ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 3
මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා
හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ
ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම
හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ
නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ
දුන්හ. මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති
වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.
මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු
ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය.
ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී
දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ
බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ
මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ.
x ඔබ කලින් කිව්වේ සිංහල ක‍්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන් බෞද්ධයන් බහුතරය බව පිළිගනිමින් සිංහල ජාතිකත්වය තුළ තම ක‍්‍රිස්තියානි හා කතෝලික අනන්‍යතාවන් රැුකගනිමින් ජීවත් වීමට පුරුදු වී ඇති බවයි. දැන් ඔබ කියන්නේ ක‍්‍රිස්තියානි හා කතෝලික පූජකවරුන් සිංහල - බෞද්ධ ජාතිකත්වය විනාශ කෙරීමට කටයුතු කළ බවයි. මෙහි පරස්පරයක් නැද්ද ?
මෙහි දී මගේ විවේචනය එල්ල වන්නේ ක‍්‍රිස්තියානි හා කතෝලික පූජකවරු හා ප‍්‍රභූවරු පෙළැන්තියකට මිස සියලූ දෙනාට ම නොවෙයි. ප‍්‍රගතිශීලි වෙස් මුහුණක් බැඳගෙන ජගත් අධිරාජ්‍යවාදය සමග එක්වී සිංහල ජාතිකත්වය නැසීමට කටයුතු කරන්නේ ටික දෙනකුයි. මොවුන් මේ ව්‍යාපාරය ඇරඹූයේ 1956 න් පසුවයි. 1956 සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නැගිටීම දුටු ඔවුන් එයට විරුද්ධ ව ඒකරාශී වන්න පටන් ගත්තා. 1962 පාසල් රජයට ගත් අවස්ථාවේ දී ඔවුන් සෘජු ව ම ආණ්ඩුවට විරුද්ධ ව හමුදා හා පොලිස් නිලධාරීන් මගින් කුමන්ත‍්‍රණයක් දියත් කළා. පසුව ඔවුන් ගෙන් සමහරකු එහි අසාර්ථක භාවය තේරුම් ගෙන සෘජු ව ම සිංහල - බෞද්ධ ජාතිකත්වයට විරුද්ධ නොවී අගේ ඉඳන් කන කෑමේ ප‍්‍රතිපත්තිය අනුගමනය කළා. බෞද්ධයන් සමග එකතු වී වැඩ කෙරීමට පටන් ගත්තේ ප‍්‍රධාන වශයෙන් ම මේ පිරිසයි. ඔවුන් අතර අවංක කිහිප දෙනකු ද සිටින්නට ඇති. එහෙත් වැඩි පිරිස අෙඟ් ඉඳන් කන කෑවුන්.
එහෙත් මොවුන්ට බාහිර ව ක‍්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන් ගේ බහුතරය සිංහල - බෞද්ධයන් සමග සහජීවනයෙන් කටයුතු කෙරීමට ඉගෙන ගත්තා. සිංහල - බෞද්ධයන්ට සෘජුව හෝ වක‍්‍ර ව විරුද්ධ වූවන් පසුපස නොගොස් තම ආගමික අනන්‍යතාව රැුකගනිමින් සිංහල ජාතිකත්වය තුළ කිඳා බැසීමටත් ඔවුන් ඉගෙන ගත්තා. වාසනාවකට ක‍්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන් ගෙන් අති විශාල බහුතරය වන්නේ මොවුන්. බෞද්ධයන් බහුතරය බව පිළිගැනීම යනු බෞද්ධ ආධිපත්‍යයක් පිළිගැනීමක් නොවන බව ඔවුන් වටහා ගෙන තිබෙනවා. දෙමළ ජනයාත් අද කළ යුත්තේ මේ ක‍්‍රිස්තියානි කතෝලික බැතිමතුන් අනුගමනය කරමින් තම ජාතිවාදී නායකයන් ඉවත දා සිංහලයන් බහුතරය බව පිළිගනිමින් පොදු සංස්කෘතියක් තුළ තම අනන්‍යතාව රැුකගැනීමට කටයුතු කෙරීමයි.
x සිංහලයන් ගෙන් අසාධාරණයක් සිදු වී නොමැති නම් දෙමළ තරුණයන් තම දිවි පරදුවට තබා සටන් කරන්නේ ඇයි ? බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ආදිය ඇති වුණේ ප‍්‍රශ්නයක් තිබූ නිසා නොවේ ද ?
මා කලිනුත් මේ ගැන කතා කළා. දෙමළ තරුණයන් දිවි පරදුවට තබා සටන් කරන්නේ ඊළාම් රාජ්‍යය දිනාගැනීමටයි. ඔවුන්ට සිතන්නට පුරුදු කර ඇත්තේ මා කලින් සඳහන් කළ විකෘති ඉතිහාසයට එකඟ වයි. තමන්ට තිබිණි යැයි සිතන රාජ්‍යයක් වෙනුවෙන් සටන් කෙරීම පුදුමයක් නොවෙයි. අදහස්වලින් මිනිසුන් මත් කර සටනට ගන්න එක එතරම් අමාරු දෙයක් නොවෙයි. නොතිබූ රාජ්‍යයක් වෙනුවෙන් සටන් කෙරීම එක් අතකින් කවදාවත් ඇති නොවන කම්කරු රාජ්‍යයක් වෙනුවෙන් සටන් කෙරීමට ඇතැමුන්ව යැවීමට සමානයි. කිසි දිනෙක ඇති නොවන කම්කරු රාජ්‍යය නමැති අබිං ගිල්ලවා මිනිසුන් ඒ වෙනුවෙන් සටන් කෙරීමට ඇද දැමීමට මාක්ස්වාදය සමත් වූවා. මාක්ස්වාදයට වඩා අබිං තවත් ලෝකයේ තිබී නැහැ. දෙමළ රාජ්‍යය පිළිබඳ සිහිනයත් අබිං කෑමෙන් ඇතිවූවක් වැනියි.
බණ්ඩාරනායක - චෙල්වනායගම් ආදී ගිවිසුම් ඇති කරගත්තේ දෙමළ ජාතිවාදයේ උපක‍්‍රමයට අනුවයි. තම අරමුණ ඉටුකර ගැනීම සඳහා පවත්නා දේශපාලන තත්ත්වය උපයෝගී කරගැනීම ඒ උපක‍්‍රමයයි. මා කලිනුත් කියා ඇති ඔය ඇතැයි කියන අසාධාරණයට උතුරු හා නැගෙනහිර රට සභා ඇති කෙරීම පිළියමක් නොවන බව.
x දෙමළ ජාතිවාදයේ තුන්වැනි යුගය ගැන ඔබ කරුණු රාශියක් කිව්වා. ඒවා සාරාංශ කර කිව හැකි ද ?
මේ යුගයේ ආරම්භය හැත්තෑවේ දශකයේ දකින්නට පුළුවන්. එය කුලූගැන්වූයේ 1977 මැතිවරණයත් සමග ඇති වූ ඡුන්ද වෙන්දේසියෙනුයි. මේ යුගයේ දෙමළ ජාතිවාදය ක‍්‍රියාමාර්ග දෙකක් ගන්නවා. එකක් එක් අදියරකින් ඊළාම් දිනාගැනීමට කරන ආයුධ සන්නද්ධ අරගලය. අනෙක පෙඩරල් හරහා අදියර දෙකකින් ඊළාම් දිනාගැනීමට මධ්‍යයෙහි කරන අරගලය. මේ ක‍්‍රියාමාර්ග දෙක එකිනෙකට අනුපූරක ව පවතිනවා. එකක් නැති ව අනෙකට පැවැත්මක් නැහැ. අදියර දෙකේ ක‍්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ මධ්‍යයෙහි එනම් පාර්ලිමේන්තුවෙහි තම ඡුන්ද බලයට ඉතා වැඩි වටිනාකමක් ලබාගෙන ආයුධ සන්නද්ධ ව්‍යාපාරයේ බිල්ලා පෙන්වමින් මධ්‍යස්ථ ස්වරූපයක් ආරූඪ කර ගනිමින්, තම අරමුණ කරා යෑමට පවත්නා දේශපාලන තත්ත්වයන් උපයෝගී කර ගන්නවා. මේ ක‍්‍රියාමාර්ග දෙකට පිටුපසින් රාජ්‍ය නොවන සංවිධාන, විකල්ප පුවත්පත්, සඟරා, කේන්ද්‍ර, ආයතන ඇතැම් ක‍්‍රිස්තියානි හා කතෝලික පූජකවරුන් හා ප‍්‍රභූවරයන්, ජගත් අධිරාජ්‍යවාදය හා ජාත්‍යන්තර සංවිධාන ක‍්‍රියාත්මක වෙනවා. දෙමළ ජාතිවාදයේ පුරෝහිතයන් වූ මොවුන් ද ප‍්‍රභාකරන් ගේ මස්සිනාලා පිරිසක්, සිංහලයන් වැරදිකරුවන් කරමින්, සිංහලයන් වීම ලැජ්ජාවට කරුණක් බවට පත් කරමින්, සිංහල ජාතිකත්වය නැති කෙරීම සඳහා මාක්ස්වාදය ද උපයෝගී කර ගන්නවා. මේ පසු ව කී සංවිධාන, කේන්ද්‍ර, ආයතන ආදියෙහි ආරම්භය දෙමළ ජාතිවාදයෙහි දෙවැනි යුගය කරා දිව යනවා. ජගත් අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් ගත් කල එහි පූර්වගාමියා වූ බිරිතානි අධිරාජ්‍යවාදය දෙමළ ජාතිවාදයේ පළමු වැනි යුගයේ දීත් එය පිටුපස සිටියා.
x අමිර්තලිංගම්ලා හා ප‍්‍රභාකරන්ලා අනුපූරක සංවිධාන යැයි කියන්නෙ කෙසේ ද ? කොටි සංවිධානය අමිර්තලිංගම්ලා ඇතුළු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන් මරා දැමූවේ නැද්ද ?
ඇත්ත. නමුත් කොටි සංවිධානය විසින් මරා දමනු ලැබුවේ අමිර්තලිංගම් පමණක් නොවේ. වර්ධරාජා පෙරුමාල්, උමා මහේෂ්වරන් ආදීන් සමග ද ඔවුන් ගැටුණා. එය කොටි සංවිධානය පිළිවෙතයි. ඔවුන් සිතන්නේ ඔවුන් දෙමළ ජනතාව ගේ එක ම නියෝජිතයන් බවයි. ඔවුන් අනෙක් සංවිධාන සියල්ල නැති කෙරීමට උත්සාහ ගන්නවා. එහෙත් යම් හෙයකින් ඒ සියලූ සංවිධාන නැති කළහොත් කොටි සංවිධානයට ද පැවැත්මක් නැහැ. ප‍්‍රභාකරන් එය දැනගත්තත් නැතත්, ඔහු කුමන පිළිවෙතක් අනුගමනය කළත් අනෙක් සංවිධාන නොමැති ව ඔහුට පැවැත්මක් නැහැ. අනෙක් සංවිධාන නොමැති නම් කොටි සංවිධානය හමුදා ක‍්‍රියාමාර්ගයකින් පරාජය කෙරීම ඉතාමත් පහසුයි. කොටි සංවිධාන සම්පූර්ණයෙන් ම පරාජය කෙරීමට යන විට අනෙක් සංවිධාන විරුද්ධ වෙනවා. මේ සංවිධාන නොවන්න කොටි සංවිධානය සම්පූර්ණයෙන් ම පරාජය කෙරීම පහසු කටයුත්තක් වෙනවා. කොටි සංවිධානයේ පැවැත්මට අනෙක් සංවිධාන ද අවශ්‍ය යි.
x එහෙත් ප‍්‍රභාකරන් ගෙන් දෙමළ ජනතාව දිනාගත හැක්කේ අනෙක් සංවිධානවලට නොවේ ද ? අනෙක් සංවිධාන ක‍්‍රියා කරන්නේ කොටි සංවිධානයේ පැවැත්මට එරෙහි ව නොවේ ද ?
අද වන විට කොටි සංවිධානය හැරෙන්නට අනෙක් බොහෝ සංවිධාන නාමික ව හෝ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ දේශපාලන ක‍්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තිබෙනවා. ඩග්ලස් දේවානන්ද පවා මධ්‍යයෙහි එනම් පාර්ලිමේන්තුවෙහි බලය හසුරනවා. මොවුන් ගේ වෑයම උතුරු හා නැගෙනහිර පළාත් තම තමන්ට දිනා ගැනීමට. එනම් පළමු අදියර එහි පෙඩරල් ප‍්‍රාන්තයන් ඇතිකර ගැනීමට. මොවුන් කොටි සංවිධානයට විරුද්ධ බවත් ඇත්ත. කොටි සංවිධානයෙන් දෙමළ ජනයා දිනාගැනීම යනු අන් කිසිවක් නොව පළමු අදියරේ ම ඊළාම් පිහිටුවීම වෙනුවට පළමු අදියරේ පෙඩරල් ලබාගෙන දෙවැනි අදියරේ ඊළාම් පිහිටුවීමට ජනතාව දිනාගැනීමයි. මේ සංවිධාන වලට දෙමළ ජනතාව දිනාගැනීම යනු පෙඩරල් දී කොටි සංවිධානය පැරදවීමයි. එනම් වෙනත් සංවිධානයකට හෝ සංවිධානවලට පෙඩරල්දීමට හමුදාව දිවිපුදා කොටි සංවිධානය පරාජය කෙරීමයි.
අනෙක් අතට මේ සංවිධානවලට මධ්‍යයෙහි බලය මේ අයුරින් හැසිරවීමට හැකි වී ඇත්තේ සිංහල ඡුන්දවල වටිනාකම බිංදුව වීම නිසා මෙන් ම කොටි සංවිධානය ක‍්‍රියාත්මක වීම ද නිසායි. කොටි සංවිධානය නැති වුවහොත් අනෙක් දෙමළ ජාතිවාදී පක්ෂවල ඊනියා මධ්‍යස්ථ බවත් ශක්තියත් නැති වී යනවා. එවිට පෙඩරල් දිනාගැනීමට බැහැ. මේ සංවිධාන ඒ බව නොදන්නවා නොවේ. ඔවුන් කිසිවකුත් පෙඩරල් දිනාගැනීමට පෙර කොටි සංවිධානය හමුදා ක‍්‍රියාමාර්ගයකින් සම්පූර්ණයෙන් ම පරාජය කරනු දකින්නට අකැමැති එබැවිනුයි. එමෙන් ම පෙඩරල් දිනාගෙන කොටි සංවිධානය පරාජය නොකළහොත් ඔවුන් කොටි සංවිධානය අතින් විනාශ වී යනවා. කොටි සංවිධානය යනු දෙමළ ජාතිවාදයට ඇති වත් බැරි නැති වත් බැරි සාධකයක්.
(මතු සම්බන්ධයි)
මෙම ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය
නලින් ද සිල්වා
2016 අප්‍රේල් 18