Main Logo

Saturday, 13 July 2019

දෙවියන් ගුරුත්වාකර්ෂණය හා දේශපාලනය

දෙවියන් ගුරුත්වාකර්ෂණය හා දේශපාලනය



පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් ගුරුත්වාකර්ෂණය හා තවත් දේ පිළිබඳ ව විශ්වකර්ම සමග කළ සාකච්ඡාව මේ සබැඳියෙන්

https://youtu.be/ennNO8gU7sQ

විශ්වාසභංගයේ මාධ්‍ය සංදර්ශන හා රැවටීම්


විශ්වාසභංගයේ මාධ්‍ය සංදර්ශන හා රැවටීම්

විශ්වාසභංග යෝජනාවට විරුද්ධ ව ඡන්දය දීමට එස් බී දිසානායක ඇතුළු ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පස්දෙනකු  පමණ නොපැමිණියේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී හෙවත් මාධ්‍ය සංදර්ශනයක දී ඩිලාන් පෙර්රා කියා ඇත්තේ ඔක්තෝම්බර් විසිහය සිද්ධියේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට ආධාර කළ පිරිසකට එසේ විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දුන්නේ නම් මන්ත්‍රීධුර අහෝසි වීමේ තර්ජනයක් තිබූ බවයි. 

Friday, 12 July 2019

භංග වුණු විශ්වාසභංගෙ

භංග වුණු විශ්වාසභංගෙ

ඊයේ මා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් කියල ලිව්ව විධිය හරි ද? Trafford  කියන එක සිංහලෙන් ලියන්නෙ කොහොමද? මා හිතන්නෙ නැහැ අති විශාල බහුතර සිංහලයන්ට ඒ ප්‍රශ්නයක් කියා. ඉස්සර නම් ඉංගිරිසි උගත් සිංහලයන්ට Trafford  කියල ඉංගිරිසියෙන් හරියට ම ලියන්න ඕන. දැන් නම් මා හිතන්නේ ඉංගිරිසි ලියන කියන සිංහලයන්ට ඒකත් Traford  කියල ලිව්වත් Traffod  කියල ලිව්වත් වෙන විධියකට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. අද හැමෝ ම ඉංගිරිසියෙන් මොනව හරි ලියන්න කැමතියි. ඒක වැරදියි කියල මා කියන්නෙ නැහැ. දකුණට හැරෙන්න කියල ඉංගිරිසියෙන් ලියන්නෙ Turn to the right  කියල ද?  ඉංගිරිසි සම්ප්‍රදාය මොකක් ද? 

Thursday, 11 July 2019

ප්‍රබුද්ධයෝ, ඉන්දියාව හා රනිල්දාස


ප්‍රබුද්ධයෝ, ඉන්දියාව  හා රනිල්දාස

ඊයේ උදේ බිබිල ප්‍රදේශයේ නායක හාමුදුරුවන්වහන්සේ නමක් මගෙන් ඇහුවා දැන් මා නිහඬ ඇයි කිහායා. මා උන්වහන්සේට කියා සිටියේ ජනමාධ්‍යවේදින්ට පින් සිදුවන්න කියා. ඊයේ හවස බෞද්ධ සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන මගේ පාසල් මිතුරකු බෝධි භික්‍ෂූන් වහන්සේ බුදුදහම රැකෙන්න නම් බෞද්ධ සංස්කෘතියක් තිබිය යුතු බව කියා ඇති බව කිව්වා. මා ඔහුට කියා සිටියේ දැන් අවුරුදු විසිපහකට වැඩි කාලයක් මා එය ලියන කියන බව. ඔහු මා ලියූ එක ලිපියක්වත් කියවා තිබුණේ නැහැ. 

Wednesday, 10 July 2019

ආදිවාසීන් හා බටහිර චින්තනය

ආදිවාසීන් හා බටහිර චින්තනය

එක්තරා ගුරුවරියක් හිබාබය හෝ බුර්කාව හෝ ඇඳීමට ඇති අයිතිය ඉල්ලා අධිකරණයට ගිහින්. මා ඒ නඩුව ගැන කතා කරන්න යන්නේ නැහැ. මට අවශ්‍ය රෝම ලන්දේසි නීතිය යොදා ගැනීමෙන් රටට ඇති වන ප්‍රශ්න ගැන කතා කිරීමට පමණයි. එය කතා කිරීමෙන් එතරම් වැඩක් වන්නේ නැති බවත් මා දන්නවා. එය බොහෝ දෙනකුට විෂය වන්නක් නො වෙයි. ඊනියා ආදිවාසීන් පිළිබඳ කතාවත් ජනතාව අතරට යන්නේ නැහැ. ප්‍රබුද්ධ යැයි කියන ජනමාධ්‍යවේදීන් අතරටවත් යන්නේ නැහැ.

Tuesday, 9 July 2019

වත්මන් සිංහල උගත්තු

වත්මන් සිංහල උගත්තු



ඊයේ ලිපිය ලිවීම ගැන මා කණගාටුවෙනවා. සිංහලයන්ට තම සංකල්පීය නිර්මාණ ගැන අවබෝධයක් අභිමානයක් නැහැ. වැඩිම වුවහොත් සිංහලයන්ට තම ශිල්පීය දැනුම හා දක්‍ෂතා ගැන පමණක් අභිමානයක් ඇති. වැව් දාගැබ් පිළිම වහන්සේ   සුළු ආනතියක් සහිත ඇළ ආදිය ගැන අප නිතර කතා කරනවා. අපේ බුද්ධිමය සංකල්පීය හැකියාවන් ගැන කතා කරන්නේ දේවානම්පිය තිස්ස රජු මිහිඳු හිමියන්ට දුන් පිළිතුරු ගැනයි. 

Monday, 8 July 2019

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද?

ප්‍රතිචාර දක්වන අයට පිළිතුරු දෙන්න බැරි නම් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරන මෙන් ඉල්ලනවා. 

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද? 


බිංදුව නැත්නම් ශූන්‍යය ලිවීම සඳහා පළමුවරට සංකේතයක් නිර්මාණය කෙළේ කවුද යන ප්‍රශ්නය බොහෝ කලක සිට මගේ සිතේ තිබුණක්. අද අප යොදා ගන්නා සංකේතය 0 යි. ඒ ගැන මා කලින් ඇක්සල් ගැන ලියූ ලිපිවල සඳහන් කර ඇති. ඔහු කාම්බෝජයේ ශූන්‍යය සඳහා . යොදා ගෙන ඇති බවත් දැනට දන්නා පැරණි ම සංකේතය එය බවත් සඳහන් කර සිටිනවා. කාම්බෝජයට එය යන්න ඇත්තේ වත්මන් ඉන්දියාවෙන් හෝ ලංකාවෙන් හෝ විය යුතුයි. එහෙත් ලංකාවේවත් ඉන්දියාවේවත්  හත්වැනි සියවසට වඩා පැරණි සංකේතයක් දැන ගැනීමට නැහැ. ඇක්සල් ලංකාවට පැමිණි බවක් සඳහන් වන්නේත් නැහැ. එහෙත් ඔහු චතුස්කෝටිකය ගැන දැන ගැනීමට ලාඕසයට ගිය බව සඳහන් වෙනවා.