ප්‍රියන්තා සේනානායකගේ අභාවය
නාථ දේව මණ්ඩලය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව තිබූ ප්‍රියන්තා සේනානායක මහත්මිය මිය ගිහින්. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ කිත්සිරි සේනානායකගේ බිරිඳ. කිත්සිරි තමයි මට කියා තිබුණේ ප්‍රියන්තාට නාථ දේව මණ්ඩලය සමග සම්බන්ධවීමට හැකි බව. ඇය රෝගවලට කළ පිළියම් සාර්ථක වෙලා තිබුණා. ඒ නිසා තමයි චන්න ජයසුමන මා සමග රජරට වකුගඩු රෝගය ගැන කී විට මා ඔහු ප්‍රියන්තා වෙතට යොමු කෙළේ. ඈ අපට කීවේ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කෘමිනාෂක බවත් ඒ කෘමිනාෂකවල ආසනික් තිබෙන බවත්.
අප එකී කෘමිනාෂක මෙරටට ගෙන්වන සමාගම් හතරක නියෝජිතයන්ට කැලණිය විශ්වවිද්‍යාලයට එන්න කියා ඔවුන් ඉදිරියේ ඒ කෘමිනාෂකවල ආසනික් තියෙන බව පෙන්නුවා. එමෙන් ම අනුරාධපුරයේ පසෙහි ගස්කොලන්වල ආසනික් තිබෙන බවත් පෙන්නීමට අපට හැකි වූවා. අනුරාධපුරයෙහි පමණක් නොව රජරට බොහෝ ප්‍රදේශවල තත්වය එයයි. සහල්වල ද සුළු වශයෙන් නමුත් ආසනික් තියෙනවා. ඒ බව ජනමාධ්‍යයෙහි ප්‍රචාරය වූ විට අපට චෝදනාවක් ආවා අප ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන බත් කෑම නතර කර පාන්පිටි පුරුදු කරන්න හදනවා කියා. ජාතිකත්වය ගැන අබමල් රේණුවක හරි දැනුමක් තියෙන අයකු අප පාන්පිටි පුරුදු කරන්න හදනවා කියන්නේ නැහැ.
කෙසේ වෙතත් අපට ජලයේ ආසනික් ඇති බව පෙන්නීමට නොහැකි වූවා. එහෙත් මට පසුව හිතුණා කුඹුරුවල මඩෙහි ආසනික් ඇතිය කියා. එහෙත් ඒ වන විට මා කැලණිය විද්‍යාපිඨාධිපති ධුරයෙන් සමුගෙන තිබූ බැවින් එය පරික්‍ෂා කරවීමට නොහැකි වූවා. ධුරයකින් ඉවත් වුණාට පස්සෙ මිනිස්සු අප සතපහකට ගණන් ගන්නේ නැහැ. අර කතාවට කියන්නෙ කබාය ගලවපු පොලිස් නිලධාරියා වගේ කියල. එය මට විතරක් නොවෙයි කාටත් පාඩමක්. මෛත්‍රිපාල සිරිසේන පස්සෙ ගිය අය අද ඔහුට විරුද්ධ ව පොර කතා කියමින් වෙනත් අය පස්සෙ යනවා.
කොහොම හරි ආසනික් කතාවට දසඅතින් අපට විරෝධය පළවුණා. මහා විද්‍යාඥයන් අප මතයට විරුද්ධ ව පත්‍රිකා ලිවුවා. ඒකට මොක ද අදත් රජරට වකුගඩු රෝගයට හේතුව මොකක් ද කියල කියන්න ඒ මහා විද්‍යාඥයන්ට හැකි වෙලා නැහැ. විද්‍යාව ගැන අහල තියෙන අයත් අපට විරුද්ධ වුණා. තරකය යථාර්ථය වාස්තවිකත්වය ගැන මෙලෝ සිහියක් නැතිව කියවන අය මා නාථ දෙවියන් විශ්වාස කරන මිථ්‍යාමතධාරියකු ලෙස හැඳින්නුවා. හැම දැනුමක් ම විශ්වාසයක් මත පදනම් වෙනවා. ගණිතය තරම් විශ්වාසය මත පදනම් වන වෙනත් දැනුමක් නැහැ.
නාථ දෙවියන් මෛත්‍රි බුදුහාමුදුරුවන් ලෙස මතු බුදුවන බවට විශ්වාසයක් සිංහල බෞද්ධයන් අතර තියෙනවා. එහෙත් ඊනියා තාර්කික විද්‍යාත්මක බෞද්ධයන් ද අපට විරුද්ධ වුණා. අපට කීවත් විරෝධය එල්ල වුණේ මටයි. එහෙත් අද වන තුරුත් නාථ දෙවියන් සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නය කුමක් ද කියා කිසිවකු නිශ්චිත ව කියන්නේ නැහැ. එසේ වුණත් බටහිර විද්‍යාවේ ප්‍රශ්න අනන්තයි. අයින්ස්ටයින්ගේ සමීකරණ යොදා ගනිමින් කිසිම ගුරුත්වාකර්ෂණ හරි වෙනත් ඊනියා බලයක් හරි නැතිව අංශුවකට, ෆෝටෝනයකට රවුම් ගහන්න (වෘත්ත චලිතයෙහි යෙදෙන්න) පුළුවන් කියා පෙන්නුවොත් පිළිගන්නවා ද? රවුමක යන විට ප්‍රවේගය වෙනස් වෙනවා. ඒ දිශාව වෙනස් වන බැවින්. ඒත් බලයක් නැතිව?
කාලෝගේ නොවෙයි බුදුහාමුදුරුවන්ගෙ කාලාම සූත්‍රයෙහි කියන්නෙ යමක් තර්කානුකූල වූ නිසාම න්‍යායානුකූල වූ නිසා ම පිළිගන්න එපා කියල. කාලාම සූත්‍රයෙහි ඇති ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. ඒ මොකක් වුණත් අප ප්‍රියන්තාගෙන් ලැබුණු උපදෙස් මත කැලණිය විශ්වවිද්‍යාලයෙ විද්‍යා පීඨ සිසුන් සමග වස විස නැති ව කුඹුරක් කෙරුවා. කන්න දෙකක් හරි තුනක් හරි කළ බවයි මගේ මතකය. හොඳ අස්වැන්නකුත් ලැබුණා.
මට පළමු වරට හෘදයාබාධයක් වැළඳුනු විට මා ගියේ නාථ දේව මණ්ඩලයෙන් ප්‍රතිකාර ගැනීමට. මා හිතන්නේ රාත්‍රී එකට පමණ. ප්‍රියන්තා දේව මණ්ඩලයෙන් අසාගත් ප්‍රතිකාරයක් මට කළා. මා හතරට පමණ ගෙදර ආවා පමණක් නොව උදේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධිපතිකම කරන්නත් ගියා. සමහරු කියනවා මා විද්‍යා පීඨාධිපතිකමටවත් දැන් කරන තානාපතිකමටවත් සුදුසු නැහැ කියල. මා ඒක පිළිගන්නවා. ඒත් මට වඩා සුදුස්සකු හොයා ගන්න එකත් ප්‍රශ්නයක්.
අවාසනාවකට ප්‍රියන්තාටත් දේශපාලන ව්‍යාපෘතියක් තිබුණා. නාථ දේව මණ්ඩලයේ සම්බන්ධ වන්නේ කා සමගින් ද යන්න ආදිය ගැන මට ප්‍රශ්න තිබුණා.මා එතැනින් ඉවත් වුණා. එබැවින් දෙවැනි වර හෘදයාබාධය වැළඳුණු විට මා බටහිර වෙදකම කරන රෝහලකට ඇතුල් වුණා. අනුරුද්ධ පාදෙණිය දේව මණ්ඩලයේ වැඩවලට යන්න එන්න පටන් ගත්තෙ පසුව. ඔහු තවමත් එහි කටයුතුවලට සහභාගි වෙනවා. බටහිර විද්‍යාඥයන්වත් බටහිර වෙදමහතුන්වත් ඔහුට විරුද්ධ නොවී මට පමණක් විරුද්ධ වීම තේරුම් ගැනීමට මා උත්සාහ කරනවා. ඒ කුමක් වුණත් අප මියන්මාරයේත් නාථ දේව මණ්ඩලයේ උපදෙස් මත හෙළ සුවය සකස් කර ඇති ඖෂධ සහිත ව දුම් හට්ටිය අල්ලනවා.
පඬි නැට්ටන් නාථ දෙවියන්ට ප්‍රියන්තාගේ රෝගය සුව කරන්න බැරි වුණා ද වගේ තමන්ටත් නොතේරෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ඔවුන්ගේ දැන ගැනීම සඳහා කිව යුතු කරුණක් නම් තමන් වැඩි කාලයක් ජීවත් නොවන බව ප්‍රියන්තා දැන සිටි බවත් එසේ කියා ඇති බවත් එබැවින් මරණයට පෙර කළයුතු වැඩ රාශියක් කිරීමට පෙළඹුණු බවත්. මරණය නියත බව කීම නියතිවාදයක් නො වෙයි. එය ප්‍රවාදයකින් ලබා ගන්නා නිගමනයකුත් නො වෙයි.
දැනුම ලබා ගැනීමේ දී (සංස්කරණය කිරීමේ දී) පංචෙන්ද්‍රිය මත පමණක් පදනම් වෙන්න බැහැ. ඔය හැම දැනුමක් ම සංස්කරණය කිරීමේ දී මනස තමයි ප්‍රධාන වන්නේ. මනසත් මනසේ සංස්කරණයක්. එය චක්‍රීය චින්තනයෙන් ලබා ගන්නා (සංස්කරණය කර ගන්නා) එකක්. එය අර රේඛීය චින්තනයේ කාන්ට් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ ම නිර්මාණයක් යැයි කීම වගේ දෙයක් නො වෙයි. එහෙත් මට කියන්න ඕනෙ ඒක නොවෙයි. පංචෙන්ද්‍රියට මනස නැතිව දැනුම සංස්කරණය කිරීමට නොහැකි වුණත් මනසට පංචෙන්ද්‍රිය නැතිව දැනුම සංස්කරණය කරන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න. අග්ගඤ්ඤ සූත්‍රය විශ්වාස කරන්නෙ නැත්තන් පොඩ්ඩක් කියන්න මනස නැතිව සංස්කරණය කරපු දැනුමක් ගැන.
මා හිතන්නේ ප්‍රියන්තා තමන් ජීවත් වූ සුළු කාලයෙහි විශාල වැඩ කොටසක් කළ බවයි. ඇය රටට ජාතියට ණය නැහැ වගේ වැදගැම්මකට නැති කතා මා කියන්නේ නැහැ. බටහිරයන් අනුකරණය කරමින් ඇයට සුබ ගමන් පතන්නවත් සුව නින්දක් පතන්නවත් මා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙනත් සංස්කෘතියකින් ගන්නා පඬි බව පෙන්වන අහංකාර යෙදුම් පමණයි. ඇයට නාථ දෙවියන් බුදු වීමෙන් ඇති වන මෛත්‍රී බුද්ධශාසනයේ හෝ ඉන් මෙහා හෝ නිවන් සම්මාබෝධය ලැබේවා!