Main Logo

Tuesday, 24 October 2017

මහින්දට වචනයක්  


මහින්දට වචනයක්



දින සියයේ ආණ්ඩුව පිහිටුවා දැන් වසර තුනකට ආසන්නයි. නීත්‍යානුකුල නොවන ඊනියා එ ජා පෙරමුණු – ශ්‍රී ල නි ප ජාතික ආණ්ඩුව පිහිටුවා වසර දෙකකට වැඩියි. පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන ශ්‍රී ල නි පක්‍ෂය සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැහැ. එහෙත් කරු ජයසූරිය කතානායක ව ඉන්න තාක් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාතය යටතේ පාර්ලිමේන්තුවේ නීති විරෝධී සම්ප්‍රදාය විරෝධී ක්‍රියා වෙන්න පුළුවන්. වෙනත් කිසිවකු ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකුල නොවීම ගැන කතා නොකරන්නේ මගේ තර්කය වැරදි නිසා ද? ශ්‍රී ල නි ප පිළිගන්නා කතානායක ම එ පෙ, ජා නි පෙ ආදී පක්‍ෂ පිළිගන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා ජාතික ආණ්ඩුව ප්‍රශ්න නොකරන්නේ යම් දිනයක කරු ජයසූරිය විපක්‍ෂයේ පක්‍ෂ පිළිගනීවි යන බලාපොරොත්තුවෙන් ද?

Monday, 23 October 2017

රනිල්ගේ නැති ව්‍යවස්ථාව


රනිල්ගේ නැති ව්‍යවස්ථාව



රනිල් හැම තැනම කියන කතාවක් නම් නව ව්‍යවස්ථාවක් නැති බවයි. ඔහු අහන්නේ නැති ව්‍යවස්ථාවක් ගැන භික්‍ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, ඒකාබද්ධ විපක්‍ෂය, සහ වෙනත් අය කලබල වී ඇත්තේ ඇයි ද යන්නයි. ඒ අතර මෛත්‍රිපාල කියනවා බලය විමධ්‍යගත කිරීමට විරුද්ධ අය එයට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැති බව. දැන් මේ බලය විමධ්‍යගත කිරීම ගැන මෛත්‍රිපාල කියන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වෙන්න බැහැ. ඒකෙනුත් බලය බෙදිලා. ඔහු මේ කියන්නේ නව ව්‍යවස්ථාවක් ගැන බව පැහැදිලියි. මෛත්‍රිපාලට පුළුවන් වෙයි ද රනිල්ට කියන්න නව ව්‍යවස්ථාවක්  තියෙනවයි කියලා.

Sunday, 22 October 2017

අනේ මෛත්‍රිපාල අනේ රනිල්  


අනේ මෛත්‍රිපාල අනේ රනිල්



බටහිරයන්ගෙන්, පෘතුගීසීන්ගෙන්, තුවක්කු සෑදීමට උගත් සිංහලයන් පෘතුගීසීන්ටත් වඩා හොඳ තුවක්කු නිපදවූවා. එය හොඳ දෙයක්. බටහිර දැනුම් ආධිපත්‍යයට යට නොවීම යනු බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කිරීමක් නොවන බව මෙරට කසිකබල් උගතුන්ට තේරෙන්නේ නැහැ. අපේ රටේ ප්‍රශ්නයත් එයමයි. ඊනියා උගතුන්ට බොහෝ දේ නොතේරීම, විශේෂයෙන් ම බටහිර සංකල්ප හා ප්‍රවාද නොතේරීම. එහෙත් ඔවුන් පෙන්නන්නේ ඔවුන්ට ඒ තේරෙන බවයි.

Saturday, 21 October 2017

විග්නේස්වරන් නොකී කතාව – 3  


විග්නේස්වරන් නොකී කතාව – 3



විග්නේස්වරන් යනු අමු ම අමු දෙමළ ජාතිවාදියෙක්. ඔහු පිටුපස ඉන්නේ බටහිර රටවල විසුරුණු දෙමළ ජනයා. ඔවුන් පිටුපස ඇත්තේ එංගලන්තය ප්‍රධාන බටහිර රාජ්‍ය. බටහිරයන් නොහිටින්න විග්නේස්වරන් කෙනකු නැහැ. මෙරට වෙල්ලාලයන්ට ඇති ප්‍රශ්නය ඔවුන් ඉංගිරිසින් යටතේ භූක්ති විඳි වරප්‍රසාද මහජන ඡන්දය ලබා දීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් නැති වී යැමයි. 1912 පමණ වන තෙක් මෙරට ලාංකිකයන් යැයි කියන්නන් අතර ප්‍රධානත්වය දැරුවේ ඉංගිරිසි කතාකරන වෙල්ලාලයන්. ඉනුත් පොන්නම්බලම් කුමාරස්වාමි පවුල. එකල ඉංගිරිසි කතාකරන සිංහල ජනයාත් මේ පවුලේ නායකත්වය පිළිගත්තා. එකල ඉංගිරිසි කතාකරන වෙල්ලාලයන්ගේ සංඛ්‍යාව ඉංගිරිසි කතාකරන සිංහලයන්ට වඩා වැඩියි.

Friday, 20 October 2017

විග්නේස්වරන් නොකී කතාව - 2


විග්නේස්වරන් නොකී කතාව - 2



මල්වතු අස්ගිරි ප්‍රකාශයට රනිල් බයවෙලා. ඒ නිසා ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ  ඔහු සංඝ භේදය ඇති කිරීමට උත්සාහ කරනවා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ රනිල්ට මල්වතු මහානායක හිමියන් නිකම් ම නිකම් මල්වතු මහානායක. රනිල් අහනවා අදාළ උභය පාර්ශ්වීය කාරක සභා රැස්වීමට මල්වතු මා නාහිමියන් සහභාගි වුණා ද කියා. රනිල් පිටරට ගිය විට ඔහු නැතිව අමාත්‍ය මණ්ඩලය රැස්වෙන අවස්ථා තිබෙනවා. ඒ රැස්වීම් ගැනත් රනිල් ප්‍රශ්න කරනවා ද?  ලබන සතියේ ජනාධිපතිගේ සයිටම් ප්‍රකාශයත් සමග නැවතත් ව්‍යවස්ථාව අපට පෙනෙන්නට යට යවාවි. එහෙත් එය සම්මත කර ගැනීමට යටින් ක්‍රියා කරාවි. සයිටම් යොදා ගනිමින් මර්දනයක් දියත් වීමට ඉඩ තියෙනවා. ව්‍යවස්ථාව සම්මත කිරීමට කටයුතු කෙරෙන්නේ මර්දනය මගින්. රාමඤ්ඤ අමපුර නිකායේ ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශ ඉක්මන් වන්නේ නම් හොඳයි. එහෙත් අපට විග්නේස්වරන් අමතක කරන්න බැහැ.

Thursday, 19 October 2017

මල්වතු අස්ගිරි තීරණය  

මල්වතු අස්ගිරි තීරණය  (සංශෝධිත ලිපිය)

මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය කාරක සභාව දහඅටවැනි දා තීරණය කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ මේ අවස්ථාවේ දී අවශ්‍ය නොවන බව. කොහොමටත් ඒ සඳහා ආණ්ඩුවට ජනවරමක් නෑහැ.  එමෙන් ම කාරක සභාවේ තීරණය අනුව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වහාම නතර කළ යුතුයි. මේ තීරණ ගැනීම පිළිබඳ ව  මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය කාරක සභාවේ මහානායක අනුනායක ලේඛකාධිකාරි හාමුදුරුවරුන් ඇතුළු සියලු මහා සංඝ රත්නයට  අපේ නමස්කාරය හිමි වෙනවා. උන්වහන්සේලා මේ තීරණය ගෙන ඇත්තේ සිංහල බෞද්ධ සම්ප්‍රදාය හා සංස්කෘතිය අනුව ජාතියේ මුරදේවතාවුන් වහන්සේ ලෙස බව පැහැදිලියි.

Wednesday, 18 October 2017

විග්නේස්වරන් නොකී කතාව -1


විග්නේස්වරන් නොකී කතාව -1





විග්නේස්වරන්ගේ කතාවලට සිංහල දේශපාලනඥයන්වත් මාධ්‍යවේදීන්වත් පිළිතුරු දෙන්නේ නැහැ. විග්නේස්වරන් මහා බුද්ධිමතෙක් නො වෙයි. සයිටම් ගැන පඬි කතා කියමින් අවසානයේ දී ආණ්ඩුවට සිංහලයන් මර්දනය කිරීමට උදව් උපකාර කරන මාධ්‍ය ලොක්කන්ට හා ඔවුන්ගේ මාධ්‍ය සේවක නිවේදකයන්ටත් විග්නේස්වරන් කියන දේ වාර්තා කිරීම  හැර වෙන කියන්න දෙයක් නැහැ. සමහරවිට ඔවුන් සිතනවා ද දන්නේ නැහැ විග්නේස්වරන්ට පිළිතුරු දීම කාලය කා දැමීමක් කියා.