ජාතිකවාදය සමග නොපෑහෙන මාක්ස්වාදය
ජාතිකත්වය ගැන හැඟීමක් ඇති ඇතැමුන් මාක්ස්වාදය ගැන ද විශ්වාසයක් තබනු පෙනී යනවා. මෙරට අද මාක්ස්වාදයක් දැක ගන්න නැහැ. මෙහි ඇත්තේ මාක්ස්වාදයේ සුන් බුන් පමණයි. එය සුනේ සුන් වෙලා. සුන් කියන වචනය ශූන්‍යය හා සම්බන්ධයි. ශුන්‍යය ගැන අපට වැඩි දුර යමක් කරන්න බැරි වුණා. ඒ සම්බන්ධ සංකේතය වූ හල් කිරීම සඳහන් ගඩොල් ආදිය නිරීක්‍ෂණය කිරීමට යෑමට සිතා සිටි නමුත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එහෙත් ඒ වෙනුවට පඬි කතා කියන්නන් නම් සුලබයි. හල් කිරීමේ සංකේතයේ ගැටය ආදිය නිවන සමග සම්බන්ධ කරන කතා නම් එමටයි. හිතළු කියන එක නරක නැහැ. එහෙත් වැඩ නොකරන හිතළුවලින් වැඩක් නැහැ.
මෙරටට
මාක්ස්වාදය ගෙන ආ අය මූලික ව ට්‍රොට්ස්කිවාදීන්. ස්ටැලින්වාදීන්
කිහිප දෙනකු ද සිටියා. පසුව
ඊනියා දෙවැනි ලෝක සංග්‍රාමය අවධියේ සෝවියට් දේශය යුද්ධයට අවතීර්ණ වීමත් සමග ස්ටැලින්වාදීන්
සමසමාජ පක්‍ෂයෙන් පන්නා දමනු ලැබුවා. ආසියාවේ නොව ලෝකයේ ම ට්‍රොට්ස්කිවාදීන්
විසින් ස්ටැලින්වාදීන්
පන්නනුු ලැබූ ප්‍රථම අවස්ථාව. සමහර විට ඒ එක ම අවස්ථාව වෙන්නත් පුළුවන්. ස්ටැලින්වාදීන් ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවා ගත්තා. එ පක්‍ෂය චීන රුසියන් භේදයත් සමග දෙකඩ වුණා. චීන කොමියුනිස්ට් පක්‍ෂයෙන් කැඩුණු විජේවීර ඇතුළු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවා ගත්තා. ජෙප්පන් හා සෙප්පන් එහි අනුප්‍රාප්තිකයන්.
ට්‍රොට්ස්කිවාදීන් පෞද්ගලික ව කෙසේ වෙතත් පක්‍ෂයක් ලෙස ජාතිකවාදීන් වුණේ නැහැ. ඔවුන් මාක්ස් ට්‍රොට්ස්කි අනුව ඊනියා කම්කරු පංතියක් ගැන මිස ජාතියක් සංස්කෘතියක් ගැන කතා කෙළේ නැහැ. ස්ටැලින්වාදීන්ට ඊට වඩා ජාතිකත්වයක් තිබුණා. ඇතැමුන් ලෙනින් මාක්ස් සමග ගැට ගහමින් මාක්ස් ලෙනින්වාදයක් ගැන කතා කළත් ලෙනින් මාක්ස්වාදියකුට
වඩා රුසියන් ජාතිකවාදියෙක්. ගුණදාස අමරසේකරට පෙරත් මෙරට හරිශ්චන්ද්‍ර විජේතුංග කුලියාපිටියේ ප්‍රනන්ද ආදීන් ජාතික චින්තනයක් ගැන කතා කර ඇති නමුත් අමරසේකර එය වඩාත් දේශපාලනික අර්ථයකින් යොදා ගත්තේ රුසියන් විප්ලවය ගැන ලියූ අයකු රුසියන් විප්ලවය රුසියන් ජාතික චින්තනයේ පදනම් වූ එකක් බව සඳහන් කරමින් ලියූ ලිපියක් කියවීමට ලැබීමෙන්. මාක්ස් මුළුමනින් අනුගමනය කරනු ලැබුයේ ට්‍රොට්ස්කි විසින් මිස ලෙනින් විසින් නො වෙයි.
චීන
කොමියුනිස්ට් පක්‍ෂයට සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයටත් වඩා ජාතිකත්වයක් තිබුණා. චීන කොමියුනිස්ට් පක්‍ෂයෙන් කැඩුණු විජේවීරට ශන්මුගදාසන්ට වඩා ජාතිකත්වයක් තිබුණා. ජ වි පෙරමුණ ආරම්භයේ සිට ම මාක්ස්වාදය (මාඕවාදය) හා ජාතිකවාදය අතර දෝලනය වුණා. මුල දී ට්‍රොට්ස්කිවාදී සමසමාජ පක්‍ෂය සමග හිතවත්කමක් තිබූ ගුණදාස අමරසේකර පසුව ජ වි පෙ දෙස බලන්නට වූයේත් එසේ බැලීමේ දී ගණඳුරු මැදියම අරුණළු දුටුවේත් ජ වි පෙරමුණේ එකී දෝලනය නිසා. අමරසේකර කිසි දා දේශපාලන පක්‍ෂයක තබා චින්තන පර්ෂදයේවත් සාමාජිකයකු ව සිට නැහැ.
අද
ඒ අරණළු ඝන කළු වළාකුලකින් වැසී ගොස්. අපට අරුණළු දකින්න බැහැ කියන එකක් ඉන් කියැවෙන්නේ නැහැ. අරුණළු ඇත්තේ වෙන පැත්තක. ඒ සඳහා සුන් බුන් මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන් ම බැහැර වෙන්න ඕන. අමරසේකර කිසි දා මාක්ස්වාදී පක්‍ෂයක සාමාජිකයකු ව නොසිටි නමුත් ඔහුට මාක්ස්වාදී හැව අරින්න බැරි වෙලා. ඔහු ට්‍රොට්ස්කිවාදී
හිතවත්කම්වලින් මාඕවාදී (විජේවීර හරහා) හිතවත්කම්වලට මාරු වෙලා.
එහෙත්
ජතියක් නැතැයි කියන පංති ඇතැයි කියන මාක්ස්වාදය සමග ජාතිකත්වයට කිසිම සම්බන්ධයක් නැහැ. ජ වි පෙරමුණේ සිටි අයට ජාතිය ගැන එතරම් විශ්වාසයක් නැහැ. ජ වි පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ව සිටි චම්පක රණවක ටික කලක් චින්තන පර්ෂදය සමග සම්බන්ධ ව සිටි නමුත් ඉන් කැඩී ගියේ නලියාගේ ජාතිය මළ කඳක් බව හා ඒ මළ කඳ කර තබාගෙන යා නොහැකි බව කියමින්. ඔහු අද දේශපාලන වශයෙන් මළ කඳක්. රනිල් ඔහු ඩුබායි අරන් ගිහින්. උප්පරවැට්ටි කිසිවක් හරි නොගිහින් ජනාධිපතිවරණයක් තියන්න ම වුවහොත් සමහර විට රනිල් ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස චම්පක තරගයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මළ කඳට පණ එන්නේ නැහැ.
ජ වි පෙරමුණේ කිසියම් ම වූ හෝ ජාතිකත්වයක් තිබිණි නම් විමල් වීරවංස පක්‍ෂය හැර යෑමෙන් පසුව හා සෝමවංශ අමරසිංහ ජීවිතයේ අවසාන කාලයේ පක්‍ෂයෙන් ඉවත් වීමත් සමග ඒ නැති වුණා. අද එය බටහිර පන්නයේ ඊනියා ලිබරල්වාදී පක්‍ෂයක් පමණයි. එහි මාක්ස්වාදයකුත්
නැහැ. ලාල් කාන්තටත් මාක්ස්වාදයක් ඇත්තේ වචනවල පමණයි. අද මාක්ස්වාදයක් ගැන කියවන්නේ විමල් වීරවංශ වසන්ත බණ්ඩාර ආදීන්. ඔවුන් තවමත් සුන් බුන් වූ මාක්ස්වාදයක් හා ජාතිකවාදය අතර දෝලනය වෙනවා. ඔවුන්ට ඇත්තේ ලෙනින්වාදී ජාතිකත්වයක් නොව මාඕවාදී ජාතිකත්වයක්.
එහෙත්
ඒ දෝලනය වැඩ කරන්නේ නැහැ. ගණඳුරු මැදියම අරණළු දකින්නෙත් නැහැ. අමරසේකර තම උපහාර උළෙලේ දී උද්දාමයට පත් වීමට නොහැකි යැයි කීවේත් එබැවින්. ගණඳුරු මැදියම අරුණළු දකින්න පුළුවන්. ඒ ජාතියක් යන්න ව්‍යාජයක් බව කියන මාක්ස්වාදය සම්පූර්ණයෙන් ම අත් හැරීමෙන්. ලෝකයේ කිසි තැනක වැඩ කර නැති මාක්ස්වාදය ලංකාවේ වැඩ කරාවි යැයි සිතීමට සිහින දැකීමට බැහැ. බුදුහාමුදුරුවන්
ඊනියා වැඩවසම් ක්‍රමයකට හරි රාජාණ්ඩුවලට හරි විරුද්ධ ව උද්ඝෝෂණ කළේ නැහැ. මා දන්නවා ව්‍යාජ මාක්ස්වාදී පඬි නැට්ටන් මේ ප්‍රකාශයට තම සතපහක් වැඩක් නැති අරුත් දක්වන බව.
මා
දන්නවා කවුරු හරි අහන්න පුළුවන් ජාතිකත්වයකට නැති සමසමාජ පාක්‍ෂිකයකු ව සිට මා මාක්ස් ට්‍රොට්ස්කිවාදය
අත්හැර ජාතිකවාදියකු වූයේ කෙසේ ද කියා. එය ක්‍රමික වර්ධනයක්. මට අවශ්‍ය වූයේ මාක්ස්වාදියකු ව සිටිමින් විද්‍යාඥයකු (විශ්වවේදියකු) වීමට. ඒ බැරි බව මා වටහා ගත්තා. විද්‍යාව බැරි බව මා දැනගත්තත් ඒ ගැන
මට විශ්වාසයක් තිබුණා. ඒ නිසා මාක්ස්වාදය ගැන මට ප්‍රශ්න ඇති වුණා. මාක්ස්වාදය විද්‍යාත්මක නොවන බව මට වැටහුණා. මා පක්‍ෂයෙන් අස් වුණා. පසුව කොළඹ මොටාවේ දී මට විද්‍යාව ගැන ද ප්‍රශ්න ඇති වුණා. මට
විද්‍යාවේ පමණක් නොව බටහිර දැනුම් ආධිපත්‍යයෙන් ද කැඩෙන්න පුළුවන් වුණා. මට මග පෙන් වූයේ බුදුදහමයි. සිංහල බෞද්ධ ජාතිකත්වයයි. බටහිර
දැනුම ප්‍රතික්‍ෂෙප කරන බවක් ඉන් කියැවෙන්නේ නැති බව ඇතැම් අසහාය බුද්ධිමත් සංගීතඥයන්ට තේරෙන්නේ නැහැ.