මෙම ලිපිය කියවන විට ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇතත් ලිපිය ලියැවෙන්නේ ජනාධිපතිවරණ දිනයෙහි මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරාවිය යන උපකල්පනයෙන් යුක්තව ය. ඒකීය භාවය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ද සඳහන් වෙයි. එය 1983ට පෙර ම ව්‍යවස්ථාවෙහි විය. හයවැනි ව්‍යවස්ථා සංශෝධනය නම් පසුව ඇති වූවකි. එහෙත් මෙරට නීතිය ක්‍රියාත්මක කිරිමේ දී ප්‍රශ්න පැන නගියි. සුද්දා අපට උරුම කර දී ඇති නීති පද්ධතියට අනුව හයවැනි ව්‍යවස්ථා සංශෝධනය කඩන අය ද කිසිම ප්‍රශ්නයකින් තොරව නිදෑල්ෙැල් පසුවෙති. මේ නීති ක්‍රමය වෙනස් කිරීම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා වැදගත් වෙයි.
කෙසේ වෙතත් අද සිට ම ක්‍රියාත්මක විය යුත්තේ රටේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීම සඳහා ය. ඇතැම් ඇමතිවරුන්ට හා ඔවුන් විසින් පෝෂණය කෙරී් රජයේ ජනමාධ්‍යයේ මගින් පඬියන්, දේශපාලන විශාරදයන්, විශ්ලේෂකයන් ආදීන් ලෙස ජනතාව ඉදිරියට ගෙනෙනු ලැබුවන්ට අවශ්‍ය දහතුන්වැනි සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කර එය ද ඉක්මවා යන ඊනියා විසඳුමක් නැති ප්‍රශ්නයකට ලබා දීම ය. ඔවුන්ට හරහට සිටින්නේ ජනාධිපතිතුමා ය. අප ජනාධිපතිතුමාට සහාය දිය යුත්තේ මේ ෆෙඩරල්වාදීන් පරාජය කිරීමට ය. දහතුන හරහා ඔවුන් කරන්නේ සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයකට මග පෑදීම ය.
ඔවුන්ගේ එක් තර්කයක් වූයේ අද විදේශ ප්‍රතිපත්තිය අවුලක් වී ඇති බවත් ඔවුන් සමහරකු පැරීසියේ හා ජෙනීවාහි ලංකා නියෝජිතයන් ලෙස පෙනී සිටින අවධියෙහි විදේශ ප්‍රතිපත්තියෙහි අවුලක් නොවූ බවත් ය. මෙරට විදේශ ප්‍රතිපත්තියෙහි කිසි අවුලක් නැත. ඊනියා අවුලට හේතුව එංගලන්තයේ හා ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය ය. බටහිරයෝ තවමත් පහළොස්වැනි සියවසේ මෙන් ම ලෝක ආධිපත්‍යය සඳහා කටයුතු කරති.එදා එය ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ කාර්යභාරය විය. අද එය එංගලන්තය හා ඇමරිකාව කරගෙන යයි. ඔවුහු අද ලෝකය ම අවුල් කරති. ඒ ඔවුන් සිතන පතන අයුරින් මුළු ලෝකය ම සිතවීමට ගොස් ය. පසුගිය දා පැරිස් නුවර බෝම්බ පිපිරුණේ මුස්ලිම් චින්තනය මැඩපැවැත්වීමට බටහිරයන්ගේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ගන්නා උත්සාහය නිසා ය. කිසිමදාක අළුත් යමක් කියා නැති එක් පඬියකු හංටින්ග්ටන් වමාරමින් එය ඊනියා සභ්‍යත්ව ගැටුමක ප්‍රතිඵලයක් ලෙස අර ඇමතිවරුන් විසින් පාලනය කෙරෙන ජනමාධ්‍යයක කියනු මම අසා සිටියෙමි.
බටහිරයෝ සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට හෝ දුර්වල කිරීමට හෝ දෙමළ ජාතිවාදය යොදා ගනිති. දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් ඇතිකරනු ලැබුයේ දහනවවැනි සියවසේ තුන්වැනි දශකයෙහි ය. එහෙත් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් මෙන් ම ඔවුන්ගේ අනුග්‍රහය ලබන පඬියන් ද සිතනුයේ දෙමළ බෙදුම්වාදය 1948න් හෝ 1956න් හෝ පසුව ඇති වූ බවත් එයට වගකිවයුත්තේ සිංහලයන් බවත් ඒ සියල්ල පිටුපස ඇත්තේ සිංහලයන්ගේ බහුතරවාදී ආධිපත්‍යය බවත් ය. ඔවුන් ජෙනීවාහි දී බටහිරයන්ට අවශ්‍ය අන්දමට දහතුන ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දී ලංකාවට පක්‍ෂව ඡන්දය ලබාගනිති. රට පාවාදෙන එවැනි පොරොන්දු දී ලබන ඊනියා ජයග්‍රහණවලට වඩා රට පාවා නොදී ලබන පරාජය වටියි.
අප විසින් නන්දිකඩාල් කලපුවේ දී පරාජය කෙරුණේ දෙමළ ත්‍රස්තවාදය පමණ ය. දෙමළ ත්‍රස්තවාදය දෙමළ බෙදුම්වාදයේ ප්‍රතිඵලයකි. දහනවවැනි සියවසේ ඉංගිරිසින් විසින් ඇතිකෙරුණු දෙමළ ජාතිවාදය විකාශය වී විසිවැනි සියවසේ හතළිහේ දශකයේ දෙමළ බෙදුම්වාදය බිහිවිණි. ඉලංකෙයි තමිල් අරඩසු කච්චි (ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය –ඊනියා ෆෙඩරල් පක්‍ෂය) දෙමළ බෙදුම්වාදයේ දේශපාලන ප්‍රකාශකයා විය. 1976 වඩුකෙඩෙයි සම්මේලනයේ දී ඒ පක්‍ෂය ව්‍යාජ ෆෙඩරල් නමින් තවදුරටත් පෙනී නොසිට තම සැබෑ අරමුූණ වු වෙන ම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටියේ ය.
ඒ වන විටත් දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අංශය බිහි වී තිබිණි. අනෙක් සියළු ත්‍රස්තවාදීන් පරදවා අවසානයේ දී ප්‍රභාකරන් දෙමළ ත්‍රස්තවාදයේ නායකයා විය. දෙමළ බෙදුම්වාදය ද දෙමළ ජාතිවාදය ද ඔහුට අවනත විය. ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ දී ඝාතනය කෙරුණ ද දෙමළ ජාතිවාදය ද දෙමළ බෙදුම්වාදය ද තවමත් ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලැබෙයි. බටහිරයන් කුමක් ප්‍රසිද්ධියේ කීව ද ඔවුන්ට අවශ්‍ය දෙමළ ඊළමක් පිහිටුවා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට ය. ඔවුන්ගේ මූලික ඉල්ලීූම දහතුන ය. දහතුන්වැනි සංශෝධනය ඉන්දියාවේ බලපෑම මත ගෙනෙන ලද්දක් වුව ද එය පිටුපස එංගලන්තය හා ඇමරිකාව සිටියේ ය.
දහතුන දෙන බවට පොරොන්දු වී ජෙනීවාහි ඡන්දය ලබාගැනීම ඊනියා ජයග්‍රහණයක් නොවන්නේ එබැවිනි. දහතුන වෙනුවෙන් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ පෙනී සිටින ඇමතිවරුන් ඔවුන්ගේ අනුග්‍රහය ලබන පඬියන්, ජනමාධ්‍යවේදීන් පරාජය කිරීම ජාතිකවාදීන්ගේ පළමු පියවර විය යුතු ය. ජනතාව ඡන්දය දී ඇත්තේ නිදහස රැකගැනීමට, ඒකියභාවය රැකගැනීමට හා දෙමළ ජාතිවාදය පරාජය කිරීමට බව මොහොතක් මොහොතක් පාසා අවධාරණය කරමු.
මෙහි දී ප්‍රධාන කරුණක් වනුයේ රාජ්‍ය විද්‍යුත් ජනමාධ්‍ය (විශේෂයෙන් ම රූපවාහිනී) දහතුනට පක්‍ෂ ඇමතිවරුන්ගෙන් හා ඔවුන්ගේ සහචර පඬියන්ගෙන් හා ජනමාධ්‍යවේදින්ගෙන් මුදා ගැනීම ය. බටහිරයන්ගේ කසිකබල් දැනුමට යට නොවන සංස්කෘතික යටත්විජිතවාදය හෙවත් බටහිර යටත්විජිතවාදයේ සංස්කෘතික සංරචකය ගැන මනා අවබෝධයක් ඇති ජනමාධ්‍යවේදීන් රාජ්‍ය විද්‍යුත් ජනමාධ්‍යවලට පත්කළ යුතු ය. අද බටහිරයන් ලෝකය පාලනය කරනුයේ මූලික වශයෙන් ම සංස්කෘතික යටත්විජිතවාදය මගිනි. දැනුම යනු සංස්කෘතියේ ම කොටසකි. අද පාසල්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය ඔස්සේ සිසුන්ට හා ජනතාවට ලැබෙන්නේ බටහිර පට්ටපල් බොරු දැනුම ය. බටහිර විද්‍යාව මූලික කරගත් මේ දැනුම සමාජයීය විද්‍යා මෙන් ම සාහිත්‍යය ඇතුුළු කලාශිල්ප සිසාරා විහිදී යයි.
බටහිර විද්‍යාව යනු සාර්ථක වූ හිතළු වූ පට්ටපල් බොරු ගොඩක් පමණ ය. එක් රාජ්‍ය විද්‍යුත් ජනමාධ්‍යයක බටහිර සංස්කෘතික යටත්විජිතවාදයට සේවය කරන ගැත්තෙක් ඒ බව පෙන්වීමට මට අවකාශ නො දෙයි. රාජ්‍ය නොවන එහෙත් දෙරණ මත පිහිටි ජනමාධ්‍ය ද ඒ සඳහා අවස්ථාවක් ලබා නො දෙයි. අපට තවමත් යමක් කළ හැක්කේ මුද්‍රිත මාධ්‍යය මගින් පමණකි. අද දැනුම චිසින් අප මෙහෙයවෙන ආකාරය ඊනියා සමාජ මාාධ්‍ය මගින් සිදුවනු අපි පසුගිය දා දුටුවෙමු. මේ සයිබර් අවකාශයේ මාධ්‍යයට ඊනියා සමාජ මාධ්‍ය යන නම තැබුවේ මෙරට පඬියකු නොව බටහිරයකු බව පැහැදිලි ය. ඒ නමෙන් ඊනියා සමාජ මාධ්‍යයට බොරු ප්‍රජාතන්ත්‍රවාදී වැදගත්කමක් හිමි වෙයි.
මේ බොරු ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනාධිපතිවරණයේ දී ප්‍රචාරය කෙරුණේ බොරු ය. ආණ්ඩුව තොරතුරු තාක්‍ෂණය දියුණු කිරීමට කටයුතු කළේ එය තමන්ට විරුද්ධව යොදා ගැනෙන බව නො දැන ය. කිසිම බටහිර දැනුමක් අවසාන විග්‍රහයේ දී බටහිර යටත්විජිතවාදයේ කිනම් සංරචකයට වුවත් විරුද්ධවන ආණ්ඩුවකට යොදාගත නො හැකි ය. ආණ්ඩුව තොරතුරු තාක්‍ෂණයට අත හිත දිය යුත්තේ මේ කරුණ ගැන ද සැලකිලිමත් වෙමිනි. ඉංගිරිසි හා තොරතුරු තාක්‍ෂණය අපට අවශ්‍ය ආකාරයට ඉගැන්වීම පිලිබඳ සිතා බැලිය යුතු ය. එසේ නොකළහොත් ඒකීයභාවය හා අපේ නිදහස ද නැතිවනු ඇත. එහෙත් ඇතැම් ඇමතිවරුන්ට හා පඬියන්ට මෙවැනි ප්‍රකාශ නොදිරවන බව ද මම දනිමි.
නලින් ද සිල්වා
2015-01-11