Main Logo

Tuesday, 7 November 2017

තෙල වැඩි කාට ද?


තෙල වැඩි කාට ද?



මෙරට ජනමධ්‍යවල මෙතරම් දක්‍ෂ විචක්‍ෂණශීලී විචාරශීලි බුද්ධිමතුන් සිටිය දී මෙරට මෙතරම් ප්‍රශ්න තියෙන්නේ ඇයි ද කියන එකත් ප්‍රශ්නයක්. ජනමාධ්‍යවේදීන් කියාවි ඔවුන් ඉදිරිපත් කරන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කිසිවකු නැති බව. ඒකත් ඇත්ත. ඒත් ඒ අය ඉදිරිපත් කරන විසඳුම් ගැන කියන්න පුළුවන් මොනවා ද? මේ කාට හරි කියන්න පුළුවන් ද නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලා. ඒත් සයිටම් ගැන ඒ අය කතා කරන්නෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හා සයිටම් අතර වෙනසවත් දැනගෙන ද? මේ ගැන තව දුරටත් කතා කරන එකට මහින්දවාදීන් හා ව්‍යාජ සමාජවාදීන් කැමති නැහැ.

Monday, 6 November 2017

ශ්‍රි පාද අඩවිය මොන සුදු ඒජන්තයට ද?


ශ්‍රි පාද අඩවිය මොන සුදු ඒජන්තයට ද?



මේ ලිපි ලිවීමෙන් එතරම් වැඩක් නොවන බව දැන දැනත් ලිපි ලියන්නේ පුරුද්දට වෙන්න පුළුවන්. මේ ලිපි කියවන්නේ වැඩිපුර ම මහින්දවාදීන්. අද රටේ ජාතිකවාදීන් ඉන්නේ ඉතා ස්වල්පයයි. ජාතිකවාදීන් ලෙස පෙනී සිටින්නන් බොහෝ දෙනා දේශපාලන ඉලක්ක ඇති ව වැඩ කරන අය. ඔවුන්ගේ පසුබිම අවසානයේ දී ව්‍යාජ සමාජවාදය. විශේෂයෙන් ම  පැරණි ජ වි පෙරමුණේ ව්‍යාජ සමාජවාදය. මේ අය මහින්දගේ හොඳක් කියන විට මෛත්‍රිපාලගේ වැරුද්දක් කියන විට රනිල්ට දොස් කියන විට ගම්මන්පිලගේ හෝ විමල්ගේ හෝ ප්‍රකාශයක් අගය කරන විට සතුටු වනවා. සයිටම් ගැන මොවුන්ට ඇත්තේ නිදහස් අධ්‍යාපනය ඉවරයි වැනි අඳෝනාවක් පමණයි. එහෙත් නිදහස් අධ්‍යාපනය යනු කුමක් දැයි ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ගේ ස්ථාවරවල ඇති පරස්පර ඔවුන්ට පෙනෙන්නේ නැහැ. සයිටම් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළේ යැයි කියන එහෙත් තවමත් ජීවත්වන දොස්තරවරුන් ගැන ඔවුන් හිතන්නේ වීරත්වයෙන්. අද ඇරඹීමට නියමිත දෙමව්පිය මාරාන්තික උපවාසයෙන් අවසානයේ දී වාසි ලබන්නේ රනිල් හා දෙමළ ජාතිවාදීන්. ඔවුන් පිටුපස බටහිරයන් හා ඉන්දියාව ඉන්නවා. 

Sunday, 5 November 2017

බටහිර වෛද්‍ය හා දෙමළ වෙල්ලාල ඒකාධිකාර  

බටහිර වෛද්‍ය හා දෙමළ වෙල්ලාල ඒකාධිකාර

මාධ්‍ය වාර්තාවලට අනුව මෛත්‍රිපාල සිරිසේන පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට කියල තියෙනවා දේශපාලනඥයන් ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් තම පැවැත්ම සඳහා යොදා ගත්තත් එහි යම්කිසි දෙයක් ඇති බවත් දෙමළ ජනයාට යම් දෙයක් දිය යුතු බවත්. බොහෝ දේශපාලනඥයන් බොරු ප්‍රබුද්ධයන් වෙන්න ඕන වුණාමත් ඔය වගේ කතා කියනවා. සමහරු නොදන්න කමට කියනවා. තවත් සමහරු ඉන්දියාවෙ නැත්නම් බටහිර වුවමනාවට ඒ දේ කියනවා. සමහරු අප රැවටීමට කියනවා. මෛත්‍රිපාල  මේ මොකක් නිසා අර ප්‍රකාශය කළා ද දන්නෙ නැහැ. ඒකට කමක් නැහැ.

Saturday, 4 November 2017

මහින්දට සුබ අනාගතයක්  


මහින්දට සුබ අනාගතයක්





දැන් බොහෝ දෙනකු දන්නවා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නිවට ආණ්ඩුවට ජනවරමක් නැති බව. ඇතැමුන් ඒ සම්බන්ධ විද්‍යුත් ලිපි මටත් යොමු කරනවා. අද වන විට නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන්නත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් සමාජගත වී අවසන්. ව්‍යවස්ථාව පරාජය කරමු යන සටන්පාඨයේ සිට ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන්නට සිංහල ජනමතය ඉතා ඉක්මණින් තල්ලු වුණා. ඒ සමග ආණ්ඩුව පියවරක් පස්සට ගෙන තිබෙනවා. එහෙත් ආණ්ඩුව වැඩි කල් යෑමට පෙර පියවර දෙකක් පෙරට තබාවි. ඔවුන්ට එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ගෙන් හා ඉන්දියාවෙන් ලැබී ඇති විධානය එයයි. ඒ විධානය 2013ට බොහෝ කලකට පෙර ලැබුණු බව ඇතැම් ජාතිකවාදීන් දන්නේ නැහැ.

Friday, 3 November 2017

සුද්දන්ගේ දැනුම් සපත්තු ලෙව කෑම


සුද්දන්ගේ දැනුම් සපත්තු ලෙව කෑම



චන්ද්‍රිකාත් හාමුදුරුවරුන්ට චීවරධාරීන් යැයි කියනවා. තම දෙමව්පියන්ට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි මහමුදලි සීයා ගැන ආඩම්බර වන ඇයගෙන් වෙනත් කියුමක් බලාපොරොත්තුවෙන් සිටි අයකු වේ නම් මේ වන විට තම වරද වටහා ගෙන ඇති. මේ සිංහල බෞද්ධ විරෝධී පැකේජ් නෝනාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වන්න ද? අද ඇයට අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයකටවත් තේරී පත්වන්න බැහැ. ඇගේ පුතා තමා සිංහල බෞද්ධයකු වීම ගැන ලජ්ජා වන්නේ යැයි කී විට ඉන් මෑණියන් කවුදැයි නිරූපනය වන බව ඇයට වැටහීමක් නැහැ.

Thursday, 2 November 2017

සයිටම් හා බලය විමධ්‍යගත කිරීම




සයිටම් හා බලය විමධ්‍යගත කිරීම



සයිටම් ප්‍රශ්නය නිිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව මා එකල ම කිව්වා. නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලා මා කිව්වට බොහෝ දෙනා ඒ සත පහකටවත් ගණන් ගත්තෙ නැහැ. ඔවුන් හිතන් හිටියෙ ඊනියා නිදහස් අධ්‍යාපනයක් සඳහා ඔවුන් සටන් කරන බව. එහෙත් සයිටම්හි තිබුණෙ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඇතැම් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලත් තියෙනවා.

Wednesday, 1 November 2017

සර්ව පාක්‍ෂික කමිටු එපා  


සර්ව පාක්‍ෂික කමිටු එපා



මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස කියා තිබුණ ව්‍යවස්ථාව ගැන සලකා බලන්න සර්ව පාක්‍ෂික කමිටුවක් පත් කරන්න ඕන කියලා. සර්ව පාක්‍ෂික සම්මේලන, කමිටු පත් කරන්නෙ වැඩක් නොකරන්න නම් ඒක තරමක හොඳ වැඩක්. එහෙත් ඒවට සහභාගි වන අය විවිධ අරමුණු ඇතිව එනවා. මාත් සර්ව පාක්‍ෂික නියෝජිත සම්මේලනය කියලා එකකට සහභාගි වෙලා තියෙනවා. මා නම් සහභාගි වුණෙ අපේ හමුදා ප්‍රභාකරන් පරාජය කරන තෙක්. බොහෝ දෙනා අද මොනව කිව්වත් එදා කිව්වෙ හමුදාවන්ට කොටි පරාද කරන්න බැහැ කියලා. ඒත් මා එකහෙළා ම කිව්වෙ අපට කොටි පරාද කරන්න පුළුවන් කියලා. ඒ අනුව මා ඒ නියෝජිත සම්මේලනයට සහභාගි වුණෙ කොටි පරාජය කරන්න හමුදාවට කල් අරන් දෙන්න පමණයි.