Main Logo

Friday 10 July 2015

අමරතුංග මහතාට අනුව ද චීන දර්ශනය වෙනස් ය (විදුසර ලිපියකි)

අමරතුංග මහතාට අනුව ද චීන දර්ශනය වෙනස් ය

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජීිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බොහෝ විට විශේෂයෙන් ම වෙනත් වෙබ් අඩවිවල සහ විද්‍යුත් ලිපි සංසදවල ප්‍රකාශ කරන කරුණක් නම් මා ඔහුට අපහාස කරන බව ය. ඔහු ඉන් අදහස් කරන්නේ තමා එලෙස අපහාස නොකරන බව ය. එහෙත් මගේ සේවය දිගු කිරීම පිළිබඳ සඳහන් කරමින් ඔහු කීවේ මා සියල්ල කරන්නේ මගේ පෞද්ගලික යහපත වෙනුවෙන් බව ය. ඒ ෞද්ගලික දිගුවක් නොව ආසනික් පර්යේෂණ කරගෙන යෑම සඳහා නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණියා මැදිහත් වීමෙන් කරන ලද දිගුවකි. ඒ පිළිබඳ මම වැඩිදුර කතා නො කරමි.


එහෙත් ඒ මහතා ජූලි 01 වැනි දා විදුසර පුවත්පතෙහි සඳහන් කළ කරුණක් උපුටා නොදක්වා නො හැකි ය. “එම ලිපිවල විස්‌තර කොට ඇති අන්දමට 12 වැනි ශත වර්ෂයේ දී ටොලිඩෝ විද්යා ලයීය පරිවර්තකයන් විසින් සිදු කරන ලද මහා ලතින් පරිවර්තනය (The Great Latin Translation) හේතු කොටගෙන අරාබියේ තිබූ විද්යාලව, දැනුම අතින් පසුබැස සිටි යුරෝපය විසින් සොරාගන්නා ලදී. එය ඔවුන් ගේ විද්යා ව බව පෙන්වා ලොව ම ජයගන්නට යුරෝපීයයන් පසුබට වූයේ නැත. මේවා ගැන හාංකවිසියක්‌ නො දන්නා පඩියෝ, නැති බටහිර විද්යාසවක්‌ හඳුනාගෙන කොතැනත් කවදත් තිබූ විද්යා්ව හදාරන අය බටහිර දාසයන් ලෙස හංවඩු ගසති. වෙනත් විද්යා‌වක්‌ කොතැනක හෝ ඇත්දැයි පෙන්වා දෙන මෙන් කළ අභියෝගයට අද වන තෙක්‌ පිළිතුරක්‌ නැත. චීනයේ තිබුණේ වෙනස්‌ වූ විද්යාඅවක්‌ බව විද්වත් ජෝශප් නීඩ්හම් (Joseph Needham) පවසා ඇති බව මේ අඥානයන් පවසා ඇත. ඒ බව විස්‌තර සහිතව පහදා දෙන බව කීව ද තවමත් ඒ ගැන ද වචනයක්‌ නැත.” 

අමරතුංග මහතා සිතනු ඇත්තේ ප්‍රතිවාදියාට අඥානයා යැයි කීම ගෞරව කිරීමක් ලෙස ය. කෙසේ වෙතත් ඔහුට ප්‍රතිවාදියාගේ නම සඳහන් කිරීමට තරම්වත් එඩිතර කමක් නැත. ඔහු ඒ ලිපියෙහි ම තවත් තැනක මෙසේ කියයි. “”චීනයේ තිබුණේ කවදත් කොතැනත් තිබුණු විද්යාරව ය. මේ බව විද්වත් ජෝශප් නීඩ්හම් ඉතා ම පැහැදිලි ලෙස එතුමා ගේ Science and Civilization in China  (1954) නමැති ග්රේන්ථයෙන් පෙන්වා දෙයි. මේ බව නො දන්නා ලෝකයේ විද්යාඤවන් බොහොමයක්‌ තිබෙනවා යෑයි සිතන අඥානයෝ, තවමත් ලෝකය පැතලි යෑයි සිතන අඥානයින් මෙන්, බහුභූත දොඩවති. එවැනි විද්යාදවන් තිබේ නම් පෙන්වා දෙන්නැයි කළ අභියෝගයට පිළිතුරු තවමත් නැත. විද්වත් මාර්ටින් වික්රවමසිංහයන් පැවසූ දෙය විකෘති කොට දක්‌වනවාට වඩා යමක්‌ කීමට ඔවුනට නුපුළුවන. ඔවුන් කළ යුත්තේ වෙනත් විද්යාදවක්‌ ඇතොත් එය කුමක්‌ දැයි පෙන්වා දීම ය. එවැනි විද්යාුවක ක්රඔමවේදය කුමක්‌ දැයි පහදා දීම ය. එසේ නො කර, අනන් මනන් දොඩවමින්, පත්තර පිටු පුරවන්නේ නැති ඥානවන්තභාවයක්‌ ආරූඪ කරගැනීමට ය. වෙන වැඩක්‌ නැති නිසා ය. මේ මෝඩකම පෙන්වා දීමට විද්වතුන් කිහිප දෙනකු ම දැන් ඉදිරිපත් වී සිටීම භාග්යමයට කාරණයකි.”

මෙසේ ඉදිරිපත් වී සිටින විද්වත්හු කවරහු ද? කරුණාකර ඔවුන් නම් කරන මෙන් ඉල්ලා සිටිමි. ඔවුන් අතර කැනඩාවේ වාසය කරන බෝධි ධනපාල මහතා ද සිටින්නේ ද? පසුගිය සතියේ මා සඳහන් කර සිටියේ ධනපාල මහතා මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹීම සඳහා ලංකාවට පැමිණීමට කරන ලද ආරාධනය පිළිගෙන ඇති බව ය. මම ඔහුට ඒ පිළිබඳ ව ස්තුතිවන්ත වීමි. එහෙත් ඉන් දින කිහිපයකට පසුව ඔහු අමරතුංග මහතා මෙන් ම ප්‍රසිද්ධ විවාදයෙන් පළා ගියේ ය. මා ඔහුට යවන ලද විද්‍යුත් ලිපිය මෙහි දී ඉදිරිපත් කරන්නේ මේ විද්වතුන්ගේ තරම දැනගැනීම සඳහා ය. 

බෝධි ධනපාල මහතා 2015 ජූනි 29 වැනි දා එවූ විද්යුඳත් ලිපිය මෙසේ ය. “I will come to Sri Lanka after the elections and if possible privately meet Dr. de Silva; there will be no debate as the terms of the debate were changed by Dr. Silva who added the word "abstract" before the word "gravitational". Furthermore, if we cannot even agree on the date of the Schrodinger equation (well established date), and the Solvay conferece (well established date), what is there to debate?” (2015 June 29)

දින පහක පමණ ප්රචමාදයකින් පසුව වුව ද එයට ඉතා කෙටි ප්රරතිචාරයක් (සාකච්ඡාවක් නො වේ) දැක්විය යුතු ය. එහි කරුණු තුනක් සඳහන් වෙයි. 

(1) ඔහු මැතිවරණයෙන් පසු ලංකාවට පැමිණෙන බවත් හැකි නම් මා පෞද්ගලික ව මුණ ගැසෙන බවත් කියයි.

මට ඔහු පෞද්ගලික ව මුණ ගැසීමේ අවශ්යිතාවක් නැති බව දන්වනු කැමැත්තෙමි. මේ විවාදය ලංකාවේ කෙරෙන ප්රදසිද්ධ විවාදයක් ලෙස පැවැත්වීම මගේ අවශ්ය තාව විය. විද්යු ත් ලිපි මගින් පැවැත්වූ විවාදය ගැන කියමින් ඒ බව මා මෙසේ පවසා ඇත. 

“මේ විවාදය සතපහක් වටින විවාදයක් නොවන්නේ එයින් ලංකාවට කිසිම බලපෑමක් නොවන බව ය. එහෙත් ඒ ලංකාවේ දී කෙරෙන ප්රිසිද්ධ විවාදයක් බවට පත්වූ විට මට බටහිර විද්යාවව පට්ටපල් බොරු බව තවත් විශාල පිරිසකට තේරුම් කර දීමට හැකි වනු ඇත. (2015 ජූනි 24)

පෞද්ගලික මුණ ගැසීම් මගින් සතපහක බලපෑමක් ලංකාවට නො සිදු වෙයි.

(2) මා ගුරුත්වාකර්ෂණ යන වචනයට පෙර වියුක්ත යන වචනය එකතු කිරීමෙන් විවාදයේ කොන්දේසි බිඳ දමා ඇත. එබැවින් විවාදය නො පැවැත්වෙයි. 

මා විවාදය යෝජනා කෙළේ 2015 ජූනි 22 වැනි දා ය. මම ජූනි 24 වැනි දා ද වියුක්ත ගුරුත්වාකර්ෂණය යන්න සඳහන් කර ඇත. “මා නාථ දෙවියන් පෙන්වන්නේ ධනපාල මහතා හෝ වෙනත් කවරකු හෝ වියුක්ත ගුරුත්වාකර්ෂණ බලය (ක්ෂෙත්රය) මට පෙන්වන්නේ නම් පමණක් බව මා කියා ඇත. මම පොරොන්දු කඩ නො කරමි.” 

ධනපාල මහතා ජූනි 29 දින තෙක් එයට විරුද්ධ නො වී ය. මා ජූනි 22 වැනි දාට පසු එහි වෙනසක් කර නැත. මම කොන්දේසියක් කඩ නො කෙළෙමි. ධනපාල මහතාගේ දැනගැනීම පිණිස කිවයුත්තේ විවාදය යෝජනා කිරීමට පෙර දින ද ජූනි 21 වැනි දා මා වියුක්ත ගුරුත්වාකර්ෂණය යන්න යොදා ගෙන ඇති බව ය. 

“එහෙත් ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්රිකය ගෝචරව දැනගත් අයකු නැත. එය සූචක කියවීමකින් (පොයින්ටර් රීඩින් pointer reading) වෙනස් ය. සූචක කියවීමකට ගුරුත්වාකර්ෂණය හසු නො වේ. වියුක්ත (ඇබ්ස්ට්රැක්ට් abstract) ගුරුත්වාකර්ෂණය යොදා ගැනීමෙන් ලබාගන්නා වියුක්ත නිගමන තර්ක විරෝධී ව සංයුක්ත (කොන්ක්රීට් concrete) නිදර්ශන සමග සංසන්දනය කිරීම ගුරුත්වාකර්ෂණය සූචක කියවීමකට හසුකර ගැනීමක් නො වේ." 

වියුක්ත යන්න එකතු කිරීම නිසා විවාදය නැතැයි කීම විශ්වාසනීය නොවූ හේතුවක් පමණකි. 

(3) දින ගැන එකඟත්වයකට පැමිණිය නොහැකි නම් විවාදයක් කිරීමට ඇත්තේ කුමකට ද?

විවාදයක් පැවතිය යුත්තේ ඒ දින සම්බන්ධයෙන් ද බව කිව යුතු ය. ජූනි 26 වැනි දින මම මෙසේ සඳහන් කෙළෙමි. “අපට මේ සියල්ල ලංකාවේ දී සාකච්ඡා කළ හැකි ය. ඔබේ බුද්ධිමය වංචනිකබව හෝ සුවිශේෂත්වය හෝ ලංකාවේ දී ප්රාදර්ශනය කළ හැකි ය. කරුණාකර ඔබ ලංකාවට පැමිණෙන දිනය පමණක් දන්වන්න. මේ කරුණු පිළිබඳ ව ඔබ සමග මින් ඉදිරියට සාකච්ඡා කෙරෙනුයේ ලංකවේ දී පමණක් බව මා දන්වා ඇත.”

 අමරතුංග මහතා කිසිචක් උපුටා නො දක්වයි. ඔහු යමක් සඳහන් කරන්නේ ඔහු කී පමණින් අප ඒ පිළිගත යුතු ය යන හැඟීමෙනි.  ජෝසෆ් නීඩ්හම් තම පොතක චීනයේ තිබුණේ කවදත් ලෝකයේ තිබූ එකම විද්‍යාව යැයි කියා ඇතැයි අමරතුංග මහතා කී නිසා ම අප ඒ පිළිගැනීමට බැඳී නැත. කරුණාකර පොතේ අදාළ පිටු සඳහන් කර අදාළ ඡෙදය (හෝ ඡෙද) උපුටා දක්වන්න. අමරතුංග  මහතා කෙතෙක් බටහිර දැනුම ගැන කතා කළත් පරිච්ඡෙදය හා  කවිය (chapter and verse) උපුටා දැක්වීමේ බටහිර බයිබල් සම්ප්‍රදාය ඉගෙන නැත. මා මාර්ටින් වික්‍රමසිංහ විකෘත කර ඇතැයි කියනවාට වඩා මගේ ලිපියේ අදාළ කොටස් උපුටා දක්වා මා ඔහු විකෘත කර ඇති ආකාරය පෙන්වා දිය යුතු ය. නීඩ්හම් කියා ඇත්තේ චීනයේ බටහිර විද්‍යාව වර්ධනය නොවූ බව ය. ඒ බව මම වැඩිකල් නොගොස් පෙන්වා දෙමි. එයට පළමුව අමරතුංග මහතා නීඩ්හම් චීනයේ තිබුණේ ද හැම තැන ම ඇති විද්‍යාව යැයි කියා ඇති ඡෙද උපුටා දක්වන්නේ නම් මැනවි. 

        
චීනයේ තිබූ විද්‍යාව වෙනත් එකක් බව අමරතුංග මහතාගේ පහත සඳහන් ප්‍රකාශවලින් ම පැහැදිලි වෙයි. ඒ ප්‍රකාශ ද ඒ මහතාගේ ජූලි 1 වැනි දා ලිපියෙනි. “මෙවැනි දැවැන්ත විද්යානත්මක සහ තාක්‌ෂණ දියුණුවක්‌ ලබාගැනීමට චීනයේ පැවැති දර්ශනය කුමක්‌ දැයි සොයා බලමු. ශැන්ග් රාජ්යා වංශ කාලයේ (1600-1046 BC) අදහස්‌ නිර්මාණය වීම චක්රී ය පදනමක්‌ මත සිදු විය. මේ චක්රීශය පදනමේ බිහි වීම ස්‌වාභාවික ක්රි‌යාදාමයන් වන රෑ දවල්, සූර්ය ගමන, කාලගුණය වැනි චක්රී්ය ක්රි යාදාමයන් තුළින් සිදු වූ බව සිතිය හැකි ය. මේ චක්රී ය වූ දර්ශනය යුරෝපයේ පැවති කාලය යන සංකල්පය තුළින් බිහි වූ රේය පදනමක්‌ මත බිහි වූ දර්ශනයට ඉඳුරා ම වෙනස්‌ විය.


මීට පසු බිහි වු ෂාහු රාජ්යර වංශය කාලයේ දී නව දාර්ශනික අදහස්‌ එකතු විය. Mandate of heaven (ස්‌වර්ග වරම) යනුවෙන් හැඳින්වූ මේ අදහස්‌ විසින් අධ්යා පනය වැනි දේ අගය කරන ලදී. තව ද දෙවියන් පිළිබඳ විශ්වාසය තරමක්‌ දුරට අඩු වී ලෞකික දේ කෙරෙහි ඇති විශ්වාසය වර්ධනය විය. කොන්ෆියුසියස්‌ ධර්මය ස්‌ථාපිත වීමෙන් පසුව ද මේ චක්රීධය පදනම සහිත වූ දර්ශනය චීනයේ සෑම ක්රිෆයාදාමයක්‌ මත බලපෑමක්‌ සිදු කළ බව පෙනේ. එම ධර්මය විසින් නිර්මාණය කරන ලද යින් යෑන්ග් නමැති සංකල්පය ද චක්රීමය වූ එකක්‌ බව පිළිගත හැකිය. ස්‌වභාවධර්මයේ ආශීර්වාදයෙන් බිහි වූ මේ දර්ශනය හේතු කොටගෙන සම්පත් භාවිත කිරීමේ දී අපතේ යැම අවම කරගැනීමට චීන ඉංජිනේරුවරු සමත් වූ හ. උණ බම්බුවලින් කළ හැකි වැඩකට ඔවුන් යකඩ යොදාගත්තේ නැත. වානේ සෑදීම යකඩ උණු කිරීම වැනි තාක්‌ෂණයෙන් යුරෝපයට වඩා බොහෝ ඉදිරියෙන් සිටි නුමුදු ඔවුන් ඒවා භාවිත කළේ අත්යකවශ්යක අවස්‌ථාවල දී පමණි.”

මෙවැනි දර්ශනයක් සහිත ව බටහිර විද්‍යාව හා තාක්‍ෂණය චීනයේ බිහි විය නො හැකි ය. ලංකාවේ ද සිංහලයෝ  වානේ සෑදීම දැන සිටියහ. එහෙත් එය එතැනින් “  ඉදිරියට ”නො ගියේ ය. චීනයේ ද එසේ ම ය. එයට හේතුව තාම්වාදය බටහිර දර්ශනයෙන් වෙනස් වීම ය. අමරතුංග මහතා කලකට පෙරත් අරාබි දැනුම යුරෝපයට ගියේ යැයි කීවේ ය. එහෙත් එය වැරදි ය. යුරෝපීයයෝ අරාබින්ගේ හා චීනුන්ගේ හා භාරතීයයන්ගේ දැනුම තම සංස්කෘතියට අවශෝෂණය කරගත්හ. ඒ අරුතින් ගත්කල යුරෝපීය දැනුම අරාබි හෝ භාරතීය හෝ දැනුම නො වේ. යුරොාපීයයෝ භාරතීය ගණිතය ද වියුක්තකරණයට ලක් කළහ. බටහිරයන්ගේ න්‍යාය (logic) ද භාරතීය න්‍යායෙන් වෙනස් විය.

කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාව නම් බටහිර ජීවත්වන සිංහල බෞද්ධයනට ද අද බටහිර විද්‍යාවේ නව සංකල්ප හා ප්‍රවාද ගොඩනගා ගැනීමට නො හැකි ඇයි. කරුණාකර අමරතුංග මහතා ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ ද? අමරතුංග මහතා වියුක්තය යනු කුමක් දැයි නො දනියි. සිංහල බෞද්ධයනට යුදෙවුවනට මෙන් වියුක්ත ව සිතීමට නො හැකි ය. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීවලින් වෙනස් වන්නේ එහි පට්ටපල් බොරු වූ වියුක්ත සංකල්ප හා ප්‍රවාද යොදා ගන්නා බැවිනි. 

නලින් ද සිල්වා   

2015 ජූලි 08