සිංහල අවුරුද්ද හා දෙමළ අනන්‍යතාව
දෙමළ ජනයාට වෙනත් රාජ්‍යයක් ඇති කර ගැනීමට වුවමනාවක් ඇත්නම් ඒ සඳහා
සපුරාලිය යුතු අවශ්‍යතා කවරේ ද? ඇතැමුන් කියන විධියට ඒ සඳහා වූ සාමූහික
දේශපාලන විඥානයක් තිබිය යුතු යැයි සිතමු. අප එය පිළිගන්නා බවක් මෙයින් නොකියැවෙයි.
ඒ දේශපාලන විඥානය ඇති වූයේ තමන් පාරම්පරික ව ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල
පදිංචි වී සිටි බැවින් යැයි සාමාන්‍ය ජනයා සිතන බැවින් ද දෙමළ නායකයන් විසින් ගෙන
යන දෙමළ ජාතිවාදී උද්ඝෝෂණ හා වෙනත් ක්‍රියා මාර්ග නිසා යැයි ද සිංහල බෞද්ධ
විරෝධීන් කියනවා.
පැහැදිලිව ම දෙමළ ජනයා හා නායකයන් අතර ඒ කියන විධියට වෙනසක් තියෙනවා.
දෙමළ නායකයන් මේ ජාතිවාදී ක්‍රියා පිළිවෙතේ ඉන්නේ දහනවවැනි සියවසේ මුල සිට. මේ
සම්බන්ධයෙන් තොරතුරු ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන්
වෙනවා. මෙහි වැදගත් කරුණක් තියෙනවා. ඒ දහනවවැනි සියවසේ දෙමළ නායකයන් ව්‍යවස්ථාදායක
සභාවේ නියෝජනය කෙළේ දෙමළ කතාකරන ජනයා
වීමයි. අනෙක් අතට සාමාන්‍ය දෙමළ ජනයාට ඔය කියන විඥානය තිබූ බවට ඇති සාක්‍ෂි කවරේ ද?
ඊයේ ලිපියෙන් එවැනි විඥානයක් තිබීමට හේතු නැති
බව පෙන්වා දී ඇති.
1833 පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවට
ඉංගිරිසින් නිල නොලත් මන්ත්‍රීන් තුන්දෙනකු පත් කෙළේ සිංහල, දෙමළ හා බර්ගර් ජනයා වෙනුවෙන්. ඉංගිරිසින්
මුස්ලිම් ජනයා වෙනුවෙන් නිල නොලත් මන්ත්‍රීවරයකු පත් කෙළේ නැහැ. එයින් කියැවෙන්නේ
කුමක් ද? දහනවවැනි සියවසේ දෙමළ ජනයා යනුවෙන්
ජනවර්ගයක්වත් මෙරට නොසිටි බවයි. දහනවවෑනි සියවසේ අගභාගය වන විට මුස්ලිම් නායකයන්
තමන් වෙනුවෙන් නිල නොලත් මන්ත්‍රීවරයකු ව්‍යවස්ථාදායක සභාවට පත් කරන ලෙස ඉල්ලා
සිටියා. අඩුම තරමින් ඒ වන විට මුස්ලිම් ජනයාට තමන් වෙන ම ජනවර්ගයක් යැයි සිතෙන්න
ඇති. ඉංගිරිසින් ව්‍යවස්ථාදායක සභාවට නිල නොලත් මන්ත්‍රීන් පත් කෙළේ සංස්කෘතික
ජනවාර්ගික පදනමකින් යැයි කියැවෙනවා.
මේ මුස්ලිම් නායකයන් තමන් වෙනුවෙන් නිල නොලත් මන්ත්‍රීවරයකු ව්‍යවස්ථාදායක
සභාවට පත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ එයට විරුද්ධ වූයේ අන් කිසිවකු නොව දෙමළ
ජනයා, එනම් දෙමළ කතාකරන ජනයා නියෝජනය කළ
පොන්නම්බලම් රාමනාදන්. මොහු ද අන් දෙමළ නායකයන් මෙන් ම ලන්දේසීන් දුම්කොළ වගාවට
ගෙනා වෙල්ලාල කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් පැවත එන්නෙක්. රාමනාදන් කියා සිටියේ තමන්
ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ කතාකරන ජනයා වෙනුවෙන් පෙනී සිටින බවයි.
මෙයින් කියැවෙන්නේ ඉංගිරිසින් පමණක් නොව දෙමළ නායකයන් ද මෙරට දෙමළ
ජනවර්ගයක අනන්‍යතාවක් ඇති පිරිසක් නොවූ බව පිළිගැනීමයි. දෙමළ කතාකරන ජනයා කී
පමණින් දෙමළ ජනවර්ගයක අනන්‍යතාව තහවුරු වන්නේ නැහැ. මෙයට තවත් උදාහරණයක් තියෙනවා.
හෙට අනිද්දා උදාවෙන සිංහල අලුත් අවුරුද්දට ඉංගිරිසින් නිවාඩුවක් දුන්නා. සිංහල
අලුත් අවුරුද්ද සිංහලයන්ගේ අනන්‍යතාව පෙන්නනක්. මේ සඳහා මා ලිපි රාශියක් ලියා
තියෙනවා. ඉන් ලිපි කිහිපයක් සිංහල අවුරුද්ද යනුවෙන් පොතක එකතු කර තියෙනවා. ඒ පොත පළ වීමෙන් පසුවත්
තවත් ලිපි ලියා තිබෙනවා.
ඇතැමුන් සිංහල අවුරුද්දත් ද්‍රවිඩ සංස්කෘතිකාංගයක් බවට පත් කිරීමට
උත්සාහ දරනවා. හින්දු දින දර්ශනයට අප්‍රේල්
14 වැනි දා පමණ උදාවන ඊනියා අවුරුද්දක්
තියෙනවා. එය වත්මන් තමිල්නාඩුවේ, කේරළයේ,
බටහිර බෙංගාලයේ විවිධ නම්වලින් හැඳින්වෙනවා.
මෙය සිංහල අවුරුද්ද නො වෙයි. හින්දු දින දරශනයට අනුව උදාවන අවුරුද්ද හා සිංහල
අවුරුද්ද එකක් නොව දෙකක්. හින්දූන්ට අවුරුදු එළඹෙන්නේ දීපවාලියත් සමග. එසේත් නැත්නම්
තෛපොන්ගල් සමග. සිංහල අවුරුද්ද සිංහලයන්ගේ ම නිර්මාණයක්. මේ පිළිබඳ ව මගෙන් ප්‍රශ්න
නොඅසා මා ලියා ඇති ලිපි සොයා ගෙන කියවන්න.
ඉංගිරිසින් සිංහලයන්ට අලුත් අවුරුද්ද සඳහා නිවාඩුවක් දෙද්දී ඔවුන්ට
(ඉංගිරිසින්ට) නිවාඩු සමාන කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුවා. මේ සිංහල බෞද්ධ
විරෝධී පදනමකින් කළ දේ. 1833 දී ව්‍යවස්ථාදායක සභාවට නිල නොලත්
මන්ත්‍රීන් පත් කිරීමේදීත් මේ සමාන කිරීම බලපෑවා. ඒ අනුවයි සිංහලයන්ගේ ඉතිහාසය
ජනගහන ප්‍රතිශතය ආදිය කිසිවක් නොතකා සිංහල මන්ත්‍රීන් එක් අයකු හා දෙමළ මන්ත්‍රීන්
එක් අයකු පත් කෙළේ. ඒ තමයි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය. සිංහල අවුරුද්දට නිවාඩු
දීමේදීත් ඔවුන්ට සිංහල බෞද්ධයනට දී ඇති නිවාඩු සමග හින්දූන්ට දී ඇති නිවාඩු සමාන
කිරීමට වුවමනා වූවා. එබැවින් සිංහල අවුරුද්ද හින්දුන්ගෙත් අවුරුද්දක් ලෙස සලකා එය
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස නම් කළා.
මෙය බරපතළ වරදක් ඉන්දියාවේ හින්දුන් සියළු දෙනා ම අප්‍රේල් දිනයක
සිංහල අවුරුද්ද පැවැත්වෙන දිනයේ අවුරුද්දක් පවත්වන්නේ නැහැ. අපේ අවුරුද්ද අවුරුදු
පතා වෙනස් වෙනවා. රොබට් නොක්ස් සිටි සමයේ අවුරුද්ද උදාවූයේ ජූලියන් කැලැන්ඩරය අනුව
මාර්තු 27, 28 දිනවල. අප මෙන් අවුරුද්ද පවත්වන්නේ
ථෙරවාද බෞද්ධ රටවල ජනයා පමණයි. ඒ සිංහල අලුත් අවුරුද්ද අපෙන් ඒ රටවලට ගොස් ඇති
නිසා. සිංහල අලුත් අවුරුද්ද සිංහල බෞද්ධ අවුරුද්දක්. ඉංගිරිසින් සිංහල අවුරුද්ද
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස නම් කිරීමේ දී කරුණු දෙකක් ඉස්මතු වෙනවා. එකක්
සිංහල බෞද්ධ අනන්‍යතාවක පිළිගැනීම. එය ඩොයිලිගේවත් ධර්මපාලතුමාගේවත් වැඩක් නො
වෙයි. දෙක දෙමළ අනන්‍යතාවක් නොපිළිගැනීම. ඔවුන් දෙමළ අනන්‍යතාවක් පිළිගත්තා නම්
සිංහල අවුරුද්ද නම් කළ යුතුව තිබුණේ සිංහල හා දෙමළ අවුරුද්ද කියායි. එහෙත් ඔවුන්
එසේ කෙළේ නැහැ. ඔවුන් බෞද්ධ (සිංහල බෞද්ධ) නිවාඩු හා හින්දු නිවාඩු සමාන කළා.
ඉංගිරිසින්ට සිංහල හා බෞද්ධ යන්න එකම සංස්කෘතික අනන්‍යතාවක්. ඒ අනන්‍යතාව යටතේ
සිංහල ක්‍රිස්තියානිනුත් හිටියා. එහෙත් ඉංගිරිසින්ට දෙමළ යනුවෙන් අනන්‍යතාවක් මෙරට
දහනවවැනි සියවසේ මෙරට තිබුණේ නැහැ. මෙරට දෙමළ අනන්‍යතාවක් ඇති වුණේ විසිවැනි
සියවසෙන් පසුව.
මැතක දී කවුද පඬියකු සිංහල හා දෙමළ අවුරුද්ද යන නම අවුරුද්දට යොදලා.
ඒ සිංහල නම් ඒ සමග යෙදිය යුත්තේ දෙමළ කියන පඬි කල්පනාවෙන්. ඉන්දියාවේ දෙමළ
අවුරුද්දක් පවත්වන්නේ කොහේ ද? පඬියන් නම් පඬියන් ම තමයි. මා මේ කරුණු
කියනවාට අවුරුද්ද මුළුල්ලේ ම විජාතික සංස්කෘතිකාංග අප මත පටවා අවුරුද්දට අප
ඔංචිල්ලාවේ යවන රුපවාහිනි නාළිකා බයයි. අපේ දේ රැකගන්නේ යැයි කියන නාළිකාත්
බයයි.
හෙට අනිද්දා යාපනයේ අවුරුදු පවත්වන්නේ නම් ඒ සිංහල බෞද්ධ ආභාසය
නිසයි. ලන්දෙසීන් දකුණු අප්‍රිකාවටත් ගෙන ගිය වෙල්ලාලයන් එහි අවුරුදු පවත්වනවා ද?
යාපනයේ අවුරුදු තවමත් පැවැත්තෙන්නේ සුළු
වශයෙන්. යාපනයට යෑමට බැරි නම් වැල්ලවත්තට ගිහින් බලන්න. දෙමළ ජනයා අවුරුද්ද
පවත්වනවාට මා විරුද්ධ නැහැ. අප එයට අනුබල දිය යුතුයි. සිංහල අවුරුද්ද ක්‍රිස්තියානින්ට
මෙන් ම මුස්ලිමුන්ට ද පවත්වන්න පුළුවන්. ඔවුන් නැකැත් ගැනීම අවශ්‍ය නැහැ. සිංහල
අවුරුද්ද ඒ ඒ ආගමික සංස්කෘතීන් රැකගන්නා අතර ම පොදු සංස්කෘතිකාංගයක් කර ගත
හැකියි. මේ සියල්ල ගැන මා ලියා
තියෙනවා. එහෙත් දන්නා පිරිස ඉතා
ස්වල්පයක්. තවමත් අති මහත් බහුතරයකට නොනගතය කියන්නේ නැකත් නැති වෙලාව. එහෙත්
නොනගතයේ අපර භාගයේ නැකතට කිරිබත් උයා කනවා.
කවුරු හරි පඬියකු අහන්න පුළුවන් සිංහල අවුරුද්දට සිංහල රජවරුන් කාලෙ
නිවාඩු දුන්න ද කියලා. නිවාඩු දීලා නැත්නම් ඒ කියන්නෙ ඒ කාලෙ සිංහල අවුරුද්ද
තිබිලා නැහැ කියන්න පුළුවන්. ඒ විධියට ම වෙසක් දිනයට නිවාඩු දී නැති නිසා එදවස
වෙසක් තිබිලත් නැහැ කියන්න පුළුවන්. වරතමානයේ නීති රීති අනුව අතීතය ගැන තීරණ ගන්න
කසිකබල් ඉතිහාස පුස්සන්ට පොරවල් වෙන්න එවැනි දේත් තියෙන්න ඕන. ඒ හුදී ජන පහන්
සංවේගය සඳහා.