Main Logo

Friday, 30 June 2017

මේ අන්තිම ලිපිය නො වේ


මේ අන්තිම ලිපිය නො වේ



මේ මා සයිටම් ගැන හෝ වෙනත් කරුණක් ගැන හෝ ලියන අන්තිම ලිපිය නො වෙයි. එහෙත් අන්තිම ලිපිය ලිවීමට එතරම් කලක් ඉතිරි වී ඇතැයි කියන්න බැහැ. ඒ මා වැඩි කල් යෑමට පෙර මිය යෑම නිසා නො වෙයි. ලිපි කියවීමට ජාතියක් ඉතිරි නොවීම නිසයි. අප ඉතාමත් අඳුරු යුගයකට, භීෂණයකට පිය නගිමින් ඉන්නවා. එයට ප්‍රධාන වරදකරුවන් වනුයේ බටහිර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය සභාව, ඊනියා පෙරටුගාමීන්, ව්‍යාජ සමාජවාදීන් ද වූ සිවල් සාමාජිකයන්, ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ප්‍රධානීන්, පඬි ජනමාධ්‍යවේදීන්, වෙනත් පඬියන්, පඬි පෝතකයන්, ඒකාබද්ධ විපක්‍ෂය හා ආණ්ඩුව.  මේ භීෂණය බටහිරයන්ගේ ලංකා වසන්තය වේවි.

Thursday, 29 June 2017

සිංහල බෞද්ධයනට බය කවු ද?


සිංහල බෞද්ධයනට බය කවු ද?


මෙරට දැන් කිසිම අයකු බය නැති ජන කොටසක් ඉන්නවා. ඒ සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ට දේශපාලනඥයන්වත් ජනමාධ්‍යවේදීන්වත් පොලිසියවත් වෙනත් කිසිවකුවත් බය නැහැ. ජනමාධ්‍ය ප්‍රධානීන්වත් සිංහල බෞද්ධයන්ට බය නැහැ. ජනමාධ්‍ය ප්‍රධානීන් අතර සිංහල බෞද්ධයන් කී දෙනකු ඉන්නවා දැයි මා දන්නේ නැහැ. ඇතැමුන් සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටිනවා.  සිංහල බෞද්ධයන් නම් සිංහල බෞද්ධයන් ලෙස අනෙක් හැමෝට ම බයයි.

Wednesday, 28 June 2017

මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?


මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?



සයිටම් පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂ. එයට අනෙක් රාජපක්‍ෂලා විරුද්ධ වුණේ නැහැ. එදා සිට අද දක්වා වී ඇත්තේ කුමක් ද? අද රාජපක්‍ෂලා සයිටම් අහෝසි කළ යුතු බව කියනවා ද? සිසුන්ගේ ඔළු පැලීම් ගැන පමණක් කියා ප්‍රශ්නයෙන් පිට පැනීමට රාජපක්‍ෂලාට නො හැකියි. සයිටම් ගැන තම ප්‍රතිපත්තිය වෙනස් වී ඇත් දැයි රාජපක්‍ෂලා වහා ම කිව යුතුයි. ඔවුන් පැහැදිලි ප්‍රකාශයක් නොකර සිටීම දේශපාලන වාසියක් ගැනීමට කරන උප්පරවැට්ටියක් පමණකි. මා එදා මෙන් ම අදත් සයිටම් ආයතනයටත් එහි වෛද්‍ය විද්‍යාලයටත් පක්‍ෂයි.

Tuesday, 27 June 2017

බටහිර විද්‍යාවේ හා හේතුවාදයේ කඩා වැටීම




බටහිර විද්‍යාවේ හා හේතුවාදයේ කඩා වැටීම



බටහිර විද්‍යාව ගැන බොහෝ දෙනා කියන බොහෝ දේ සාවද්‍යයි. මා කියන්නේ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන සූත්‍රය ගැන පමණක් නො වෙයි. එය බටහිර විද්‍යාවේ ක්‍රමය යනුවෙන් වැරදි මතයක් සමාජයේ පැතිරිලා. ඒ අතර බටහිර විද්‍යාව ආනුභවික කියලත් මතයක් පවතිනවා. ඒ අතර ම හේතුවාදය (බුද්ධිවාදය) ගැනත් කතා කරනවා. බොහෝ දෙනා හිතන්නේ මේ දෙක එකම පදනමක කියා. ඒත් ඒ දෙක දෙකක්. බුද්ධිවාදයෙ ආනුභවිකයක් නැහැ. යම් ප්‍රස්තුතයකින් පටන්ගෙන නිගමන (අපෝහනය) කිරීම තමයි එහි කෙරෙන්නෙ. ඒ නිගමන නිරීක්‍ෂණය කරන්නවත් එහි පෙළඹෙන්නෙ නැහැ. බටහිර විද්‍යාවෙ එක දෙයක් වෙලා තියෙනවා. ඒ ආනුභවිකයයි හේතුවාදයයි එකතු කිරීම. ඒකත් කරලා තියෙන්නෙ ප්‍රතිපත්තියක් මත නො වෙයි, අවස්ථාවාදී ව. ඒ මදිවාට බුද්ධිවාදය හා හේතුවාදය දෙකමත් එකක් නො වෙයි.

Monday, 26 June 2017

බටහිර ආධිපත්‍යය


බටහිර ආධිපත්‍යය


මා ඊයේ ලියූ ලිපිය බොහෝ දෙනකුට තේරී නැහැ. එහි ජාතිවාදය ගැන අලුත් ම අර්ථකථනයක් දී තිබුණා. ජාතිවාදය හා ජාතිභේදවාදය ගැන කියන කතාවලට ජනමාධ්‍යයේ ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන නමුත් මා දුන් අර්ථකථනයට කිසිවකගේ අවධානය යොමු වී නැහැ. ජාතිවාදය හා ජාතිභේදවාදය අතර වෙනස පැහැදිලි කිරීමට හැකි අයකු සිටිනවා ද? එහෙත් මේ රටේ හැටි එහෙමයි. ඊනියා උගතුන්ටත් ඇත්තේ හැඳි මිට දිගේ නුවණක් පමණයි.

Sunday, 25 June 2017

ජාතිවාදීන් කවු ද?


ජාතිවාදීන් කවු ද?



මෙරට බොහෝ සිංහල බෞද්ධයන් හා පොදුවේ සිංහලයන් බොහොමයක් හැරෙන්න අනෙක් සියලු දෙනා ම පාහේ ජාතිවාදීන් හෝ ආගම්වාදීන් හෝ බව පැහැදිලියි. සිංහල බෞද්ධයන්ට මෙරට හිමි විශේෂිත තත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතෙනවා. ඉංගිරිසින් වුවත් ඒ විශේෂත්වයට ගරු කළා. 1815 ගිවිසුමෙන් පමණක් නොව 1892 ආඥා පනතෙන් ද ඉංගිරිසින් මේ විශේෂත්වයට ගරු කළා. ඕල්කට් බෞද්ධයන් ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් ලෙස සිංහල බෞද්ධයන්ගෙන් වෙන් වූ පසු සිංහල බෞද්ධයන්ට හිමි ව තිබූ විශේෂත්වය නැති වීමට පටන් ගත්තා.

Saturday, 24 June 2017

සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත  



සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත



සයිටම් ප්‍රශ්නය දැන් ඔඩු දුවලා. මේ ප්‍රශ්නය විසඳලා හුඟක් කල්. ඊයේ රාජිත ඉදිරිපත් කෙළේ කලකට පෙර ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ යෝජනා. එහෙත් පෙරටුගාමින් හා ඔවුන් පසුපස යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ප්‍රශ්නය විසඳා නැති බවයි. ප්‍රශ්නය විසඳීම යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ සයිටම් අහෝසි කිරීමයි. එහෙත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මුල දී එවැනි ඉල්ලීමක් තිබුණේ නැහැ. සයිටම් අහෝසි කිරීම ඔවුන්ගේ ඉල්ලීමක් වූයේ මේ ඊනියා සටන පටන් ගෙන ටික කලක් ගියාට පස්සෙ. එය පැහැදිලි ව ම දේශපාලන ඉල්ලීමක්. වෛද්‍ය සංගමයත් දේශපාලනයක යෙදී ඉන්නවා. වෛද්‍ය සංගමයේ ඇතැමුන් ඉදිරි මැතිවරණයක දී ඇමතිවරුන් ලේකම්වරුන් වීමට බලාපොරෙත්තුවෙන් ඉන්නවා. එක් ප්‍රධානියකු ජනාධිපති වෙන්නත් බලාගෙන ඉන්නවා. අද ඇහුවොත් ඔවුන් කියාවි එහෙම බලාපොරොත්තුවක් නැහැ කියලා.