ජගත් ජයසූරිය සිද්ධිය
බ්‍රසීලයේ තානාපති ව සිටි ජෙනරල් ජගත් ජයසූරියට විරුද්ධව එරට හා
කොලොම්බියාවේ නඩු පවරලා. තවත් දකුණු ඇමෙරිකානු රටවල නඩු පැවරීමට යනවා. ඒ දෙමළ කොටි
ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ මෙහෙයුම්වල අවසාන කාලයේ දී ඊනියා මානව අයිතිවාසිකම්
කැඩීමට විරුද්ධව. නඩු පැවරීමට දකුණු ඇමරිකානු රටවල් කිහිපයක් ම එකතු ව ඇතැයි
වාර්තා වෙනවා. නඩු පිටුපස ඊනියා ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතියේ විධායක
අධ්‍යක්‍ෂ යැස්මින් සූකා ක්‍රියාත්මක වෙනවා. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු
නිලධරිනියක්. ඇගේ සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදී අදහස් ප්‍රසිද්ධයි.