Main Logo

Thursday, 22 December 2022

ක්‍ෂත්‍රියයන්ගේ පැමිණීම හා මහාවංසය

 ක්‍ෂත්‍රියයන්ගේ පැමිණීම හා මහාවංසය

 

මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් තියෙනවා. අපොයි නැහැ පරගලය ඉන් එකක් නො වෙයි. පරගලය කියන්නෙ බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ වුවමනාවට මෙරට ජාතිකත්වය නැති කිරීමේ ක්‍රියාවලියේ එක් අවස්ථාවක් පමණයි. එය දැනටමත් අසාර්ථක වෙලා. පරගලයෙ ඊනියා නායකයො එකිනෙකා සමග ඇණකොටා ගන්නවා. වමක් නැති වමාලා තමන්ගෙ වැඩක් හැටියට පෙන්නපු පරගලය ගැන දැන් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නවා. විප්ලවයවත් ක්‍රමය වෙනස්වීමක්වත් සිද්ධ වුණෙ නැහැ. රනිල් 2024 වෙනකම් ඉන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්නවා. රනිල් පුංචි ඡන්දෙට එන්නෙ නැහැ වගේ. පොහොට්ටුවට තනියම එන්න වෙයි වගේ. ජාතිකත්වය නැති කර ගත් පොහොට්ටුවට විරුද්ධ යම් ජාතිකත්ව බලවේගයක් ගොඩ නැගෙන්න ඕන.

Wednesday, 21 December 2022

අභිසංස්කරණය හා දෙකාර්තේ

 අභිසංස්කරණය හා දෙකාර්තේ

 

සංස්කෘතියක් වෙනස් වෙන ක්‍රම හතරක් තියෙනවා. දැනුම කියන්නෙත් සංස්කෘතියක අංග. දැනුමත් ලබා ගන්නෙ නැත්නම් වෙනස් වෙන්නෙත් ක්‍රම හතරට. තමයි අනුකරණය, ආරෝපණය, අවශෝෂණය හා සංස්කරණය. සංස්කරණය කෙරෙන්නෙ අදාළ සංස්කෘතියෙමයි. මගේ මිතුරකු මට පවසා සිටියා සංස්කරණය යන්න අභිසංස්කරණය ලෙස හඳුන්වන්න කියා. මා එයට කැමතියි.  එවිට ක්‍රම හතර () යන්නෙන් පටන් ගෙන එක ලෙස අවසන් වෙනවා.

Tuesday, 20 December 2022

දෙදහස් පන්සීය ඉවරයි කියන්නෙ

දෙදහස් පන්සීය ඉවරයි කියන්නෙ

 

මෙතරම් තාර්කික විද්‍යාත්මක හිතන්න පුළුවන් තරුණ පරපුරක් ඉන්න රටක් මෙවන් තත්වයකට පත් වී ඇත්තේ තරුණ පරපුර හින්දම ? මේ තරුණ පරපුර වැනි පරපුරක් අවුරුදු දෙදහස් පන්සීයේ ඉඳලා නැහැ. මා හිතන්නෙ නැහැ අවුරුදු දෙදහස් පන්සීයෙ හරි ඊටත් වැඩි කාලෙක හරි තරුණ පරපුරක් රජ කෙනකු හරි වෙනත් පාලකයකු හරි පන්නල දැම්ම කියල මේ තරුණ පරපුර මිසක්. මේ තරුණ පරපුරට එවැනි ශක්තියක් ලැබුණෙ කොහොම ? අධ්‍යාපනයෙන් රුපවාහිනි නාළිකාවලින් හා සකර්බර්ග්ගෙන් වෙන්න ඇති.

Monday, 19 December 2022

අයින්ස්ටයින් කළ වැරදි කිහිපයක්

 අයින්ස්ටයින් කළ වැරදි කිහිපයක්

මා පහත සඳහන් උපුටනය පළ කරන්නේ අයින්ස්ටයිනුත් වැරදි කළා කියන්න නො වෙයි. මුගලන් මහා රහතන් වහන්සේත් විශ්වයේ කෙළවර සොයන්න ගියා. අයින්ස්ටයින් තමයි විශ්වවේදය භෞතික විද්යාවට හඳුන්වා දුන්නේ. විශ්වවේදී නියතය (cosmological constant) ඉදිරිපත් කිරීම තමා කළ ලොකුම වැරැද්ද බව ඔහු වරක් ප්රකාශ කළා. එයත් වැරදි බව අද භෞතික විද්යාඥයන් කියනවා.

අපට මගක් තියෙනවා ද?

 අපට මගක් තියෙනවා ද?

හොරණෑව පිඹීමට තවත් අවශ්‍ය නැති වුණත් ඊයේ ලිපියට ප්‍රතිචාර දැක් වූ සැමට පින් දෙන්න ඕන. කුණුහරුප ලියන්නෙ නැතුව අපහාස කරන්නෙ නැතුව ප්‍රතිචාර දැක්වීම ගැන සතුටුයි.  මට පෞද්ගලික ව ප්‍රතිචාර දැක් වූ අයත් සිටියා. ප්‍රතිචාරවලින් මා බොහෝ දේ ඉගෙන ගත්තා. බොහෝ ආසියාතික රටවල සොර්ණාවත් දවුලත් ව්‍යප්ත වී ඇති බවත් ඒ හැම තැනක ම වගේ ඒ විවිධ ස්වරූප ගෙන ඇති බවත් දැන ගන්නට ලැබුණා. එමෙන් ම නම ද යම් ප්‍රමාණයකට වෙනස් කෙරී ඇති බවත් කියැවුණා. ලංකාවේ දවුල කියන නම ඒ ලෙසමත් සොර්ණා කියන්න ඉතා සම්ප ව හොරණෑව වී ඇති බවත් පැහැදිලියි. 

Sunday, 18 December 2022

හොරණෑවේ වැරදි දෙකක්

 හොරණෑවේ වැරදි දෙකක්

 

ඊයේ ලිපියේ මා වැරදි දෙකක් කර තිබුණා. එකක් අර සැක්සෆෝන් වාදකයාගේ නම සම්බන්ධයෙන්. ඔහුගේ නම කෙනී ජී (Kenny G) ඔහුගේ වේදිකා නම. ඔහුගේ නියම නම කෙනත් ගොර්ලික්. ඔහු යුදෙවු ජනවර්ගයට අයත් කෙනෙක්. මගේ මිතුරාට අනුව ඔහු සැක්සෆෝන් වාදනයෙහි ගිනස් වාර්තාවක් තැබූ පුද්ගලයෙක්. එක දිගට විනාඩි හතළිස් පහක් එක ස්වරය වාදනය කිරීමෙන්. සඳහා ඔහු යොදා ගෙන ඇත්තේ එකට හුස්ම ගැනීමේ හා පිඹීමේ ක්‍රමය. එය හොරණෑව වාදනයේත් යෙදෙන දික් ඕසෙ ක්‍රමය බවත් කෙනී ජී ඉගෙන ඇත්තේ ලංකාවේ දී බවත් මගේ මිතුරා කියනවා. සම්බන්ධ වැඩි තොරතුරු දන්නේ නම් ලබා දෙන මෙන් ඉල්ලනවා.

Saturday, 17 December 2022

අපේ හොරණෑවෙ සම්භවය හා යක්කු

 අපේ හොරණෑවෙ සම්භවය හා යක්කු

 

සිංහල ජාතිකවාදීන් යම් පිරිසක් යක්‍ෂයන් ගැන කතා කිරීමට අකමැති බව මා දන්නවා. ඔවුන් යක්‍ෂයන් ගැන කතා කිරීම මගින් මෙරට සිංහල ඉතිහාසයට හානියක් වේද යන සැකය නිසා. ඉතිහාසය කියන්නෙ භෞතික විද්‍යාවට වඩා අමාරු විෂයයක්. එය ඊනියා සමාජයීය විිද්‍යාවක් නො වෙයි. මාක්ස් ඓතිහාසික භෞතිකවාදය කියන පට්ට පල් බොරුව මගින් ඉතිහාසය විද්‍යාවක් කරන්න ගියත් එය අතේ පත්තු වුණා. ඉතිහාසය කියන්නෙත් තවත් මානව ශාස්ත්‍රයක්. විශ්වවිද්‍යාලවල නම් ඉතිහාසය අයිති වෙන්න ඕන මානව ශාස්ත්‍ර පීඨයට මිසක් කිසිම වැඩකට නැති සමාජයීය විද්‍යා පීඨයට නො වෙයි. මා දැක්කා හිටපු සමාජයීය විද්‍යා පීඨාධිපතිතුමකු කියා තියෙනවා ආර්ථික අර්බුදයට සමාජයීය විිද්‍යාවන් මගින් පිළිතුරු සොයන්න ඕන කියා. අපේ තාත්තා දවස්වල කියනවා වගේ කොරල තියෙයි. ඉතිහාසය සංයුක්තයි. භෞතික විද්‍යාව වියුක්තයි. සංයුක්ත නිසා මතක තියාගන්න කරුණු බොහොමයක් තියෙනවා. අමාරු ඒකයි.