සසුන
රැකේ නම් අපාය මොකේ
අප ඊයේ (දෙසැම්බර් 30) අනුරාධපුරයට ආවා, බරකරත්තයෙන් නො වෙයි. අප ආවේ වැඳ පුදා ගන්න. අවුරුදු දාහකට අධික කාලයක් රටේ අගනුවර ලෙස පැවති නගර කීයක් ලෝකයේ තියෙනවා ද කියා මා දන්නේ නැහැ. අනුරාධපුරය නම් එකක්. අනුරාධපුරය වැටුණේ කොහොමද යන්න ගැන කිසිවකු සංගත අදහසක් ඉදිරිපත් කර නැහැ. ඊනියා වසංගත රජු දුර්වල වීම ආදිය වැඩ නොකරන හිතළු පමණයි.
විජයබාහු රජු බලවත් ම රජෙක්. සමහර විට එතුමා බලවත් ම සිංහල බෞද්ධ රජු වෙන්න පුළුවන්. එහෙත් එතුමා පෙළොන්නරුව තම රාජධානිය කර ගත්තා. පොළොන්නරුව තවත් බලවත් රජවරුන් කිහිප දෙනකුගේත් රාජධානිය වුවත් එය වැඩි
කල් පැවතියේ නැහැ. ඉන් පසු කිසිම රාජධානියකට අවුරුදු තුන්සීයකට වඩා පවතින්න බැරි වුනා. එසේ වූයේ ඇයි? අපට වඩා ආක්‍රමණිකයන් බලවත් වී ද? අප අතර සමගියක් නො තිබුණි ද? මෙරට ආර්ථික ප්‍රශ්න ඇති වුණා ද? වේලක්කාරයන් රජුට විරුද්ධ වුණා ද?
කෙසේ
වෙතත් අප අනුරාධපුරයට පැමිණියේ පදිංචිය සඳහා නො වෙයි. එහෙත් රජ රට නැත්නම් පිහිටි රට පදිංචි වෙන්න තිබුණා නම් මා කැමතියි. තවමත් රජරට ගැමියන් කොළඹ නාගරිකයන්ට වඩා දියුණුයි. ආකල්පවලින් මනසේ ක්‍රියාකාරීත්වයෙන් ආත්මාර්ථකාමී නොවීමෙන් ආගන්තුක සත්කාරයෙන් ආදී කරුණු බොහොමයකින් කොළඹ හා වෙනත් නගරවල ජීවත්වෙන ඊනියා උගත් නාගරිකයන්ට වඩා දියුණුයි. ඒ බව මා දැදුරු ඔය අසබඩ ගමකට සනීප ගැනීම සඳහා ගිය අවස්ථාවේත් දුටුවා.
අප
අනුරාධපුරයට පැමිණියේ අවුකන හරහායි. අර සිවුරු පෙරවීමේ සිද්ධියට අදාළ භික්‍ෂූන් වහන්සේ ද හමුවුණා. එය එතරම් බරපතළ සිද්ධියක් නොවෙයි. එහෙත් පූජා කිරීම හා පූජාව පරිහරණය අතර වෙනස ගැන අදාළ උපාසක මහතාටත් භික්‍ෂූන් වහන්සේටත් එතරම්
අවබෝධයක් තිබී නැහැ. මෙය අපේ අධ්‍යාපනයේ වරදක්. විස්තරාත්මක ව කියනවා නම් අපට ලබාදෙන ඇංග්ලිකන් ක්‍රිස්තියානි අධ්‍යාපනයේ වරදක්. අද අපට කිසිම පාසලක බෞද්ධ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ.
එමෙන්
ම ක්‍රිස්තියානි පුරාවිද්‍යාවෙන් සසුන වෙන් කරගත යුතු බව මා විහාරාධිපතීන්වහන්සේට පැවසුවා. අවුකන පිළිම වහන්සේ ඊනියා පුරාවස්තුවක් නො වෙයි. ඒ පූජනීය වස්තුවක්. එය සසුනට මිසක් පුරාවිද්‍යා පඬිවරුන්ට අයත් නැහැ. සසුන ආරක්‍ෂා කළ යුතු යැයි ව්‍යවස්ථාවේ නවවැනි වගන්තියේ කියැවුණත් නීතිඥයකු වුවත් රනිල්ට ඒ ගැන අවබෝධයක් නැහැ. ඔහු දන්නේ බිරිතානි රජ පවුලට ආරක්‍ෂාව හා ගෞරවය ලබා දීම ගැනයි.
අනුරාධපුර පූජා භූමියේ විශාල සෙනගක් හිටියා. රුවන්වැලි සෑයේ සර්වරාත්‍රික ධර්ම දේශනයක් පැවැත්වුණා. ධර්ම දේශකයාණන් වහන්සේ රැයක් ම එක දිගට ධර්මය දේශනා කරන බවයි පැවසුණේ. ඒ බණ අහන්න මහා පිරිසක් රැස් ව සිටියා. ඇතැම් බුද්ධිමත් තාර්කික බෞද්ධයනට එය මෝඩ පිස්සු වැඩක් වේවි. එහෙත් සැදැහැති බෞද්ධයනට එසේ වන්නේ නැහැ. අද දෙසන පැයේ බණ ගුවන් විදුලිය ආරම්භ වීමෙන් පසු වැඩ සටහන් සම්පාදකයනට අනුව සකස් වූවක්. අද ගුවන් විදුලියටත් රූපවාහිනියටත් බණක් යනු තවත් වැඩසටහනක් පමණයි.
මා
වඩාත් ම සතුටු වුණේ පූජා භූමියේ සිටි තරුණයන් පිරිස දැකීමෙන්. මා හිතුවේ පූජා භූමියට සකර්බර්ග් පඬි නැට්ටන් පවසන පරිදි මා වැනි මැන්ටල ටිකක් පමණක් පැමිණේවි කියා. මා පිරිස ගණන් කෙළේ නැහැ. එහෙත් මගේ නිරීක්‍ෂණය වුණේ තරුණ පිරිස තරුණියන් මෙන් ම තරුණයන් ද පූජා භූමියේ අති විශාල පිරිසක් වූ බවයි. මට එය විශ්වාස කිරීමට බැරි කරුණක් වුණා.
එසේ
වූයේ මා තරුණ පිරිස ලෙස සකර්බර්ග් කොල්ලන්ගේ ආධිපත්‍යයට යට වූ පිරිසක් සැලකීම නිසයි. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ මා කවුද කියා. අපොයි මා සකර්බර්ග් මැන්ටලයක් පමණයි. අනුරාධපුුරයේ දී මා දැක්කේ සකර්බර්ග් කොල්ලන් අන්ත පරාජයකට පත් වී ඇති බවයි. ඊනියා උගත් ගැමි තරුණ තරුණියන් කිහිප දෙනකු ජෙප්පන් සෙප්පන් වී තමන් බුදුහාමුදුරුවන්ට
වඩා ඉහළ යැයි විද්‍යාත්මක යැයි තාර්කික යැයි සිතනවා වෙන්න පුළුවන්. එහෙත් සාමාන්‍ය තරුණ තරුණියන් තවමත් සිංහල බෞද්ධ.
ජයසිරි මහා හාමුදුරුවන් අසළ දී මට මතක් වුණේ එහි අරක්කු බීමට යෝජනා කළ මහා පඬි රුවනක් වූ ජයසිරි. මොන ජයසිරි ද කියා මගෙන් අහන්න එපා. ඉංගිරිසියෙන් ජයසිරි හූ කියාත් අහන්න එපා. මා කියන්නේ ජයසිරිට හූ කියන්න නොවෙයි. එමෙන්
ම මට මතක් වුණා බෝ සමිඳුන් අසළ හා අනුරාධපුරයේ කෙරුණු කොටි ඝාතන. අද කොටි ඝාතන ගැන දළදා මන්දිරයට බෝම්බ ගැසීම ආදිය ගැන සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන්ගේ ජෙප්පන්ගේ කතා බහට ලක් වන්නේ නැහැ. ඔවුන් එක්කෝ කළු ජූලිය සමරනවා නැත්නම් ඉල් මහා ඝාතකයන් සමරනවා.
කවුරු
හරි පඬි නැට්ටකු අහන්න බැරි නැහැ මා අනුරාධපුරයේ දී පාප සිතුවිලි ඇති කරගෙන ද කියා. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මට අවශ්‍ය සසුන රැක ගැනීමයි. සසුන රැක ගැනීමට ගොස් පඬි නැට්ටන් ජෙපපන් සෙප්පන් ආදීන් නිසා අපායට යෑමට සිදු වේ නම් මට ප්‍රශ්නයක් නොවෙයි. මට එහි දී ඔවුන් මුණ ගැසෙන්න පුළුවන්.