ඊනියා දෙමළ පාරම්පරික විඥානය
සිංහල බෞද්ධයන් ඇති කරනු ලැබුයේ ධර්මපාලතුමන් විසින් ද ඩොයිලි විසින්
ද? දෙමළ ජනයා තමන් උතුරු හා නැගෙනහිර
පළාත්වල පාරම්පරික ව පදිංචි වී සිටින බව සිතන නිසා අප ඒ බව පිළිගත යුතු ද? දෙමළ ජනයාට එලෙස පාරම්පරික ව පදිංචි වී සිටින
බවට විඥානයක් ඇත්නම් එය පිළිගෙන සිංහල බෞද්ධයන් තමන් පාරම්පරික ව සිංහල බෞද්ධයන්
බවට පිළිගන්නා විඥානයක් ඇත්නම් එය නොපිළිගත යුතු ද? අද දෙමළ ජාතිවාදය, දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් කතාකරන
පඬියන් කතා කරන්නේ පොරවල් වීමට හා තමන් පුස්සන් බව වසා ගැනීමට මිසක් වෙනත් දෙයකට
නො වේ.
මොවුන් කියන කරන කිසිවක් දේශපාලන තලයෙහි දී වැදගත් වන්නේ නැහැ.
ජනමාධ්‍ය අරක් ගෙන සිටින එවැනි ම ගණයේ පුස්සන් නොවන්නට මොවුන් ඉන්නවා ද නැද්ද
කියාවත් දන්නා අයකු නැහැ. ජනමාධ්‍ය අයිතිකරුවන්ටත් මේ පුස්සන් කියන දේ ඊනියා
බුද්ධිමත් ප්‍රකාශ ලෙස සිතෙන්නේ ඔවුන් ලබා ඇති අධ්‍යාපනයේ වරදින් ම විය යුතුයි.
ජනමාධ්‍ය අයිතිකරුවන් හා ඊනියා ජනමාධ්‍යවේදීන් අප ගැන සිතන්නේ මෝඩ රැළක් ලෙසින්.
අඩු තරමෙන් අවුරුද්ද ගැන කියන්නවත් ඔවුන්ට අප අවශ්‍ය වන්නේ නැහැ. ඒ ඔවුන් හිතන
විධියට අප සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කිසිවක් නොදන්නා නිසයි.
ඒ කොහොම වුණත් දෙමළ ජනයා තමන් පාරම්පරික ව උතුරු හා නැගෙනහිර පළාත්වල
පදිංචි කරුවන් බවට විඥානයක් ඇති කරගෙන ඇත්තේ කවදා පටන් ද? ගමුණු රජුගේ කාලයේ ද? ලන්දේසීන්ගේ කාලයේ ද? එසේත්
නැත්නම් ඩොයිලිගෙන් පසුව ද? පඬියකු ඒ ගැන කියන්නේ කුමක් ද? උතුරු පළාතේ නම් දෙමළ ජනයා ලන්දේසීන්ගේ කාලයේ
සිට ඉන්න බව ඇත්තයි. ඒ ලන්දේසීන් ඔවුන් දුම්කොළ වගාවට කෘෂිකාර්මික කම්කරුවන් ලෙස
ගෙන ආ බැවින්. අපත් ඒ බව පිළිගන්නවා. එහෙත් ඒ ගෙනාවේත් උතුරු පළාතට නොවෙයි. එකල
උතුරු පළාතක් තිබුණේ නැහැ. උතුරු හා නැගෙනහිර පළාත් අවසාන වශයෙන් ඉංගිරිසින්
විසින් බෙදා වෙන් කෙරුණේ 1889 දී. ලන්දේසීන් දුම්කොළ වගාවට ගෙන ආ
වෙල්ලාලයන් හෙවත් කෘෂිකාර්මික කම්කරුවන් පදිංචි කෙරුණේ යාපනය ආශ්‍රිතවයි. වැඩිම
වුණොත් යාපන අර්ධද්වීපයෙහි.
ඉරණමඩු (රණමඩුව) ව්‍යාපෘතිය 1921න් පසු ඇති වුවක්. ඉරණමඩු වැව ඉදිවුණේ දෙමළ කම්කරුවන් යෙදවීමෙන්.
ඔවුන් ඒ ප්‍රදේශයෙහි පදිංචි කළේ ඉංගිරිසින්. අද ඒ ප්‍රදේශය කිලිනොච්චි නමින්
හැඳින්වෙනවා. 1940න් පසු එහි ජනගහණය වැඩි වුණා. ඒ එකල
යාපනයේ පැවති දැඩි නියඟය නිසා දෙමළ ජනයා කිලිනොච්චි ප්‍රදේශයට සංක්‍රමණය වූ
බැවින්. 1951 දී වැව තවත් ශක්තිමත් කෙරී ඒ ප්‍රදේශයෙහි
පදිංචිය සඳහා ජනයා කැඳවූවා. එහෙත් දෙමළ ජනයා යාපන අර්ධද්වීපයෙන් දකුණට ඒමට
කැමැත්තක් දැක්වූයේ නැහැ. මා මේ බව සඳහන් කෙළේ 1951 තරම් මැතක් වන තුරුම දෙමළ ජනයා තම ඊනියා පාරම්පරික පදිංචිය පිළිබඳ
දැරූ මතය කීමටයි. ඔවුන් කිලිනොච්චියත් තම ප්‍රදේශයක් බව පිළිගත්තේ නැහැ. මේ
තොරතුරු රාජ්‍ය ලේඛනාගාරයෙන් ලබා ගත හැකියි.
ලන්දේසීන් 1650න් පසු වෙල්ලාලයන් ගෙන එද්දී යාපන
අර්ධද්වීපයෙහි සිංහලයන් ද මඩප්පුලි නම් ද්‍රවිඩ භාෂා කතාකරන පිරිසක් ද සිටියා.
පෘතුගීසීන් ලංකාවට එන කාලයේත් යාපනයේ බහුතරය සිංහලයන් බවට සාක්‍ෂි කියන්නේ
පෘතුගීසීන්. මේ පිලිබඳ ඉතිහාසය අප කෙටියෙන් ලියා තියෙනවා. සුමේධ වීරවර්ධන සතුව
තවත් තොරතුරු තියෙනවා. මෙරට ඉතිහාසඥයන් යැයි කියන්නන් මේ තොරතුරු සොයන්නේ නැහැ. ඒ
තොරතුරු සෙව්වොත් ඔවන්ට පොරවල් වීමට බැහැ. සිංහල බෞද්ධ මුවහමට තළා පොරවල් වෙන එක
පහසුයි. යාපනයේ කච්චේරියේ තෝම්බු අධ්‍යයනය කළහොත් වත්මන් දෙමළ නායකයන්ගේ පැටිකිරීය
සොයා ගන්න පුළුවන්. මේ දෙමළ නායකයන් සියල්ලන් ම මෙන් පැවත එන්නේ 1650න් පසුව ගෙනෙන ලද වෙල්ලායන්ගෙන්.
මඩප්පුලියන් කවුද ද යන්නට නිශ්චිත පිළිතුරක් නැහැ. එහෙත් ඔවුන් එක්කෝ
වේලක්කාරයන්ගෙන් නැත්නම් ආර්ය චක්‍රවර්තීන් කළ මෙරටට පැමිණි ද්‍රවිඩ (දෙමළ වීම
අනිවාර්ය නැහැ) ජනයාගෙන්, එසේත් නැතහොත් ඒ දෙපිරිසෙන් ම පැවත
එන්නන් විය හැකියි. ඔවුන් කවුරුැන් වුවත් ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ ආධාරය
ලැබූ වෙල්ලාලයන් ඔවුන් පරාජය කර එක්තරා ආකාරයක ජනවාර්ගික ශෝධනයක් කර තිබෙනවා.
මඩප්පුලියන් ද සමහර සිංහලයන් ද යාපනය අතහැර දකුණට ඇවිත් තියෙනවා. මීගමුව දක්වා
වෙරළ තීරයේ පදිංචි වූ මඩප්පුලියන් පසුව සිංහලකරණයට ලක් වී තිබෙනවා. අදත් ඒ ඒ වෙරළ
තීරයෙහි ද්‍රවිඩ ලක්‍ෂණ තිබෙනවා. කාට හරි ඒ පිළිබඳ ගවේෂණයක් කරන්න පුළුවන් නම්
හොඳයි. යාපනයේ ඉතිරි වූ සිංහලයන් දෙමළකරණයට භාජනය වී දෙමළ සමාජයෙහි ඊනියා අඩු කුල
බවට පත් වී තිබෙනවා. මේ පිළිබඳ ඉතිහාසය මට දෙමළ වෛද්‍යවරයකුගෙන් ලැබුණා. මේ
ඉතිහාසය මෙරට නිවට ඉතිහාසඥයන් ගවේෂණය කරන්නේ නැහැ.
නැගෙනහිර පළාතේ දෙමළ ජනයා පදිංචි කෙරුණේ ඉංගිරිසින් විසින්. එහි
පිට්ටු බම්බු ජනව්‍යාප්තියට හේතුවත් මුස්ලිම් ජනයා නොසිටි පෙදෙස්වල දෙමළ ජනයා
පදිංචි කිරීමෙන් ඇති වූවක්. මේ පිළිබඳ සාක්‍ෂි රාජ්‍ය ලේඛනාගාරයෙන් ලබා ගන්න
පුළුවන්. ඉතිහාසය මෙලෙස හැදෑරීම (තොරතුරු එකතු කිරීම) බටහිර භෞතික විද්‍යාව හරි
බටහිර ගණිතය හරි හැදෑරීමට වඩා බෙහෙවින් පහසුයි. තොරතුරු එකතු කිරීම වියුක්ත ක්‍රියාවලියක්
නො වෙයි. ඊනියා ඉතිහාසඥයන් වියුක්තය කතා කරන්න ගිය තැන අනාගන්නවා.
දෙමළ ජනයාගේ ඊනියා පාරම්පරික විඥානය එබඳුයි. ඊනියා විඥානයක් තිබූ
පමණින් ම එය රාජ්‍යයක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් සාධකයක් වන්නේ නැහැ. ඊනියා
විඥානය යුක්ති යුක්ත කළ යුතුයි. එහෙත් එයත් ප්‍රමාණවත් නැහැ. හීනමානයෙන් පෙළෙන
පුස්සන් කිහිප දෙනකු පොරවල් වීමට ජනමාධ්‍යයේ ආධාර ලබමින් ඊනියා පාරම්පරික විඥානයක්
ගැන කතා කිරීම රාජ්‍යයක් පිහිටුවීමට කිසිසේත් ම ප්‍රමාණවත් සාධකයක් නො වෙයි.