නව ව්‍යවස්ථාවක් එපා, දහතුනත්
එපා
දහතුනෙන් එහාට යෑමට දෙන්නේ නැහැ කියන එක අද ඇතැමුන්ගේ සටන් පාඨයක්
වෙලා. නව ව්‍යවස්ථාවක් එපා යනුවෙන් මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ
උන්වහන්සේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන නිසා නො වෙයි. සිංහල
බෞද්ධයන්ගෙන් අති විශාල පිරිසක් දහතුන අනුමත කරන්නේ නැහැ. ඉන්දු ලංකා ගිවිසුමට
විරුද්ධ වූ බොහෝ දෙනා ද දහතුන ප්‍රතික්‍ෂෙප කරනවා. අද දහතුනට පක්‍ෂව කතාකරන්නන්
සමහර දෙනකු තමන් ජාතික ව්‍යාපාරයෙහි ද ඉන්න බව පෙන්වීමට උත්සාහ දරනවා. දහතුනට පක්‍ෂ
අය එදා ඉන්දු ලංකා ගිවිසුමටත් පක්‍ෂ වුණා. වර්ධරාජ පෙරුමාල්ගේ ආණ්ඩුවේ ඇමතිකම් දරා
හෝ නොදරා හෝ රනිල් නිසා යහපාලනයේ තැනක් ගැනීමට බැරුව ජාතික ව්‍යාපරයෙහි පතාක
යෝධයන් බවට පත් වී ඇති පිරිස් ද දහතුන වෙනුවෙන් කතා කරන බව පේනවා. ජාතික ව්‍යාපාරයෙහි ඇතැමුනට මොවුන් පෙනෙන්නේ
යෝධයන් ලෙසයි. තමන් අඟුටුමිට්ටන් වූ පමණින් ජාති ද්‍රෝහීන් ජාතික ව්‍යාපාරයෙහි
යෝධයන් බවට පත් කිරීම හෙළා දැකිය යුතු වෙනවා.