Main Logo

Tuesday, 31 May 2022

පඬිය පැනීම

 

පඬිය පැනීම

 

මේ පඬියන්ගේ පඬි පෝතකයනගේ පඬි නැට්ටන්ගේ කාලයයි. ඔවුන්ට දැන් යමක් කියන්න සිද්ධ වෙනවා. ඒ ආතල්ගම සම්බන්ධයෙන්. ආතල්ගමේ දින පනහ සැමරීම අසාර්ථකයි. ඉන් පසු දින ඉතාමත් අසාරථකයි. අපට දැන ගන්න ඕන නැහැ පඬියන්ගෙන් පඬි පෝතකයන්ගෙන් හා පඬි නැට්ටන්ගෙන් එසේ අසාර්ථක වීමට හේතු මොනවා ද කියා. ඒත් ඔවුන්ගේ හිතවතුන් පඬි වදන් බලාපොරොත්තුවෙන් ඉන්නව වෙන්න ඕන.

Monday, 30 May 2022

වතුර බොර කර මාළු බාන රනිල්

 

වතුර බොර කර මාළු බාන රනිල් 


අද ඇති ප්‍රධාන ම කාර්යය ආරථික අර්බුදය විසඳීම මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නො වෙයි. අස්ගිරියට ගිය විජේදාස නායක හමුදුරුවරුන්ගෙන්  ඒ බව දැන ගන්න ඇති. මා හිතන්නේ මහා සංඝ රත්නය පෙදුවේ ප්‍රකාශ කරන්නේ එයයි. විජේදාසත් රනිලුත් මහා සංඝ රත්නයට සවන් දෙනවා ද? රනිල් තමන්ට බාර දුන් වැඩේ පැත්තකින් තියල වෙන වැඩක් බදා ගෙන  තියෙන්නෙ එක් පැත්තකින් ඔහුටත් ආර්ථික අර්බුදයට විසඳුමක් නැති නිසයි. අනෙක් පැත්තෙන් සියලු බලය තම අතට ගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූල) අපට ලොකු ණයක් දීමට සූදානම් නැහැ. දෙන දෙයක් දීමටත් තව මාස කිහිපයක් යාවි. ලෝක බැංකුව ආධාර කිරීමට කොන්දේසි පනවනවා. පොඩි ණයක් දේවි. අපට විශාල ප්‍රමාණයකට ඉන්දියාව මත යැපෙන්න සිදු වෙනවා.

Sunday, 29 May 2022

මා දන්නා දේශපාලනය

 

මා දන්නා දේශපාලනය

 

පඬි නැට්ටකු කියා තිබුණා මා ගණිතය හා භෞතික විද්‍යාව දැන ගත්තත් දේශපාලනය දන්නෙ නැහැ කියා. ඔහු සම්පූර්ණයෙන් වැරදියි. මා ගණිතය භෞතික විද්‍යාව දේශපාලන විද්‍යාව මේ එකක්වත් දන්නෙ නැහැ. ඒ කියන්නෙ බටහිර දැනුම් ලෙස ඒ කිසිවක් දන්නෙ නැහැ. ඒත් මා බටහිර දැනුමේ සීමා හා දුර්වලකම් දන්නවා. එපමණක් නො වෙයි. දේශපාලනය දන්නවා. දේශපාලනය කියන්නෙ දේශපාලන විද්‍යාව නො වෙයි. මා දේශපාලනය දැන ගත්තත් ප්‍රායෝගික ව දැන් දේශපාලනයේ යෙදෙන්නේ නැහැ. මේ ලිපි ලියන්නේ දේශපාලනයේ යෙදෙන්න නො වෙයි. බටහිර දැනුමේ ආධිපත්‍යය සීමා ගැනත් මා කියන්නේ දේශපාලනය දන්නා නිසයි.

Saturday, 28 May 2022

උගත්තු ණය හා රට කෑම හෙවත් බෞද්ධකමෙන් ඈත්වීම

 උගත්තු ණය හා රට කෑම හෙවත් බෞද්ධකමෙන් ඈත්වීම


දැන් දැන් කවුරුත් කියන්න පටන් අරන් ණය ගැනීම වරදක් නැහැ. ඒත් ණය යෙදා ගත් විධිය වැරදියි කියන්න. මහා බැංකුවේ අධිපතිත් එය කියනවා. රනිල්දාසත් එහෙම කියනවා. තවත් දේශපාලනඥයනුත් එහෙම කියනවා. ඒත් මා දන්නෙ නැහැ දැනට සති කිහිපයකට ඉස්සෙල්ල ඔවුන් එහෙම කිවුව ද කියල. අප ණය අරගෙන කරපු සංවර්ධනය මොකක් ද කියන එකයි ප්‍රශ්නය. අපි කෙළේ ණයට අරගෙන කෑම, විලාසිතා කිරීම, බොරු උගත්කම් ලබා ගැනීම. එය රාජපක්‍ෂලාගේ පමණක් වැඩක් නොවෙයි. බණ්ඩාරනායක මැතිණියගෙ 1970-77 ආණ්ඩුවෙන් පස්සෙ කවුරුත් කෙළේ ඒකයි. ඊට ඉස්සෙල්ලත් ණය ගත්තෙ නැති වුණත් අප තිබුණු ඩොලර් (ඒ කාලෙ ඩොලර් නොවෙයි පවුම්. කොහොම හරි විදේශීය මුදල් සංචිතය) ටිකෙන් ටික නැති කර ගත්තා.

Friday, 27 May 2022

ලාල්කාන්ත බැටළු හම පොරව ගන්නෙ නැද්ද?

 

ලාල්කාන්ත බැටළු හම පොරව ගන්නෙ නැද්ද?

 

ලාල්කාන්ත කියන නමේ අරුත මා හිතන විධියට ආකර්ෂණීය පුතා කියන එක. ඒ කොහොම වුණත් ඔහු ආකර්ෂණීය කතා කියනවා. පහුගිය දා ඔහු කියා තිබුණා පාර්ලිමේන්තුව විසුරුවා හැරල මහා මැතිවරණයක් තියන්න ඕන කියල. ඒකට නම් මාත් කැමතියි. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. මැතිවරණයකින් ජ වි පෙ අතුගෑවිල යන හින්ද. අර සියයට තුනවත් හම්බ වෙන්නෙ නැති හින්ද.

Thursday, 26 May 2022

බටහිර දැනුම බුද්ධිමතුන් හා ඉංගිරිසියෙන් හිඟා කෑම

 

බටහිර දැනුම බුද්ධිමතුන් හා ඉංගිරිසියෙන් හිඟා කෑම

 

අප වර්තමානයෙහි අනුකරණය කරන්නේ බටහිර දැනුම. එහෙත් අප කිසිවකු කිසිම බටහිර දැනුම් ක්‍ෂත්‍රයක ඊනියා ප්‍රාමාණික උගතකු නො වෙයි. බටහිර දැනුමට අප එකතු කළ සංකල්පයක් කතන්දරයක් (ඊනියා ප්‍රවාදයක්) නැහැ. බටහිර දැනුම පුස්සක් බව කීවාට අතිවිශල බහුතරය පිළිගන්නේ නැහැ. ඇරිස්ටෝටල්ගේ සිට  අයින්ස්ටයින් දක්වා එකතු කර ගත් දැනුම තව දුරටත් ඉදිරියට යන්නේ නැහැ. එයට හේතු දෙකක් ප්‍රධානයි. එකක් බටහිර දැනුමේ එහෙමත් නැත්නම් එකී සම්ප්‍රදායේ මූලික කතාවලින් තවත් කතා ගොඩ නැගීමට බැරිකම. අනෙක එහි රේඛීය චින්තනයේ ඇති දුර්වලකම.

 

Wednesday, 25 May 2022

විසිඑකත් එහි ප්‍රභූ දේශපාලනයත් පරදවමු

විසිඑකත් එහි ප්‍රභූ දේශපාලනයත් පරදවමු

 

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ව්‍යවස්ථා සංශෝධන දෙකක් තියෙනවා. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් ලෙස. එකක් විජේදාස රාජපක්‍ෂගෙ. අනෙක රංජිත් බණ්ඩාරගෙ. ඒ දෙක අස්කර ගන්නවා ද නැද්ද යන්න ගැන තවම ආරංචියක් නැහැ. කොහොමටත් වැදගත් වන්නෙ පෙරේදා (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංශෝධනය. එය බොහෝ විට විසිඑක්වැනි සංශෝධනය ලෙස හැඳින්වේවි.