Main Logo

Tuesday, 31 October 2017

ඔක්තෝම්බර් 31 හා නොවැම්බර් 07


ඔක්තෝම්බර් 31 හා නොවැම්බර් 07



ඔක්තේම්බර් 31 හා නොවැම්බර් 07 මගේ දින දර්ශනයේ වැදගත් දවස්. ඒ මගේ මුණුබුරන්ගේ උපන් දින. මෙතරම් ප්‍රශ්න තියෙද්දී මගේ මුණුබුරන්ගේ උපන් දින දැන ගැනීමට ඇති වුවමනාව කුමක් දැයි කිසිවකු මගෙන් අසන්න පුළුවන්. මේ දින දෙක ලෝකයාටත් වැදගත්. හරියට ම මෙයට අවුරුදු පන්සියයකට පෙර 1517 මක්තෝම්බර් තිස්එක්වැනි දා මාටින් ලූතර් පාප්වහන්සේගේ ඇතැම් ක්‍රියාවලට විරුද්ධව පෝස්ටරයක් ඇලෙවුවා. ඒ පෝස්ටරයෙන් ප්‍රෙතෙස්තන්තවාදය උපන්නා. ප්‍රොතෙස්තන්ත කියන්නෙ ප්‍රොටෙස්ටන්ට් කියන වචනය සිංහලට යෙදී ඇති අන්දම. එහි විරෝධය යන අර්ථය තියනවා. මාටින් ලූතර් කතෝලික ආගමට හා පාප්වහන්සේට විරුද්ධ වුණා. ඔහු එක්තරා ආකාරයකට මූලධර්මවාදියකු ලෙසත් සලකන්න පුළුවන්. කෙසේ වෙතත් මාටින් ලූතර් නව ක්‍රිස්තියානි ප්‍රවණතාවකට මුල පිරුවා.

Monday, 30 October 2017

අද ඇරඹෙන විවාදය  


අද ඇරඹෙන විවාදය



ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කෙරුණු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද සිට දින තුනක් විවාද කිරීමට නියමිතයි. මේ විවාදය පැවැත්වෙන්නේ ඇමරිකානු ඔරුමත්තුනාඩු යුද්ධ නැව් කිහිපයක් කොළඹ වරායේ තිබෙන අතර. ඒ සිද්ධි දෙක සමගාමී වීම අහම්බයක් වන්නත් පුළුවන්, සැලසුම් කරන ලද්දක් වෙන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ හිතන් හිටිය ද දන්නෙ නැහැ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ ඡන්දයෙන් පමණක් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. එහි දී රටේ විරුද්ධත්වයක් ඇති වුණොත් විදේශවලින් යුද්ධාධාර ඉල්ලීමට. එය හිතළුවක් පමණක් වුවත් රනිල් වැඩ කරන ආකාරයට හා බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතා අනුව නව ව්‍යවස්ථාවක් කෙසේ නමුත් සම්පාදනය කිරීම අද ප්‍රධාන කාර්යය වෙලා.

Sunday, 29 October 2017

දයාන්ලා නොදන්නා දේශපාලනය  


දයාන්ලා නොදන්නා දේශපාලනය



ඉංගිරිසියෙන් ලියන ඇතැමුන් දැන් නැවතත් හෙළිදරවු වෙමින් පවතිනවා. ඔවුන් ගැන එදත් අප නම් විශ්වාස කළේ නැහැ. ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය මේ අදහස් සිංහලෙන් ලියනවා. තම දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට ජාතිකත්වය යොදා ගන්නා අය ජාතිකවාදීන් නො වෙයි. චම්පක ජාතිකවාදියකු යැයි කියන අය අදත් ඉන්නවා ද? ඔහු කරණමක් ගසා නැවතත් සිංහල බෞද්ධයන් රවටන්න පුළුවන්. එහෙත් මේ රැවටීම වැඩි කලක් කරගෙන යන්න බැහැ.

Saturday, 28 October 2017

සුරංගනා කතා  


සුරංගනා කතා



මේ රටේ තරම් විිද්‍යාඥයන් ලෝකයේ වෙනත් රටක ඉන්නව කියල හිතන්න බැහැ. දේශපාලන විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, විවිධ ප්‍රවාද අනුගමනය කරන සාහිත්‍යධරයන්, භෞතික විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන්, ජීව විද්‍යාඥයන්, වෛද්‍ය විද්‍යාඥයන්, ඉංජිනේරු විද්‍යාඥයන්, පශූ වෛද්‍ය විද්‍යාඥයන් ආදී වශයෙන් විද්‍යාඥයන් මෙරට දැක ගන්න පුළුවන්. ඔවුන් කිසිම ප්‍රවාදයක් සංකල්පයක් තම ක්‍ෂෙත්‍රවලට එකතු කර නැති නමුත් ඔවුන් පෙනී සිටින්නේ විද්‍යාඥයන් ලෙස. තමන් කතා කරන්නේ අහවල් විද්‍යාඥයකු ලෙස නැත්නම් අහවල් ක්‍ෂෙත්‍රයෙහි ප්‍රාමාණික විද්‍යාඥයකු ලෙස වශයෙන් කියනු අප අසා තියෙනවා. නීතිඥයන් සාමාන්‍යයෙන් විද්‍යාඥයන් ලෙස නොසැලකෙන නමුත් නීතියේ ප්‍රාමාණික විද්වතුන් ලෙස පෙනී සිටින්නන් ඉන්නවා.

Friday, 27 October 2017

ගල්ලෙන බිඳීම හා ව්‍යවස්ථා මණ්ඩලය බිඳීම  


ගල්ලෙන බිඳීම හා ව්‍යවස්ථා මණ්ඩලය බිඳීම

 

ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය උපදෙස් ගන්නේ ජාත්‍යන්තරවාදීන්ගෙන් බව පැහැදිලියි. අද අප ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානම් ව සිටිය යුතුයි. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාතය යටතේ කුමක් සිදුවේ ද යන්න කල් තබා මුළුමනින් ම  කීම තරමක් අපහසුයි. එහෙත් එය යම් තරමකට පුරෝකථනය කරන්න පුළුවන්. අප අතර සිටින ජාතිකවාදීන් යැයි කියා ගන්නවුන්ගෙන් අප පරෙස්සම් විය යුතුයි. නිතර දෙවේලේ රූපවාහිනියෙන් වාචාල කතා කී පමණින් කිසිවකු ජාතිකවාදියකුවත් බුද්ධිමතකුවත් වන්නේ නැහැ.

Thursday, 26 October 2017

භයානක ව්‍යවස්ථා සංශෝධනයක්


භයානක ව්‍යවස්ථා සංශෝධනයක්



ඔක්තෝම්බර් 30, 31 හා නොවැම්බර් 01 ඊනියා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එය පැවැත්නේනේ පාර්ලිමේන්තුවේ ද නැත්නම් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ ද යන්න පැහැදිලි නැහැ. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීමට ආණ්ඩුවටවත්  ඒ මණ්ඩලයේ වැඩ කටයුතුවලට සහභාගි වීමට ඒකාබද්ධ විපක්‍ෂයටවත් ජනවරමක් නැහැ. ජනතා පරමාධිපත්‍යයෙන් තීරණය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය අනවශ්‍ය බවයි. එහෙත් ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනතා පරමාධිපත්‍යය ආණ්ඩුවවත් ඒකාබද්ධ විපක්‍ෂයවත් රකින්නේ නැහැ. ඒ කියන්නේ ඒ දෙගොල්ලන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව ක්‍රියා කරන බව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීම තම රාජකාරියක් වුවත්, එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒ රාජකාරිය නියම කෙරී තිබුණත්, මෛත්‍රිපාල ජනාධිපති ලෙස ඒ කාර්යය ඉටු කරන්නේ නැහැ. ඒ කියන්නේ ජනාධිපතිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නේ නැහැ.

Wednesday, 25 October 2017

නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂප කරමු




නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂප කරමු



අද රටේ මහත් උනන්දුවක් ඇති වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැනයි. විය යුතු පරිදි ම අනෙක් ප්‍රශ්න යටපත් කරගෙන ව්‍යවස්ථා සම්පාදනය කිරීම පෙරට ඇවිත්. මහා සංඝ රත්නය තමන්වහන්සේගේ නිකාය, පාර්ශ්වය ආදියෙහි කාරක සභා යොදා ගනිමින් නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරනවා. උන්වහන්සේ පොදුවේ ගතහොත් ප්‍රකාශ කරන්නේ නව ව්‍යව්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවස්ථාවක් නොවන බවත්. උන්වහන්සේ පොදුවේ නැතත් මැතිවරණ නීතිය සංශෝධනය කිරීමට එකඟ වන බව  ප්‍රකාශ කර සිටිනවා.