Main Logo

Sunday 5 February 2017

අසාධාරණයක් වී ඇත්තේ සිංහලයන්ට  


අසාධාරණයක් වී ඇත්තේ සිංහලයන්ට



ලංකාවේ අසාධාරණයට ලක් වී ඇත්තේ සිංහලයන්. ඉනුත් සිංහල බෞද්ධයන්. දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් සිදු වී ඇති අසාධාරණයක් නැහැ. අප මේ බව හොඳාකාරව වටහා ගත යුතුයි. දෙමළ කතාකරන ජනයා ස්ථිර පදිංචිය සඳහා මෙරටට පැමිණ ඇත්තේ දොළොස්වැනි සියවසෙන් පසුව.  මුහුදු කොල්ලකරුවන් යැයි කිව හැකි ආර්ය චක්රවර්තීන් පැමිණීමෙන් පසුව.  එහෙත් ආර්ය චක්රවර්තීන් සමග මෙරටට දෙමළ කතාකරන ජනයා විශාල පිරිසක් පැමිණි බවට සාක්ෂි නැහැ. දෙමළ කතා කරන ජනයා මෙරටට යම් ප්රමාණයකින් නමුත් පැමිණ ඇත්තේ දහහතරවැනි සියවසේ හා ඉන් පසුව. මේ අය මුස්ලිමුන් මෙන් සිංහල බවට පත් වූ තවත් අයත් සමග මලබාර් ප්රදේශයෙන් පැමිණ ඇති බව පේනවා.




ඔවුන් පැමිණ ඇත්තේ මලබාර්හි මලයාලම් මිශ් දෙමළ බසක් කතා කළ ප්රදේශයකින්. යාපනයේ දෙමළ බසෙහි තමිල්නාඩු දෙමළ බසට වඩා මලයාලම් වචන ඇත්තේ එබැවිනුයි. මෙලෙස ජනයා පැමිණි නමුත් පෘතුගීසීන් පැමිණෙන විටත් යාපනයේ බහුතර ජනගහනය සිංහල. බව පෘතුගීසි ලේඛකයන්ගේ විස්තරවලින් සනාථ වෙනවා. යාපනයට වෙල්ලාලයන් ගෙන එනු ලැබුයේ ලන්දේසීන් විසින්. 1650න් පසුව. ඔවූන් ගෙන එනු ලැබුයේ කෝරමණ්ඩල වෙරළෙන්. එනම් වත්මන් තමිල්නාඩු ප්රදේශයෙන්.



පෘතුගීසීන්ගෙන් සිංහල බෞද්ධයන්ට (එකල සිංහල ක්රිස්තියානීන් හිටියේ නැහැ. අනුරාධපුරයෙන් කුරුසයක් හමු වී ඇතත් සිංහල ක්රිස්තියානීන් අනුරාධපුරයේ පදිංචි වී සිටි බවට කිසිම සාක්ෂියක් නැහැ. මේ කුරුසය එකල අනුරාධපුරයට පැමිණි ක්රිස්තියානි වෙළෙන්දන්ගේ එකක් විය හැකියි. අනුරාධපුරයේ රෝම කාසිත් හමු වී තිබෙනවා. එයින් කියැවෙන්නේ එහි රෝමයන් පදිංචි වී සිටි බව නො වෙයි.) මෙන් මුස්ලිමුන්ට යාපනයේ දෙමළ කතාකරන ජනයාට හිරිහැර සිද්ධ වුනා. අතින් පෘතුගීසින් අපක්ෂපාතයි. ඔවුන් සියල්ලන්ට හිරිහැර කළා! ඔවුන්ගේ හිරිහැර හා තාඩන පීඩනවලින් මුස්ලිමුන් ගලවා ගෙන වත්මන් නැගෙනහිර පළාතේ හා උඩරට පෙදෙස්වල පදිංචි කරනු ලැබුයේ සිංහල රජවරුන් විසින්. 



ලන්දේසීන් පෘතුගීසීන් මෙන් අපක්ෂපාත හිරිහැර කළේ නැහැ! ඔවුන්ගේ හිරිහැරයට සිංහලයන් ලක් වූවා. ලන්දේසීන්ගේ අනුග්රහය හේතුවෙන් වෙල්ලාලයන් යාපනයේ දෙමළ කතාකරන ජනයා අතර ප්රධාන තැනට පත්වුනා. වෙල්ලාල යාපනයේ ප්රධාන කුලය බවට පත් වූවා. පසුව යාපනයේ සිටි සිංහල ජනයා දෙමළ හින්දු සංස්කෘතියට අවශෝෂණය කෙරුණා. එසේ කෙරුණේ ඔවුන් ඊනියා අඩු කුලවලට පත් කෙරෙමින්. ලන්දේසීන්ගේ අනුග්රහයෙන් සිංහලයන්ට වත්මන් නැගෙනහිර පළාතට තිබූ අයිතිය නැති වන අයුරින් වෙල්ලාලයන් ලවා වයිපව මාලෙයි වැනි ඊනියා ඉතිහාස පොත් ලියැවුනා. ලන්දේසීන්ට අවශ් වූයේ වෙල්ලාලයන් මගින් විශේෂයෙන් වත්මන් නැගෙනහිර පළාතේ වරාය අයිතිකර ගැනීමටයි. පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි ආදී යුරෝපීයනට පමණක් නොව වත්මන් ඉන්දියාවටත් චීනයටත් ලංකාවේ වරාය අවශ්යයයි. 1948 ලැබුණු ඊනියා නිදහසක් ගැන කතා කළත් ත්රිකුණාමල වරායෙන් ඉංගිරිසින් පිට කෙරුවේ බණ්ඩාරනායක ආණ්ඩුවෙන්.



ඉංගිරිසින් ලන්දේසීන්ටත් වඩා සියුම් දෙමළ කතාකරන ජනයාට, විශේෂයෙන් වෙල්ලාල ප්රභූන්ට අනුග්රහ දැක් වුවා. වෙල්ලාලයන්ට ඇමරිකානු මිෂනාරීන් ඔවුන්ගේ අධ්යාපනයක් ලබා දුන්නා. වෙල්ලාල ප්රභූන් රටේ වැදගත් පිරිස බවට පත් කෙරුණා. අප ඉංගිරිසින්ගේ බෙදා පාලනය කිරීමේ ප්රතිපත්තිය ගැන පමණක් කතා කරනවා. මේ බෙදා පාලනය කිරීමේ දී ඇතැම් ජන කොටස්වලට අසාධාරණයකුත් තවත් අයට අනුග්රහයකුත් කෙරුණු බව කියන්නේ නැහැ. බෙදා පාලනය කිරීමේ ප්රතිපත්තිය ගැන කතා කෙළෙත් ඉංගිරිසින් විසින් වීම එයට හේතුවක්! ඉංගිරිසින් යටතේ සිංහල බෞද්ධයන්ට වූ අසාධාරණකම්වලට තවමත් නිසි විසඳුමක් ලැබී නැහැ.



සිංහල බෞද්ධයන්ට වූ අසාධාරණයට විරුද්ධව සිංහලයන් නැගී සිටියේ 1817 සිට. අපේ නොනිමි නිදහස් සටන ඇරඹුණේ එදා ඉංගිරිසින් 1815 ගිවිසුම කඩා දමා සිංහල නීතියට ගරු නොකර මුස්ලිමුන්ට පක්ෂපාති වීම හේතුවෙන්. නිදහස් සටන 1948 දී නිම වූයේ නැහැ. 1998 දී දෙමළ ත්රස්තවාදීන් දළදා මාළිගාවට පහර දී දින කිහිපයකට පසු චන්ද්රිකා වේල්ස් කුමරයා සමග ඊනියා නිදහසේ පනස්වන අවුරුද්ද සමරද්දී චින්තන පර්ෂදය වෙල්ලස්සට ගොස් වෙල්ලස්සේ කුමාරයාට උපහාර දැක්වුවා. ඉංගිරිසින් සිංහල බෞද්ධයන්ට කළ අසාධාරණකම් අද වන විට ජාත්යන්තර සුපිරිව්යුහයෙන් කෙරෙනවා. රට නොබෙදා බලය බෙදීම කියන එක මෛත්රිපාලගේ අදහසක් නො වෙයි. චන්ද්රිකාත් ඒක කිවුවා. සිංහලයන්ට විරුද්ධව කෙරෙන මේ බොරු වාක් සුපිරිව්යුහයේ නිර්මාණ. මෛත්රිපාල ඒවා උච්චාරණය කරන්නේ පුලතිසි පුරයට නිගා කරමින්. මෛත්රිපාල ඊයේ මියගිය රණවිරුවන්ට නිග්රහ කළා. ඔහුට අනුව මියගිය රණවිරුවන් පරාජිතයන්. ඔහු කතා කරන්නේ චන්ද්රිකාගේ හා රනිල්ගේ කටින් ? මෛත්රිපාල තම ප්රකාශය ගැන රණවිරුවන්ගෙන් සමාව ගත යුතුයි. රණවිරුවන් ත්රස්තවාදය පරාජය නොකරන්න මෛත්රිපාලට ජනාධිපති වෙන්න බැහැ. මෛත්රිපාල ජයග්රහකයෙක් ?



දහනවවැනි සියවසේ දී ඉංගිරිසින්ට විරුද්ධව සටන් කෙළේ සිංහලයන් පමණයි. ඉනුත් සිංහල බෞද්ධයන් ප්රධානයි. 1848 සටන, දහනවවැනි සියවසේ බෞද්ධ පුනර්ජීවනය ආදිය මෙහි දී සිහියට නැගෙනවා. වෙල්ලාලයන් කළ සටන කුමක් ? ඔවුන්ට ඉංගිරිසින් යටතේ කිසිම අසාධාරණයක් වුනේ නැහැ. ඔවුන් ඉංගිරිසින්ගේ තුරුළේ පසු වුනේ නිලතල වරප්රසාද ලබාගනිමින්. ඇතැමුන් අරුමුගම් නවලාර්තුමාගේ ඊනියා සටනක් ගැන කතා කරනවා. ඔහුගේ සටන වෙල්ලාලයන් වෙනුවෙන් අනෙක් කුලවල ජනයා පීඩනයට ලක් කිරීමට. ඔහු ඉංගිරිසින්විරුද්ධ සටන් කළා නොව හින්දු ආගමික පාඨ කියමින් වෙල්ලාලයන් අනෙක් කුල පීඩනයට පත් කිරීම සාධාරණය කළා. ඔහුගේ සටන අනගාරික ධර්මපාලුමාගේ සටන් සමග සන්සන්දනය කරන්න කසිකබල් මාක්ස්වාදීන් උත්සාහ ගන්නවා. අනගාරික ධර්මපාලතුමා සටන් කෙළේ සිංහල බෞද්ධයන්ට වෙමින් තිබූ අසාධාරණකම්වලට විරුද්ධ . අනගාරික වලිසිංහ හරිශ්චන්ද්රතුමා අනුරාධපුරයට වී ඇති අසාධාරණකම් ගැන ඉංගිරිසින්ට කරුණු කියා සිටියා. පසු කලෙක භාෂා ප්රේමීන් සිංහල භාෂාවට වී ඇති අසාධාරණය ගැන කතා කර ඉංගිරිසි වෙනුවට සිංහලය රාජ් භාෂාව බවට පත් කිරීමට උද්ඝෝෂණ කළා.



දෙමළ කතාකරන ජනයාට මෙරට දෙමළ අනන්යතාවක් ලැබුණේ දහනවවැනි සියවසේ අගභාගයේ දී . ඉන් පෙර මෙරට සිටියේ දෙමළ කතාකරන මලබාර්වරුන්. දෙමළ අනන්යතාවක් ලැබීමෙන් පසුවවත් වෙල්ලාලයන් දෙමළ භාෂාව රාජ් භාෂාවක් කිරීමක් ගැන කතා කෙළේ නැහැ. එයට හේතුව සිංහල මෙන් නොව දෙමළ මෙරට කිසි දිනෙක රාජ් භාෂාව වී නොතිබීම. දෙමළ වෙල්ලාලයන් හැමදාමත් සටන් කෙළේ සිංහලයන්ට විරුද්ධ . පළමුව සිංහල මන්ත්රී සංඛ්යාව වැඩි කිරීමට විරුද්ධව. දෙමළ ජනයාගේ ඊනියා අසාධාරණය අන් කිසිවක් නොව වෙල්ලාලයන්ට ඉංගිරිසින් හා ලන්දේසීන් යටතේ තිබූ වරප්රසාද නැති වීම. ඔවුන්ට දෙමළ වීම නිසා ඇති වුනු අසාධාරණයක් නැහැ.



ඔවුන්ට සයිටම් සිසුන්ට වන අසාධාරණය වැන්නක්වත් සිදු වී නැහැ. සයිටම් සිසුන් ඉගෙන ගත්තේ රාජපක් ආණ්ඩුවෙන් නීත්යානුකුල ව, කාලෝත් සාමාජිකයකු වූ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂමේත් අනුමැතියෙන් පිළිගත් උපාධි ලබා දීමේ ආයතනයකින්. ඔවුන්ට රැකියා අහිමි කිරීම අසාධාරණයක්. කළ යුත්තේ අඩුපාඩුකම් ඇත්නම් ඒවාට විසඳුම් දීමයි. බොහෝ දෙනකු නොදන්නවාට උතුරු කොළඹ වෛද් විද්යාලය රාගම වෛද් පීීඨය බවට පත් වූයේ ප්රේමදාස ජනාධිපති මා කැඳවා කළ සාකච්ඡාවක දී මා කළ යෝජනාවකට අනුව. උතුරු කොළඹ වෛද් විද්යාලය ජනසතු කළ යුතු බවට එදත් ශිෂ් ක්රියාකාරීන් කෑ ගැසුවාට කළ යුත්තේ කුමක් ගැන ඔවුන්ට  දැක්මක් තිබුණේ නැහැ. වි පෙ දැන සිටියේ සිසුන් බිලි දීමට පමණයි. අද අපේ යෝජනා ගැන කිසිවකු සැලකිලිමත් වන්නේ නැහැ. ඇතැමුනට ත්රිමාවිතානලා අවශ්යයයි.



මෛත්රිපාල සයිටම් ගැන විතරක් නොවෙයි දෙමළ ජාතිවාදය ගැනත් රනිල් හා චන්ද්රිකා කියන දේට අමතර වෙනත් අය කියන දේ ගැනත් සොයනවා නම් හොඳයි. ට්රම්ප්ගෙන් මෙරට ප්රශ්නවලට අත නොතැබීමට ඉල්ලන ලෙස අප දේශපාලනඥයන්ට හා වෙනත් අයට කියා තරමක කාලයක්. මේ ලිපිවල කරුණු අඩංගුයි. අද ට්රම්ප් බිස්වාල්ලා අයින් කිරීමෙන් පසුව ඇස් ඇරුණු ඊනියා දේශපාලන විද්යාඥයන් කියන කතා ජනමාධ්යයට ඉතා වැදගත්. දෙමළ ජනයාට අසාධාරණයක් වී නොමැති බවත් ට්රම්ප්ටත් අනෙක් අයටත් කීමට අපේ කිසිම වැඩ පිළිවෙළක් නැහැ.





මේ ලිපිිය තවත් ලිපි කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි .



https://www1.kalaya.org



නලින් සිල්වා



2017 පෙබරවාරි 05