Main Logo

Friday, 9 November 2018

නීතියේ පරස්පර


නීතියේ පරස්පර



මහා නීති විශාරදයන් සටනට බැහැලා. නීතිය පිළිබඳ කිසිම උගත්කමක් නැති මා කියන දේට වඩා නීති විශාරදයන් කියන දේ ජනතාව හා දේශපාලනඥයන් පිළිගන්නවා. මාධ්‍යවේදීන් අතිවිශාල බහුතරය නම් මා කියන දේ තුට්ටුවකවත් ගණන් ගන්නේ නැහැ. රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නෙ මොනවට ද කියලා අප කුඩා කාලයේ කතාවක් තිබුණා. දැන් රුපියලත් අලුක්කාලක් වෙලා. නීති විශාරදයන් ද අලුක්කාල් වෙලා. ඒ නිසා නීති විශාරදයන් කියන දේ ගැන අපටත් කතා කරන්න පුළුවන් අලුක්කාල හා රුපියල අතර ඒ තරම් වෙනසක් නැති නිසා.

Thursday, 8 November 2018

ජනමත විචාරණය හා මන්ත්‍රී විචාරණය


ජනමත විචාරණය හා මන්ත්‍රී විචාරණය



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනමත විචාරණයක් පවත්වන්න කියන එකේ තේරුම එසේ විසුරුවා හැරීම ගැන පරමාධිපත්‍යය තියෙනව කියන මිනිසුන්ගෙ කැමැත්ත අකමැත්ත දැන ගැනීම. එය කරන්නෙ කොහොමද  කියන එක ප්‍රශ්නයක්. මා හිතන විධියට නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 86 වැනි ව්‍යවස්ථාව යටතේ කරන්න පුළුවන්. එහෙත් එය කළ යුත්තේ 85 වැනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට යටත් ව. නීතියේ ඇති මේ තත්වයන් නොදැන නීතිය ගැන කතා කරන්න යෑම තරමක් ප්‍රශ්නයක්.

Wednesday, 7 November 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනමත විචාරණයක්


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනමත විචාරණයක්





පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද ප්‍රශ්නයක් වෙලා. අද තියෙන්නේ ව්‍යවස්ථා අර්බුදයක් නොවෙයි.  ව්‍යවස්ථාවක අර්බුදයක්. ව්‍යවස්ථාවක පටලැවිල්ලක්. ජේ ආර් ගේ 78 ව්‍යවස්ථාව හා රනිල්ගේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇති වූ අර්බුදයක්. මේ අර්බුදය කොහොමටවත් රනිල් වික්‍රමසිංහ කියන විධියේ එකක් නො වෙයි. එය ඔහු කියන විධියට ඔහු හා මෛත්‍රිපාල අතර වූ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ඇති වූ එකක්. මෙය ජාතිකත්වය හා විජාතිකත්වය අතර ප්‍රශ්නයක්. ඊනියා ජාතික ආණ්ඩු කාලයේ ප්‍රශ්නය මතු වූයේ රනිල්ගේ ආණ්ඩුව හා මෛත්‍රිපාලගේ ආණ්ඩුව අතර ප්‍රශ්නයක් ලෙසයි.

Tuesday, 6 November 2018

කතානායක යනු රනිල්ගේ ස්පීකරයක් නො වේ


කතානායක යනු රනිල්ගේ ස්පීකරයක් නො වේ



ඊයේ පැවති ජනමහිමය රැළියේ දී ජනාධිපති කළ කතාවෙන් පැහැදිලි වුණා අද රටේ ඇත්තේ දේශීයත්වය හා විදේශීයත්වය, දේශීය සංස්කෘතිය හා විදේශීය සංස්කෘතිය, මෙරට ස්වෛරිභාවය හා යටත්විජිතවාදය, ජාතිකත්වය විජාතිකත්වය, දේශීය සම්පත් රැක ගැනීම හා විකිණීම  සහ තවත් එවැනි දේ අතර ඇති සටනක් බව. අප හැමදාමත් කී පරිදි රනිල් වික්‍රමසිංහ මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය. ඔහු මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයා නො වෙයි. ඔහු මෙරට ජීවත් වන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔහු මෙරට ඉතිහාසය බටහිර ඇසකින් හදාරා ඇති. ඒ මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසකාරයන් අතිමහත් බහුතරය හදාරා ඇති ආකාරයට. ඔහු 1505 පෘතුගීසීන් මෙරටට පැමිණීමේ පන්සිය වසර සැමරීමට උත්සාහ ගත් තැනැත්තා.

Monday, 5 November 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම



මෛත්‍රිපාල - මහින්ද එකතුව ගැන අද බොහෝ දෙනා කතා කරනවා. එහෙත් පසුගිය විසිහයවැනි දාට පෙර එවැන්නක්  ගැන කතා කෙළේ සිරිජාතිකවාදීන් කිහිප දෙනකු පමණයි. අද නම් බොහෝ දෙනකු සිරිජාතිකවාදීන්. එහෙත් ඇතැම් සුපිරි මහින්දවාදීන් බලා ඉන්නේ මේ ආණ්ඩුව කඩා වැටෙන තෙක්.  ආණ්ඩුව එහෙම කඩා වැටෙන්නේ නැහැ. අද ආණ්ඩුවට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව තියෙනවා. එය 113ක් විය යුතු ම නැහැ. අනෙක් අතට පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ ප්‍රශ්න තිබෙනවා. එයට හේතුව රටට ම ශාපයක් වූ දහනවවැනි සංශෝධනය. අද එකී සංශෝධනය එ ජා පෙරමුණට ම පාරාවළල්ලක් බවට පත් වී තිබෙනවා.

Sunday, 4 November 2018

රනිල් ඉවත් කිරීම ගැන වචනයක්


රනිල් ඉවත් කිරීම ගැන වචනයක්



කිහිප දෙනකු ව්‍යවස්ථාවේ ඇති වගන්ති කිහිපයක් පිළිබඳ ප්‍රශ්න කර තිබෙනවා. ඒ ගැන උනන්දුවක් දැක්වීම හොඳයි. කිසිම දෙයක් විශේෂඥයන්ට පමණක් භාර දී පැත්තකට විය යුතු නැහැ. යුද්ධය ජෙනරාල්ලාට පමණක් භාර නොදිය යුතු යැයි බටහිර කතාවක් තියෙනවා.  නීතියත් එසේමයි. එය නීතිඥයන්ට පමණක් භාර දෙන්න හොඳ නැහැ. පැරණි සිංහලයන් බොහෝ දේ දැනගෙන හිටියා. අපේ සමාජය වෙනත් බොහෝ සමාජවලට වඩා සමජාතීයයි. එහි ඕනෑම ක්‍ෂෙත්‍රයක ඉහළ ම අය හා පහළ ම අය අතර විශාල පරතරයක් නැහැ. යටත්විජිත සමයෙහි විශාල පරතරයක් ඇති කරන්න උත්සාහයක් ගත්තා. අද එය ක්‍රමයෙන් කැඩී යනවා.

Saturday, 3 November 2018

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

සිකුරාදා ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවට පාරම් බෑ රාජිත චම්පක ආදීන් කතානායක සමග රැස්වීමක් තියලා මහින්ද පත් කරගත් විධිය වැරදියි කියලා. අදාළ යෝජනාවට ජ වි පෙ හා දෙමළ ජාතික සංධානයෙ ආපු නාපු සියල්ලන් එකතු කර ගත් විට 118ක් ලැබෙනවා. එහෙත් එයිනුත් දෙමළ ජාතික සංධානයෙ වියලේන්දිරන් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා ගෙන. දැන් එතකොට තියෙන්නෙ 117යි. ඔය 117 දෙනාත් ආණ්ඩුවක් පිහිටුවන්න එකඟ වෙලා නැහැ. එකඟ වුණත් මරණාධාර සමිති පිහිටුවනවා වගේ ආණ්ඩු පිහිටුවන්න බැහැ. ආණ්ඩු පිහිටුවන එක ජනාධිපතිගෙ වැඩක් මිස කතානායකගෙවත් වෙනත් කාගෙවක්වත් වැඩක් නො වෙයි. චම්පකගෙයි රාජිතගෙයි අනෙක් අයගෙයි ඊනියා ජාතික ආණ්ඩුව පුස්සක් වෙලා.