ඊනියා දෙමළ පාරම්පරික විඥානය
සාමාන්‍ය දෙමළ ජනතාවට දෙමළ ජනවාර්ගික විඥානයක් විසිවැනි සියවසේ මැද
භාගය වන තෙක් ම තිබුණේ නැහැ. ඔවුන් විවිධ ප්‍රදේශවල වෙන් වෙන් ව ජීවත් වුණා. ඒ ඒ
ප්‍රදේශවල ජීවත් වූ අය අතර භේද තිබුණා. එයට හේතුව දෙමළ ජනයා මෙරටට ගෙන්වනු ලැබුයේ
ලන්දේසි හා ඉංගිරිසි යුගවල විවිධ කාර්යයන් උදෙසා නිසා. යාපන අර්ධද්වීපයට ආනයනය
කරනු ලැබූ වෙල්ලාලයන් ප්‍රධාන වශයෙන් ම අර්ධද්වීපයට සීමා වුණා. ඉංගිරිසින් පසු
කාලයක නැගෙනහිර පළාතට ආනයනය කළ දෙමළ ජනයා මුස්ලිම් අයත් සමග පිට්ටු බම්බු ජනව්‍යාප්තියකට
අනුව ඒ පළාතේ පදිංචි වුණා. වෙල්ලාලයන් ඔවුන්ට සැලකුවේ ඊනියා අඩු කුලයකට අයත්
පිරිසක් ලෙස. ඊටත් පසුව ඉංගිරිසින් වතුකරයේ වැඩට ගෙනා දෙමළ ජනයා වතුකරයට කොටු කළා
.
ඒ මුඩුබිම් පනත යටතේ සිංහලයන්ට ඉඩම් අහිමි කර ඒ ඉඩම්වල පළමුව කෝපි ද දෙවනුව තේ ද
වගා කිරීම සඳහා.
මේ තුන් වර්ගය අතර සාමූහික විඥානයක් තබා සාමූහික දැන හැඳුනුකමක්වත්
තිබුණේ නැහැ. ඒ ඒ අය වෙන ම කටයුතු කළා. අධ්‍යාපනය යාපනයට සීමා වුණා. ඒ ඉංගිරිසින්
හා එයට පෙර ඇමරිකානු මිෂනාරි අධ්‍යාපනය යාපනයේ ව්‍යාප්ත කළ නිසා. නැගෙනහිර පළාතේ
දෙමළ ජනයාට දේවනායගම් වැනි ඔවුන්ගේ ම වූ දේශපාලනඥයන් හිටියා. කඳුකරයේ තොණ්ඩමන්
කම්කරුවන් සංවිධානය කළා.
මේ වෙනස සිංහලයන්ගේ තිබුණු කුල ක්‍රමයට වඩා වෙනස්. සිංහලයන් කුල
වශයෙන් සකස් වූයේ සිංහලයන් වීමෙන්. සිංහලයන් අතර කුල භේදයක් තිබුණේ නැහැ. එහෙත්
උතුරේ, නැගෙනහිර හා කඳුකර දෙමළ ජනයා එසේ පළමුව
දෙමළ වී පසුව වෙනස් වර්ගවලට අයත් වුණා නො වෙයි. ඔවුන්ට පොදු දෙමළ ගුණයක් තිබුණේ
නැහැ. ඔවුන් ඒ ඒ ප්‍රදේශවල වෙන වෙන ම දෙමළ කතා කළා. දෙමළ ජනයාට සාමුහික විඥානයක්
තිබිණි යැයි කීම බටහිර විද්‍යාව ගැන කියන අර්ථයෙන් නොවූවත් පට්ටපල් බොරුවක්.
යාපනයේ නායකයන් නම්
ඉංගිරිසින් විසින් මෙහෙයවනු ලැබුයේ රටේ ම නායකයන් බවට පත්කරවීමට. එහි දී විශේෂයෙන්
ම කුමාරස්වාමි - පොන්නම්බලම් පවුල සඳහන් කරන්න පුළුවන්. මේ පවුල තමයි ඉංගිරිසින්ගේ
හිත දිනාගත් ප්‍රධාන පවුල. මේ පවුලට විශේෂ තනතුරු ලබා දීමට ඉංගිරිසින් කටයුතු කළා.
ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ යාපනයේ ඉංගිරිසි උගත් වෙල්ලාලයන් සිංහලයන්ට විරුද්ධව
සංවිධානය කිරීමට. දෙමළ ජාතියක් තබා දෙමළ ජනවරගයක්වත් නැති වුවත් අප දෙමළ
ජාතිවාදයක් ගැන කතා කරනවා. දෙමළ ජාතිවාදය යන්න භාවීිතා කිරීමෙන් දෙමළ ජාතියක් හරි
ජනවර්ගයක් හරී තිබුණු බවක් ගම්‍ය වන්නේ නැහැ.
යාපනයේ ඉංගිරිසි උගත් වෙල්ලාලයන් සිටියේ සුළු පිරිසක්. එහෙත් ඔවුන්
බලවත්. ඔවුන් අනෙක් ප්‍රදේශවල දෙමළ ජනයාගෙන් පමණක් නොව යාපනයේ දෙමළ ජනයාගෙනුත්
වෙන්වයි කටයුතු කළේ. දෙමළ නායකයන් අතර කුල භේදය තදින් බල පැවැත්වූවා. තිහේ දශකයේත්
සුන්දරලිංගම් කෝවිල්වලට ඊනියා අඩු කුල ජනතාව ඇතුල්වීමට විරුද්ධව කටයුතු කළා.
යාපනයේ ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන්ට තිබුණේ ප්‍රධාන වශයෙන් ම උගත් සිංහලයන්ට
විරුද්ධව දේශපාලන සටනක්. ඔවුන් ඒ සටනට සාමාන්‍ය ජනයා සහභාගි කර ගත්තේ නැහැ.
ඉංගිරිසින්ගේ අනුග්‍රහය හා අනුබලය යටතේ දෙමළ වෙල්ලාල නායකයන් උගත් සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක
කළා. සාමාන්‍ය ජනයාට මෙහි කිසිම ගණුදෙනුවක් තිබුණේ නැහැ. හතළිහේ දශකය ආරම්භ වන
තුරු ම තත්වය එයයි.
එය අපට මෙසේ සාරාංශ ගත කරන්න පුළුවන්. යුරෝපීයයන් ලංකාවට ගෙනා දෙමළ
ජනයා යාපන අර්ධද්වීපයේ නැගෙනහිර පළාතේ හා කඳුකරයේ ජීවත් වුණා. ඔවුනොවුන් අතර ගණු
දෙනුවක් තිබුණේ නැහැ. යාපනයේ ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් හා අනුබලයෙන් ඉංගිරිසි
උගත් දෙමළ ජනයා සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදයක් ක්‍රියාත්මක කළා. එය 1833 බෞතීස්ම කරන ලද්දක්. දෙමළ ජනයාගේ සාමූහික
විඥානයක් තිබුණේ නැහැ. තිබුණා නම් සාධක සහිත ව පෙන්වන්න.
හතළිහේ දශකයේ දෙමළ ජාතිවාදය තරමක වෙනත් මගක් ගත්තා. චෙල්වනායගම් නම්
දෙමළ ක්‍රිස්තියානි නායකයා (රාමනාදන්ලාත් ක්‍රිස්තියානි සම්භවයක් සහිත අය) තේරුම්
ගත්තා සිංහලයන්ට විරුද්ධව සියලු දෙමළ ජනයා එකතු කළ යුතු බව. ඔහු ඒ සඳහා ඉලංකෙයි
තමිල් අරසු කච්චි නම් බෙදුම්වාදී දේශපාලන පක්‍ෂය තනා ගත්තා. ඔහු තම දෙමළ ජාතිවාදී
අදහස් සාමාන්‍ය ජනයා අතරට ගෙන ගියා. ඒ මිසක් දෙමළ ජනයාගේ ඊනියා පාරම්පරික විඥානයක්
හා දෙමළ නායකයන්ගේ ඊනියා ජාතිකවාදයක් එකතු වුණේ නැහැ. සිදු වූයේ ඉංගිරිසි අනුග්‍රහයෙන් උගත් සිංහලයන්ට විරුද්ධව ඇති කළ දෙමළ නායකයන්ගේ දෙමළ ජාතිවාදය සියලු සිංහලයන්ට විරුද්ධව දෙමළ
ජනයා අතර වැපිරවීමයි. දෙමළ නායකයන් ඊනියා පාරම්පරික නිජභූමි හා ව්‍යාජ ඉතිහාසයක්
ජනතාව අතරට ගෙන ගියා. එහෙත් එහි ඉතිහාසයක් තිබුණේ නැහැ.
එහෙත් චෙල්වනායගම්ට දෙමළ ජනයා එකතු කරගන්න බැරි වුණා. ඔහුගේ උපරිමය
වූයේ 1976 වඩුක්කොඩෙයි සම්මුතියයි. එය ව්‍යාජයක්.
එයට තොණ්ඩමන් මෙන් ම අෂ්රොෆ් ද සහභාගි වුණා. එහෙත් එය වැඩි කල් පැවතුණේ නැහැ. ප්‍රභාකරන්
දෙමළ ජාතිවාදයේ නායකත්වය අතට ගත්තා. ඔහු යම් ප්‍රමාණයකට උතුර හා නැගෙනහිර එක්
කිරීමට සමත් වුණා. එහෙත් එයත් ව්‍යාජයක් පමණයි. කරුණා කැඩුණේ එය ව්‍යාජයක් නිසා.
අද දෙමළ ජනයා අතර ඊනියා පාරම්පරික විඥානයක් ඇත්නම් එය තිබෙන්නේ සිංහල විරෝධී
පඬියන්ගේ හිස් හිස්වල පමණයි. මේ පඬියන්ට ඇත්තේ බටහිර අධ්‍යාපනය නිසා ඔවුන්ට හිමි
කර දී ඇති හීනමානයක් පමණයි. අධිමානය ද හීනමානය ද එකම කාසියේ දෙපැත්ත වෙනවා.