකට හේතුව කුමක් දැයි නිශ්චිතව කීමට බටහිර විද්‍යාවට නො හැකි ය. එයට හේතුව බටහිර විද්‍යාව හුදු උද්ගමන හා පට්ටපල් බොරු පමණක් වීම ය. නිගමන ගැන කෙතරම් කයිවාරු කතා කීව ද බටහිර විද්‍යාවේ හෝ බටහිර ගණිතයේ හෝ නිගමන නැත. ඇත්තේ උද්ගමන පමණ ය. ඒ =බී හා බි =සී නම් ඒ =සී බව නිගමනය (අපෝහනය) කළ හැකි අයෙක් වෙත් ද? එය හුදු උද්ගමනයක් පමණකි. උද්ගමන යුක්තියුක්ත කිරීම සඳහා බටහිර විද්‍යාව තම යටහත් සේවිකාවක් වූ සංඛ්‍යානය යොදාගනියි. පිටිකිරිවල ඇති අර බැක්ටීරියාව නිසා ඇතිවන රෝග ගැන නිශ්චිත යමක් කීමට නොහැකි වුවත් ඇතැම් රෝගවලට හේතුව ඒ බැක්ටීරියාව යැයි ඇතැම් බටහිර විද්‍යාඥයෝ දිවි හිමියෙන් ශපථ කරති. එය එසේ ම වනවා විය හැකි ය. ඒ පිළිබඳ මට ගැටළුවක් නැත. එහෙත් රතුපස්වල කම්හලෙන් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය නිසා ඒ ප්‍රදේශයෙහි හා අවට පෙදෙස්වල පසෙහි ආම්ලිකතාව වැඩි වී ඇත් ද යන්න ගැන නිශ්චිත ව යමක් කීමට බටහිර විද්‍යාඥයෝ පැකිළෙති. අනෙක් අතට කෘෂිරසායනික නිදන්ගත වකුගඩු රෝගය ලෙස මා විසින් හැඳින්වෙන රෝගයට ආසනික් ප්‍රධාන හේතුව (එකම හේතුව නො වේ) යැයි කී විට මෙරට කසිකබල් විද්‍යාඥයෝ බියුරට්ටු පිපට්ටු ආදී අවි අමෝරා ගෙන අප සමග සටනට පැමිණියහ. මා මේ සියල්ලෙන් කියන්නේ පිටිකිරි බීම හොඳ බව නො වේ. පට්ටපල් බොරු වූ බංකොළොත් බටහිර විද්‍යාව මත පදනම් ව අප ඊනියා නිගමනවලට නොඑළඹිය යුතු බව ය. (මතු සම්බන්ධයි)

නලින් ද සිල්වා

2013-08-18

Wednesday, 14 August 2013

Let them die to maintain the hegemony of western science - II

Prof. Thattil in his opinion expressed in “The Island” of 2nd August 2013 states: “Government policy with regard to the problem should not be based on half baked studies and flimsy conclusions. Is reduced use of fertilizer and agrochemicals going to solve the problem ? Fertilizer and agrochemicals are used in all parts of the Island. If then, why is CKDu predominantly present only in the North Central Province ? There may be many other factors involved. The genetic factor and its interactions with other variables have not been studies at all. There are those who swear that rice contains unacceptable levels of heavy metals whose source is the fertilizer and agrochemicals applied to rice. But, they eat the same rice that is eaten by the farmers of the NCP and have no problems! The WHO quite clearly states that Cadmium levels in rice is less than allowable limits.”

As an academic Prof. Thattil should have gone through the literature (what is usually known as a literature survey in so called courses on research methodology taught to postgraduate students and some undergraduates) on the Agrochemical Chronic Kidney Disease (ACKD), before attempting to express his opinion in a national newspaper. I reckon that writing to national newspapers is more important than writing so called research papers in “reputed international journals” as usually more people are bound to take an interest in newspaper articles. Further the editors of newspapers do not have the luxury of employing referees to review the articles, and hence the author of a newspaper article has more responsibility in getting his facts correct especially regarding material published already. Though the academics do not have much respect for articles published in newspapers, it does not mean that the academics can publish in newspapers without presenting the facts correctly. I must say that I have published almost all my original ideas in newspapers, especially in Sinhala language newspapers, as I want to reach as many readers as possible knowing very well that I would not be awarded “points” for publication in newspapers in respect of promotions. In spite of that and being kept away from the University system for nearly fourteen years (one fourth of the normal academic life) mainly due to the colonial vijathika attitudes of the academics, I have not done badly as I was appointed to the Chair of Mathematics at Sri Jayawardhanepura, which I did not take up as I thought that my destiny was with Kelaniya. My decision to remain at Kelaniya was fruitful as I was able to lead the ACKD team of able Chemists, Botanists, Mathematicians and MBBS qualified doctors successfully against the opposition of western “scientists”, “statisticians” and others who are blind to non western methods of creating (acquiring) knowledge.   

It is regrettable that Prof. Thattil did not express his views when this matter on the cause of ACKD was discussed sometime ago. It may be that he was busy with Z score “analysis” that created chaos in the university admissions forcing the government to admit thousands of students more to the universities in the 2011/2012 academic year owing to the erroneous judgment of a bench that included a Chief Justice, which was based on so called specialist opinion of western “statisticians”. It has to be mentioned that there are residual problems emanating from the judgment, which have been over flown to the admissions on the results of the GCE (A/L) examination held in August 2012. It is unfortunately the government and the students who have to face the music, but not the judges and the “statisticians”. Similarly it is the poor patients suffering from ACKD that have to die as a result of the disease, but not the old western “scientists”, “statisticians”,  doctors and others who can afford to engage in useless academic discussions on the causative factors of the disease, until the crows both old and young come home.

         
The ACKD is confined to certain areas including Rajarata mainly because all the three factors, Arsenic, hard water and the particular soil known as “kumburu pasa” are found in those areas. Thus though farmers in other areas may be using the same agrochemicals they may not be victims of ACKD as the factors other than Arsenic are most probably not present in those areas. Even in Rajarata it should be noted that those who consume water from the “vevas” are not affected as hard water is not generally found in “vevas”. The ACKD team at Kelaniya did not claim that eating rice is a cause of the disease though rice contains arsenic. Thus while thanking Prof. Thattil for his concern towards those who eat rice it could safely be said that ACKD is not due to eating rice by the Rajarata farmers and other victims.  In fact in an article published in the “Irida Divaina” with the title “Api Bath Kamu” on the 3rd of July 2011, which is reproduced in a collection of articles in “Batahira Vidyava Arsenic ha Deviyo”, I have dealt with this issue. What causes ACKD is Arsenate both Calcium and Magnesium varieties formed as a result of interaction between Arsenic and the Calcium and Magnesium salts found in hard water. Eating of rice would not deposit Calcium and Magnesium Arsenates in the Kidneys and people would not become victims of ACKD by eating rice. It has to be reiterated that the Kelaniya group has presented their results at various seminars and workshops published in “international journals”. These results are based on tests carried out at Kelaniya and other places including accredited laboratories, and we do not want the “scientists” to believe the gods though some may believe in an all mighty God.


I know that the causative factors is curse for western science, western statistics being a handmaiden of the former. Now in  the article on “Arsenic as the cause of the CKDu, I had expressed my views in the following manner. “Now for mortals like us who have no direct experience with causative factors it is very difficult to identify the cause of something. Following Hume one may even say that there are no causes as such, because cause is not a direct experience. We only consider certain phenomena as causes of some others through induction and there is no way to "prove" that A is the cause of B. We after observing B following A on number of occasions come to the conclusion that A is the cause of B by induction of course after having constructed the concept of cause. In any event in the case of CKDu the western medicine has not identified the cause of CKDU in Rajarata and other areas and thus called it Chronic Kidney Disease with unidentified etiology. I am told that Kidney diseases are caused of various factors Cadmium being one of them. However, western medicine has not identified CKDU as caused by Cadmium though Cadmium is the cause of one or several kidney diseases. This meant that the symptoms of kidney diseases caused by Cadmium were not found among the patients of CKDu as if it were the case the western medicine practitioners at least from the western country could have come out with cadmium as the causative factor. As it is it did not happen the cause of CKDu in Rajrata and adjoining areas remained unidentified.” (To be continued)


Nalin De Silva

14-08-2013

සංස්කෘතිය හා ඊනියා යථාර්ථය

අපේ ඇස්වලට පෙනෙන පාට පමණක් ලෝකයේ පවතින්නේ යැයි ගැනීම කෙතරම් දුරට පිළිගත හැකි ද? බටහිර විද්‍යාඥයන් අතර අපේ ඇස්වලට පෙනෙන පාට පමණක් ලෝකයේ ඇතැයි පිළිගන්නා අය වෙත් ද? අප දේදුණු වර්ණ නමින් හඳුන්වන්නේ අපේ ඇස්වලට පෙනෙන පාට ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට අනුව අපට පෙනෙනනේ යම් ආයාම දිග පරාසයක් තුළ ඇති විද්‍යුත්චුම්බක තරංග ය. ඒ පරාසයෙන් බාහිර ව ඇති ආයාම දිග සහිත විද්‍යුත් චුම්බක තරංග සාමාන්‍ය මිනිසුන්ගේ ඇස්වලට ගෝචර නො වේ. 

එවැනි විද්‍යුත්චුම්බක තරංග ගෝචර වන මිනිසුන් කිහිප දෙනකු නැතැයි එයින් ගම්‍ය නො වේ. ඇතැම් මිනිසුන්ට සාමාන්‍යයෙන් මිනිසුන්ට ගෝචරවන ඇතැම් විද්‍යුත්චුම්බක තරංග ගෝචර නොවන බව බටහිර විද්‍යාඥයෝ ද කියති. එයින් කියැවෙන්නේ එවැනි විද්‍යුත්චුම්බක තරංග ලෝකයේ නොපවතින්නේ යැයි නොවන බව බටහිර විද්‍යාඥයන් වුව ද පිළිගන්නා බව අපි දනිමු. එසේ නම් මිනිසුන්ට සාමාන්‍යයෙන් ගෝචර නොවන එහෙත් ඇතැම් මිනිසුන්ට ගෝචර වන විද්‍යුත්චුම්බක තරංග නැතැයි අපට කිව හැකි ද? 

පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය මෙසේ සංකීර්ණ වීමට හේතුව බටහිර විද්‍යාඥයන් ඊනියා යථාර්ථයක වාස්තවික පැවැත්මක් ගැන විශ්වාස කිරීම ය. බටහිර විද්‍යාඥයන්ගේත්, වාස්තවික පැවැත්මක් හෙවත් යථාර්ථයක් ගැන විශ්වාස කරන්නන්ගේත් මූලික ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් සාමාන්‍ය මිනිසාට, එනම් මිනිසුන්ට සාමාන්‍යයෙන්, ගෝචර වන දේ හා එසේ ගෝචර වන දේ තේරුම් කිරීමේ දී යොදාගන්නා සංකල්ප වාස්තවික වශයෙන් පවතින බව පිළිගැනීම ය. අර්නස්ට් මාක් විද්වතා පසුව කී සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ නම්, එනම් සාමාන්‍යයෙන් මිනිසුන්ට ගෝචර නොවන්නේ නම්, ඒවා බටහිර භෞතික විද්‍යාවෙහි යොදා ගැනීමට විරුද්ධ විය. 

අර්නස්ට් මාක් විද්වතා පිළිගත්තේ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවල පැවැත්ම ය. අඩුම තරමෙන් ඔහු එවැනි සංකල්ප පමණක් බටහිර භෞතික විද්‍යාවෙහි යොදාගත යුතු බව කීවේ ය. මෙහි දී මූලික ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය මිනිසාට, එනම් මිනිසුන්ට සාමාන්‍යයෙන් ගෝචරවන දේ පමණක් ඇතැයි, පවතින්නේ යැයි පිලිගන්නේ ඇයි ද යන්න ය. එසේ පිළිගැනීමට විශේෂ හේතුවක් නොමැත. මෙය සාමාන්‍ය මිනිසා අසාමාන්‍ය තත්ත්වයකට පත්කිරීමකි. එය සංස්කෘතික ප්‍රශ්නයකි. 

එහෙත් බටහිර සංස්කෘතියෙහි, එනම් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි එයට හේතුවක් නැතිවා නො වේ. මාක් විද්වතාට සිංහල බෞද්ධ බලපෑමක් තිබුණ ද එහි යම්කිසි යථාර්ථයක් ගැබ් වී තිබුණේ සිංහලයන්ගේ බුදුදහම බොහෝ කලක සිට තුන්වැනි සංගායනාවේ බුදුදහම බවට පත් වී තිබූ නිසා ද විය හැකි ය. අප විටින් විට කියා ඇති පරිදි තුන්වැනි සංගායනාවේ බුදුදහමට බමුණු මත රිංගා ඇත. ධර්මවාදය, ක්‍ෂණයකට වුව ද ධර්මයක පැවැත්ම ඊනියා යථාර්ථයක් ගැන විශ්වාසයක් ඇති කරයි. මෙරට විසූ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ බුදුදහමෙහි එවැනි යථාර්ථයක් නොතිබෙන්නට ඇත්තේ ඔවුන් බුදුන් වහන්සේගෙන් ම ධර්මය ඇසූ නිසා විය හැකි ය.  බුදුන් වහන්සේ දෙසූ බුදුදහමෙහි බමුණු මත නො තිබිණි. 

මාක් විද්වතා අනෙක් අතට මුළුමනින් ම බටහිර සංස්කෘතියෙන් වෙන් වී යැයි ද සිතිය නො හැකි ය. ඔහුට දහනවවැනි විසිවැනි සියවස්වල සිංහල බුදුදහමෙහි මෙන් ම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ද බලපෑම තිබුණා නිසැක ය. බුදුදහමෙහි මිනිසුන් අනෙක් සතුන්ගෙන් වෙන් වන්නේ නිවන් අවබෝධයට හා කුසල් රැස්කිරීමට මිනිස් භවය වඩා රුකුලක් වන නිසා මිස වෙනත් කරුණක් නිසා නො වේ. බුද්ධත්වය ලැබීමට හැක්කේ මිනිසකුට පමණකි. ඉනුදු පිරිමියකුට පමණකි. 

ඊනියා ස්ත්‍රීවාදීන් මේ සම්බන්ධයෙන් කළබල විය යුතු නැත. බුදුදහමට අනුව සංසාරය එක් භවයකට හා ස්වර්ගයට හෝ අපායට හෝ පමණක් සීමා වී නැත. ඕනෑම ගැහැණියකට ද පිරිමි භවයක් ලබාගත හැකි ය. අප මහා බෝසතාණන් වහන්සේට ද ස්ත්‍රී භව තිබී ඇත. මිනිසත් බවක් ලබාගැනීම ඉතා දුර්ලභ ය. අප සංසාරයේ වැඩි කලක් ජීවත්වන්නට ඇත්තේ අමනුෂ්‍යයන් තිරිසන් සතුන් ලෙස ය. එබැවින් මිනිස් නොවන භවයක ජනිතවීම හෝ ස්ත්‍රී භවයක් ලැබීම හෝ අපට ප්‍රශ්නයක් නො වේ. 

ස්ත්‍රීන්ට පමණක් නොව තිරිසනුන්ට ද අමනුෂ්‍යයනට ද බුදුදහමෙහි පහත්කොට නො සැලකෙයි. එහෙත් මිනිසුන් හා තිරිසනුන් අතර හෝ පිරිමින් හා ගැහැණුන් අතර හෝ වෙනසක් නැතැයි බුදුදහමෙහි නො කියැවෙයි. මිනිසුනට කළ නොහැකි දේ තිරිසනුන්ට කළ හැකි ය. මිනිසුන්ට ගෝචර නොවන ඇතැම් ප්‍රපංච තිරිසන් සතුන්ට ගෝචරවන බව බටහිර විද්‍යාව ද කියයි. ස්ත්‍රීන්ට කළ නොහැකි ඇතැම් දේ පිරිමින්ට ද, පිරිමින්ට කළ නොහැකි ඇතැම් දේ ගැහැණුන්ට ද කළ හැකි ය.

අප මේ වෙනස්කම් තේරුම් ගත යුතු ය. ඒ වෙනස්කම් තිබිය දී ම එකිනෙකාට සැලකීමට, මෛත්‍රී කිරීමට අපට හැකි විය යුතු ය. සියළු තිරිසන් සතුන් මේ  දැනට තෙරක් නොපෙනෙන සංසාරයේ කිසියම් භවයක අපේ නෑදෑයකු මිතුරකු ලෙස ජීවත්වන්නට ඇත. අප තිරිසන් සතුන්ට සලකන්නේ එවැනි පසුබිමක පිහිටීමෙනි. තිරිසනුන් යනු අපට සූරා කෑමට, ගසා කෑමට හා අවසානයේ දී මරා කෑමට ඉපදී හො මවනු ලැබ ඇති හෝ ජීවීන් යැයි අපි නො සිතමු.     

කුසල් රැස්කිරීම මිනිසුන්ට කළ හැකි දෙයකි. පිරිමින්ට මෙන් ම ගැහැණුන්ට නිවන් අවබෝධ කළ හැකි ය. එහි කිසිදු ප්‍රශ්නයක් නැත. ඊනියා ස්ත්‍රීවාදීන්ට කළබල විය යුතු දෙයක් එහි නැත. එහෙත් ගැහැණියකට බුදුවිය නො හැකි ය. එය ගැහැණිය පහත්කොට සැලකීමක් නො වේ. ගැහැණියකට කළ නොහැකි වූවක් ප්‍රකාශ කිරීමක් පමණකි. ඊනියා සමානත්වයකට යට වී කළ නොහැකි දෙයක්  කළ හැකි යැයි පැවසීම බොරු කීමකි. 

අනෙක් අතට ඕනෑම පිරිමියකුට බුදුවිය හැකි යැයි ද මෙයින් නො කියැවෙයි. පිරිමින්ට පමණක් බුදුවීමට හැකි යැයි කියමින් පිරිමින් උද්දාමයට පත්විය යුතු නො වේ. එවැනි පිරිමියකුට බුදුවීම නොව නිවන් අවබෝධය ද ඉතා දුරින් වෙයි. දරුවන් අත්හැරීම ගැහැණියකට අමාරු කටයුත්තකි. බුදු වීමේ දී දරුවන් පමණක් නොව අත්හැරීම ද අත්හැරිය යුතු ය. නිවන් අවබෝධයේ දී ද ඒ කළ යුතු බව සැබෑ ය. එහෙත් අප බුදු නොවී නිවන් අවබෝධ කරන්නේ වෙනත් අයකුගේ ධර්මයට සවන් දීමෙනි. අමාරු කාර්යය වනුයේ තමන් විසින් ම ඒ දේ කිරීම ය. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් තමන් ආදී වශයෙන් මෙහි දී යොදා ගැනෙන්නේ සම්මුති වශයෙන් පමණක් බව ය. 

ස්ත්‍රීයකට බුදුවිය නොහැකි බව දැනගැනීමෙන් ස්ත්‍රීවාදීන් ලිප්ටන් වටරවුමේ පිකට්ටුවක් සංවිධානය කළ යුතු නො වේ. එසේ කිරීමෙන් බුදුවීම නොව නිවන ද කල්යනු ඇත. සියළු සත්ත්වයා කෙරෙහි පතළා වූ කරුණාවෙන් අන් අයගේ නිවන් අවබෝධය සඳහා තම නිවන කල්දැමීමක් බුදුවීමෙහි දී සිදුවෙයි. එසේ අනෙක් සත්ත්වයන් වෙනුවෙන් තම නිවන කල්දමා බුදුවීමට අපේක්‍ෂා කරන ගැහැණියකට එය නොකළ හැකි නො වේ. අවශ්‍ය වන්නේ මතු සංසාරයේ පිරිමි භවයක් ලබාගැනීම පමණ ය.

ගැහැණුන්ට බුදුවීමට නොහැකි නිසා කලබලයට පත්වන්නේ සංසාරය මේ භවයට පමණක් හෝ මේ භවයට හා ස්වර්ගයට හෝ අපායට හෝ පමණක් හෝ සීමාකරන ගැහැණුන් හා පිරිමින් ය. ඔවුහු පැහැදිලිව ම වෙනත් සංස්කෘතියක ජීවත් වෙති. මේ සංස්කෘතික වෙනස තේරුම් නොගන්නේ ද ඊනියා යථාරථයක් ඇතැයි කියන එයින් ද නොනැවතී බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යය පිළිගන්නා නිවටයන් හා අනුකාරක පුස්සන් ය. ඔවුන් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ කරන්නේ ද අනුකාරකයන් ලෙස ය. 

ඊනියා යථාර්ථය පිළිබඳ ප්‍රශ්නය මුළුමනින් ම සංස්කෘතික ප්‍රශ්නයකි. අපට යථාර්ථය ලෙස දැකීමට පුරුදු කෙරී ඇත්තේ ඊනියා සාමාන්‍ය මිනිසාට ගෝචරවන ප්‍රපංච හා ඒ ප්‍රපංච විස්තර කිරීමට බටහිරයන් විසින් නිර්මාණය කරනු ලැබ ඇති සංකල්ප ය. අප කලින් කී පරිදි මෙය එක් පැත්තකින් ඊනියා සාමාන්‍ය මිනිසාට විශේෂත්වයක් ආරෝපණය කිරීමකි. අනෙක් පැත්තෙන් බටහිර දැනුමට ද විශේෂත්වයක් ආරෝපණය කිරීමකි. 

මිනිසාට විශේෂත්වයක් ආරෝපණය කෙරෙන්නේ ද යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව දෙවියන් වහන්සේ සියළු සත්ත්වයන් මැවීමෙන් පසු තම ප්‍රතිබිම්බයෙහි, එනම් තමන්ගේ ස්වරූපයෙන් ම පිරිමියා  මවා පිරිමියාග් ඉළඇටයකින් ගැහැණිය මවා ඒ ගැහැණිය ද සත්ත්වයන් ඇතුළු සමස්ත ලෝකයම ද පිරිමියාගේ ආධිපත්‍යයට යට කලේ ය. ඊනියා පුරුෂොත්තමවාදයෙහි මුල ඇත්තේ එතැන ය. එපමණක් නොව මිනිසා එලෙස විශේෂත්වයකට පත්කිරීමෙන් මිනිසාගේ, එනම් ඊනියා සාමාන්‍ය මිනිසුන්ගේ දැනුම ද විශේෂත්වයකට පත්කළේ ය.  

සාමාන්‍ය මිනිසා මවා ඇත්තේ දෙවියන් වහන්සේගේ ප්‍රතිබිම්බයෙහි බැවින් හා දෙවියන් වහන්සේට ඊනියා යථාර්ථයක් ගෝචර වන බැවින් සාමාන්‍ය මිනිසා යැයි කියැවෙන තැනැත්තාට ද යථාර්ථය ගෝචර වේය යන්න ඊනියා වාස්තවික දැනුමෙහි පසුබිමෙහි ඇත. සාමාන්‍ය මිනිසුන්ට ගෝචර වන සංසිද්ධි යථාර්ථය ලෙස පිලිගැනීමට බටහිරයන් යොමු වී ඇත්තේ ද එබැවිනි. එහෙත් එහි ප්‍රශ්නයක් වෙයි. මේ සාමාන්‍ය මිනිසා කිනම් සංස්කෘතියක ජීවත්වන අයකු ද?

ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ අවයව බොහෝ සෙයින් සමාන වූ නිසා ම මිනිසුන්ට ගෝචරවන ප්‍රපංච එක සමාන නො වේ. එයට හේතුව අපට ගෝචර වීමට ලෝකයක් නොමැති වීම ය. එසේ ගෝචර වීමට ලෝකයක් ඇතැයි යනුවෙන් ගැනීම ම ඊනියා යථාර්ථයක පැවැත්ම පිළිගැනීමක් වෙයි. එහි දී කියැවෙන්නේ සංජානන සංකල්පවලින් ස්වායත්ත බව ය. බටහිර දාර්ශනිකයෝ ඒ බව උපකල්පනය කරති. සංකල්පවලින් තොරව සංජානන ඇතැයි ඔවුහු විශ්වාස කරති.

බරට්‍රන්ඩ් රසල් නම් සුප්‍රසිද්ධ බටහිර දාර්ශනිකයා නිල්බව (bluishness) යන්න හුදු සංජානනයක් ලෙස සලකයි. එහෙත්  නිල්බව යන්න නිල් නමැති සංකල්පයෙන් තොරව ඇති වන්නක් නො වේ. කිසිම සංජානනයක් සංකල්පයකින් තොරව ඇති නො වේ. සංකල්ප ඇතිවන්නේ යම් සංස්කෘතියක ය. ඒ ඒ සංස්කෘතීන්වල ජීවත්වන්නන්ට විවිධ සංකල්ප ඇත. මේ පිලිබඳ අප බොහෝ දේ සාකච්ඡා කර ඇති බැවින් නැවත නැවතත් ඒ විස්තරකිරීම අනවශ්‍ය වෙයි. උදාහරණයක් ලෙස මදර් යන්න අම්මා යන්නෙහි හුදු පරිවර්තනයක් ලෙස නොසැලකිය හැකි බවත් ඒ සංකල්ප දෙකක් බව අප පෙන්වා දී ඇත. අපට ගෝචර වන ලෝකය යැයි කියන්න සංකල්පවලින් ස්වායත්ත නො වේ. ඒ නිසා ම සංකල්පවලින් ස්වායත්ත වූ ලෝකයක් නැත. ලෝකය අප විසින් සංකල්ප යොදාගනිමින් නිර්මාණය කෙරෙයි. එබැවින් අපට ගෝචර වන ලෝකය ද අපේ නිර්මාණයකි. එහි ඊනියා වාස්තවිකත්වයක් නැත. 


නලින් ද සිල්වා

2013-08-14

Sunday, 11 August 2013

ආණ්ඩුවට උපදේශයක්

ආණ්ඩුවට උපදේශයක් දීමට මා සුදුස්සකු නොවිය හැකි ය. සිය ගණනින් ජනාධිපති උපදේශකයන් සිටින රටක මා එවැන්නකුවත් නො වේ. මේ එවැනි තනතුරක් සඳහා ඉල්ලුම් පත්‍රයක් ද  නො වේ. එහෙත් රට රැකගැනීම සඳහා අපට මේ ආණ්ඩුව අවශ්‍ය බැවින් මේ කරුණු සුළුවෙන් වුවත් සඳහන් කළ යුතු ය. මේ ආණ්ඩුව පවතින්නේ ගල් තුනක් මත ය. ඒ ගල් තුන යනු විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රණවිරුවන් හා සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාවගේ අති විශාල බහුතරය ය. ඒ මිස ආණ්ඩුව පවතින්නේ ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් හෝ මත නො වේ. ඔවුන් අතර දක්‍ෂයන් නැතිවා නො වේ. එහෙත් ඔවුන්ගෙන් ඇතැමකු තවමත් ආණ්ඩුවේ රැඳී සිටින්නේ ඔවුන්ට යෑමට වෙනත් තැනක් නැති බැවිනි. ආණ්ඩුව වැට්ටවීමට කළ යුත්තේ ඉහත කී ගල්තුනෙන් එකක්වත් අයින් කිරීම ය. එසේත් නැත්නම් ගල්තුන අතර පරතරයක්, පරස්පර ඇති කිරීම ය. මේ ආණ්ඩුව වැට්ටවීමට අවශ්‍ය කා හට ද? පැහැදිලිව ම ඒ එ ජා පක්‍ෂයට, ජ වි පෙරමුණට, දෙමළ ජාතික සංධානය ඇතුළු දෙමළ ජාතිවාදීනට, බටහිර රාජ්‍යවලින් යැපෙමින් බටහිරයන්ගේ මතවාද රටපුරා ප්‍රචාරය කරන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට, ඊනියා උගතුන්ට, විද්වතුන්ට, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් බහුතරයකට, ඇතැම් වෘත්තීයකයන්ට, ඇතැම් පල්ලිවල ප්‍රභූ පූජකවරුන්ට, පල්ලි නිකායේ භික්‍ෂූන් වහන්සේට ආදීන්ට ය. ඒ මෙරට වශයෙනි. පිටරට වශයෙන් ගතහොත්, එංගලන්තය හා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට, ඔවුන්ගෙන් යැපෙන ඒ රටවල වාසය කරණ විසුරුණු දෙමළ ජනයාට, ඉන්දියාවට හා ඒ රටවල ඔත්තු  සංවිධානවලට ආදීන්ට ය. ආණ්ඩුව බලය බෙදා සන්ධීය රාජ්‍යයක් ඇතිකිරීමට තීරණය කළහොත් විදේශීය විජාතික බලවේග ආණ්ඩුව තාවකාලික ව රකිනු ඇත. එහෙත් දීර්ඝ කාලීනව ගතහොත් ආණ්ඩුව වට්ටවා මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් දංගෙඩියට යවනු ඇත. අද ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට අනුශාසනා කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ගෙදර යැවීමට බටහිරයන්ට අවශ්‍ය බැවින් මිස රටට ඇති හිතෛශීභාවයකින් නො වේ.  

මෙරට ඇත්තේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර සටනකි. විජාතික බලවේග දේශීය හා විදේශීය වශයෙන් ක්‍රියාත්මක වෙයි. ඒ බලවේග කවරේදැයි ඉහත සඳහන් කෙරී ඇත. දේශීය වශයෙන් ක්‍රියාත්මක වන විජාතික බලවේග ද මෙහෙයවනු ලබන්නේ විදේශීය විජාතික බලවේග විසිනි.  විජාතික බලවේග විවිධ වසන්ත මගින් රට අස්ථායී කිරීමට උත්සාහ ගනියි. එහි දී ඉතා පැහැදිලිව ම සිංහල ජනතාව හා ආරක්‍ෂක හමුදා අතර ගැටුමක් ඇතිකරවීමට ඔවුන්ට අවශ්‍ය වෙයි. රටේ තැන තැන ඇතිවන ඊනියා උද්ඝෝෂණ ගැන අප කලින් කෙටියෙන් සඳහන් කර ඇත. මේ උද්ඝෝෂණ යනුවෙන් සඳහන් කෙරුණ ද සිවිල් නීති කඩකෙරීම් ය. මහා මාර්ග, දුම්රිය මාර්ග අවහිර කිරීම් ආදිය පැහැදිලිව ම සිවිල් නීති කඩකෙරීම් ය. ජනතාව සිවිල් නීති කඩකිරීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ප්‍රශ්නවලට සවන් දීමටවත් කෙනකු නො සිටීම ය. එකල ගම්සභාවේ මන්ත්‍රීතුමා හෙවත් මැම්බර් මහත්තයා ජනතාවගේ ප්‍රශ්න දැන සිටියේ ය. ඒ වෙනුවෙන් කතා කළේ ය. එහෙත් අද මැම්බර් මහත්තයා නැත. ඒ වෙනුවට ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු, සභාපතිවරු වෙති. ඔවුහු කොට්ඨාශයක් නියෝජනය නො කරති. ඔවුන්ට කරන්නට වැඩක් ද නැත. ඔවුන්ගෙන් ඇතැමෙක් නීතිය අතට ගත් මැරයෝ පමණක් වෙති. මේ මැරයෝ පාතාලය ද, ඒ ඒ ප්‍රදේශවල සිටින ධනකුවේරයන් ද සමග එකතු වී ජනතාව පෙළති. ජනතාව තම දුක කියන්නේ කා හට ද? ඔවුහු සිවිල් නීති කඩකිරීමට පෙළඹෙති. විජාතික බලවේග ඉදිරියට එන්නේ, නැත පස්සට යන්නේ මෙවිට ය. ඔවුහු පස්සෙන් සිට ජනතාව පොළඹවති. විජාතික බලවේගවලට රටට හෙණ ගැහුවත් කමක් නැත. ඔවුන්ගේ හද උණුවන්නේ ජනතාව වෙනුවෙන් නොව ආණ්ඩුව කෙරෙහි  ඇති වෛරයෙනි. ඔවුන්ට අවශ්‍ය සිංහල ජනතාව හා ජනාධිපතිතුමා අතරත් ආරක්‍ෂක හමුදා අතරත් විරසකයක් ඇති කිරීමට ය. එමගින් විවිධ වසන්ත මගින් ආණ්ඩුව වැට්ටවීමට ය. ඇතැමුන් සිවිල් නීති කඩකරන විට ආණ්ඩුවට දෑස් පියාගෙන සිටිය හැකි නො වේ. ආණ්ඩුව පළමුව පොලීසිය යොදවයි. එමගින් තත්වය පාලනය කිරීමට නොහැකි නම් හමුදාව යොදවයි. පසුගිය දා රතුපස්වල දී සිදු වූයේ කුමක් ද යන්න පැහැදිලි නැත. එහි දී නැති වූ ජීවිත පිළිබඳ අපි කණගාටුවෙමු. එහෙත් ඒ කණගාටුවෙන් ඒ තරුණයන්ගේ දෙමවුපියන්ට වැඩක් නැත. ජීවිත නැතිවීම පිළිබඳ සතුටුවන පිරිසක් ද වෙති. ඒ විජාතික බලවේග ය. ජනතාව හා හමුදාව අතර විරසකයක් ඇති විණි යැයි ඔවුහු සිතති. මේ ආණ්ඩුවේ ගමනක අවසානය යැයි ඔවුහු කියති. ඔවුහු තම විදේශීය ස්වාමිවරුන්ගේ අවශ්‍යතාව පරිදි ඊනියා ජාත්‍යන්තර කොමිසම් ඉල්ලති. ඒ හොරාගෙ අම්මගෙන් පේන ඇසීමට ය. ආණ්ඩුවට මෙහි දී පරීක්‍ෂණයක් පැවැත්වීම හැරෙන්නට කළහැකි කාර්යයන් දෙකක් වෙයි. එකක් ප්‍රාදේශීය මැර මන්ත්‍රීන්ගේ මැරබලය නැතිකිරීම ය. දෙවනුව ඔවුනට වැඩක් පැවරීම ය. ජනතාවගේ ප්‍රශ්නවලට කන්දීමට දැනට පත්වී ඇති මන්ත්‍රීවරුන්ගෙන් ඒ ඒ කොට්ඨාශයට එක් මන්ත්‍රීවරයකු බැගින්වත් නියම කිරීම ය. මේ මන්ත්‍රීවරුන් පත්වී ඇත්තේ ඔවුන්ගේ දක්‍ෂකමකට වඩා ජනාධිපතිතුමාගේ කරපිටින් බව ඔවුන්ට අමතකවීමට ඉඩදිය යුතු නො වේ. ආණ්ඩුව  විධායකය, ආරක්‍ෂක හමුදා හා සිංහල ජනතාව අතර විරසකයක්, ප්‍රතිරෝධයක් ඇතිවීමට ඇති සෑම ඉඩකඩක් ම නැතිකළ යුතු ය. 

අපට කොටින් පැරදවීමට හැකිවූයේ, විධායකය, ආරක්‍ෂක හමුදා හා බහුතර සිංහල ජනතාව එකට සිටි බැවිනි. ඒ ගැන විජාතික බලවේගවලට ඇත්තේ හිසරදයකි. අද රණවිරුවන්ට හා විධායකයට එරෙහිව සිංහල ජනතාව මෙහෙයවීමට උත්සාහ ගන්නේ එදා හමුදාවට කිලිනොච්චිය වෙනුවට මැදවච්චිය පෙන්නුවන් යෂ තොප්පිගල කැලෑවක් යැයි කීවුන් යෂ ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කීවුන් ය; කිසි දිනෙක කොටින් පරාජය කළ නොහැකි යැයි කියමින් ඊනියා සාම සාකච්ඡා පැවැත්වීමට කී නිවටයන් ය; ඒ වෙනුවෙන් බටහිරයන්ගේ මතවාද පුනරුච්චාරණය කළ පුහු උගතුන් ය; ඔවුන් ලිබරල්වාදී ගොඩේ මෙන් ම මාක්ස්වාදී ගොඩේ ද දැකගත හැකි ය. ඔවුන්ට ජාතිකත්වයක් නැත. ඔවුහු නිවට පුහු ජාත්‍යන්තරවාදීහු වෙති. අවාසනාවකට ඔවුන් ආණ්ඩු පක්‍ෂ කණ්ඩායමේ ද දැකගත හැකි ය. ඔවුන් මන්ත්‍රීන් වී ඇත්තේ ඔවුන්ගේ කසිකබල් මතවාද නිසා නොව ජනාධිපතිතුමා. රණවිරුවන් හා සිංහල ජනතාව අතර ඇති සම්බන්ධය නිසා ය. විජාතික බලවේග රණවිරුවන් කොටින් පරාජය කිරීමේ පලිය ගැනීමට සූදානම් වෙයි. එමගින් රට අස්ථායී කර මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් දංගෙඩියට යවා දෙමළ ජාතිවාදයට රට පාවාදී සිංහලයන්ට පාඩමක් ඉගැන්වීමට සැරසෙයි. ආණ්ඩුව දෙමළ ජනයා දිනාගත යුතු ය. එහෙත් ඒ සිංහල ජනතාව ඈත්කර නො වේ.  ගල්තුන වඩා දුරින් හෝ වඩා නුදුරින් හෝ නොවී එකට පවත්වාගෙන යෑම ආණ්ඩුවේ ද සියළු ජාති හිතෛශීන්ගේ ද වගකීම වෙයි.

නලින් ද සිල්වා

2013-08-11

Wednesday, 7 August 2013

Let them die to maintain the hegemony of western science

The opinion expressed by Prof. R. O. Thattil on “Heavy metals, gods, CKDu and govt. policy” in “The Island” of 2nd August 2013 is a clear example of what could be called the hegemony of western science. In essence what he says is that the cause or causes of what is known as the Chronic Kidney Disease (unidentified etiology) – CKDu-  is not known and as there are only half baked results the government should not make any changes of policy until the western scientists come out with the cause or the causes of CKDu. In the meantime let the patients die as there is no cure in western medicine for CKDu except the “kokatath thailaya” or dialyzing. If the patient is lucky enough he would be able to go through a transplant and save his life. Dialyzing is not a cure and the western medicine that has no treatment only manages the CKDu through this process. The western knowledge is all about management, though only recently the westerners themselves have realized it  resulting with the establishment of Faculties of Management.

The term “unidentified etiology” clearly illustrates that western science/medicine has not identified the cause of this particular Kidney Disease. The Disease had been there for at least thirty years and the local western “scientists” (I hate to call these people who have not come out with a new theory or a concept in western science as scientists. They are in effect glorified laboratory technicians or assistants. If they are scientists anybody with Advanced Level passes in western science subjects should also be called a scientist) have studied the problem for over two decades. We recently came to know that a similar disease has been spread in some of the South American countries including El Salvador and they had called the disease Kidney Disease due to nontraditional causes! The name indicates that the South Americans also did not know the cause of the disease spread among cane sugar farmers in those countries. Thus though there may be varieties of Kidney Diseases with known cause or causes this particular kidney disease found in Sri Lanka and some South American countries either had no cause or the causes were awaiting the arrival of a bright western “scientist” to reveal them leaving the patients to die without treatment. It is obvious that western medicine/science that does not know the cause of the CKDu has no treatment for it.

It should be stated before proceeding further that the disease is not found in Cuba, though they also grow cane sugar. The difference between Cuba and the South American countries where the Kidney Disease due to nontraditional causes is found is based on the use of Agrochemicals.  Cuba does not use Agrochemicals produced using the knowledge of western science (Chemistry, Agriculture) and they do not have to be worried of patients dying of the Kidney Disease. Two of the members of the Kelaniya team, Dr. Channa Jayasumana, probationary lecturer in Pharmacology who was recruited to the staff of the Department of Pharmacology, Rajarata University on the strength of his performance at the third MBBS examination and not at the final examination ( I will come out with more on this later after an enquiry instituted by the University of Kelaniya  on the qualifications of Dr. Jayasumana is over), and Dr. Kumudu Dahnayaka, consultant Judicial Medical Officer, that studied the problem were invited by the South Americans to El Salvador after they heard of our results and  conducted studies on Agrochemicals, pesticides, Arsenic and other heavy metals in Cuba. They are now convinced unlike our “scientists” that the disease is mainly due to Arsenic. In fact the Minster of Health in El Salvador has thanked our health ministry for sharing this knowledge.

We shall now come to the opinion of Prof. Thattil in more detail. He states “Overall the statements made in the discussion are very superficial with no attempt being made at recognizing that CKDu can be caused by a multiplicity of factors. It is also worth noting that factors need not be independently associated while interactions between factors are more likely. Interactions can also mask main effects and therefore Univariate analysis will be non – conclusive.”

                        
Prof. Thattil perhaps wisely does not want to talk on the involvement of gods as it is not his field. Involvement of gods (not Gods), may not be his field, and he may not believe in the existence of gods who are invisible to most of us.  I wonder whether he believes in God who has apparently been visible to some prophets and others. In any event if he does not believe in gods simply because they are invisible to most of us but not to Mrs. Priyantha Senanayake and some others then he cannot believe in a gravitational force (field), as to my knowledge except for a senior lecturer in Chemistry with a Ph. D. from Cambridge nobody else has sensed gravitation. In other words almost all the “scientists” believe in gravitation, though only one of them has felt its presence.  Thus the invisible gravitation is believed to be present by the “scientists” though most of them find it stupid to believe in gods. I assure  the “scientists” that I will show them the gods the moment they show me gravitation. More information on gods and invisible phenomena could be found in the articles I write to Vidusara.

Whether Prof. Thattil believes in God, gods, gravitational force (field) or not, as the leader of the Kelaniya team that claimed that Arsenic is the main cause of the CKDu after it was communicated to us by the gods, I wish to emphasize that we never wanted Prof. Thattil or anybody else whether “scientist” or not, to believe that Arsenic is the main cause of the disease on the words of the gods. Chemical analysis were conducted in the University and other laboratories accredited as well, under the leadership of Senior Professor of Chemistry at the University of Kelaniya Prof. Priyani Paranagama who is recognized as one of the ablest Chemists (western of course) in the country, and it was based on these studies we announced that Arsenic is the main cause of the CKDu, the other causes being hard water and the particular soil that could retain the Arsenic. Thus ours was not a uni- variate analysis and I will deal with Statistical Analysis of Prof. Thattil later.

We understand that the Arsenic is the main cause and without Arsenic this particular Kidney Disease would not be spread. This is not a Cadmium based disease, though presence of Cadmium may aggravate it. Cadmium based Kidney Diseases have other symptoms not found in the patients in Rajarata and associated areas. It is also found that hard water carries Arsenic to the Kidneys in the form of Calcium and Magnesium Arsenates to be retained there. Thus hard water is an essential ingredient and we as Sinhala Buddhists guided by Sinhala Buddhist Chinthanaya always look for multiple reasons without attempting to reduce to a single cause. I am sure that the “samyakdrshtika” gods also do not reduce phenomena to a single cause. We are not reductionists as western scientists and western “scientists” in Sri Lanka who in the final analysis reduce everything to a single cause as they are guided by the most well known single cause the God. The Arsenic which is the main cause of CKDu as well as the Kidney Disease in El Salvador and other South American countries comes from Agrochemicals and I propose to name this particular Kidney Disease as Agrochemical Chronic Kidney Disease. (To be continued)            
              

Nalin De Silva

07-08-2013