Main Logo

Saturday 25 January 2014

වේදනාව සහ සංස්කෘතිය


මේ දිනවල ඇමරිකාවේ උතුරුකරයේ දරුණු සීත කාලගුණයක් පවතී. මෑත කාලයේදී ශීතසෘතුව මෙතරම් සීතලවූ බවක් මට මතක නැත. ඝර්ම කාලාපී රටවලින් මෙහිසංක්‍රමණයවූ මා වැන්නන්ට සීතල දරා ගැනීමට එතරම් පහසු නොවුනත් ඇංග්ලෝ සැකසන්හෝ ස්කැන්ඩිනේවියානු සම්භවයක් ඇති සුද්දන්ට එය කජ්ජක් නොවේ. දැනීමත්දරාගැනීමත් වෙන් කල හැකි යැයි මම නොසිතමි. සීතල දැනීමට හා දරාගැනීමටහැකිවීම පමණක් නොවේ පොදුවේ වේදනාව දැනීම/දරා ගැනීම ඒ ඒ මිනිසුන්ගේසංස්කෘතියට අනුව වෙනස්වන බව මගේ හැඟීමය. වේදනාව හට ගැනනෙන්නේ මනසේය ඒ නිසාඅවසානයේ වැදගත් වන්නේ මනස හා සංස්කෘතිය අතර ඇති සම්බන්ධයය.

සංස්කෘතියේආභාශයෙන් යමෙකුට සීතල යම් තරමකට දරා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි සිතියහැකිය. සීතලට ගැලපෙන ආකාරයට හිස් වැසුම් කබා පාවහන් පාවිච්චි කිරීමට දැනගැනීම සංස්කෘතික ආභාශයේ වැදගත් පැත්තකි. නමුත් සංස්කෘතියට අනුගත වීම තුලින්මනස සීතලට පුරුදු කිරීමක්ද සිදුවේ. ඝර්ම කාලාපී රටවලින් මෙහි සංක්‍රමණයවූසමහරුන්, බොහෝවිට තරුණයින්, තමන්ට සුද්දන් තරමටම සීතල දරා ගැනීමට හැකියාවක්ඇතැයි පෙන්වීමට උත්සාහ කරනු දැක ගත හැකිය. මේ අය බොහෝවිට තමන් කලින්ජීවත්ව සිටි රටේදී තමන්ට ග්‍රීෂ්මය දරාගැනීමට ඇති හැකියාව පෙන්වන්නට උත්සාහනොකෙරුවා විය හැකිය. මෙහිදී ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ මානසික හෝ ශරීරිකශක්තියක් විදහා පෑමට වඩා තමන් කෙතරම් සුදු සංස්කෘතියට අනුගත වී ඇත්දැයිපෙන්වීමට යැයි මම සිතමි. නමුත් චක්‍රීයව ඒ අනුගතවීම තුලින්ද ඔවුන් සීතලදරාගැනීමට තම මනස පුහුණු කරගනිතැයි සිතිය හැකිය. කෙසේ නමුත් කලක් සීතලේජීවත්වීමට පුරුදු වුනු අයෙකුට ග්‍රීෂ්මය දරා ගැනීමට ඇති හැකියාව ක්‍ෂයවෙනබව පුද්ගලිකව මගේද අත්දැකීමවේ. ඉන් පෙන්නුම් කෙරෙන්නේ වේදනාවදැනීම/දරාගැනීම සංස්කෘතියට සාපේක්‍ෂ බව පමණක් නොවේ සංස්කෘතිය සියලුවේදනාවලට එක සමානව බලපාන්නේද නැති බවය. පසුගිය දිනක සිනමා ශාලවක් තුලවූසුලු ගැටුමක් නිසා ඉවසුම් නැතිව අයෙකු මරා දැමූ සුදු මිනිසාට සීතල ඉවසන්නටබැරියැයි සිතිය නොහැකිය.

කුඩා දරුවන් සම්බන්ධ කරගෙන කලඑක්තරා පර්යේක්‍ෂණයක ප්‍රතිඵල තුලින් බටහිර විද්වතුන් නිගමණය කලේ කථාබස්කිරීමට හැකිවීමටත් පෙර සිටම වෙනස් සංස්කෘතිවල (දෙමව්පියන්ගේ) දරුවන්වේදනාවට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයට බවය. මෙහිදී දරුවන්ගේ ජාන ඔවුන්ගේසංස්කෘතියට වඩා වැදගත්යැයි කෙනෙකුට කිව හැකි වුනද සමාන ජාන ඇති වැඩිහිටිනිවුන්නුන් යොදාගෙන කල පර්යේෂණයකදී හෙලිවී ඇත්තේ වෙනස් සංස්කෘතික අභාශ ලදනිවුන්නුන් වෙනස් ආකාරයට වේදනා අත්දකින බවය. 

සංස්කෘතියවේදනාවට (දැනීමට/දරාගැනීමට) බලපාන ආකාරය ගැන ප්‍රවාදයක් බටහිර විදුවතුන්ටනැත. නමුත් අඩුතරමින් ඒ දෙක අතර සම්බන්ධයක් ඇතිබව ඔවුහු දනිති. මහාචාර්යකාලෝ ෆොන්සේකා ගිනි පෑගීම ගැන කල පර්යේෂණය බටහිර සම්මතයට අනුව වුවද තුට්ටුදෙකේ පර්යේෂණයක් වෙන්නේ අනිත් අඩුපාඩු අතර බටහිර දැනුමේ ඇති වේදනාව සහසංස්කෘතිය අතර ඇති සම්බන්ධයද ඔහු විසින් සැලකීමට නොගත් බැවිනි.

යම්වේදනාවක් නොදැනීමට නම් මනස ඉන් ගලවා ගත යුතුයැයි බුදු දහමට අනුව අපට සිතියහැකිය. නමුත් පෘතග්ජන අපට මනස වේදනා ගෙනදෙන ධර්මයෙන් ගලවා ගැනීමටහැකියාවක් නැතිවීමට පුලුවන. එවිට වේදනාව අවම කර ගන්නේ කෙසේද? වඩා වැදගත්එවිට මනසේ පැවැත්ම කෙබඳුද? එහිදී මනස ගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත් නැතිවපවතී යැයි මම අදහස් කරමි. උදාහරණයක් වශයෙන් අපේ අතක පයක තුවාලයක් ඇතැයිසිතන්න. අපි බොහෝවිට ඒ ගැන සිතමින් ඇලී ගැලී සිටින්නේ නැත. නමුත් තුවාලයකොහේ හෝ වැදුනොත් වේදනාකාරී වන බව අපි දනිමු. ඒ නිසා අපි නොසිතාම තුවාලයඑහේ මෙහේ නොවැදී තබාගැනීමට වග බලාගන්නවා නේද? ඒ කියන්නේ තුවාලයක් ඇතිබව අපිඅමතක කරනවාද නොවේ. එසේනම් ඉහත නොසිතා සිටීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? ඉන් අදහස් වන්නේ මනස ගැලී පවතිනවා වෙනුවට ගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත්නැතිව පවත්වා ගැනීමයැයි මම අදහස් කරමි.

මේ අනුව අපට කිවහැක්කේ වේදනාව සංස්කෘතියට සාපේක්‍ෂ වන්නේ මනස යම් ධර්මයකින් ගලවා ගැනීමට හෝගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත් නැතිව පවත්වා ගැනීමට සංස්කෘතියෙන්පුහුණුවක් ලබාදෙන නිසා බවය. එපමණක් නොවේ විවිධාකාර වේදනා කාරක ධර්මයන් හාසංස්කෘතිය අතර ඇති සම්බන්ධය ඒ ඒ සංස්කෘතියට අනුවද වෙනස්ය. නමුත් පොදුවේගත්කල මනස සියලු ධර්මයින්ගෙන් ගලවා ගැනීමට හෝ ගැලෙන්නේත් නැතිවනොගැලෙන්නේත් නැතිව පවත්වා ගැනීමට පුරුදු කරන සංස්කෘතියක් සියලු ආකාරවේදනාව දරාගැනීමට පුරුදු කරතැයි සිතිය හැකිය. එවැනි සංස්කෘතියක මිනිසුන්සීතල හෝ ග්‍රීෂ්මය පමණක් නොවේ අනුන්ගේ මතද එකසේ ඉවසීමට හැකියාවක් ලබාගනිති. නමුත් පොදුවේ ගැලීමට පුරුදු කරන බටහිර සංස්කෘතියෙන් කෙරෙන්නේ මනසටවිවිධාකාරයෙන් පැවතිය හැකි හැකියාව මොට කිරීමය. ඒ අනුව ඉවසීමේ හැකියාව නැතිකිරීමය. සංස්කෘතික බලපෑම් නිසා මනස් වෙනස්වීමට එතරම් කල් ගත වෙන්නේ නැත.බටහිර සංස්කෘතික ආධිපත්‍යය පිලිගනිමින් අපි අපේ මනසේ තිබි දියුණු බවක්සීඝ්‍රයෙන් ඛාදනයවීමට ඉඩ හරිමින් සිටින්නෙමු.


ජානක වංශපුර

2014-01-25