Main Logo

Wednesday, 28 February 2018

රංගෙ බණ්ඩාර සරණ යෑම



රංගෙ බණ්ඩාර සරණ යෑම


ඒකාබද්ධ විපක්‍ෂය ජනතාව රැවටුවා හොඳට ම ඇති. ඔවුන් රනිල් විවේචනය කරමින් පමණක් කාලය ගත නොකර රනිල් ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ ඇයි? රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට ඒකබද්ධ විපක්‍ෂය පාරම්බෑවේ බැඳුම්කරයට සම්බන්ධවයි. අද සක්‍රීය බැරකම් කළමනාකරණ පනතක් ගේන්න යනවා. ඒ රනිල් හා වෙනත් එ ජා පාක්‍ෂික ඇමතිවරුන් ආරක්‍ෂා කිරීමට බව පැහැදිලියි. ඒ පනත් කෙටුම්පත විවේචනය කළ යුතුයි. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය විවේචන කරන්නේ 2019 ජනාධිපතිවරණය හා 2020 පාර්ලිමේන්තු මැතිවරණය බලාගෙන බව පැහැදිලියි. අද කළ යුත්ත රනිල් ඉවත් කිරීමයි. අද රනිල් ඉවත් නොකළොත් ජනාධිපතිවරණ මැතිවරණ නොතියන්නත් ඉඩ තියෙනවා. මෛත්‍රිපාලට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙනැවිත් රනිල් ජනාධිපති පුටුවට පැන ගැනීමටත් ඉඩ තියෙනවා. එට්කා පමණක් නොව නව ව්‍යවස්ථාවත් මොන ක්‍රමයකට නමුත් සම්මත කර ගන්නත් ඉඩ තියෙනවා. රනිල් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය  කෙසේ යොදා ගනීවිද යන්න පිළිබඳ ව ඒකාබද්ධ විපක්‍ෂයට නිශ්චිත දැනුමක් තියෙනවා ද? රනිල් තමා 1972 බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කරනවා යැයි කියන්න ඉඩ තියෙනවා.

Tuesday, 27 February 2018

රනිල් අවශ්‍ය කාහට ද?



රනිල් අවශ්‍ය කාහට ද?


කලකට පෙර බැඳුම්කර ඝෝෂාව තියෙන කාලයේ ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට උනන්දුවක් දැක්වූවා. ඒ උනන්දුව අද නැත්තේ ඇයි? අද එ ජා ප මන්ත්‍රීවරුන් රනිල්ට විරුද්ධව කැරළි කතා කරනවා. මා ඒවාට කැරළි ගසනවා කියන්නේ නැහැ. විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන එක පහසු නැහැ. විශේෂයෙන් ම කරු ජයසූරිය වැනි ඊනියා අපක්‍ෂපාත කතානායකයකු සිටින විට. බොහෝ දෙනා කියන්නේ මෛත්‍රිපාලට කොන්දක් නැහැ කියලයි. ඒත් අද කොන්දක් තියෙන දේශපාලනඥයන් කී දෙනකු ඉන්නවා ද?

Monday, 26 February 2018

නැති රෙද්ද සේදීම



නැති රෙද්ද සේදීම


මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම යනුවෙන් ඊයේ පළ වූ ලිපිය වෙන දා ලිපි කියවන අයවත් කියවලා නැති බව පැහැදිලියි. මහින්දවාදීන්ට මේ ලිපි අරුචි වෙන්න පුළුවන්. ඔවුන් කැමති වුවත් නැතත් ඒ ලිපියේ ඉතිරි කොටස් පසුව පළවේවි. අද පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති දෙකකට අවධානය යොමු කරනවා. ඉන් එකක් රෝහල්වල රෙදි සේදීම ගැන. අනෙක ආණ්ඩුවේ රෙදි සේදීම ගැන. පසුගිය මැතිවරණ සමයේ දී මෛත්‍රිපාල කියා සිටියා කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන කටයුතු කිරීමක් ගැන. එසේ වීමේ දී රෙද්ද ද කිළිටි වෙනවා. ඒ රෙදි සෝදාගන්න එකයි අද ප්‍රශ්නය.

Sunday, 25 February 2018

මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම



මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම


අද දිවුරුම් දෙන ඇමති මණ්ඩලයට ඒකාබද්ධ විපක්‍ෂයෙන් කිසිවකුවත් එකතු වේ දැයි මා දන්නේ නැහැ. රනිල් ඉවත් කර ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු ඇමති මණ්ඩලයට එක්වන්නේ නම් හොඳයි. එහෙත් එය වළක්වන්නේ ඇතැම් රාජපක්‍ෂලා හා ඔවුන් වටේ සිටින්නවුන්. නාමල් රාජපක්‍ෂ අද විශේෂිත බලයක් අත්කර ගෙන. මේ අය පිටුපස ඉන්නේ කවුද කියා මා කියන්නේ නැහැ. අද මේ රටේ මෛත්‍රිපාලගේ හිත කියවන්න දන්න පඬියන් ඉන්නවා. ඔවුන් කියන්නේ මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට වුවමනාවක් නැති බවයි. හැම දෙයක් ම කුමන්ත්‍රණ හා රඟ පෑම් ඇසුරෙන් තේරුම් කරන පඬියන්ගෙන් රටට වැඩක් නැහැ. ඔවුන් දාර්ශනිකයන් වුවත් වැඩක් නැහැ. මහින්ද කරන්නේ රඟ පෑමක් නොවේ යැයි ද මෛත්‍රිපාල හා රනිල් රඟ පෑම් කරන්නේ යැයි ද පැවසිය හැක්කේ ජී එල් පීරිස් ගණයේ ඊනියා විද්වතුන්ට පමණයි.

Saturday, 24 February 2018

රනිල් මුල දී පත් කිරීම හා ඉවත් කිරීම


රනිල් මුල දී පත් කිරීම හා ඉවත් කිරීම


මෙරට ඇතැම් තරුණයන් කටයුතු කරන ආකාරය තේරුම් ගැනීමට අමාරුයි. පඬි පෝතකයකුට මා ගැන කණගාටුවක් හිතිලා. මා කියා සිටියා (මෙය කලිනුත් කියා තිබෙනවා) 2005 ජනවාරි නවවැනි දා මෛත්‍රිපාල අගමැති ලෙස රනිල් පත් කෙළේ දි මු අගමැතිව සිටිය දී ම කියා. එදින දිවුරුම් උත්සවයේ දී එවැනි අස් කිරීමේ ලිපියකට මෛත්‍රිපාල අත්සන් කරනවා නම් කළ යුත්තේ ඔහු දිවුරුම් දීමෙන් පසු හා රනිල් දිවුරුම් දීමට පෙර. එවැන්නක් අත්සන් කළ බවක් අප දුටුවේ නැහැ. එමෙන් ම එදින කිසිම විස්තර ප්‍රචාරයක එ බවක් ඒ මොහොතේ හෝ වෙනත් අවස්ථාවක හෝ ප්‍රචාරය වුණේ නැහැ. ඒ සා වැදගත් ප්‍රවෘත්තියක් ප්‍රචාරය නොකර සිටීමට කිසිම හේතුවක් නැහැ.

Friday, 23 February 2018

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණෝ



පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණෝ

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පුවත අසා ඉමහත් සංවේගයට පැමිණියා. උන්වහන්සේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් ලංකා විශ්වවිද්‍යාලයට ඇතුුළු වී ඇත්තේ ගිහි ශිෂ්‍යයකු ලෙස ය. පාලි භාෂාව පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් එතුමා ලැබූ බව මගේ විශ්වාසයයි. ඉන්පසු එතුමා විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටිය දී පැවිදි වී තියෙනවා. ඤාණනන්ද හිමියන් ඉන්පසු ආරණ්‍ය කිහිපයක ම වැඩ විසුයේ බුදුදහම පිළිබඳ පොතපත සම්පාදනය කරමින් ධර්මදේශන පවත්වමින් ආධ්‍යාත්මික දියුණුවක් අත්පත් කර ගනිමින්. උන්වහන්සේ ටික කලක් අසනීප ව පසු වී තියෙනවා.

Thursday, 22 February 2018

ටොයියන්ගේ ලෝකයේ හිර වූ බයියෝ



ටොයියන්ගේ ලෝකයේ හිර වූ බයියෝ


මේ රටේ තරම් උගතුන් වෙනත් රටක නැතිව ඇති. ඔවුන් අද සතුටු වෙනවා ඇති අප කිහිප දෙනකු මෛත්‍රිපාලට රැවටුණා කියලා. ඔවුන් නොරැවටීම ගැනත් සතුටු වෙනවා ඇති. මට ප්‍රශ්නයක් තියෙනවා. ජී එල් පීරිස් රැ වැටුණු වළේ දවල් වැටුණ ද කියලා.  පොහොට්ටුවේ නායකයන් මෛත්‍රිපාලට සහාය දෙන බව කිව්වා. ඒ රැවටීමක් ද රැවැට්ටවීමක් ද? මෛත්‍රිපාල හොඳ යහපත් අයකු යැයි මා කියන්නේ නැහැ. අනෙක් අය ගැනත් එසේ කියන්නේ නැහැ.