දෙමළ ජාතිවාදය තවදුරටත්
දෙමළ ජාතිවාදය ඊනියා දෙමළ ජාතිකවාදයක් වීමට කිසිසේත් ම ඉඩක් නැහැ.
දෙමළ ජාතිකවාදයක් ඇතිවීමට පළමුව දෙමළ ජාතියක් හරි ජනවර්ගයක් හරි තියෙන්න ඕන.
ජාතිවාදයක් ඇතිවන්නෙ වෙනත් ජාතියකට හරි ජනවර්ගයකට හරි එරෙහි ව. ජනවර්ගය ජනවාර්ගික,
සංස්කෘතික, ආගමික, මතවාදීව හෝ වෙනත් ආකාරයකින් හෝ නිර්ණය
වන්න පුළුවන්. ජාතියක් වීමට ජනවර්ගයක් වීම අනිවාර්යයි. ඒත් හැම ජනවර්ගයක් ම
ජාතියක් වන්නේ නැහැ. ජාතියක් වීමට ජනවර්ගයක් වීම මෙන් ම නිත්‍ය (අචල) වාසභූමියක්
(රටක්) ද තිබීම අනිවාර්යයි. එහෙත් එයත් ප්‍රමාණවත් වන්නේ නැහැ. තවත් දේ අතර රාජ්‍යයක් ද තිබිය
යුතුයි.
සිංහල මිනිසුන් අතර කතාවක් තියෙනවා රටක් රාජ්‍යයක් ලැබුණා වගේ කියලා.
එය කවද ඇතිවුණා ද යන්න මා දන්නේ නැහැ. ඒ කොහොම වුණත් රටක් හා රාජ්‍යයක් කියන්නෙ
දෙකක් බව සිංහලයන් දැන සිට තිබෙන බව එයින් කියැවෙනවා. සිංහලයන් රට කියන වචනය රාජ්‍යයක්
වන ආකාරයෙන් මෙන් ම නොවන ආකාරයකිනුත් යොදා ගෙන තියෙනවා. මා කියන්නේ උඩරට පහතරට
යෙදුම නොවෙයි. එය ඉංගිරිසින්ගෙ නිර්මාණයක්. ඒ කෙළේ ම සිංහලයන් භේද කිරීමට. එහෙත්
වාසනාවකට සිංහලයන් එයට හසු වුණෙ නැහැ. විසිවැනි සියවසේ මුල් කාර්තුවේ පමණ ඒ ව්‍යවහාරය
තිබුණා. බණ්ඩාරනායක මහතාත් ඒ උගුලේ ටික කලක් හසු වී සිටියා. ඒ අර ඒ මහතා සන්ධිය
කතා කියපු කාලයේ. තුන්දාස් රට අටදාස් රට ආදී රටවල් සිංහලයේ තියෙනවා.
නිශ්චිත අචල රටක් නැතිව රාජ්‍යයක් තියෙන්න පුළුවන්. එමෙන් ම රාජ්‍යයක්
නැතිව භූමි ප්‍රදේශයක් තියෙන්නත් පුළුවන්. සිංහල බෞද්ධ රාජ්‍යයට රටක් ජාතියක්
පමණක් නොව ආගමක් (සංස්කෘතියක්) ද තිබුණා. රට ජාතිය ආගම, රට දැය සමය ආදී වශයෙන් අප කියන්නේ එයටයි. මේ රාජ්‍යයට කිව හැකි හොඳම
නම සිංහල බෞද්ධ රාජ්‍යය.
දෙමළ ජනවර්ගයක් යන්න ඉන්දියාවෙ ගත්තත් මෑත කාලීන නිර්මාණයක්. ආදියෙහි
ඉන්දියාව කියන ප්‍රදේශයෙහි තිබුණේ වාංශික රාජ්‍යය. කිනම් අර්ථයකින්වත් ජනවාර්ගික
රාජ්‍ය තිබුණේ නැහැ. ලංකාවෙ දෙමළ කතාකරන ජනතාව ප්‍රදේශ තුනක ගෙනැවිත් පදිංචි කෙරී
තිබුණා. ඒ ඒ ප්‍රදේශවල ජනතාව අතරෙ සංස්කෘතික හරි ජනවාර්ගික හරි සම්බන්ධකම් තිබුණේ
නැහැ. අනෙක් අතට උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළත් ව ලංකාව පළාත් නවයකට බෙදුණෙ 1889 තරම් මෑත කාලෙක දී. අවුරුදු දහස් ගණනක් මේ
පළාත්වල අනන්‍යතාවක් සහිත ව දෙමළ ජනවර්ගයක් සිටි බව පැවසීම සිංහලයන්ට ඒ ප්‍රදේශ
අහිමි කිරීමක්. එය ජාතිවාදී ක්‍රියාවක්. යම් ජාතියකට ජනවර්ගයකට හිමි විය යුතු තැන
නොදීම ඒ ජාතියට හරි ජනවර්ගයට හරි එරෙහි ව ක්‍රියාත්මක වන ජාතිවාදියක්.
ලංකාවෙ දෙමළ ජාතිවාදය ඇති වෙන්න කලින් දෙමළ කතාකරන ප්‍රභින්න ජන
කොටස් තුනක් හිටියා. කිසිම පඬියකුට පෙන්නුම් කරන්න බැහැ ඒ ජන කොටස් තුන, අඩුම තරමින් උතුරේ විසූ ජනතාව හා නැගෙනහිර විසූ
ජනතාව, එක ම අනන්‍යතාවකින්, එක ම විඥානයක් සහිත ව කටයුතු කළ බවට. විඥානයක්
නැතිව ජනවර්ගයක්වත් පවතින්නෙ කොහොම ද?
පඬියන් පමණක් නොව ඇතැම් ජාතිකවාදීන් ද පිළිගැනීමට සූදානම් නැහැ මෙරට
දෙමළ ජාතිවාදය සිංහලයන්ට විරුද්ධ ව ලන්දේසීන් හා ඉංගිරිසින්, එකට නොවූවත්, උගත් දෙමළ වෙල්ලාල නායකයන් මගින් ඇති කරන ලද්දක් බව. උතුරේ හා
නැගෙනහිර පළාත්වල දෙමළ කතාකරන ජනයා අතර පමණක් නොව උතුරු පළාතේ දෙමළ කතාකරන ජනතාව
අතරවත් සාමූහික විඥානයක් තිබුණේ නැහැ. ඔවුන් කුල වශයෙන් බෙදී හිටියෙ. එය ඉතා දරුණු
ගණයේ කුල භේදයක් හා කුල පීඩනයක් වූවා. මේ කුලභේදය නිරූපණය කෙරෙන කානල් නම් නවකතාවක්
මැතක දී තුරුම්බාර් නමැති කුලයට අයත් කේ ඩැනියෙල් නමැත්තකු දෙමළ බසින් ලියා
තිබෙනවා. තුරුම්බාර් කුලය දෙමළ හින්දු කුලක්‍රමයේ යටතේ ඉතාමත් පහත් යැයි කියන
කුලයක්. දැන ගන්නට ලැබී ඇති ආකාරයට එහි කිසිම තැනක සිංහල පීඩනයක් සිංහල
ස්වොත්තමවාදයක් ගැන ලියැවෙන්නේ නැහැ. ඇත්තේ වෙල්ලාල කුල පීඩනය පමණයි.
සිංහලයන්ට, මුල දී ඉංගිරිසි උගත් සිංහලයන්ට,
විරුද්ධ ව ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් දෙමළ
ජාතිවාදයක් ඇති කෙළේ ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන්. ඔවුන් සිංහලයන්ට සිංහල
බෞද්ධයනට, සිංහල සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි
කිරීම සඳහා දෙමළ ජාතිවාදය ඇති කළා. අදත් දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වන්නේ
ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන්. ඇතැම් සිංහල ජාතිකවාදීන් ද ඒ බව පිළිගැනීමට කැමති
නැහැ. ඒ ඔවුන් ඉංගිරිසින්ට තවමත් යම් ප්‍රමාණයකට යටත් නිසා. ඉතා වැඩි දෙනකු
ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට නම් හොඳට ම යට වෙලා.
ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන් තමයි පසු කාලීන ව ව්‍යාජ ඉතිහාසයක්
නිර්මාණය කෙළේ. එය පටන් ගත්තේ ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන්. එකල ඉංගිරසි උගත් දෙමළ
වෙල්ලායන් නොසිටි එක ඇත්ත. මේ ව්‍යාජ ඉතිහාසය ගෙතීම ඇරඹුණේ යාල්පානම් වෛපව මාලෙයි
කෘතිය සමග ලන්දේසි ආණ්ඩුකාරයකුගේ අනුග්‍රහයෙන්. ඔවුන්ට එදා අවශ්‍ය වුණේ සිංහලයන්ට
වත්මන් නැගෙනහිර පළාත අහිමි කිරීම. එලෙස ඇරඹුණු ඉතිහාස කතාව ලිවීම ඊනියා දෙමළ
පාරම්පරික විඥානයක් හා නිජභූමියක් දක්වා ක්‍රමයෙන් වර්ධනය කෙරුණා.
මෙහි දී කිවයුතු තවත් වැදගත් කරුණක් නම් ලන්දේසීන් තේසවලාමේ නීතිය පැනවූයේ
අස්වැන්න නෙළීමෙන් පසු දකුණු ඉන්දියාවට ගිය දෙමළ කෘෂිකාර්මික කම්කරුවන් යාපනය ප්‍රදේශයේ
ම රඳවා ගැනීමට. ඒ නීතිය දකුණු ඉන්දියාවේ මුස්ලිම් නීතියක් බව අභාවප්‍රාප්ත ගාමිණී
ඊරියගොල්ල මහතා පෙන්වා දී තිබෙනවා. ඒ නීතිය පැනවීමෙන් පසුවත් දෙමළ කම්කරුවන්
යාපනයේ රඳවා ගැනීම අපහසු වෙලා තියෙනවා. ඒ නිසා ඉංගිරිසින්ගෙ කාලයේදීත් ඔවුන්ටත් ඒ
නීතිය නැවතත් පැනවීමට සිදු වී තිබෙනවා. සිංහලයන්ට එරෙහිව ජාතිවාදීව ක්‍රියාත්මක වන
තේසවලාමෙයි නීති පොතෙන් අයින් කිරීමට බැරි සිංහල දේශපාලනඥැයන්ගේ නිවටකම නිසා.