Main Logo

Monday, 12 September 2022

මෙරට අධ්‍යාපනයේ ක්‍රිස්තියානි බලපෑම (ඊනියා ලකුණ)

 

මෙරට අධ්‍යාපනයේ ක්‍රිස්තියානි බලපෑම (ඊනියා ලකුණ)

 

මා ඉගෙන ගත් ඊනියා පිළිගත් ආයතන හැටියට හතරක් නම් කරන්න පුළුවන්. ඒ දහම් පාසල් හා පන්සල් පොත් කියවූ පාණදුරේ වැකඩ ධර්මප්‍රාසාදය හැරෙන්න. ඒ ආයතන හතර වන්නේ පාණදුරේ වැකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාව (අද එය පාණදුරේ බෞද්ධාලෝක විද්‍යාලය ලෙස හැඳින්වෙනවා, කොළඹ තරස්ටන් පාරේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ පාඨශාලාව (අද එය තර්ස්ටන් විද්‍යාලය ලෙස නම් කෙරිලා), කොළඹ රාජකීය විද්‍යාලය හා එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලය. ලංකා විශ්වවිද්‍යාලයෙන් මා ඉගෙන ගත් දෙයක් නැහැ. මට උපාධියක් නම් ලැබුණා. ඒ උපාධිය මට ප්‍රයෝජනවත් නූණා නො වෙයි. සසෙක්ස් ගියේත් ඒ උපාධිය නිසා. රැකියා ලබා ගැනීමේදීත් එය ප්‍රයෝජනවත් වුණා.

Sunday, 11 September 2022

ලේක්හවුසියේ දරුවා

 

ලේක්හවුසියේ දරුවා

 

පරංගි පැමිණීමේ පන්සිය වසර සැමරීමට සූදානම් වූ රනිල් එලිසබෙත් වින්ඩ්සර්ගේ මරණය වෙනුවෙන් ජාතික කොඩිය අඩ කුඹ කිරීමට  තීරණය කිරීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. සිංහලයන්ගෙ ඉතිහාසය ගැන පොත් කියෙවුවත් සිංහල සංස්කෘතිය ගැන පොතපතින් දැන ගත්තත් ඔහුට සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය සමීපයි. ඔහුගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ විවාහයට පෙර සමසමාජ පාක්‍ෂිකයකු බව බොහෝ දෙනා නොදන්නවා ඇති.  ඔහු විජේවර්ධන පවුලෙන් විවාහයක් කරගෙන ලේක්හවුසියේ ඉහළ තනතුරකට පත්වෙද්දී සමසමාජ සාමාජිකත්වය අත්හැරියා. එහෙත් ඔහු ක්‍රිස්තියානිය අත්හැරියෙ  නැහැ.

Saturday, 10 September 2022

මැකෝලිගේ දරුවෝ හා ධම්මපදයට අත තියා දිවුරුම් දීම

 

මැකෝලිගේ දරුවෝ හා ධම්මපදයට අත තියා දිවුරුම් දීම  

 

මැකෝලිට අවශ්‍ය වුණේ හමින් හා ලේවලින් ඉන්දීය එහෙත් ඉංගිරිසින් මෙන් රුචිකත්වයක්  අදහස් ආචාර ධර්ම බුද්ධිය ඇති පුද්ගලයන් පිරිසක් බිහි කිරීමට (a class of persons, Indian in blood and color, but English in taste, in opinions, in morals, and in intellect) මැකෝලි ඉන්දියාවේ යම් පමණකට සාර්ථක වුණා. නේරුලා හා රජයේ නිලධාරීන් උගතුන් විශාල ප්‍රමාණයක් මැකෝලිගේ බාග තුන්කාල් දරුවන් වුණා. එහෙත් ඔවුන්  මුළුමනින් ම මැකෝලිගේ දරුවන් වුණේ නැහැ. භාරතයේ තිබූ බමුණන්ගේ බුද්ධිමය සම්ප්‍රදාය විසින් ඔවුන් මෙල්ල කෙරුණා. බමුණු සම්ප්‍රදාය විසින් තමයි අවසාන වශයෙන් භාරතයෙන් බුදුදහම ඉවත් කෙරුණේ.

Friday, 9 September 2022

මැකෝලිගේ දරුවෝ

 එලිසබෙත් වින්ඩ්සර්ගේ අභාවය ගැන මැකෝලිගේ             දරුවන්ගේ ප්රතිචාරය. ජාතික කොඩිය අඩ කුඹු කරන්නේ කිනම් අවස්ථාවල ද?

චාල්ස් හා අපි

 

චාල්ස් හා අපි

 

සිිංහල බෞද්ධ කී ගමන් භූමිතෙල් වැදුණු ගැරඬින් සේ අවුරුදු දෙදහස් පන්සීයක රෙද්දක් ගැන කියවන පඬි නැට්ටන්ට එංගලන්තයේ ඇත්තේ මොන වගේ රාජ්‍යයක් ද කියා දැන ගැනීමට එලිසබෙත් වින්ඩ්සර්ගේ මරණය උපකාර විය යුතු නමුත් එසේ වන්නේ නැහැ. ධනපති ක්‍රමයේ සියලු අවැඩ සිංහල බෞද්ධ සංස්කෘතියට ලඝු කර වීරයන් වීමට දඟලන පුස්සන්ට පුහු වීරකම පවත්වා ගන්න පුළුවන් රෙද්ද ගැන කතා කිරීමෙන් පමණයි. බුද්ධිමය දරිද්‍රතාවෙන් පෙළෙන මොවුන්ට මාක්ස්ගේ පංතිය සංකල්පය කිසි දා වලංගු නොවූ බව වටහා ගන්න බැහැ. මා හිතන්නෙ නැහැ ඔවුන් චින්තනය හැරෙන්න වෙනත් සංකල්පයක් ඇති වූයේ කෙසේ ද යන ප්‍රශ්නය අසා ඇති ය කියා. අපි ඒ කතාව ආගිය තොරතුරු සමග කියමු.

ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යය - කාගෙ රෙද්ද ද ?

 ඇංග්ලිකන් ක්රිස්තියානි රාජ්යය - කාගෙ රෙද්ද ද ?

එලිසබෙත් වින්ඩ්සර් මිය ගිහින්. චාල්ස් අවුරුදු හැත්තෑතුනේ දී රජ වෙලා. උත්සව පසුවට. හැත්තැ දෙකේ ව්යවස්ථාව නොවන්න චාල්ස් අපෙත් රජු. කාටද ආඩම්බරේ. ඔහු බෞද්ධයකු නොව රෝමානු කතෝලිකයකු වූවා නම් රජ වෙන්නෙ බැහැ. එංගලන්තයේ රජු ඇංග්ලිකන් ක්රිස්තියානි වෙන්න ඕන. ඔහු ඒ ආගමේ ආරක්ෂකයා හා තවත් දේ. පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා පහත සඳහන් උපුටා ගැනීම.

Thursday, 8 September 2022

බුද්ධිමය දරිද්‍රතාව

 මෙරට ප්රශ්නවලට ප්රධාන හේතුව තමන්ට නොතේරෙන නොමැති වාස්තවිකත්වයක්, යථාර්ථයක්, සත්යයක් ගැන කියවන ඊනියා උගතුන් වැඩිවීම හෙවත් බුද්ධිමය දරිද්රතාව.