Main Logo

Monday, 7 August 2017

බැඳුබැඳුම්කර කෝළම

බැඳුම්කර කෝළම

දැන් හැමෝම මහා බැංකු බැඳුම්කර ගැන කතා කරනවා. හොරකම් ගැන හැමෝම වගේ කතා කරන්නෙ තමන් කිසිදාක කිසිම හොරකමක් නොකළ අය වගේ. ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමේ දී කරන හොරකම් ද හොරකම් තමයි. කාර්යාලයේ දුරකථනයෙන් මුදල් නොගෙවා ඇමතීමත් හොරකම්. මේ බොහොමයක් හොරකම්වලිනුත් සතේකින් හරි පාඩු වෙන්නෙ රටට. ඒත් මේ හොරකම් බැඳුම්කර හොරකමත් එක්ක ගත්තම ඉතාමත් සුළුයි. ඒවා නොගිණිය හැකි තරම්. උසස් පෙළටවත් ගණිතය හදාරපු අය දන්නවා නොගිණිය හැකි කියන යෙදුමේ තේරුම. ඉන් කියැවෙන්නේ ඒ හොරකම් යුක්තියුක්ත කෙරීම නො වෙයි. ඒවත් හොරකම්. ඒත් වෙනත් සමහර හොරකම් එක්ක ගත්ත ම ඒවා ඉතාමත් සුළුයි.

Sunday, 6 August 2017

පරිසරය රැකීම


පරිසරය රැකීම





පරිසරය ගැන අද බොහෝ දෙනා කතා කරනවා. පරිසරය, ස්වභාව ධර්මය, තිරසාර සංවර්ධනය, ස්වාභාවික සම්පත්, ශක්ති ප්‍රභව ආදිය එකිනෙක සමග බැඳී පවතිනවා. පරිසරවේදය හදාරන්නන් එමටයි. පරිසරවේදීන්ට අද සමාජයේ වැදගත් තැනක් හිමි වෙලා. පරිසර ජනමාධ්‍යවේදීන් ද ඉන්නවා. මා හිතන අන්දමට ස්වභාව ධර්මයේ රක්‍ෂණය වෙනුවෙන් කැප වුණු සංවිධාන ද තිබෙනවා. එහෙත් ඒ අතර ස්වාභාවික සම්පත් හීන වෙනවා.

Saturday, 5 August 2017

ආවා කල්ලිය




ආවා කල්ලිය



ආවා කල්ලිය දැන් නිතර එනවා. ඔවුන් යාපනයේ නිතර දකින්න පුළුවන්. ආවා කල්ලිය කවුද කියලා ආණ්ඩුව දන්නෙ නැති පාටයි. ආණ්ඩුව බුද්ධි අංශය දුර්වල කරපු නිසා, ඔවුන් අධෛර්යමත් කරපු නිසා බුද්ධි අංශය දැන් නැති ගාණයි. බුද්ධි අංශයේ අය සිරගත කරමින් ත්‍රස්තවාදීන් නිදහස් කරමින් ආණ්ඩුව දෙමළ ජාතිවාදය පිනවනවා. ආවා කල්ලිය කවුරුන් වුවත් බුද්ධි අංශය දුර්වල කිරීම මොන මොන කල්ලිවල වුවත් වර්ධනයට හේතු වෙනවා.

Friday, 4 August 2017

ඕල්කට් බුද්ධාගම


ඕල්කට් බුද්ධාගම



එංගලන්තයේ පළ කෙරෙන ලංකාවෙබ්  අඩවියට නීල මහා යෝධයා නමින් ලියන අයකු නැවතත් හදිසියේ නැගිටලා. ඔහු කුම්භකර්ණ මෙන් කාලයක් නිදා ගන්නවා ද කියා දන්නේ නැහැ. ඒත් ඒ කුම්භකර්ණ ගැන තියෙන එක් විවරණයකට අනුවයි. ඇතැමුන්ට අනුව කුම්භකර්ණ කියන්නේ කුඹුක්කන් ඔය ප්‍රදේශයට අධිපති වූ අයකු. ඔහු රාවණගේ සොහොයුරකු ලෙස ඒ ප්‍රදේශය රාවණ වෙනුවෙන් කරවූ අයකු ලෙස හැඳින්වෙනවා. බිම්තැන්න මහියංගණය වුණා සේ කුඹුක්කන් කුම්භකර්ණ බවට පත් වී තියෙනවා. ඉන්පසු එයට අර්ථකථන කෙරෙනවා . කුඹුක්කන් නිදා සිටි තැනැත්තකු ලෙස අර්ථදක්වන්න බැහැ. මේ ගැන දැනට තවදුරටත් කතා කරන්නේ නැහැ. මා මෙයින් තැත් කරන්නේ විවිධ අර්ථනිරූපණ, විවරණ ඇති බව පෙන්වීමට පමණයි. ඒ අර්ථනිරුපණ අනුව තව තවත් කතා ගෙතෙනවා. ලෝක විවිධයි. මගේ ලෝකය කියවූ අයකු ඒ ගැන දන්නවා.

Thursday, 3 August 2017

ජී එල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය  


ජී එල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය



අප රටේ ජනමතය හසුරුවන්නේ ටික දෙනයි. ජනමතය හැසිරවිය හැක්කේත් කිහිප දෙනකුගේ පමණයි. එහෙත් ඒ කිහිප දෙනා මැතිවරණයක දී වැදගත් වන්න පුළුවන්.   ජනමාධ්‍ය මගින් ජනමතය හැසිරවීමේ  හැකියාව ලබා ඇති කිහිප දෙනකු ඉන්නවා. ජනමතය හසුරුවන්නන් බොහෝ විට සිතන්නේ දේශපාලන පක්‍ෂවල සාමාජිකයන්, හිතවතුන් ලෙස. තමා ආධාර කරන දේශපාලන පක්‍ෂයේ නායකයන්ගේ කිසිම වරදක් දකින්න මේ අය කැමති නැහැ. ඔවුන්ගේ බැඳීම් පක්‍ෂයට (සාමාජිකයකු වුවත් නැතත්) මිස රටට නො වෙයි. මහින්දගේ කිසිම වරදක් නොදකින්නන් මෙන් ම රනිල්ගේ කිසිදු  වරදක් නොදකින්නන් ද  රටේ ඉන්නවා. 

Wednesday, 2 August 2017

කළු කුහර ද බෝසෝන තාරකා ද  


කළු කුහර ද බෝසෝන තාරකා ද



පසුගිය ජූලි 15 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවේ වැදගත් ලිපියක් පළ වී තිබෙනවා. මා එය දැක්කේ දැනට දින දෙක තුනකට කලින්. මට පෙර එය කියවූ අය මෙරට ඉන්න පුළුවන්. ඒ අයත් සමහර විට ඒ ගැන ලියාවි. නිව් සයන්ටිස්ට් කියන්නෙ ජනප්‍රිය සඟරාවක් මිස ඊනියා පර්යේෂණ සඟරාවක් නො වෙයි. මා මේ කියන කතාව එවැනි පර්යේෂණ සඟරාවක කියවූ අයත් ඉන්න පුළුවන්. ඒත් මා දන්න කාරණයක් තමයි බොහෝ දෙනා බටහිර විද්‍යාව ගැන දැනගන්නෙ ජනප්‍රිය සඟරා කියවීමෙන් බව. ෂ්රොඩිංගර් සමීකරණය ලියා ගන්න බැරි අය, ක්වොන්ටම් යාන්ත්‍රිකයට අදාළ හිල්බට් අවකාශය ගැන හාන්කවිසියක් නොදන්න අය ක්වොන්ටම් දුරස්ථප්‍රවාහනය (ටෙලිපොටේෂන්) ගැන ලියනවා. පසුගියදා මා දැක්කා පිටරට සිටින මෙරට සුප්‍රසිද්ධ හෘද රෝග වෛද්‍යවරයෙක් ඒ ගැන ලියා තිබුණා. බුදුහාමුදුරුවන් සෘද්ධි වීම ක්වොන්ටම් කතා සමග සංසන්දනය කිරීමේ උත්සාහයක් මේ අය දරනවා. ඔවුන් සිතන්නේ ක්වොන්ටම් යාන්ත්‍රිකය සත්‍ය කියා ද? එයත් බටහිර විද්‍යාවේ අනෙක් ප්‍රවාද මෙන් ම පට්ටපල් බොරු පමණයි. බුදුදහම බටහිර විද්‍යාව ඇසුරෙන් තේරුම් කරන්න ගිහින් බූදුදහමත් බටහිර විද්‍යාවත් දෙක ම මේ ඇතැමුන් විකෘති කරනවා.



ජූලි 15 වැනි දා ලිපිය කළු කුහර ගැනයි. මේවා ඉංගිරිසියෙන් හඳුන්වන්නේ බ්ලැක් හෝල්ස් කියා. අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් මේ ගැන කියැවෙනවා. බොහෝ දෙනා හිතන්නේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගුරුත්වාකර්ෂණය තේරුම් කරනවා කියා. ඉහත කී ලිපියෙහිත් එවැනි අදහසක් කියැවෙනවා. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය කියන්නෙ දෙකක්. එකක් අනෙකේ පැහැදිලි කිරීමක් නො වෙයි. ඒත් බටහිරත් බොහෝ දෙනා සිතන්නේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගුරුත්වය පැහැදිලි කෙරෙනවා කියා. ඒ දෙක ම පෙළොවට පොල් (ඇපල්) වැටෙන්නේ මොකද කියා කීමට ගෙතූ පට්ටපල් බොරු කතා පමණයි. අර හෘද රෝග විශේෂඥයා නම් නිව්ටන්ගෙ ඔළුවට ඇපල් ගෙඩියක් කඩා වැටුණු කතාවත් විශ්වාස කරන බවක් පේනවා. එවැන්නන් බටහිර විද්‍යාවේ කතන්දර විශ්වාස කරන එක පුදුමයක් නො වෙයි.



කළු කුහර ගැන සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් කියැවුණත් ඒ මොනවා ද කියා කිසිවකු දන්නේ නැහැ. කළු කුහර ඇතුළෙ තියෙන්න මොනව ද කියලා ඇහුවෙත් කාටවත් පිළිතුරක් නැහැ. දන්න දේ තමයි කළු කුහරවලට ඇදගන්නා ද්‍රව්‍ය හා විකිරණවලට ආපහු ඒමක් නැති බව. අර ජාතක කතාවක, විජයගෙ කතාවෙ තියෙනවා වගේ. මෙරට පඬියකු ඒ ජලාශ තුළ කළු කුහරයක් තිබුණු බව හරි එකල මිනිසුන් කළු කුහර හැඳින්වීමට අධිපති යක්‍ෂයකු යොදා ගත් බව හරි කිව්වොත් මා පුදුම වෙන්නෙ නැහැ. කළු කුහරවලට ඇද වැටෙන වස්තුවලින් විකිරණ එන බව ස්ටීවන් හෝකින් අවුරුදු ගණනකට පෙර කියා තිබුණා. ඒ ක්වොන්ටම් යාන්ත්‍රිකය ඇසුරෙන් කෙරෙන්නක්. එය තරමක සංකීර්ණ කතාවක්. ඒ පිළිබඳවත් මතභේද තිබෙනවා. බටහිර විද්‍යාව ගැන බොරු දොඩවන්නන් ඊනියා නිරීක්‍ෂණ, ආනුභවිකත්වය ගැන මොනවා කිව්වත් මේ කළු කුහර නිරීක්‍ෂණය කරන්න බැහැ. මේ ගැන ඇත්තේ වක්‍ර නිරීක්‍ෂණ. 



හැටගණන්වලත් කළු කුහර පිළිබඳ ප්‍රශ්න තිබුණා. 1964 දී මේ වක්‍ර නිරීක්‍ෂණ අනුව සිග්නස් රාශියේ එක්ස් කිරණ නිකුත්වීමක් දැක්කා. එය කළු කුහරයකට ද්‍රව්‍ය වැටීමේ දී නිකුත් කෙරෙන කිරණ ලෙස හැඳින්වුවා. එහෙත් එය හැඳින්වීමක් පමණයි. එය කළු කුහර සොයමින් සිටි තාරකා විද්‍යාඥයන්ට යමක් ලැබීමක්. කෙසේ වෙතත් මේ කළු කුහරයක් ලෙස හඳුනාගත් විද්‍යාඥයන් එය Cyg X-1  ලෙස නම් කළා. 1970 පමණ වන විට විද්‍යාඥයන් එය කළු කුහරයක් බව විශ්වාසයෙන් යුක්ත ව ප්‍රකාශ කළා. ඉන් පසු තව තවත් කළු කුහර එලෙස වක්‍ර ව නිරීක්‍ෂණය කෙරුණු අතර විශ්වය ආරම්භයේ දී ඇති වී යැයි කියන කළු කුහර ගැනත් කියැවුණා.



මතක තබා ගත යුත්තක් නම් මේ නිරීක්‍ෂණ සෘජු නිරීක්‍ෂණ නොවන බවයි. කිසිවකු කළු කුහර සෘජු ව නිරීක්‍ෂණය කර නැහැ. ප්‍රවාදවලින් (කතන්දරවලින්) ද්‍රව්‍ය කළු කුහරයකට වැටීමේ දී ඝර්ෂණය වැනි ක්‍රියා හේතුවෙන් නිකුත් විය හැකි කිරණ ගැන අදහස් විද්‍යාඥයන්ට තිබුණා. කළු කුහර ලෙස හැඳින්වුණේ එවැනි කිරණ නිකුත් කෙරෙන වස්තු බව අමතක නොකළ යුතුයි. පසුගිය වසරේ නිරීක්‍ෂණය කෙරුණු ඊනියා ගුරුත්වජ තරංග සමග කළු කුහර සම්බන්ධයෙන් තවත් වක්‍ර නිරීක්‍ෂණ එකතු වුණා. 2015 දී  නිරීක්‍ෂණය කෙරුණු සංඥා කළු කුහර දෙකක් එකිනෙකට ආකර්ෂණය වීමේ දී නිකුත් කෙරෙන කිරණ ලෙස හඳුන්වනු ලැබුවා.



යමකුට හිතෙන්න පුළුවන් දැන් කළු කුහර තිබෙන බවට ඕනෑ තරම් සාක්‍ෂි තිබෙන බව. එහෙත් මෑතක ඉදිරිපත් වී ඇති මතයකට අනුව කළු කුහර දෙකක් එකිනෙක ආකර්ෂණය කිරීමේ දී නිකුත් කෙරෙන්නේ යැයි කියන කිරණ තවත් ආකාරයකට, තවත් කතන්දරයකට අනුව තේරුම් කර දෙන්න පුළුවන්. බෝසෝන තාරකා නමින් හැඳින්වෙන තාරකා දෙකක් එකිනෙක ආකර්ෂණය කිරීමේදීත් එවැනි කිරණ නිකුත් වන බව කියනවා. සමහරවිට තවත් කතන්දර තියෙන්න පුළුවන්.   



බෝසෝන තාරකා ගැන විද්‍යාඥයන් එතරම් උනන්දුවක් දක්වා නැහැ. එහෙත් වසර කිහිපයකට ඉහත දී හිග්ස් බෝසෝනය නමැති බෝසෝනය  නිරීක්‍ෂණය කිරීමෙන් පසු විද්‍යාඥයන් බෝසෝන තාරකා ගැන උනන්දුවෙන් අධ්‍යයනය කර තිබෙනවා. බෝසෝනයක් තවත් එවැනි ම බෝසෝනයක් සමග එකට පවතින්න පුළුවන්. ෆෝටෝන නමින් හැඳින්වෙන ආලෝක අංශු ද බෝසෝන වර්ගයක්. ෆෝටෝන, ග්ලූටෝන හා ග්‍රැවිටෝන කියන බෝසෝන වර්ග තුනට නිසල ස්කන්ධයක් නැහැ. එහෙත් ඒවාට ශක්තිය තිබෙනවා. අවශ්‍ය නම් ඒ බෝසෝනවලට ස්කන්ධයක් නියම කරන්න පුළුවන්.



1955 දී පමණ ජෝන් වීලර් නම් භෞතික විද්‍යාඥයා තාරකා සෑදී ඇත්තේ ෆෝටෝනවලින් යැයි මතයක් ඉදිරිපත් කළා. එහෙත් විවිධ හේතූන් නිසා ඒ මතය ප්‍රතික්‍ෂෙප වුණා. එසේ වුවත් විවිධ ආකාරයේ තාරකා තියෙන්න පුළුවන්. අද විද්‍යාඥයන් බෝසෝන තාරකා ගැන කතා කරනවා. එහෙමත් නැත්නම් කතන්දර හදනවා. මේ කතන්දර වියුක්ත කතන්දර. අද ඇතැම් විද්‍යාඥයන් කියන්නේ කළු කුහර නමින් නිරීක්‍ෂණය වී ඇති සමහර වස්තු බෝසෝන තාරකා කියායි.



කළු කුහර නමින් හැඳින්වෙන වස්තු හා බෝසෝන තාරකා වස්තු දෙවර්ගයක් ලෙස දැනට විද්‍යාඥයන් සිතනවා. එහෙත් ඒ එකම වස්තු විය හැකි ද? කළු කුහර නමින් හැඳින්වෙන්නේ බෝසෝන තාරකා ද? බෝසෝන තාරකාවල ඇත්තේ ග්‍රැවිටෝන ද? ද්‍රව්‍ය කළු කුහරයක් තුළට යෑමේ දී ග්‍රැවිටෝන බවට පත් වන්නේ ද? මේ ගැන විද්‍යාඥයන් පසුව කතන්දර ගොතාවි. එහෙත් මේ සියල්ල කතන්දර පමණක් බව අමතක නො කරමු. 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 02






Tuesday, 1 August 2017

ජනාධිපති බලතල


ජනාධිපති බලතල



මෛත්‍රිපාල ඊයෙ පෙරේදා හොඳ කතාවක් කියලා තිබුණා. ඒක ඒකාබද්ධ විපක්‍ෂයට තමන් ඉන්නෙ කොහෙද කියන එක තේරුම් ගැනීමට උපකාරී වේවි.  මෛත්‍රිපාල කියලා තිබුණෙ මන්ත්‍රීවරුන් 113 දෙනකු එකතු කර ගත්තත් ආණ්ඩුවක් පිහිටුවන්න තමන් ළඟට එන්න ඕන කියලා. ඒක තමයි ව්‍යවස්ථානුකුල තත්වය. පාර්ලිමේන්තුවට එකතු වෙලා අගමැතිවරයකු තෝරා ගෙන ඔහු අගමැති ලෙස පත් කරන්න කියලා ජනාධිපතිගෙන් ඉල්ලන්න බැහැ. ජනාධිපති පාර්ලිමේන්තුවෙ වැඩි පුර මන්ත්‍රි සංඛ්‍යාවක් ඉන්න පක්‍ෂයෙ නායකයා අගමැති ලෙස පත් කළ යුතු යැයි ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙත් නැහැ.