ක්ෂත්රියයන්ගේ පැමිණීම හා මහාවංසය
මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් තියෙනවා. අපොයි නැහැ පරගලය ඉන් එකක් නො වෙයි. පරගලය කියන්නෙ බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ වුවමනාවට මෙරට ජාතිකත්වය නැති කිරීමේ ක්රියාවලියේ එක් අවස්ථාවක් පමණයි. එය දැනටමත් අසාර්ථක වෙලා. පරගලයෙ ඊනියා නායකයො එකිනෙකා සමග ඇණකොටා ගන්නවා. වමක් නැති වමාලා තමන්ගෙ වැඩක් හැටියට පෙන්නපු පරගලය ගැන දැන් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නවා. විප්ලවයවත් ක්රමය වෙනස්වීමක්වත් සිද්ධ වුණෙ නැහැ. රනිල් 2024 වෙනකම් ඉන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්නවා. රනිල් පුංචි ඡන්දෙට එන්නෙ නැහැ වගේ. පොහොට්ටුවට තනියම එන්න වෙයි වගේ. ජාතිකත්වය නැති කර ගත් පොහොට්ටුවට විරුද්ධ ව යම් ජාතිකත්ව බලවේගයක් ගොඩ නැගෙන්න ඕන.