ප්‍රවාද නැතිව බැටකන සිංහලයෝ
ඊනියා නිජබිම් සංකල්පය ගැන අප සාකච්ඡා කෙළේ අවුරුදු විසිපහකට පමණ පෙර ය. දෙමළ ජනයාගේ ව්‍යාජ ඉතිහාසය, බුදුදහම පාවාදීම, ජාතික කොඩිය, ජාතික ගීය සහ තවත් නොයෙකුත් දේ අපේ සාකච්ඡාවට භාජනය විය. දෙමළ ජාතිවාදය පිළිබඳ අපේ ප්‍රවාදයක් විය. ඒ අනුව එහි ආරම්භය ලන්දේසි කාලය දක්වා දික් විය. 1650න් පසු දුම්කොළ වගාවට ලන්දේසීන් අද දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව නමින් හැඳින්වෙන වෙල්ලාලයන් ගෙන ඒම මෙහි ආරම්භය වෙයි. ලන්දේසිහු ඔවුන් දකුණු අප්‍රිකාවට ද ගෙන ගියහ. ලන්දේසීන්ගෙන් ලංකාවට හා දකුණු අප්‍රිකාවට වෙල්ලාලයන් ද රෝම ලන්දේසි නීතිය ද ලැබිණි. සිංහලයෝ ඒ දෙකෙන් ම පීඩාවට පත්වූහ, පත්වෙති. උගත්තු අපේ ප්‍රවාදය තුට්ටුවකටවත් මායිම් නො කළහ. අද නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව ද සිංහලයන්ට නැවතත් දෙමළ නිජබිම් ගැන කතාකිරීමට සිදු වී ඇත. එපමණක් නොව බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ද ඉන්දිය හින්දු (වෛදික) චින්තනයේ ද ආධිපත්‍යයට අප යට වී ඇත. කොළඹින් නුවරට ගොස් දළදා මාළිගාව ඉදිරිපිට පාර විවෘත කරන ලෙස උද්ඝෝෂණය කරන්නේත්, කිෂානි ජයසිංහගේ ඔපෙරා ගායනය අප මත පටවන්නේත්, භික්‍ෂූන්වහන්සේට අඩත්තේට්ටම් කරන්නේත් මේ ආධිපත්‍යය හේතුකොටගෙන ය. වාසනාවකට සිංහල සංස්කෘතියේ මහා පොදු සාධකයෙන් ඒ සියල්ලට ප්‍රතිරෝධයක් එල්ල කෙරෙයි. එහෙත් ඒ ඒ අවස්ථාව අනුව ඕල්කට් බෞද්ධයෝ ඒවාට විරුද්ධ වෙති. ඕල්කට් බෞද්ධයන් නොවුණ ද ඇතැම්හු තම්බයියා බෞද්ධයෝ වෙති. ඔවුහු බැළලියකට ගැසීමට ගල්කැටයක් ගැනීමට ද විරුද්ධ වෙති. මොවුන් තම්බයියා අනුව ආයුධ අතට ගැනීම ගැන හමුදාවට ද විරුද්ධ වන්නට ඇත.