Main Logo

Tuesday 18 February 2014

ඇමරිකන් බිය


ඇමරිකානුවෝ බියෙන් පසුවෙති. ඔවුන් පමණක් නොවේ මුලු මහත් බටහිර සමාජයමපසුවන්නේ බියකිනි. පොදුවේ බටහිරුන්ටද ඇත්තේ ඇමරිකන් බියය. රතන සූත්‍රයටඅනුව බුදුන් දවස විශාලා නුවර වැසියන්ට තිබුනේද බියකි. එදා ඒ නුවරදුර්භික්‍ෂයක් තිබුනත් නුවරුන් පීඩාවට පත් කලේ දුර්භික්‍ෂයට වඩා ඒ පිළිබඳබිය යැයි සිතිය හැකිය. රතන සූත්‍රය දේශණා කලේ ඒ බිය නැති කිරීමටය. මීට සමානනොවුනත් බටහිරුන්ටද ඇත්තේ මේ ආරේ බියකි. අඩු තරමින් විශාලා නුවර වැසියන්ටතිබුනු රෝග, දුර්භික්‍ෂ හා අමුනුස්ස බිය තියුණු මුත් තාවකාලික (acute) එකක්විය. ඇමරිකන් බිය නිදන්ගත (chronic) බියකි. එය බටහිර සංස්කෘතියේම කිඳා බැසඇත.

ඇමරිකන් බියට හේතුව වෙනකක් නොව පොදුවේ ඒ සමාජය තුලඇති බදා ගැනීමේ ගතියය. බදා ගන්නේ වෙන් කර ගන්ටය. වෙන් කර ගන්නේ බදා ගන්ටය.වෙන් කර ගත් දෑ අහිමි වේ යැයි බියක් හට ගන්නා අතර වෙන් නොකර ගත් දෑ හිමි වේයැයි බියක් හට ගනී. වෙන් කෙරීම හා බදා ගැනීම නිසා හටගන්නා හිමිවේය හෝඅහිමිවේය හෝ යන බිය ඇමරිකන් බියය.

බටහිර රටවල ලෞකික සැපපහසුකම් කෙතෙකුත් තිබුනද බොහෝ දෙනා නොකියන කථාව නම් ඒ සැප පහසුකම් නැතුවඑහි ජීවත්වීම අති දුෂ්කර බවය. වෙනත් ආකාරයකට කියන්නේ නම් එහි ජීවන ක්‍රමයසැකසී ඇත්තේ ඒ රටවල ඇති සැප පහසුකම් නැතිව ජීවත් වීම දුෂ්කර වෙන අන්දමටය.උදාහරණයක් වශයෙන් ඇමෙරිකාවේ නගර කිහිපයක හැර සෙසු ප්‍රදේශවල වෙසෙනමිනිසුන්ට යන්ට එන්ට පුද්ගලික වාහනයක් නැතිව බැරිය. මේවා අපි සාමාන්‍යයෙන්සම්පත් යැයි සලකන නිසා ඒවා හිමිවීමම ධනාත්මක ලෙස ගැනුනද ඇත්තෙන්ම මෙහිසිදුවන්නේ මේ ලෞකික සම්පත් නැතිවිට ඇතිවන සෘන බව තුලණය කිරීමය. 

හිමිදේ අහිමි කර ගැනීමට මෙන්ම අහිමි දේ හිමි කර ගැනීමටද ඇමෙරිකානුවෝ බිය වෙති.දුක් රෝග වේදනා ආදියට ඇමෙරිකානුවෝ බියක් දක්වති. ඔවුහු ලෙඩ හැදේ යැයිබියෙන් ලෙඩ නොවී සිටීම සඳහා නොයෙකුත් ප්‍රතිකාර ගනිති. වේදනා නොවිඳ සිටීමටනිර්වින්දක ඖෂධ භාවිතා කරති. සුලු සමාජීය විශමතා මානසික රෝග ලෙස සලකාගෙනඉන් ගැලවෙන්නට යැයි කියා බෙහෙත් ගනිති. සමහර දෙමව්පියෝ දරුවන්ට කුඩාකාලයේදීම මානසික රෝගවලට දෙන බෙහෙත් ලබා දෙන්නේ තම දරුවන් සමාජයේ අසම්මතදරුවන්වේ යැයි බියෙනි. ඇමෙරිකානුවෝ දුක් රෝග වේදනා ආදියෙන් මිදී සිටීමටඅධික වෙහෙසක් ගනිති. එය අසාර්ථක වූවිට විඳන විඳවීමද ඉහලය.

හිමිකර ගැනීම තුලින් ඇති කර ගන්නා ධනාත්මක බව වැඩි වන විට එය අහිමි කරගැනීමෙන් ඇතිවිය හැකි සෘණාත්මක බවද වැඩිය. අනිත් අතට යමක් නැති කර ගැනීමතුලින් ඇති කර ගන්නා ධනාත්මක බව වැඩි වන විට එය ඇතිවීමෙන් ඇතිවිය හැකිසෘණාත්මක බවද වැඩිය. ඒ අනුව ඇමරිකන් බිය යනු සෘණ වීමට ඇති බිය ලෙසහැඳින්විය හැකිය. සෘණ වීමට ඇති බිය නිසා ඔවුහු ධන බව වැඩි කර ගනිති. නමුත්ධන හා සෘණ බව අගයෙන් වැඩි වන විට ඊට අනුරූපව බිය වැඩි වන බැවින් ධනෙන් සෘණතුලණය කල හැකි වුවද බිය නැති කල නොහැකිය. බිය සාපේක්‍ෂ වශයෙන් අවම කර ගන්නටනම් සෘණ මෙන්ම ධන බවද අඩු කර ගත යුතුය. එනම් ඇලී ගැලී නොසිටිය යුතුය.

දැන්දැන් සිංහලුන්ටද ඇමෙරිකානු බිය ඇත. ඒ ඔවුන්ද බටහිර සංස්කෘතිය අනුකරණයකරමින් බදා ගන්නා ගතියට පුරුදු වෙමින් සිටින හෙයිනි. අපේ වැඩිහිටියන්ට මෙන්නොව අපට අද නැතිවෙන්ට බොහෝ දේවල් ඇත. ඉතින් බිය නොවී සිටිය හැකිද? නැතිවෙන්නට යනවිට අපි කරන්නේ තව තවත් බදා ගැනීමය. ඒ නිසා චක්‍රීයව තව තවත් බියවැඩි කරවයි. බදා ගන්නා ගතියට පුරුදු වෙනවිට ගැලී නොගැලී සිටීමට හෝගැලෙන්නෙත් නැතිව නොගැලෙන්නෙත් නැතිව සිටීමට ඇති හැකියාව දුර්වල වේ. මාකලින් සඳහන් කලටැන්සානියානු හස්ඩක් ගෝත්‍රිකයින්ටඇමෙරිකානු බියක් නැත. ඔවුහු තම සතු දේ නොපැකිලිව අන් සතු කරති. හස්ඩක්වරුන්ට සාපේක්‍ෂව අද අපි සිටින්නේ පහත තැනකය. බටහිරුන් සිටින්නේ ඊටත් චඩාපහත තැනකය.

බටහිරුන් ධන බව වැඩි කර ගන්නේ ලෝකය තමන්ට රිසිපරිදි සකස් කර ගනිමිනි. ලෝකය තමන්ට රිසි අකාරය හැඩ නොගැසී තිබීම බටහිරුන්ටඇමරිකන් බිය ගෙනදෙන්නකි. ඔවුන් හැකිතාක් දුරට තම රටවල සංස්කෘතිය සමජාතීයකරන්නට උත්සාහ කරන්නේ එබැවිනි. තම රටවල පමණක් නොවේ අන් රටවල්ද ඔවුන්ටආකාරයට හැඩ ගසා ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ ඒ නිසාය. ලෝකය පාලණය කල හැකියැයි ඔවුහු සිතති. එක්සත් ජාතීන්ගේ සමුළුව හරහා ඔවුන් සංස්කෘතියෙන් බටහිරනොවන රටවල් වලට බලපෑම් කරන්නේ ඇමරිකන් බිය නැති කර ගැනීමටය. ජිනීවාහිදීලංකාවට විරුද්ධව චෝදනා ගෙන එන්නේ ඔවුන්ගේ ඇමරිකන් බිය නිසාය.

ඇමරිකාවේරාජ්‍ය දේපාරතමේන්තුවේ වැඩ ගැන සාමාන්‍ය ඇමරිකානුවන්ට එතරම් උනන්දුවක්නැත. ඒ ඔවුන්ගේ දේශපාලන විඥ්ඥානය මොට කර ඇති බැවිනි. රාජ්‍යදේපාරතමේන්තුවෙන් පත්වී එන තානාපතිවරුන් හා අනෙක් නිළධාරීන් ක්‍රියාවටනංවන්නේ රජයේ ප්‍රතිපත්තිය. ඔවුන් සමහරවිට එකිනෙකා පරයමින් අපට කස පහරදෙන්නට උත්සාහ කරන්නේ ඔවුනොවුන් අතර ඇති වෘතීයමය තරඟය නිසාද වෙන්නට පුලුවන.තමන් තදින් පහර නොගැසුවොත් කසය වෙනකෙකුට දෙනු ඇතැයි ඔවුහු බිය වෙති. එතනදඇත්තේ ඇමරිකන් බියමය. කෙසේ නමුත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ ගැන සාමාන්‍යඇමරිකානුවන් දැන ගත්තත් නොදැනගත්තත් ඒ වැඩ සාමාන්‍ය ජනතාව අනුමත කරන බවඇමරිකානු රජය දනී. ඇමරිකානුවන්ට සමාජයක් වශයෙනුත් පුද්ගලිකවත් ඇමරිකන් බියඇත. ජිනීවාහිදී ලංකාවට විරුද්ධව චෝදනා ගෙන එන්නේ බටහිර සංස්කෘතියේ ඇති මේනිදන්ගත බිය නිසාය.


ඇමරිකන් බිය පිරිත් කියා සමණය කලහැකිදැයි සැකය. බිය වැඩිවෙන්නේ තදින් බදා ගෙන සිටින නිසා බව බටහිරුන්තේරුම් නොගනිති. නමුත් බටහිර නොවන අන් බොහෝ සංස්කෘතිවල ජනයාට ඒ ගැන යම්අවබෝධයක් ඇත. යම් හෙයකින් බටහිර රජයන් අපට ආර්ථික සම්බාධක පැණවුවහොත් ඒසම්බාධක වලට බිය නොවී සිටීමට මේ අවබෝධයද වැදගත් වනු ඇත.


ජානක වංශපුර

2014-02-20