කොළොම්පුරේ ශ්‍රියා
දිලිත් ජයවීර චරණ කවි දහයට ගී දහයක් වැඩ සටහනේ දී ප්‍රකාශ කල අදහසක් වුණෙ කොළඹ අපේ කරගත් බව. මා හිතන්නේ කොළඹ අපේ කර ගැනීමට දෙයක් නැති බව. කොළඹ කියන්නෙ ගැමියන් ජීවත්වෙන තරමක ලොකු ගමක් පමණයි. මේ ගම බටහිර කුඩා නගරයක් සමගවත් සංසන්දනය කරන්න බැහැ. අපට ඇත්තේ බටහිර දේවල කුඩා ගැමි ආකෘති පමණයි. ඒත් අප මේ ලොකු ගම මහා නගරයක් කියා හිතා එයට බයවෙනවා. ඒ හීනමානය නිසා. එය ඉංගිරිසින් විසින් ඇති කරන ලද හීනමානයක්. දිලිත්ට හීනමානයක් නැති කමයි ඔහුගේ ශක්තිය.