Main Logo

Saturday, 23 April 2016

පාණදුරා වාදය

පාණදුරා වාදය

මට දිනය මතක නැත. කුඩා පාසල් සිසුවකු වූ මම එදින පියාත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුත් සමග පාණදුරේ ගාලු පාර අසල මොහොට්ටිවත්තේ ගුණානන්ද ප්‍රතිමාව විවෘත කරනු බැලීමට ගියෙමි. මා ගියා නොව පියා මා කැටුව ගියේ ය. එදින සවස පියාගේ වැඩිමහල් සොහොයුරාගේ නිවසේ දී ඔහුත් පියාත් ඔවුන්ගේ මිතුරන් කිහිප දෙනකුත් සහභාගි වූ සාකච්ඡාවක් විය. මම එයට ද සවන් දුන්නෙමි. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, සුමංගල හිමි, පාණදුරා වාදය වැනි වදන් රැසක් කුඩා මගේ මනසට පිවිසියේ ය. මට ජාතිකත්වයේ අත්පොත් තැබුණේ එදා යැයි සිතමි. පසුව හයවැනි (පනස්හයේ දී) හෝ හත්වැනි (පනස්හතේ දී) හෝ පන්තියේ සිටින විට පාසල් පුස්තකාලයෙන් පංච මහා වාද කියවීමි. ඒ සියල්ල මට තේරුණා නො වේ. එහෙත් මට යමක් වැටහිණි. 

Friday, 22 April 2016

පනස්හයට හැටයි - –ඉතිහාසයෙන් බිඳක්

පනස්හයට හැටයි - –ඉතිහාසයෙන් බිඳක්

පනස්හයේ ආණ්ඩුව පිහිටුවා මේ මාසයට අවුරුදු හැටක් පිරෙයි. මේ මාසය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ද ජන්ම ශත සංවත්සර මාසයයි. පනස්හයෙන් බිහි වූ විශිෂ්ටතම අගමැතිනිය බණ්ඩාරනායක මැතිණිය විය. ඇය ලෝකයේ ප්‍රථම අගමැතිනිය විය. පනස්හය නොමැති ව අපට අගමැතිණියක් බිහිකර ගැනීමට ඉඩක් තිබිණි යැයි මම නො සිතමි. පනස්හය යනු කුමක් ද? 

Thursday, 21 April 2016

නීතිපති හා පොලිස්පති

නීතිපති හා පොලිස්පති

පොලිස්පති පත්කිරීම පිළිබඳ ව විවිධ පුද්ගලයන් විවිධ මත පළ කර ඇත. එහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වත්මන් සංයුතිය පිළිබඳ ව ඇතැමුන්ගේ අවධානය යොමු වී ඇත. චම්පක රණවක එකී සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා ලෙස අසුන් ගැනීම ඔහු සිල් බිඳ ගත්තේ යැයි කියන සිද්ධියේ පරීක්‍ෂණ කටයුතුවලට සදාචාරාත්මක නොවන ආකාරයකින් බලපාන්නේ ය යන්න එහි දී ඉදිරිපත් වී ඇති මතයකි. එය ගැටළුවක් විය හැකි වුවත් මා මෙහි දී මතුකරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික ප්‍රශ්නයකි.  මම නීතිඥයෙක් නො වෙමි. එහෙත් නීතිය අනුව අප සියළු දෙනා ම නීතිය දැනගෙන සිටි යුතු ය. අධිකරණයට ගොස් තමන් නීතිය දන්නේ නැති බැවින් චෝදනාවකින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය නො හැකි ය. මට තේරෙන නීතිය අනුව පොලිස්පති තේරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතියට අනුව ක්‍රියා කර නැත.

Wednesday, 20 April 2016

මහින්දට අන් මගක් නැත

මහින්දට අන් මගක් නැත

කිරුළපන  රැළිය හුදෙක් කම්කරුවන්ගේ මැයි දින රැළියක් නො වේ. මැයි දිනය ඇරඹී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. එය කම්කරුවන්ගේ දිනයක් මිස ඊනියා කම්කරු පංතියේ දිනයක් ලෙස ඇමරිකාවේ ඇරඹීී නැත. මැයි දිනය ඊනියා කම්කරු පංතියක දිනයක් ලෙස සමරනු ලැබුයේ මාක්ස්වාදී පක්‍ෂ විසිනි. බටහිර ඇතැම් රටවල කම්කරුවන් මැයි දින රැළි පවත්වන අතර කම්කරු පංති පක්‍ෂ කුඩා ශාලාවක කම්කරු පංති මැයි දින සමරනු දැකිය හැකි ය. කම්කරුවන් සිටි පමණින් කම්කරු පංතියක් තිබිය නොහැකි බව කාල් මාක්ස් තේරුම් ගත්තේ නම් ඊනියා පංති සටන් නමින් බොහෝ දෙනා නොමියනු ඇත. ලංකාවේ ද 1971 හා 1989 –- 1992 අතර ජීවිත ගණනාවක් විනාශ නොවීමට තිබිණි. 

Tuesday, 19 April 2016

කුමට මේ ජනාධිපතිකම

කුමට මේ ජනාධිපතිකම 

සාමාන්‍ය ක්‍රමය යටතේ නම් පොළොන්නරුවෙන් බිහි ව පරාක්‍රම සමුද්‍රය දෙසින් එන සුළඟේ පහස  විඳිමින් ගල් විහාරය දැක ගනිමින් පාසල් ගිය අයකු මෙරට ජනාධිපති වී නම් එය රටට සම්පතක් වීමට ඉඩ තිබිණි. 1796 සිට පළමුව බස්නාහිර මුහුදු තීරයේ හා යාපන අර්ධද්වීපයේත් පසුව මුළු රටේමත් ආධිපත්‍යය දැරුවේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අද වන විට අධිපතිවාදී සංස්කෘතික ප්‍රභේදය බවට පත් වී ඇති ඇංග්ලො සැක්සන් සංස්කෘතිය ය. අපට මෙය ඇංග්ලිකන් සංස්කෘතිය ලෙස ද හැඳින්විය හැකි ය. මේ ඇංග්ලිකන් සංස්කෘතියේ ආධිපත්‍යයට රිදෙන්නට පහරක් පළමුව වැදුණේ 1956 දී ය. ඇංග්ලිකන් සංස්කෘතියේ මෙරට ප්‍රධාන ම අරටුව වූ මහමුදලි සොලමන් බණ්ඩාරනායකගේ පුතා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා තමා ලත් සංස්කෘතික උරුමයන්ගෙන් මිදෙමින් සිංහල බෞද්ධ සංස්කෘතිය උකහා ගැනීමට උත්සාහ කළේ ය. එයට පෙර අනගාරික ධර්මපාලතුමා ඇග්ලිකන් ආධිපත්‍යයට විරුද්ධව ප්‍රධාන වශයෙන් ම සංස්කෘතික වූ අරගලයක් දියත් කර තිබිණි. එයටත් පෙර වීර කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා ආදීහු අංග්ලිකන් දේශපාලන ආධිපත්‍යයට එරෙහිව සටන් කළහ. බණ්ඩාරනායක මහතාගේ ව්‍යාපාරය දේශපාලනික මෙන් ම සංස්කෘතික සටනක් විය. අද පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනාට මන්ත්‍රීවරුන් වීමට හැකි වී තිබෙන්නේ පනස්හයට පින්සිදුවන්නට ය. 

Monday, 18 April 2016

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 3



ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 3

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x        ඔබ කලින් කිව්වේ සිංහල ක‍්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන් බෞද්ධයන් බහුතරය බව පිළිගනිමින් සිංහල ජාතිකත්වය තුළ තම ක‍්‍රිස්තියානි හා කතෝලික අනන්‍යතාවන් රැුකගනිමින් ජීවත් වීමට පුරුදු වී ඇති බවයි. දැන් ඔබ කියන්නේ ක‍්‍රිස්තියානි හා කතෝලික පූජකවරුන් සිංහල - බෞද්ධ ජාතිකත්වය විනාශ කෙරීමට කටයුතු කළ බවයි. මෙහි පරස්පරයක් නැද්ද ?

Sunday, 17 April 2016

චීනයෙන් චී ණය ලබාගත් රනිල්

 චීනයෙන්  චී ණය ලබාගත් රනිල්

රනිල් වික්‍රමසිංහ තරම් සිංහල බෞද්ධ විරෝධියකු මෙරට අගමැති තනතුරට හෝ ජනාධිපති තනතුරට හෝ පත්කෙරී නැත. බටහිර හා ඉන්දීය ගැත්තකු වූ ඔහු අගමැති තනතුරට පත්කරනු ලැබුයේ එංගලන්තය හා ඉන්දියාව විසිනි. රනිල්ට මහජන ඡන්දයෙන් ජනාධිපතිකම තබා බියගම ආසනයවත් දිනාගැනීමට නො හැකි ය. ඔහු බටහිර කොළඹට පැනගත්තේ එබැවිනි. බටහිරයන්ගේ හා ඉන්දියාවේ උපක්‍රමය වූයේ මෛත්‍රිපාල (හෝ නිමල් සිරිපාල හෝ) ලවා ශ්‍රී ල නි පක්‍ෂය මරවා ඔහු නාමික ජනාධිපතිකර බලය රනිල්ට ලබා දීම ය. 2005 දී පෘතුගීසි ආක්‍රමණයේ පන්සියවැනි සංවත්සරය සැමරීමට රනිල් බලා සිටියේ ය. එහෙත් රටේත් ජාතියේත් වාසනාවට එයට පෙර ඔහුට අගමැතිකම නැතිවිණි. රාජපක්‍ෂ රෙජිමය පැරදවීම යන්න රනිල්ට බටහිරයන් උගන්වා තිබූ සටන් පාඨය විය.