Main Logo

Wednesday, 1 May 2024

ලිපි

 දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න

Sunday, 28 April 2024

පාස්කු ප්‍රහාරය පිටුපස කවුද?

 

පාස්කු ප්‍රහාරය පිටුපස කවුද?

 

චමුදිත සමග සාකච්ඡාවක් කරමින් ඉන්දියාව හා පාස්කු ප්‍රහාරය ගැන කී ඛාන් කාගේ කවුද දේශපාලන පක්‍ෂයකට අයත් කියා මා දන්නේ නැහැ. ඔහුගේ නම රාසික් මොහොමඩ් කාදිර් ඛාන් යන්නවත් දන්නේ නැහැ. චමුදිත ඔහු හැඳින්වූයේ එනමින්. ඔහු කාගේවත් නියෝජිතයකු කියන්නත් මා දන්නේ නැහැ.  එහෙත් ඔහුගේ කතාවේ පරසපර තිබුණේත් නැහැ. ඇතැම් කරුණු ඔහු අතින් විස්තර නොවන්න ඇති. එහෙත් ඔහු මෛත්‍රිපාල සිරිසේනට වඩා විස්තර කිවුව. ඇතැම් කරුණු නම් ගම් සහිතව කිවුවා. තමාට විස්තර කිරීමට නොහැකි වු ඇතැම් දේ විස්තර කිරීමට මෛත්‍රිපාල ඔහු එවුවාද කියන්නත් මා දන්නේ නැහැ. එසේත් නැත්නම් ඉන්දියන් විරෝධි බලවතකු ඔහූ එවුවා කියා දන්නේත් නැහැ.

Friday, 26 April 2024

The unlikely friendship of Pauli and Jung

 The unlikely friendship of Pauli and Jung


“It was as if the wind had blown in from the lunatic asylum,” wrote psychoanalyst Carl Jung, of physicist Wolfgang Pauli’s first visit. Scientist and writer Arthur I. Miller tells the tale of how the patient-analyst relationship between Jung and Pauli evolved into a friendship that deeply influenced Pauli’s work. “Pauli had always been fascinated by alchemy, magic and myth, all of which were central to Jung’s psychology,” writes Miller. “Privately, he attributed his work towards CPT [charge, parity, and time] symmetry to discussions and creativity sparked through his conversations with Jung.”
Nature Briefing

පාස්කු ප්‍රහාරය හා ඉන්දියාව

 පාස්කු ප්රහාරය හා ඉන්දියාව


 රාසික් මොහොමඩ් කාදිර් ඛාන් නමැත්තකු පාස්කු ප්රහාරය හා ඉන්දියාව සම්බන්ධ කර ගනිමින් කරන      ප්රසිද්ධ ප්රකාශ මගින් එරටට එරෙහි ව ඉතා බරපතළ චෝදනා ඉදිරිපත් කරනවා. ඔහුට අනුව ජනාධිපති කොමිසමටත් ඒ කරුණු පවසා තියෙනවා. මේ ගැන සම්පූූර්ණ විමර්ශනයක් අවශ්යයි. මෛත්රිපාල සිරිසේනගේ ප්රකාශය මේ මගින් තහවුරු වෙනවා ද? කාදිනල්තුමා මෙන් නොව ඛාන් මහා මොළකරු නම් කරනවා. මෙය එක් අතකින් රාජ්ය තාන්ත්රික
 ප්රශ්නයක් බවට පත් වෙනවා. ජනාධිපති රනිල්      වික්රමසිංහ මේ සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද?

Thursday, 25 April 2024

රනිල්ට එරෙහි ව ජාතිකත්වය

 

රනිල්ට එරෙහි ජාතිකත්වය

 

ශ්‍රී නි කෑලි කීයකට කැඩී ඇත්දැයි දැන ගැනීම තරමක් අමාරු වැඩක්. චන්ද්‍රිකාගේ කණ්ඩායම, දයාසිරි ජයසේකර කණ්ඩායම, දුමින්ද අමරවීර කණ්ඩායම පමණක් නොව රනිල් වික්‍රමසිංහ කණ්ඩායමක් වෙනවා. රනිල් වික්‍රමසිංහ කණ්ඩායමක් පොහොට්ටුවෙත් ඉන්නවා. යාපනයෙත් අරුන් සිද්ධාර්ථන් මගින් කණ්ඩායමක් ඉන්නවා.

Wednesday, 24 April 2024

දිව්‍යමය සිපගැනීම

 දිව්යමය සිපගැනීම

පුරුතුගීසීන් ලන්දේසීන් ඉංගිරිසින්
මගින් උරුම කරගත්
සිංහල බෞද්ධ විරෝධය
මස්‌ නහර හම සිඳ
ඇට සොයා ගොස්‌
ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට
සදාකල් වෛර බඳන්නේ
රුවන්වැලි සෑ අබියස දිවුරුම් දීමෙන් පසු
පාස්කු වින්දිතයන්
දඩමීමා කර ගනිමින්
මහා මොළකරුවකු මැවී.
සමාව දීම දිව්ය ගතියක් යැයි අප සැමට පාසලේ දී දැන ගන්නට ලැබේ.
May be an image of 9 people

Tuesday, 23 April 2024

සර්වෝදය ව්‍යාපාරය

 

සර්වෝදය ව්‍යාපාරය

 

1958 අවුරුද්ද. අප අටවැනි පංතියේ. සමාජය ගැන සමාජ සේවය ගැන උනන්දුවක් දැක් වූ අප සමහරකුට දැන ගන්න ලැබුණා නාලන්දා විදුහලේ ගුරුවරයකු සිසුන් සමග  ගමක් සංවර්ධනය කිරීමට හරි නගා සිටුවීමට හරි ගමකට ගොස් ඇති බව. ළමා වියේ සිටි අපට එය ආශ්වාදජනක පුවතක් වීම පුදුමයක් නොවෙයි. පසුව දැනගන්න ලැබුණා ගම කනතොලුව බවත් ගුරුවරයා ආරියරත්න නමැත්තකු බවත් ගමේ වැසියන් ඊනියා පහත් කුලයකට අයත් බවත්.

Monday, 22 April 2024

මහා මොළකරුවෝ

 මහා මොළකරුවෝ

සිංහල බෞද්ධ ජනාධිපති කෙනකු පත් කර ගැනීමට මුස්ලිම් බැතිමතුන් කතෝලික පල්ලිවලට බෝම්බ ගැසුවාය කියන පාස්කු
ප්රහාරයේ මහා මොළකරු ගැන ආරංචියක් නැත්තේ ඇයි?
විජේදාස රාජපක්ෂ ශ්රී ල නි ප වැ බ සභාපතිවීම පිටුපස මහා මොළකරු කවුද?

උගතුන්ගේ ප්‍රශ්නය

 උගතුන්ගේ ප්රශ්නය

ඇතැම් උගතුන්ගේ ප්රශ්නය තමන්ට දෙමවුපියන් වැඩිහිටියන් ලබා දෙන සිංහල බෞද්ධකම අධ්යාපනය ජනමාධ්ය දේශපාලනය ආදිය මගින් නැති කරනු ලැබීමය. ඔවුන්ට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙක ම නැත.

Sunday, 21 April 2024

ප්‍රතිචාර ගැන

 

ප්‍රතිචාර ගැන

 

ටී ආරියරත්න වටා කෙටි සටහනක් ලියන්න ඕන. එහෙත් එයට ප්‍රථම මගේ කලින් ලිපියට දැක්වූ ප්‍රතිචාර ගැන යමක් කියන්න ඕන. මගේ දරුවන් ගැන කැමති වෙන එකක් නැහැ.

Saturday, 20 April 2024

ෆස්ලි නිසාර 2

 

ෆස්ලි නිසාර 2

 

බොහෝ දෙනා යමක් හරිහැටි නොකියවන බව පැහැදිලියි. මා ඇසු ප්‍රශ්නයට තවමත් පිළිතුරු නැහැ. ප්‍රශ්නය ෆස්ලි නිසාර්ගේ මුස්ලිම් අනන්‍යතාව ගැන නොවෙයි. මා ඇූසුවේ ඔහු තම මුස්ලිම් අනන්‍යතාව නැති කරගත්තේ ඇයි යන්නයි. වෙනස තේරුම් ගැනීමට නොහැකි අය පශ්චාත් උපාධිධාරීන් අතරත් ඉන්නවා. උපාධියක් ලැබීම නිසා පුද්ගලයකුට සිතීමේ ශක්තියක් ලැබෙන්නේ නැහැ.

Thursday, 18 April 2024

කෝ මේ පශ්චාත්නූතනවාදය

 කෝ මේ පශ්චාත්නූතනවාදය

දී්ප්ති කුමාර ගුණරත්න මෙරට දේශපාලනයේ
පාද සටහනක් පමණි.
රොහාන් පෙරේරා පාද සටහනක්වත් නො වේ.

Wednesday, 17 April 2024

මොහොමඩ් ෆස්ලි නිසාර්

 

මොහොමඩ් ෆස්ලි නිසාර්

 

මා ඇසූ ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නැහැ. මගේ ප්‍රශ්නය මෙයයි. “ඔහු (ෆස්ලි නිසාර්) තම මුස්ලිම්කම නැතිකරගත්තේ ඇයි? මෙරට දේශපාලනයේ යෙදෙන මුස්ලිමුන් තම අනන්‍යතාව අත්හැර නැහැ. වි පෙරමුණට පසුව සම්බන්ධ සිටි පාස්කු ප්‍රහාරය ගැනත් කියැවෙන අයත් මුස්ලිම් අනන්‍යතාව අත්හැරියේ නැහැ. ෆස්ලි රොහාන් පෙරේරා නමින් පෙනී හිටියේ ඇයි. ප්‍රශ්නයට ඔහු ජීවත් සිටියත් පිළිතුරු දෙන එකක් නැහැ. ඔහු කාට හරි එයට පිළිතුරක් දී ඇති බවක් මේ වන තුරු දැන ගැනීමටත් නැහැ.”

 

මා ඇසුවේ සරල ප්‍රශ්නයක්. ඊබ්‍රාහිම් වැන්නන් තම අනන්‍යතාව වෙනස් කර නොගනිමින් දේශපාලනයේ යෙදෙන විට ෆස්ලි නිසාර් එසේ නොකර සිංහල අනන්‍යතාවක් වැළඳ ගැත්තේ ඇයි. ඔහු ඊබ්‍රාහිම්ලාටත වඩා දේශපාලනයෙහි යෙදුණු අයෙක්. ඔහු කෙළේ අදහස් වෙනස් කිරීමක්. තමයි ඉහළ දේශපාලනය. ඔහු තම මුස්ලිම් සංස්කෘතියේ අදහස් වෙනස් කරන්න ගියේ නැහැ. ෂබීර් මොහොමඩ් නමැත්තෙකු ලියා ඇති ලිපියක් (එම ලිපිය මේ පිටුවේ තවත් ෆස්ලි ලා බිහිකරන්න රොහාන්ගේ හයිය අපටත් දෙන්න  මැයෙන් කලින් පළ කර ඇත.) අනුව නම් පැහැදිලි වන්නේ ඔවුන් තම ගුරුවරයා ලෙස ෆස්ලි පිළිගන්නා බවයි. ඔවුන්ට අනුව ෆස්ලි මුස්ලිමුන්ට මෙරට ජීවත්වීමට ශක්තියක් ලබා දුන් නිසා. ඔවුන් ෆස්ලිට මුස්ලිම් චාර්ත්‍රානුකූල අවමංගල්‍යයක් ලබා දී තියෙනවා. අර නිරාගමික කතා එතැනින් ඉවරයි.

තවත් ෆස්ලි ලා බිහිකරන්න රොහාන්ගේ හයිය අපටත් දෙන්න

 තවත් ෆස්ලි ලා බිහිකරන්න රොහාන්ගේ හයිය අපටත් දෙන්න

මා මේ ලිපිය පළ කිරීමට හවුල් වන්නේ මෙහි මොන කතා කිවුවත් අවමගුලට මුල සිට ම සහභාගි වූ මුස්ලිම් අයකු ඊනියා නිරාගමික රොහාන් පෙරේරා ගැන සිතන අයුරු පෙන්වා දීමටයි. මුස්ලිමුන්ට ෆස්ලි නිසාර් නිරාගමිකයකු නොව මුස්ලිම් සංස්කෘතිය වෙනුවෙන් ක්රියා කළ ආදර්ශමත් ගුරුවරයෙක් වීරයෙක්. ඔවුන් ඔහුට නිරාගමික අවමගුලක් නොව මුස්ලිම් අවමගුලක් ලබා දුන්නා.

Tuesday, 16 April 2024

රොහාන් පෙරේරා හෙවත් ෆස්ලි නිසාර්

 

රොහාන් පෙරේරා හෙවත් ෆස්ලි නිසාර්

 

X කණ්ඩායමේ ඛෙදවාචකය ගැන තවත් විස්තර ඇතැමුන්ට අවශ්‍ය වෙලා. මේ ලිපි ගැන පමණක් නොව පශ්චාත්නූතනවාදයෙ පශ්චාත්තාපය ගැනත්. එමෙන් මගේ X ඛෙදවාචකය ලිපියට මුල් වූ රොහාන් පෙරේරා ගැනත්. මේ ලිපි පසුව තවත් වර්ධනය කෙරෙනු ඇති. මගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් මින්පසු ලිපි ප්‍රතිචරවලට විවෘත කරන්නේ නැහැ. මගේ ළඟ අය කියන්නේ නම් ලිපි ලිවීමත් නවත්වන ලෙසයි. එබැවින් ලිපි ලියන්නේ කඩින් කඩයි.

Sunday, 14 April 2024

X ඛේදවාචකය

 X ඛේදවාචකය

රොහාන් මොහමඩ් බුද්ධ සරණ ගිය පරණ X කාරයන්ට දැන් ඇත්තේ රනිල් සරණ හරි රනිල්දාස සරණ හරි පමණයි. මොහමඩ් ලලිත් ඇතුලත්මුදලි විසින් ජ වි පෙට ඇතුල් කරනු ලැබූ අයකු නම් තිසරණය තවත් පැහැදිලියි.

වැඩ ඇල්ලීම හා පාවා දීම

 

වැඩ ඇල්ලීම හා පාවා දීම

 

ලංකාවේ මේ දිනවල අවුරුද්ද ලබන්නේ සිංහලයන්ට. ඉනුත් සිංහල බෞද්ධයනට. ඇතැම් සිංහල කතෝලිකයනුත් අවුරුද්ද පවත්වනවා. ඇතැම් දෙමළ ජනකොටස් අවුරුදු උත්සවය පවත්වනවා. මෙරට සියලු ජනයා මේ අවුරුදු උත්සවය පවත්වනවා දකින්න මා කැමතියි. එහෙත් එය ඊනියා ලාංකික අවුරුද්ද ලෙසවත් සිංහල දෙමළ අවුරුද්ද ලෙසවත් නම් කරනවාට මා අකමැතියි. එයින් පැරණි සිංහලයන්ගේ නිර්මාණශීලීත්වය නොකියැවෙන නිසා.

සුබ අලුත් අවුරුද්දක්

 තෙරුවන් සරණින් සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

Saturday, 13 April 2024

Dark Energy is not a constant

 

Dark Energy is not a constant


Please refer the article on Space -time itself as Dark Energy and Dark Matter and other relevant articles in the research gate where this has been discussed.

 

මා මේ ලිපිය සයන්ටිෆික් අමෙරිකන් සඟරාවෙන් ලබා ගත්තේ ඊනියා අඳුරු ශක්තිය නියතයක් නොවන බවට දැන් දැන් නිරීක්‍ෂණ මගින් හෙළිවන නිසයි. අප කැලණිය මොටාවේ මේ අදහස් පළකරන්න වෙලා අවුරූදු විස්සක් පමණ වෙනවා. අදාළ පත්‍රිකා රිසර්ච් ගේට්හි කියවන්න පුළුවන්. සඳහා හේමන්ත මද්දුමගේ, රාහුබැද්ද, වසන්ත කටුගම්පොළ, කුමුදුමලී ජයකොඩි දායක වී තියෙනවා.

කච්ඡතිවු හා සේරිවාණිජ

 

කච්ඡතිවු හා සේරිවාණිජ

 

කච්ඡතිවු දූපත ගැන කතාබහක් ඉන්දියාවෙ ඇතිවෙලා. ඉන්දියාව කච්ඡතිවූ ආපහු ඉල්ලනවා නො වෙයි. ඔවුන්ට එය කරන්න බැහැ. දුපත 1974 පමණ කාලෙක ලංකාවට අයත් බව ඉන්දියාව පිළිගෙන තියෙනවා. බණ්ඩාරනායක මැතිණිය අගමැතිණිය වෙලා හිටි කාලෙ. එතුමිය 1960 දි දේශපාලනයට ගෙන ආවෙ හේන්පිටගෙදර ඥානසීහ හිමිපාණන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ පිරිසක්. එතෙක් කිසිම දේශපාලනයක් කර නොතිබූ ඇය කිහිපවරක් අගමෑතිණිය ලෙස රටට විශාල සේවයක් කළා. හාල් පොලු පාන් පෝලිම් ගැන කතා කළ මෙරට ජනතාව 1977 දි බලයට පත් කළ ජේ ආර් ජයවර්ධන බණ්ඩාරනායක මැතිණියගෙ ප්‍රතිපත්ති ආපසු හරවල රටට මහා විපතක් කළා.  අදත් අපේ ප්‍රශ්නවලට මූලික හේතුව ජේ ආර්ගෙ විජාතික විවෘත ආර්ථික හා වෙනත් ප්‍රතිපත්ති. අද බැණා කරන කටයුතුවල අයහපත් ප්‍රතිඵල තව අවුරුද දෙක තුනකින් දැකගන්න පුළුවන් වේවි.