මහින්ද වහා තීරණයක් ගත යුතුයි
මෙරට ඊනියා කම්කරු පංතිය හෙට රනිල් වික්‍රමසිංහගේ ද නායකත්වයෙන් මැයි දින රැළියක් පවත්වනු ඇත. ඒ අතර මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂය ද වෙන ම මැයි රැළියක් පැවැත්වීමට නියමිත ය. එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ වෘත්තීය සමිතිවල මැයි රැළියක් ද එයට අමතර ව පැවැත්වෙයි. ජ වි පෙරමුණ සුපුරුදු පරිදි තම ස්මාජිකයන් කොළඹට ගෙනෙනු ඇත. තවත් කුඩා පක්‍ෂ හා සංවිධාන රැසක් මැයි රැළි පෙළපාලි ආදිය පැවත්වීමට නියමිත ය.