Main Logo

Thursday, 15 November 2018

ඊනියා විශ්වාසභංගයෙන් පසු කළ යුතු දේ


ඊනියා විශ්වාසභංගයෙන් පසු කළ යුතු දේ





ජනාධිපති පසුගිය නවවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු විවිධ පාර්ශ්ව දොළොස්වැනි සඳුදා එයට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රෙෂ්ඨාධිකරණය පසුදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටෙවුවා.  ඒ සමග මැතිවරණ කොමිසමට ද තහනම් නියෝගයක් නිකුත් කළා.

Wednesday, 14 November 2018

අද සිදු වූයේ කුමක් ද? (නොවැම්බර් 14 දෙවැනි ලිපිය)


අද සිදු වූයේ කුමක් ද?





අද පාර්ලිමේන්තුවේ සිදු වූ සියල්ල ස්ථාවර නියෝගවලට පටහැණි ය. මෙහි පහත පළවන්නේ අදාළ ස්ථාවර නියෝග ය.



ස්ථාවර නියෝග 135 යටතේ ස්ථාවර නියෝග අත්හිටුවිය හැක්කේ ඇමතිවරයකු නොවන අයකු ගෙනෙ යෝජනාවකට ඡන්ද විමසීමකින් පසු සම්මුතිය ලැබීමෙනි. එවැනි යෝජනාවක් ගෙන ආ හැක්කේ විශේෂ කාර්යයක් සඳහා ය. ඒ කාර්යය කුමක් දැයි සුමන්තිරන් සඳහන් කළේ ද? විශ්වාසභංගයක් විශේෂ කාර්යයක් නො වේ. එය යෝජනාවක් ලෙස ගෙන ආ යුත්තකි.

තීන්දුවක් නොවන අතුරු නියෝගය (නොවැම්බර් 14 පළමුවැනි ලිපිය)


තීන්දුවක් නොවන අතුරු නියෝගය



ජනාධිපති ගැසට් නිවේදනයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී යැයි පවසා ඉදිරිපත් කර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රෙෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් දීලා. එය නඩුු තීන්දුව නොවන බව පළමුවෙන් ම පැහැදිලි කර ගත යුතුයි. නඩුව දෙසැම්බර් 4, 5, 6 දිනවල අසා 7 වැනි දා තීන්දුව දේවි. දැනට සිදු වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවීමත් තීන්දුව දෙන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට පියවර නොගැනීමටත් නියෝග කිරීම පමණයි.

Tuesday, 13 November 2018

ජාතිකත්වය අධිකරණය හා නව සංධානය


ජාතිකත්වය අධිකරණය හා නව සංධානය



ඊයේ අධිකරණ භූමියේ දී දළ වශයෙන් මෙරට ජාතික හා විජාතික කණ්ඩායම් දැක ගන්නට ලැබුණා. එහි නියෝජනය වුණෙ ඒ කණ්ඩායම්වල රටේ ඉන්න පිරිසගෙන් සුළු කොටසක් පමණයි. එහෙත් අද ඇත්තේ ජාතික හා විජාතික බලවේග අතර සටනක්. මෙය අන්තිම සටන කියා මා කියන්නේ නැහැ. එහෙත් මෙය ඉතා වැදගත් සටනක්. සටන අද අධිකරණය ඉදිරියට පැමිණිලා. මේ නඩු ගැන ව්‍යවස්ථාව ගැන මා බොහෝ දේ ලියා තිබෙනවා. නඩුව අධිකරණයට පැමිණි පසු තවදුරටත් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. නඩු තීන්දුව දුන්නට පස්සෙ බලමු.

Monday, 12 November 2018

ආණ්ඩුවේ අමේෂා සංසිද්ධියක්


ආණ්ඩුවේ අමේෂා සංසිද්ධියක්



දෙරණ නාලිකාවේ දෙවෙනි ඉනිම නාට්‍යයේ ඉන්නවා අමේෂා කියා චරිතයක්. ඇගේ යෙහෙළියක් වූ නිලූ හා නිලූගේ සැමියා මේනක තරුණ අනුහස් හා අවන්ත අසමගි කිරීම සඳහා අමේෂා යොදා ගන්න සැලසුම් කරනවා. අමේෂා කියන්නෙ අවන්තගෙ අම්මා. අනුහස්ගේ අම්මා අමේෂා නොවූවත් පියා අවන්තගේත් පියා. අමේෂා ව්‍යාපෘතිය සාර්ථක වේ දැයි සමහරවිට ලබන සතියේ දී දැනගන්න පුළුවන් වේවි. දැන් පඬිපෝතකයකු කියන්න බැරි නැහැ මා බලන්නේ දෙවෙනි ඉනිම වැනි ජනප්‍රිය නාට්‍ය මිසක් ඊනියා සම්භාව්‍ය නාට්‍ය නොවෙයි කියා. ඒකට කමක් නැහැ. මා සම්භාව්‍යත් නැහැ ජනප්‍රියත් නැහැ.

Sunday, 11 November 2018

33(2)(ඇ) අනවශ්‍යයි


33(2)(ඇ) අනවශ්‍යයි



දැන් හැමෝම වගේ කැරොල් කරත්තයට නැගලා. සුපුරුදු පරිදි මා කරත්තයෙන් බස්සලා. මා අවුරුදු තුනක් කරත්තයේ තනියම යද්දී මට හූ කියපු, අඩෝ බැහැපන් කියපු අය අද කරත්තයේ යනවා.  කොහොම හරි රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරිලා. ඒ සඳහා මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දුන්න. ශක්තිය මයිලෝ ද කියලා අහපු අය විතරක් නොවෙයි ඕව වෙන වැඩ ද කියලා අහපු අයත් හිටියා. රනිල් අගමැති ධුරය දැරීම නතර කෙරී මහින්ද අගමැති පදවියට පත් කෙරුණේ 42(4) හා 43(3) අනුව්‍යවස්ථා යටතේ ව්‍යවස්ථානුකූල ව. එහි දී නීති විශාරදයන්   කී ඊනියා ජාතික ආණ්ඩුව කඩා වැටීම, රනිල් අස් කිරීම ආදිය බලපෑවේ නැහැ. අදත් එලෙස ම 33 (2) (ඇ) බලපාන්නේ නැහැ.

Friday, 9 November 2018

කතානායක අක්‍රීය කර ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි (නොවැම්බර් 9 වැනි දින පළ වූ නොවැම්බර් 10 වැනි දිනට නියමිත ලිපිය)


කතානායක අක්‍රීය කර ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි.



පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිටයි. එය විවිධ අනූව්‍යවස්ථා මගින් ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ නීතියේ පරස්පර මැයෙන් ලියූ ලිපියේ සඳහන් ව ඇති. එහි මා තවදුරටත් සඳහන් කළා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වෙනත් ක්‍රම නැත්තේ නැති බව.