Main Logo

Friday, 11 November 2016

360

2016 නොවැම්බර්  07, දෙරණ 360 වැඩ සටහන පහත සඳහන් සබැඳියෙන්


http://www.derana.lk/Derana-360-Video-Politics&vid=16993&page=1

මගේ ලෝකය සම්මන්ත්‍රණය

මගේ ලෝකය සම්මන්ත්‍රණය


මගේ ලෝකයට අවුරුදු තිහක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයට බොහෝ දෙනකු සහභාගි වී සිටියා. ඔවුන් පැමිණියේ කුමකට ද කියා මට තේරෙන්නේ නැහැ. ඇතැම් විට මහින්ද රාජපක්‍ෂ පැමිණෙන බව සඳහන් වූ නිසා ඔවුන් පැමිණෙන්න ඇති. සාමාන්‍යයෙන් අපේ සම්මන්ත්‍රණයකට විසිපස්දෙනකුට වඩා සහභාගි වන්නේ නැහැ. ඒත් එදින පන්සීයයකට වැඩි පිරිසක් සහභාගි වුනා. ඔවුන් ඇතැම් අවස්ථාවල අත්පොළොසන් දුන්නා. ඔවුන් කී දෙනකුට මගේ ලෝකයෙන් කියැවෙන්නේ කුමක් ද කියා තේරුම් ගියා ද කියා කියන්න බැහැ. සම්මන්ත්‍රණය ජනමාධ්‍යයේ වාර්තා වී ඇති ආකාරයෙන් හා ලැබුණු ප්‍රතිචාර අනුව නම් පැහැදිලි වන්නේ ඔවුන්ට මගේ ලෝකය ගැන අබමල් රේණුවකවත් තේරුමක් නැති බවයි. ඒ අනුව  කණගාටුවෙන් නමුත් කිවයුත්තේ සම්මන්ත්‍රණය අතිශයින් ම අසාර්ථක බවයි.

Thursday, 10 November 2016

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය

ට්‍රම්ප් ජයග්‍රහණය කරලා. මා නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ. ජයගත්තේ ඇමරිකන් එක්සත් රාජ්‍යවල ජාතිකත්වය. අද ලෝකයේ ඊනියා ජාත්‍යන්තරවාදය පරදවා ජාතිකත්වය නැවත වරක් පෙරට එනවා. හිලරි ක්ලින්ටන් නියෝජනය කෙළේ ඊනියා ජාත්‍යන්තරවාදය. ඊනියා ජාත්‍යන්තරවාදය පහළොස්වැනි සියවසේ ඇති වූ චින්තන විප්ලවයෙන් බිහි වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක්.

Wednesday, 9 November 2016

යටත්විජිතවාදයේ මානව අයිතිවාසිකම්


යටත්විජිතවාදයේ මානව අයිතිවාසිකම්

මානව අයිතිවාසිකම් යන්න ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ඵලයක්. කතෝලික චින්තනයෙන් හා යුරෝපීය වැඩවසම් රාජ්‍යවලින් මිදුණු බටහිර යුරෝපය චිත්‍ර හා ප්‍රතිමා කලාව ඔස්සේ ඉදිරියට ගියා. ඉන්පසු මාටින් ලූතර්ගේ, කැල්වින්ගේ  හා වෙනත් අයගේ නායකත්වයෙන් පාප් වහන්සේට හා කතෝලික ආගමට විරුද්ධව ප්‍රතිසංස්කරණවදයක් ගොඩ නැගුවා. ඇතැමුන් කියන්නේ එහි විරුද්ධතාවක් නොතිබූ බවයි. ඒත් ඒ හිත හදාගැනීමට කියන කතා. අදහන්නේ එකම දෙවියන්වහන්සේ වුවත් අදහන ක්‍රමවල වෙනසක් තියෙනවා. කතෝලික ආගම සාමූහිකත්වය මත පදනම් වන අතර රෙපරමාදු හෙවත් ප්‍රතිසංස්කරණවාදී ආගම් පෞද්ගලදකත්වය මත පදනම් වෙනවා. එයට අමතර ව ලූතර්  කතෝලික පල්ලියේ තිබිණි යැයි කියන දූෂණ විවේචනය කළා.

Tuesday, 8 November 2016

ජනමාධ්‍ය පාලනය

ජනමාධ්‍ය පාලනය

අගමැති නැවතත් ජනමාධ්‍යයට තර්ජනය කරලා. ඔහු කියාවි ඒ තර්ජනයක් නොවෙයි කියලා. ඒත් ජනමාධ්‍යවේදීන්ට පදය වෙනස් කරන්න කියලා කියන්නෙ හොඳකට නො වෙයි. ඔහු නොකියා කියන කතාව ඉතා පැහැදිලියි. තමන්ගේ පැත්තට නාවොත් ජනමාධ්‍යවේදීන්ට වෙන දේ බලාගනිමු කියනව වගේ දෙයක් ඔහු කියන්නෙ.

Monday, 7 November 2016

දිවයින

2011 නොවැම්බර් 07 වැනි දා දිවයින පුවත්පතේ පළවූ සාකච්ඡාවට පහත සඳහන් සබැඳියෙන් යොමු විය හැකි ය. 


http://www.divaina.com/2016/11/07/mano01.html

බොරු හා පට්ටපල් බොරු


බොරු හා පට්ටපල් බොරු

අප දැනුම නිර්මාණය කරන්නේ, එනම් සංස්කරණය කරන්නේ අපේ අවිද්‍යාව නිසා. මෙහි අවිද්‍යාව කියන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ම නොදැනීම. මුළු ලොව ම අපේ නිර්මාණයක්. එකිනෙකාගේ ලෝක වෙනස් වෙනවා. මගේ ලෝකය ඔබේ ලෝකයෙන් වෙනස්. මගේ ලෝකය නිර්මාණය කෙරෙන්නේ මා විසින්. එනම් නැති මා කෙනකු විසින්. නැති මා ඇති මා කෙනකු කිරීම තමයි පළමු නිර්මාණය. ඒ මගේ අවිද්‍යාව. මෙහි කාට හරි හිතෙන්න පුළුවන් අවිද්‍යාව නම් හේතුව නිසා දැනුම සංස්කරණය කරනවා කියා. එහෙත් මෙය කිව යුත්තේ අවිද්‍යාව වේ නම් සංස්කාර හටගනී ලෙස. අවිද්‍යාව නැත්නම් සංස්කාර හටගන්නේ නැහැ. අවිජ්ජා පච්චයා සංකාරා යන්න නැති මා සංස්කරණය කරන්නේ එලෙසයි.