ක්‍රිස්තියානි නූතනත්වය පැතිර වූ වයිරය හා වයිරස
කොවිඩ් 19 නිසා වෙනත් බොහෝ දේ මගහැරෙනවා. නේස්බි සාමිවරයා එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්ඩලය අමතා ලංකාව ගැන කළ කතාව එසේ මගහැරුණු එකක්. පසු දවසක හරි ඒ ගැන කතා කරන්න ඕන. විග්නේස්වරන් උතුරට හා නැගෙනහිරට ඉන්දියාවෙන් එන්නත් ඉල්ලපු කතාවකුත් තියෙනවා. ඔහුට කොහොම වෙතත් යාපනයට චීනෙන් එන්නත් ලැබෙන පාටයි. ඒත් විග්නේස්වරන්ට තම නිජ බිම වූ තමිල්නාඩුව අමතක කරන්න බැරි කම තමයිි ඒ සියලු කතාවලින් පෙන්නුම් කරන්නෙ. කාබනික පොහොර කතාත් තියෙනවා. කිසිම පොහොරක් නැතිව වගා කරන අයත් ඉන්නවා. ගොම ටික, කොළ රොඩු ආදිය තමයි ඔවුන්ගේ පොහොර. මියන්මාහිත් එවැන්නන් ඉන්නවා. මී හරකුන් මෙන් ම එළ හරකුන් ද බැඳ නගුලෙන් සීසාන අයත් ඉන්නවා. ඒ ගැනත් ලියන්න ඕන. ඒ ගොවිතැනෙන් එතරම් අස්වැන්නක් නැතැයි කාට හරි කියන්න පුළුවන්. ඒ ගොවිතැනට එතරම් වියදමක් යන්නෙත් නැහැ. අප කුඩා කල පාසලේ ශෂ්‍ය මාරුව කියා ගොවිතැනක් ඉගෙන ගත්තා. එයින් පස සකස්වෙන බවත් ඉගෙන ගත්තා. පාසලේ ඉගෙන ගත් දේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් දේට වඩා රටට වැඩදායකයි.