ප්රභාකරන්ගේ සීයලා 2
x දෙමළ නායකයන් සිංහලයන් බහුතරය බව නොපිළිගැනීම පිළිබඳ ව ඇති සාක්ෂි මොනවාද ?
කලින් සඳහන් කළ ආකාරයට දෙමළ නායකයන්ට සිංහලයන් බහුතරය බව නොපිළිගැනීමට ප‍්‍රධාන ම හේතුව වූයේ ඔවුන්ගේ වරප‍්‍රසාද රැුක ගැනීමයි. සිංහලයන් බහුතරය බව පිළිගතහොත් ජන අනුපාතයට වඩා රැුකියා හා වෘත්තීන්හි තමන් යෙදී සිටීම ගැටලූවක් වන බව ඔවුන් දුටුවා. ඒ වගේ ම ඔවුන් ගේ වෙනත් බලතලත් නැති වන බව ඔවුන්ට පෙනී ගියා. 1885 දී එවකට තිබූ ව්‍යවස්ථාදායක සභාවට මුස්ලිම් නියෝජිතයකු පත් කෙරීම පිළිබඳ ප‍්‍රශ්නය පැන නැගුණා. එහි දී පොන්නම්බලම් රාමනාදන් මහතා කියා සිටියේ මුස්ලිම්වරුන් ජන වර්ගයක් ලෙස ගත් කල දෙමළ බවත්, දෙමළ ජනයා නියෝජනය කෙරීම සඳහා තමන් සිටින බවත් එබැවින් මුස්ලිම් නියෝජිතයකු අනවශ්‍ය බවත් ය. ඔහු ගේ තර්කය වූයේ දෙමළ ජනවර්ගය ආගම ලෙස ගත් කල දෙමළ හින්දු, දෙමළ ක‍්‍රිස්තියානි, දෙමළ මුස්ලිම් වශයෙන් බෙදී සිටියත් ඒ සියල්ල ම ජනවාර්ගික ව දෙමළ බවයි. රාජකීය ආසියාතික සංගමයේ සඟරාවකට රාමනාදන් මහතා ලියූ ලිපියකත් ඔහු ඒ තර්කය මතු කළා. එහෙත් එකලත් මුස්ලිම් නායකයන් රාමනාදන් මහතා ගේ ඒ තර්කයට විරුද්ධ වුණා. සිද්ධි ලෙබ්බේ මහතාත් Ethnography of the Muslims of Ceylon මැයෙන් ලිපියක් පළ කළ එම්. අයි. අබ්දුල් අසීස් මහතාත් එහි දී
විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. ඔවුන් කියා සිටියේ ලංකාවෙ
මුස්ලිම්වරුන්ට වෙන ම අනන්‍යතාවක් ඇති බවයි. අවුරුදු 100කට පසු
වත් මේ ප‍්‍රශ්නය පවා හරිහැටි නිරාකරණය වී නැහැ. අද නැගෙනහිර
පළාතේ මුස්ලිම්වරුන් ගේ ප‍්‍රශ්නය මෙම අනන්‍යතාව පිළිබඳ
ප්රශ්නයක්.