විග්නේෂ්වරන් වෙනුවට තල් පිත්තක්තැබුවත් උතුරේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් නොවන
බව කවුරුත් පිළිගනු ඇතැයි මමසිතමි. යාපනයේ මිනිසුන් ඡන්දය දී ඇත්තේ ඔවුන්ට හුරු
පුරුදු වෙල්ලාල දේශපාලනබලවේගයටය. තුවක්කු බලය හැරුනුවිට ඔවුන් හඳුනන එකම දේශපාලන
බලයද එයයි. අදයාපනයේ ජීවත්වන දෙමළ ජනයා පමණක් නොව ඔවුන්ගේ සීයලා මුත්තලා දැන
සිටියේද ඒදේශපාලන බලය පමණි. මිනිසුන්ට වැදගත්වී ඇත්තේ ඔවුන්ට සුපුරුදු
වෙල්ලාලනායකත්වය මිස ඔවුන් වැඩිය දැක නැති විග්නේෂ්වරන් නොවේ.
දෙමළ ජාතික සංධානය යාපනයේ කලේජාතිවාදී දේශපාලනයක් බව රහසක් නොවේ. නමුත් යුධයකින් පැරදී විඩාපත්ව සිටිනමිනිසුන් කොටසක් ඒ පැරදුන යුධයට ඔවුන් ගෙන ගිය ජාතිවාදී දේශපාලනයටම නැවතත්ඡන්ද දුන්නේ යැයි සිතිය හැකිද? ප්‍රභාකරන්ට කරන්ට බැරි වුනු යුද්ධයක්විග්නේෂ්වරන්ටවත් සුමන්දිරන්ටවත් කරන්ට පුළුවන් යැයි යාපනයේ දෙමළ මිනිසුන්සිතනවා විය නොහැකිය. විග්නේෂ්වරන්ට ඡන්දය දුන්නේ යුධයෙන් දිනාගත නොහැකිවූදේ ඔහුට සාකච්ඡා මර්ගයෙන් දිනා ගතහැකි යැයි දෙමළ ජනයා සිතු නිසාද? නමුත්එවැනි සාකච්ඡා මර්ගයක් ගැන ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය තුල කියැවුනේ නැත. දෙමළජාතික සංධානය ආණ්ඩුව සමඟ බලය බෙදීම ගැන සාකච්ඡා කරමින් සිටියේ නැතුවා මෙන්මආණ්ඩුවෙන් එවැන්නකට කැමති බවක ඉඟියක්වත් ලැබුනේ නැත. ඡන්දයට කලින්සිංහලයිනුත් ආණ්ඩුවත් කියා සිටියේ පලාත් සභා වලට ඉඩම් හා පොළිස් බලතල නොදෙනබවය. එසේ නම් විග්නේෂ්වරන් සාකච්ඡා මාර්ගයෙන් ඔවුන්ට යමක් ලබාදේ යැයි සිතාදෙමළ ජනයා ඔහුට ඡන්දය දුන්නා යැයි කිව නොහැකිය. එසේ නම් දෙමළ ජනයා නැවතත්ජාතිවාදී දේශපාලනයට ඡන්දය දුන්නේ ඇයිදැයි අපි තේරුම් ගන්නේ කෙසේද?
දෙමළ ජනයා ඡන්දය දී ඇත්තේ ජාතිවාදීදේශපාලනයට නොවේ. අපි තේරුම් ගත යුත්තේ එයයි. ඔවුන් ඡන්දය දී ඇත්තේ ඔවුන්ටසුපුරුදු වෙල්ලාල නායකත්වයටය. වෙල්ලාලයන්ද යාපනයේ ජාතිවාදී දේශපාලනයක් කලේඔවුන්ට ඡන්දය දුන් යාපනයේ දෙමළ ජනයා අරමුණු කරගෙන නොවේ. වෙල්ලාලයින්ටඅරමුණු දෙකක් තිබිනි. එකක් ඔවුන්ට මූල ධනය සපයන බටහිර විසුරුනු දෙමළ ජනයාගේලේ පිපාසය සංසිඳවීමය. අනික යාපනයේ දෙමළ ජනයා තුල තවමත් ජාතිවාදයට පදනමක්ඇතැයි බටහිර රටවලට පෙන්වා දීමටය නැත්නම් එසේ කීම සඳහා බටහිර රටවලටඅවස්ථාවක් දීමටය. ඡන්දය දිනීමෙන් ඔවුන්ට මේ අරමුණු දෙකම ඉෂ්ඨ වී ඇත.බලාපොරොත්තු වූ ආකාරයටම චන්ද ප්‍රතිඵල පදනම් කරගෙන බටහිරුන් හා ඉන්දියාවේආධාරයෙන් උතුරු පළාතේ අසමමිතික රාජ්‍ය බලයක් ගොඩනැඟීමට වෙල්ලාලයන් ක්‍රියාකරනු ඇත.
විග්නේෂ්වරන් ඡන්දය ඉල්ලුවත්නොඉල්ලුවත් ජාතිවාදී දේශපාලනයක් කලත් නොකලත් උතුරේ දෙමළ ජනතාව ඔවුන්ගේසීයලා මුත්තලා කළාක් මෙන් වෙල්ලාල නායකත්වයට ගරු කරමින් ඔවුන්ට ඡන්දය දෙනුඇත. ප්‍රශ්ණය එය නොවේ. මේ නායකයින්ම ජාතිවාදය පිටු දකිමින් අපි සිංහලුන්සමඟ සමඟියෙන් එක රටක් හැටියට ජීවත්විය යුතුයි, අපිට සුවිශේෂ බල එපා කියමින්තම ඡන්ද ව්‍යාපාරය ගෙනගියා නම් ඒත් යාපනයේ දෙමළ ජනයා ඔවුන්ට ඡන්දය දෙනුඇත. ප්‍රශ්ණය ඔවුන් එසේ නොකල එකය. වෙල්ලාලයින්ට දෙමළ ජනයාගේ දේශපාලන මතයඔවුන්ට කැමති පරිදි හැසිරවීමට හැකියාවක් ඇත. නමුත් වෙල්ලාලයින් කෙදිනකවත්දෙමළ සිංහල සංහිඳියාවක් පදනම් කරගෙන දෙමළ ජනයා මෙහෙයවන්නේ නැත. මන්දඑපමණින්ම ඔවුන් සතු දේශපාලන හා සමාජීය බලයඔවුන්ටනැතිවනබැවිනි. ඉංදියාවද බටහිරුන්ද ඔවුන්ට එය කිරීමට ඉඩ නොදෙනු ඇත. මන්ද ඔවුන්ටදඑවිට සිංහලුන්ට බලපෑමක් කිරීමට හැකියාවක් නැතිවන බැවිනි. මේ ඡන්දයෙන්පෙනෙන්නේ යාපනයේ දෙමළ ජනයා විකල්පයක් නැතිව දේශපාලන නන්දිකඩාලයක සිරවීසිටින බවය. ප්‍රභාකරන් වෙනුවට අද එහි සිටින්නේ වෙල්ලාලයෝය. දෛවයේ සරදම නම්ප්‍රභාකරන් සිටියා නම් මේ සිටින වෙල්ලාලයෝ අද ජීවතුන් අතර නැති වෙන්නට ඉඩතිබීමය.
වෙල්ලාලයින් ජාතිවාදී දේශපාලනයක්කලේ ඡන්දය දිනීමෙන් පසු ජාතිවාදය යාපනයේ දෙමළුන්ගේ ගිනුමට බැර කිරීමට බලාගෙනය. ඔවුන් එය යථා කාලයේදීම කරනු ඇත. වෙල්ලාලයින්ගේ කතන්දර පිළිගැනීමට සැදී පැහැදී සිටින්නන් විගනේෂ්වරන්ගෙන් ඇසිය යුත්තේ ජාතීන් අතර සංහිඳියාවක්ඇතිවන ආකාරයෙන් දේශපාලන ව්‍යාපාරයක් නොකර ජාතිවාදය පදනම් කර ගත්තේ මන්දකියාය. බටහිරුන් විග්නේශ්වරන්ගෙන් එසේ නොඅසයි නම් එසේ නොඅසන්නේ ඇයිදැයි අපිබටහිරුන්ගෙන් ඇසිය යුතුය. යාපනයේ දෙමළුන්ට රට බෙදීමට අවශ්‍යයැයි කිවහැක්කේ වෙල්ලාලයින් විසින් ඒකීය රාජ්‍යයකට කැමතිව ජාතීන් අතර සංහිඳියාවක්ඇතිවන ආකාරයේ දේශපාලනයක් කර පරාජය ලැබුවා නම්ය. ඔවුන් සංහිඳියාත්මක ඡන්දව්‍යාපාරයක් කලේ නම් මිනිසුන් ඔවුන්ට ඡන්දය නොදේ යැයි මේ ප්‍රතිඵලවලින් කිවහැකිද?
ජානක වංශපුර
2013-09-26