ගැට ගැසුණු දහතුන හා විධායකය
කලකට ඉහත අපත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට උද්ඝෝෂණය
කළා. එහෙත් ඒ තත්වය දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග වෙනස් වුණා. දහතුන්වැනි ව්‍යවස්ථා
සංශෝධනය පළාත් සභා පනත සමග රටේ බලතුලනයේ වෙනසක් සිදු වුණා. අද මේ රට ලිහිල් සන්ධීය
රාජ්‍යයක්. 13+ ගෙන ඒමට ඉන්දියාව උනන්දුවක් දක්වනවා. ඒ
සන්ධීය රාජ්‍යය තවත් තහවුරු කිරීමට.
මහින්ද දෙමළ ත්‍රස්තවාදය පරාජය කළා. අප කොටි පරාජය කළ යුතු බව හා කළ
හැකි බව කීවේ අසූවේ දශකයේ. 1992 පමණ පළ වූ ලක්මිණ පුවත්පත ඒ වෙනුවෙන්
කැප වී කටයුතු කළා. එකල චන්ද්‍රිකාගාමනය
වූ දවස්. ඇය දහතුන ඉදිරියට ගෙන යෑමට අදහස් කරන බව අප දැන සිටියා. 1994 මැතිවරණයේ දී ම එ පෙ චන්ද්‍රිකාට විරුද්ධව වෙන
ම තරග කළා. චන්ද්‍රිකා ජයගත් නමුත් ඇයට විශාල බලයක් තිබූ නමුත් ඊනියා පැකේජය සම්මත
කර ගැනීමට ඉඩ ලැබුණේ නැහැ. එකල ජාතික ව්‍යාපාරය ශක්තිමත්.
මහින්ද එකල අප සමග සිටියේ නැහැ. ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ
ඇමතිවරයෙක්. ඔවුන් ඊනියා සාම සාකච්ඡා ගැන මහත් බලාපොරොත්තුවෙන් සිටියා. මහින්ද එකල
කටයුතු කෙළේ කුසල් පෙරේරා වැන්නන් සමග මිස ජාතිකවාදීන් සමග නො වෙයි. කෙසේ නමුත් 2005 ජයග්‍රහණයෙන් පසු මහින්දට සිද්ධ වුණා කොටින්
සමග ඊනියා සාම සාකච්ඡා පවත්වනු වෙනුවට කොටින්ට විරුද්ධව හමුදාවට දේශපාලන නායකත්වය
දීමට. එදා අප දේශපාලන නායකත්වයක් හමුදාවට දිය යුතු බව කියන විට පඬියන් අපට
හිනහවුණා. පඬියන් හිනා වීම ම අප හරිය කියා කීමක්. අදත් එහෙමයි.
දහතුන සමග විධායක ජනාධිපති ක්‍රමයට විශේෂ වගකීමක් පැවරුණා. අද දහතුන
ක්‍රියාත්මක කිරීම සම්පූර්ණ වී නැත්තේ විධායක ජනාධිපති ධුරය නිසයි. මෙහි දී පොලිස්
බලතල හා ඉඩම් බලතල ප්‍රධාන වෙනවා. අද උතුරේ පන්සල් පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් වෙලා.
ඉඩම් බලතල දුන්නොත් කොහොමට හිටීවි ද? කොටි
පරාජය කිරීමේදීත් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය වුණා. විධායක ජනාධිපති ක්‍රමය
නැතිව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සන්ධීය රාජ්‍යය තහවුරු
කිරීමක්. 2009න් පසු නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග
දහතුන අහෝසි කිරීමට අනගි අවස්ථාවක් ලැබුණා. එහෙත් අපට එය මග හැරුණා.
මහින්ද අහවල් දේකට 13+ පොරොන්දු
වූවා ද යන්න ප්‍රශ්නයක්. අදත් ඉන්දියාව ඒ පොරොන්දුව ඉටු කරන ලෙස බල කරනවා.
ඉන්දියාව නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු අවුරුදු දෙකක් පමණ අපට ජෙනීවාහි සහාය
දුන්නත් ඉන්පසු 13+ ක්‍රියාත්මක නොවුණු නිසා ජෙනීවාහි දී
අපට විරුද්ධ වුණා. මේ අතතීය කියන විට සමහරුන්ට රිදෙනවා. 13+ පොරොන්දුව පසුපස සිටියේ කවු ද? ඉන්දියාව ප්‍රභාකරන් පැරදවීමේ දී අපට සහාය දුන්
බව කියන්නේ අප 13+ දෙන බවට පොරොන්දු වූ නිසා ද?
කෙසේ වෙතත් 2010 දෙවැනි වර බලයට පත්වීමෙන් පසු මහින්ද
ජාතිකවාදීන්ගෙන්ව ඈත් වුණා. ඔහු වැරදි තීරණ රාශියක් ගත්තා. 2015 පරාජයෙන් පසු ඔහු ගත් තීරණ බොහොමයක් වැරදියි.
මෛත්‍රිපාලට ශ්‍රී ල නි ප සභාපතිකම දීම, රනිල්ට ආණ්ඩුව භාරදීම, දහනවවැනි
සංශෝධනයට පක්‍ෂ වීම ඉන් භයානක ම වැරදි තුනක්. දහනවවැනි සංශෝධනයේ විධායක බලතල
සමහරක් කපා දැමීමට එකඟ වූයේ පෞද්ගලික දේශපාලන ප්‍රශ්න නිසා. එයින් මහින්දට
තුන්වැනි වතාවට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව නැති වී ගියා.
අද මහින්ද තවත් වරදක් කරනවා. ඔහු කියනවා පාර්ලිමේන්තුව විසුරුවා
හරිනවා නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ඡන්දය දෙනවා කියා. රනිල් මෙය අතට
ගන්නත් පුළුවන්. මහින්ද කියනවා නම් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර විධායක ජනාධිපති
ක්‍රමය අහෝසි කරන බවට පනතක් ගෙනාවොත් ඡන්දය දෙනවා කියා එය පිළිගන්න පුළුවන්.
පාර්ලිමේනතුව විසුරුවා හැර මැතිවරණයක් තිබූ පමණින් පොහොට්ටුවට ජයගත හැකි බවට
සහතිකයක් නැහැ.
අවාසනාවකට අද දේශපාලන තීරණ ගැනෙන්නේ පෞද්ගලික කරුණු මත පදනම් වී. රටේ
ප්‍රශ්නයක් ලෙස ගතහොත් දෙමළ ජාතිවාදයට එරෙහිව අද කළ යුතු එක් කරුණක් නම් පළාත් සභා
හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමයි.
අවශ්‍ය නම් පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සභා ඇති කර ඒ සංවර්ධනය සඳහා යෙදා
ගත හැකියි. මහින්දගේ ඇතැම් වැඩවලින් මතක් වන්නේ එකක් කඩතොළු මකා ගැනීමට ගිය
ඉඳුරුවේ ආචාරියායි.
දැන් මේ ලිපිය කියවා මා සිරි ජාතිකවාදියකු ලෙස නැවතත් හඳුන්වන්න
පුළුවන්. එහෙත් පෞද්ගලික දේශපාලනයක යෙදීමේ වරද තේරෙන්නේ කලක් ගත වීමෙන් පසුවයි.
දහතුන අහෝසි කිරීමට ඉන්දියාව විරුද්ධ වේවි. එහෙත් ඉන්දියාවට අවශ්‍ය නිසා අප 13+
දෙනවා ද? මහින්ද පුටින් මෙන් වැඩ කළා නම් 2015 අඩුම තරමෙන් අගමැති වී පසුව ජනාධිපති වීමට ක්‍රමයක් සකස් කර ගන්න
තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට
එකඟ වීම රට පැත්තෙන් බැලූ විට ගත හැකි අමනෝඥ ක්‍රියාවක්. දේශපාලන අඳ බාලයන් නම්
කියාවි පාර්ලිමේන්තුව විසුරවා හැර පැවැත්වෙන මැතිවරණයක් ජයගත හැකිය කියා. එහෙත්
එහෙම සහතිකයක් නැහැ.