Main Logo

Tuesday, 13 February 2018

මා හා දේශපාලනඥයන්



මා හා දේශපාලනඥයන්


මා මහින්දවාදීන්ගේ හා මාක්ස්වාදීන්ගේ (ව්‍යාජ සමාජවාදීන්ගේ) තරම් වෙනත් කිසිවකුගේ වෛරයට පාත්‍ර වී නැහැ. ඒ කියන්නේ දේශපාලනඥයන් මා කෙරෙහි යහපත් ආකල්පයක් දක්වා ඇති බව නො වෙයි. 1987-88 සමයේ දී එ ජා ප ආණ්ඩුවේ මෙන් ම ජ වි පෙරමුණේ ද මරණීය තර්ජන මට තිබුණා. මට රට හැර යෑමට පවා සිදු වුණා. ව්‍යාජ සමාජවාදීන් මට වෛර කෙළේ මා මාක්ස්වාදය පට්ට ගැසූ නිසයි. අද මාක්ස්වාදයට මෙරට කිසිම තැනක් නැහැ. ඔවුන්ගෙන් ඇතැමකු තවමත් කම්කරු පංතිය හොයනවා.

Monday, 12 February 2018

රනිල් ඉවත් කිරීම හා කිරින්ද ප්‍රතිඵලය




රනිල් ඉවත් කිරීම හා කිරින්ද ප්‍රතිඵලය




අප මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරන්නේත් අපට සාපේක්‍ෂවයි. මෙයින් හැඟෙන්නේත් වාස්තවිකත්වයක් නැති බව. වාස්තවිකත්වයත්, එනම් එවැන්නක් පිළිබඳ දැනුමත්, යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙලා. මා ඉදිරිපත් කරන ඥානවිභාගය සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂයි. මට මැතිවරණ ප්‍රතිඵල පෙනෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය පැත්තෙන්. අප කිසිවකු අපක්‍ෂපාත නැහැ.

Sunday, 11 February 2018

සිංහලයන් බහුතරයකට රනිල් ඉවත් කිරීමට අවශ්‍යයයි


සිංහලයන් බහුතරයකට රනිල් ඉවත් කිරීමට අවශ්‍යයයි


කලකට පසුව පැවැත්වීමට බල කෙරුණු පළාත් පාලන මැතිවරණය ඊයේ පැවැත්වුණා. අද වන විට ප්‍රතිඵල නිකුත් වෙමින් තියෙනවා. පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තියෙනවා. මෙය පොදුජන පෙරමුණේ ජයග්‍රහණයකට වඩා මහින්දගේ ජයග්‍රහණයක්. අද මහින්ද දේශපාලන පක්‍ෂ තත්වය ඉක්මවූවෙක්. ඔහු කස්ත්‍රෝ වර්ගයේ දේශපාලනඥයෙක්. මා එයින් අදහස් කරන්නේ ඒ දෙදෙනාගේ ප්‍රතිපත්ති සමීප බව නො වෙයි. ජනතාව ඔවුන්ට ආකර්ෂණය වුණේ පක්‍ෂ නිසා නො වෙයි. සමහර අයකු කියන්න පුළුවන් පුද්ගලිකත්වය ගැන කතා කිරීම නූතනත්ව (පශ්චාත්නූතනත්වය කොහේ ද?) දේශපාලනයට වලංගු නෑ කියලා. ඒත් මහින්ද නැතිව පොහොට්ටුවට මෙවැනි ජයග්‍රහණයක් ලබා ගන්න බැහැ. ජනවාරි අටවැනි දා පරාජය වූ මහින්ද තවත් බලවත් වූවා.

දැනට ඇති නිල නොවන ආරංචි අනුව පොදුජන පෙරමුණට ජාතික වශයෙන් 50%ක ඡන්දයක් ලැබෙන්නේ නැහැ. ඉතා සුළු වශයෙන් වුවත් ඒ 50%ට අඩුයි. මෙය නිල නොවන ආරංචියක් නිසා නිවැරදි කියලා මා සහතික වන්නේ නැහැ. පොදුජන පෙරමුණට 50%කට වඩා ලැබෙන්නේ කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුර, මොනරාගල දිස්ත්‍රික්කවල. හම්බන්තොට හා ගම්පහ 50%ට කිට්ටුවට එනවා.  උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට පොදුජන පෙරමුණට ඡන්ද අඩු වී ඇත්තේ කොළඹ, නුවර, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල. එයට හේතුව ඉතා පැහැදිලියි. ඒ දිස්ත්‍රික්කවල සිංහල ජනගහනය අඩුයි. කොළඹ දිස්ත්‍රික්කට මේ බලපෑම කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ම කොළඹ නාගරික සභා සීමාවේ. එ ජා පක්‍ෂයට කොළඹ නාගරිකයේ ඡන්ද තිබුණත් කොළඹ නාගරිකයෙන් පිට එතරම් ඡන්ද නැහැ. ඒ නිසා දිස්ත්‍රික්කය ලෙස ගත්කල කොළඹ එ ජා ප ඡන්ද සංඛ්‍යාව අඩුයි.

උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට පොදුජන පෙරමුණට ඡන්ද අඩු දිස්ත්‍රික්කවල එ ජා පක්‍ෂයට ඡන්ද වැඩියි යාපන දිස්ත්‍රික්කයේ එ ජා පක්‍ෂයටවත් පොදුජන පෙරමුණටවත් ඡන්ද නැහැ. එ ජා පක්‍ෂයට දිවයිනේ ම 35% ක පමණ ඡන්ද තියෙනවා. මෙවරත් ඔවුන් ඒ ඡන්ද ප්‍රමාණය සුළු අඩුවීමක යටත් ව  දිනා ගෙන. ඔවුන් මැතිවරණයක් ජයගන්නේ ඊනියා පාවෙන ඡන්ද ඔවුන් වෙතට පාවුණු විට. මෙවර එය සිදු වුණේ නැහැ. පසුගිය අවුරුදු තුනේ ඔවුන් කළ වැඩවලට පාවෙන ඡන්ද ඔවුන්ගෙන් ඉවතට පාවෙනවා.

මහින්දට ජාතිකත්වයේ නායකයා වෙන්න පුළුවන්. එහෙත් ඔහු ඊනියා ස්මාට් ජාතිකවාදීන්ගෙන් වෙන් වන්න ඕන. සිංහලයන්ගෙන් 60%ක් පමණ මහින්දට ඡන්දය දී තිබෙනවා. ජාතික වශයෙන් 50%කට කිට්ටු වෙන්න සිංහලයන්ගේ ඡන්ද 60%ක් පමණ ගන්න ඕන. සිංහල ඡන්දවලින් 60%කට වඩා ගන්න පුළුවන් නම් ජනවාර්ගික ඡන්ද ගැන කරදර වන්න අවශ්‍ය නැහැ. ඒ ලබා ගැනීමට  පුළුවන්. මහින්ද බටහිර රටවලට එඩිතර ව මුහුණ දුන් නායකයා. ඔහු එංගලන්තයේ එඩ් මිලිබෑන්ඩ් හා ප්‍රංශයේ කුෂ්නර් ඇඹිලිපිටියට ගෙන්වා ඔවුන්ට අවනත නොවන බව කිව්වා. මා හිතන විධියට මිලිබෑන්ඩ්ට එංගලන්තයේ අගමැති ධුරය අහිමි වීමට ඒ කාරණයත් බලපෑවා. කොටි පැරදවීමේ දී ඉන්දියාව මහින්දට විරුද්ධ වුණේ නැහැ. එහෙත් ඉන්දියාව ආධාර කෙළේත් නැහැ. බටහිරට යට නොවුණු මහින්ද ඉන්දියාවට යටවෙන්න ඕන නැහැ. 13+ කතා අවශ්‍ය නැහැ. ඒවා ඊනියා ස්මාට් ජාතිකවාදීන්ගේ සිංහල විරෝධී කතා.

ඉතා පැහැදිලිව මෙරට සිංහල ජනතාව දහතුනට ම විරුද්ධයි. හැරත් මා කිහිප වතාවක් ම කියා ඇති පරිදි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදය පරාජය කෙරුණා. 1833 සිට පැවත එන දෙමළ ජාතිවාදය එදා මුළුමනින් ම පරාජය කෙරුණා. නැවත ඒ ගැන කතා අවශ්‍ය නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුනත් අවලංගුයි. අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නේ බටහිර රටවල් හා ඉන්දියාව විසින්. සිංහලයන් මහින්දට දිගින් දිගට ම කියන්නේ දහතුන ඉවත් කරන ලෙස. මහින්ද ව්‍යවස්ථාවට විරුද්ධ බව, රණවිරු දඩයමට විරුද්ධ බව, ජාතික සම්පත් විකිණීමට විරුද්ධ බව සිංහලයන් බහුතරය විශ්වාස කරනවා. මහින්ද ඒ විශ්වාසය කඩ කළොත් සිංහලයන් ඔහුට ආකරෂණය වන්නේ නැහැ.

මැතිවරණයෙන් පරාජය වී ඇත්තේ රනිල් හා ජ වි පෙ. නන්නත්තාර වු ඊනියා විද්වතුන්ට සුනිල් පෙරේරා සමග එක් වී ඊළඟ මැතිවරණයට සංවිධානය වී විහිළු සපයන්න පුළුවන්. පෙරටුගාමීන්ට හැමදාම මැතිවරණවලට තරග නොකිරීමෙන් තම විප්ලවවාදී කන්‍යාභාවය රැක ගන්න පුළුවන්. තරග නොකිරීම නිසා පෙරටුගාමීන් කිසි දිනෙක පරාජය වන්නේ නැහැ. ඒකෙන් වැඩකුත් නැහැ.

මෛත්‍රිපාලට වැඩියෙන් ම ඡන්ද ලැබෙන්නේ පොළොන්නරුවෙන් හා නුවරඑළියෙන්. ඒ දෙක ම පෞද්ගලික ඡන්ද. ඒත් මහින්දගේ පෞද්ගලික ඡන්දවලට වෙනස්. මෛත්‍රිපාලගේ පක්‍ෂයට දිවයිනේ ම 8%ක පමණ ඡන්දයක් තියෙනවා. ඉන් සමහර ඡන්ද යම් ජාතිකත්වයක් ඇති අයගෙ ඡන්ද. එ ජා පක්‍ෂයේත් ජාතිකත්ව ඡන්ද තියෙනවා. මෛත්‍රිපාලට 3%-4%ක ප්‍රමාණයක ඡන්දයක් එ ජා පක්‍ෂයෙන් ලැබී තියෙනවා. ඒ රනිල් විරුද්ධ ඡන්දත් වෙනවා.

රනිල් මේ පැරදුණේ කීවැනි වතාවට ද කියලා මා ගණන් කර නැහැ. ඒ කොහොම වුණත් ඔහු පරාජය වූ පමණින් අස්වෙන කෙනකු නො වෙයි. ඔහු අගමැති ධුරයෙන් අදවත් ඉවත් කළ යුතුයි. අගමැති තනතුරට මහින්ද පත් කළ යුතුයි. ඒ බව අප කියන්නේ අවුරුදු තුනකට ආසන්න කාලයක. එය කළ හැක්කේ මෛත්‍රිපාලට. අප ඒ බව තේරුම් ගත යුතුයි. ඒ සඳහා කටයුතු කළ යුතුයි. ඇතැම් පළාත් පාලන ආයතනවල පොහොට්ටුවට බලය ගැනීමට වෙනත් පක්‍ෂයක ආධාරය අවශ්‍යයයි. ඒ පක්‍ෂය මෛත්‍රිපාලගේ පක්‍ෂය ද නැත්නම් එ ජා පක්‍ෂය ද ජ වි පෙරමුණ ද? මෛත්‍රිපාලට හා මහින්දට සමගි වීමට මෙයට වඩා අවස්ථාවක් නැහැ. සමගි වී මෛත්‍රිපාලට රනිල් වෙනුවට මහින්ද අගමැති කළ හැකියි. මැතිවරණයේ ප්‍රතිඵලවලින් කියැවෙන්නේත් එයයි. මෛත්‍රිපාලට ඒකාබද්ධ විපක්‍ෂය හා රනිල්ට විරුද්ධ යම් ජාතිකත්වයක් ඇති එ ජා පාක්‍ෂීිකයන් සමග භාරකාර ආණඩුවක් හදන්න පුළුවන්. මේ භාරකාර ආණ්ඩුව ගැන මා කලින් ලිපිවල කියා ඇති. මෛත්‍රිපාල අස්කිරීමට කතා කරන්නේ හෝ මෛත්‍රිපාල සමග ගණුදෙනු නැහැ කියන්නේ හෝ රනිල් තවදුරටත් අගමැති ලෙස පවත්වාගෙන යෑමටයි.

අවසාන වශයෙන් මැතිවරණ කොමිසම ගැනත් වචනයක් කියන්න ඕන. කොමිසම අසාර්ථකයි. මට මතක හැටියට කිරින්ද ඡන්ද දසදහසකට මොකද වුණේ කියා කොමිසම දන්නේ නැහැ. මට පේන විධියට ඒ ඒ දිස්ත්‍රික්කවල පක්‍ෂවලට හා කණ්ඩායම්වලට මන්ත්‍රී ධුර වෙන් කිරීමේ දී පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කර නැහැ. මේ ක්‍රමය කොට්ඨාසවල දිනන  අයට බොහෝ විට අවාසියි. මේ ගණනය  කිරීමේ දී වෙනත් ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. අද දිනේෂ් ගුණවර්ධන යෝජනා කළ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙහි 60-40 අනුපාතයක් කේවල හා සමානුපාතික ක්‍රමය අතර නැහැ. මේ මන්ත්‍රි ධුර ගණනය කරන ක්‍රමය වෙනස් කළ යුතුයි. එය මැතිවරණ කොමිසමේ වැඩක් නොවන බව මා දන්නවා. මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවෙන් දෙන ක්‍රමය අවුලකින් තොරව ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතුයි.



__මේ ලිපි උපුටා ගෙන මුහුණු පොතේ පළ කරන්න එපා. එහි ඉන්නා පඬියන් ඒ ලිපිවලට ප්‍රතිචාර දක්වනවා. ඒ සියල්ලට පිළිතුරු දීමට මට වෙලාවක් නැහැ. මා මෙහි යෝජනා කර ඇත්තේ මහින්දට පිං අගමැති කමක් දීමට නොවෙයි. රනිලුත් අගමැති වුණේ පිනට නො වෙයි. ඒ සියල්ල පඬි පෝතකයන් නොදන්නවාට ව්‍යවස්ථාවට එකඟයි. මහින්ද අගමැති කරන්නේ රනිල්ගෙන් රට බේරා ගැනීමට බව පඬිපෝතකයන්ට තේරෙන්නේ නැහැ.  ______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-11


Saturday, 10 February 2018

සරල රේඛා හා දේවානම්පිය තිස්ස රජු



සරල රේඛා හා දේවානම්පිය තිස්ස රජු


කුලකවාදය පිළිබඳ ප්‍රශ්න මතුවන්නේ ඇරිස්ටෝටලීය න්‍යාය නිසා. එහි කියැවෙන එක් කරුණක් අනුව යම් ප්‍රස්තුතයක් සත්‍යය නම් එහි නිෂේධය අසත්‍යය විය යුතුයි. එමෙන් ම යම් ප්‍රස්තුතයක් අසත්‍ය නම් එහි නිෂේධයෙ සත්‍යය විය යුතුයි. උදාහරණයක් ලෙස (උදාහරණ දීමට සිදුවන්නේ බොහෝ දෙනාට වියුක්ත ප්‍රකාශ තේරුම් ගැනීමට අපහසු නිසා) යම් සත්වයකු මිනිසකු නම් ඒ සත්වයා මිනිසකු නොවන්නකු විය නොහැකියි. යමකු මිනිසකු යන්න සත්‍යය නම් ඒ තැනැත්තා මිනිසකු නොවේය යන්න අසත්‍යය වෙනවා.

යෝජිත නව ව්‍යවස්ථාව සහ මව්බිමේ අනාගතය

ආචාර්ය නලින් ද සිල්වා මහතා 2018-02-05 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත් වූ දේශනයේ සබැඳිය.

https://www.youtube.com/watch?v=bcmMPAHIjys


Friday, 9 February 2018

බටහිර දැනුමේ අඩුපාඩු



බටහිර දැනුමේ අඩුපාඩු


බටහිර දැනුමෙ තියෙන තවත් වැදගත් ලක්‍ෂණයක් වන්නෙ වෙන් කිරීම. සමස්තය කැබලිවලට කඩා විශ්ලේෂණය කිරීම. එහි සංස්ලේෂණයට වඩා විශ්ලේෂණය වැදගත්. වෙන් කිරීම සමස්තයට වඩා වැදගත්. සමස්තය කතෝලික චින්තනයෙ අංගයක්. කතෝලික කියන එකේ තේරුමත් සමස්තය යන්න. මේ වෙන් කිරීම ප්‍රධාන තැනකට පත් කෙළේ මාටින් ලූතර්. ඔහු පාප් වහන්සේට විරුද්ධව කැරැල්ලක් ඇති කිරීමේ දීත් වෙන් කිරීම පෞද්ගලිකත්වය බලපෑවා. තම තමන්ට තනියම දෙවියන් වහන්සේ සමග එකතු වෙන්න පුළුවන් බව මාටින් ලූතර්ගෙ අදහස වුණා.

Thursday, 8 February 2018

හරි වැරැද්ද

හරි වැරැද්ද


බටහිර දැනුමේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඒ අතර වියුක්තය, ද්වෛතය, ඇරිස්ටෝටලීය න්‍යාය, උද්ගමනය (ඉන්ඩක්ෂන්), අනපෝහනය (ඇබ්ඩක්ෂන්) වැදගත් වෙනවා. මේ දැනුමේ ප්‍රධානීන් යුදෙව්වන් ග්‍රීකයන් හා ක්‍රිස්තියානින්. මෙහි ක්‍රිස්තියානින් යනුවෙන් සැලකෙන්නේ මාටින් ලූතර් ආදීන්ගෙන් පසුව පැවතෙන ඇතැම් ක්‍රිස්තියානීන්. එයට කතෝලිකයන් අයත් වන්නේ නැහැ. බටහිර දැනුම පදනම් වන්නේ මේ අය විසින් ඇති කෙරුණු චින්තනය මත. එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හැඳින්වෙනවා. හැඳින්වෙනවා කියන්නෙ ලෝකෙ අනෙක් අය එහෙම හඳුන්වනවා කියන එක නොවෙයි. විවිධ චින්තන රටා තියෙනවා. මා ඉන් එකක් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වනවා.