Main Logo

Wednesday, 30 November 2016

ට්‍රම්ප්, ජාතික රාජ්‍යය හා නිදහස

ට්‍රම්ප්, ජාතික රාජ්‍යය හා නිදහස


වත්මන් බටහිර ලෝකය විකාශය වීමට පටන් ගත්තේ පහළොස් වැනි සියවසෙන් පසුව. එහි දේශපාලනික අංශය අටවැනි හෙන්රි රජුගෙන් පසුව ව්‍යාප්ත වුනා. එයට පෙර සංස්කෘතික හා ආර්ථික වශයෙන් ඒ ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබුණා. මාටින් ලුතර් පාප් වහන්සේට විරුද්ධ වූයේ අටවැනි හෙන්රිට පෙර. පාප්වහන්සේගේ ආධිපත්‍යය තිබුණේ කතෝලික චින්තනය යටතේ. එකල තිබුණේ වැඩවසම් රාජ්‍ය. පඬියන් ලංකාවේ ද වැඩවසම් ක්‍රමයක් ගැන කතා කරන නමුත් මෙරට කිසි දිනෙක වැඩවසම් රාජ්‍ය තිබී නැහැ. යුරෝපයේ වැඩවසම් රාජ්‍ය කැඩී ඇතිවුනේ ආගමික රාජ්‍ය. ඒ රාජ්‍ය පැන නැගුනේ ම කතෝලික පාප්වහන්සේට විරුද්ධව. වැඩවසම් රාජ්‍යවල නිත්‍ය දේශසීමා තිබුණේ නැහැ. එහෙත් ඇති වූ නව ආගමික රාජ්‍යවලට නිශ්චිත දේශසීමා තිබුණා. මේ රාජ්‍ය ඇතිවුනේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය යටතේ. වෙන් කිරීම, නිශ්චිත බව ඒ චින්තනයේ ලක්‍ෂණ දෙකක් වූවා.

Tuesday, 29 November 2016

අෂ්රොෆ්ගේ සම්ප්‍රාප්තිය

අෂ්රොෆ්ගේ සම්ප්‍රාප්තිය

මේ ලිපි පෙළ ලියන්නේ මෙරට මුස්ලිම් දේශපාලනය තේරුම් ගැනීමට. මංගල සමරවීර කාගෙන් දෝ අසාගෙන කියා තිබෙනවා මුස්ලිමුන් අවුරුදු එක්දාහකට වඩා ලංකාවේ පදිංචි වී සිටි බවත් ඔවුන් සුළු ජාතියක් නොවන බවත්. මංගල දන්නා ඉතිහාසයක් නැහැ. මොහු විදේශ ඇමති වී සිටීම ම රටේ අභාග්‍යයක්. මුස්ලිමුන් මෙරටට පැමිණ ඇත්තේ දාහතරවැනි සියවසේ හා ඉන්පසුව. ඔවුන් කොහොමටවත් ජාතියක් නොවෙයි. ඒ නිසා මුස්ලිමුන් සුළු ජාතියක් වෙන්න බැහැ. මෙරට ජාතිය වන්නේ සිංහලයන් පමණයි. ඔවුන්ට මහා ජාතිය කියා කියන්න අවශ්‍ය නැහැ. මෙරට වෙනත් ජාති නැහැ. එබැවින් සිංහල ජාතියට මහා කියන විශේෂණය අවශ්‍ය නැහැ.  දෙමළ හා මුස්ලිම් යනු ජනවර්ග පමණයි. අප මේ සංකල්ප නිරවුල් ව භාවිතා කළ යුතුයි.

Monday, 28 November 2016

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ප්‍රශ්නය ඉවරයි

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ප්‍රශ්නය ඉවරයි සබැඳිය


https://www.youtube.com/watch?v=lWuZYL-NSho



https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DlWuZYL-NSho&h=hAQG9dyACAQFSXc2qJZPbslgrwiDWGyIv-HM-l0ohed5yNw

අපි යක්කු බොලව්

අපි යක්කු බොලව්

නොවැම්බර් 27 වැනි දා ලයනල් රන්වලයන්ගේ උපන් දිනේ. එතුමා ජීවත් ව සිටියා නම් ඊයේට අවුරුදු හැත්තෑහතක් පිරෙනවා. ඒ දිනයේ දී සහන් රන්වලගේ නායකත්වයෙන් රන්වල බලකාය සංගිත සන්දර්ෂණයක් පවත්වනවා. ඊයේ එය ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී රන් සලකුණ නමින් පැවැත්වුනා. මා සංගිතඥයකු නොවෙයි. ඒත් ඒ ගැන මටත් බොහෝ දේ කියන්න තිබෙනවා. එයට හේතුව මා දැනුම හා එහි ආධිපත්‍යය ආදී දේ ගැන හදාරණ නිසා. මේ මට කියන්න ඕන කරුණුවලින් බිඳක්.

Sunday, 27 November 2016

ෆිඩෙල් කස්ත්‍රෝ

ෆිඩෙල් කස්ත්‍රෝ


ෆිඩෙල් කස්ත්‍රෝ මිය ගිහින්. ඔහු ගැන කෙටි සටහනක් ලියන්න හිතුනෙ ඔහු සැබවින් ම යුග පුරුෂයෙක් නිසා. මා කියන්ෙැන් නැහැ ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු කියලා. ඔහු කියුබාවට අති මහත් ශක්තියක් ගෙන දුන්න අයෙකු වුනා. ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු නොවුනත් ඔහුගෙන් ලෝකයට ඉගෙන ගන්න පුළුවන් පාඩම් රාශියක් තිබුණා. ඔහු චේ ගෙවාරා මෙන් නොව පොළොවෙ පය ගහ ගෙන හිටපු අයකු වූවා. චේ ගෙවාරාගේ කැප කිරීම ප්‍රතිඵලයක් ගෙන දුන්නෙ කියුබාවෙ දි විතරයි. ඒ කස්ත්‍රෝගේ නායකත්වය නිසා. අනෙක් රටවල දී ඔහුට දර්ශනයක් දීමට නායකයකු හිටියෙ නැහැ.

Saturday, 26 November 2016

ට්‍රම්ප් හමුවෙමු චම්පක පිටුදකිමු

ට්‍රම්ප් හමුවෙමු චම්පක පිටුදකිමු


ලෝකය පුරා පැතිරී යන ජාතිකවාදය ගැන දැන් ලංකාවේ බොහෝ දෙනා කතා කරනවා. ජාතිකවාදය ගැන පඬියන් කියන කතා කිහිපයක් ගැන ඊයේ මා සඳහන් කළා. ඒ ගැන පසුව තවදුරටත් කතා කරමු. අදත් ජාතිකවාදය නිසා පැනනගින කරුණු ගැන සඳහන් කරන්න ඕන. එකක් ට්‍රම්ප් ගැන. අනෙක චම්පක රණවක ගැන. මේ කරුණු දෙකක්. දෙන්න අහසට පොළොව වගේ. ඒත් එකම සංසිද්ධියක්, එනම් ජාතිකවාදයක් ඇතිවීම නිසා මතුවන කරුණු දෙකක්.

Friday, 25 November 2016

ජාතික රාජ්‍ය, ජාත්‍යන්තරය හා ජාතිකත්වය

ජාතික රාජ්‍ය, ජාත්‍යන්තරය හා ජාතිකත්වය

අද ඊනියා විද්වතුන්ට ජාතිකත්වය ප්‍රශ්නයක් වෙලා. ලෝකයේ  බලවත් රටවල් වන එක්සත් රාජ්‍ය, රුසියාව, චීනය, එංගලන්තය, ජාතිකත්වයට යොමු වෙලා. ලංකාව ජාතිකත්වයට යොමු වුනේ ඒ සියල්ලන්ට කලින්. ලංකාවෙ සිංහල ජාතිය ඇතිවෙන්න පටන් ගත්තෙ පණ්ඩුකාභය කාලෙ. එය පරිසමාප්තියට පත්වුනෙ ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලයෙ. එතුමන් මෙරට සිංහල ජාතියත් ඒ හා බැඳුණු රාජ්‍යයත් පමණක් නොව එයට සමයත් (ආගමත්) එකතු කළා. අප රට ජාතිය ආගම ගැන කතා කරන්නෙ එබැවින්. ධර්මපාලතුමා කෙළෙත් මේ රට ජාතිය ආගම අවධාරණය කිරීම. අපට  හෙට ආගම එකතු කරන්න අවශ්‍ය නැහැ. ආගම එකතු වුනෙ ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ. ලොවේ පැරණි ම ජාතීන් දෙකෙන් එකක් සිංහල. අනෙක චීන ජාතිය. බටහිර රටවල දැන් තමයි ජාතිකත්වය මතුවෙන්නෙ.  මෙරට කසිකබල් විද්වතුන්ට බටහිර නැගී එන ජාතිකත්වය තේරුම් ගැනීමට බැහැ. ඔවුන්ට ඒ සඳහා බටහිරින් ප්‍රවාදයක් එවලා නැහැ. එයට හේතුව බටහිරටත් ඒ ගැන ප්‍රවාදයක් නැතිවීම. මෙරට පඬියන්ගෙන්  සමහරු ඇට්ටකුණා වෙච්ච මාක්ස්වාදීන්. මාක්ස්වාදයෙන් මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි බව දැන් මැදි වියේ හෝ මහළු වියේ හෝ පසුවන මේ පුහු පඬියන්ට තාමත් තේරුම් ගන්න බැරි වෙලා. ඔවුන් නිකම් වයසට හා කනත්තට යනවා පමණයි.