රැප් කිරීම හා ජනාධිපති
ස්ටීවන් රැප් කියන්නෙ 2009 -2015 අවුරුදුවල එක්සත් රාජ්‍යයෙ යුද අපරාධ පිළිබඳ තානාපති හා ගෝලීය අපරාධ විනිසුරු ලෙස සේවය කළ අයෙක්. පසුගිය සිකුරාදා (12) ගෝලීය දෙමළ සංසදය විසින් විද්‍යුත් මාධ්‍ය උපයෝගී කරමින් පවත්වන ලද මඬුලු සාකච්ඡාවක දි රැප්, රැප් සංගීතයක යෙදිල. ඔහු එහි දී කියල 2009 කාලයෙ ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට පත් වූ කොටි සාමාජිකයන් මරා දැමූ බව රැප්ට කී බව.
රැප් මේක කියන්න මෙච්චර කල් බලන් හිටියෙ මොකද
කියන එක ප්‍රශ්නයක්. දැන් මේ 2021. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වෙලත්
අවුරුද්දකට වැඩියි. ජනාධිපතිවරණයට කලින් ඔය කතාව කිව්ව නම් සමහර විට සජිත්ට
දිනන්නත් තිබුණ. රැප් සජිත් දිනනවට අකමැති ද?
එහෙම නැත්නම් රැප් හිතුව ද දන්නෙ නැහැ
ඒ කතාව අහල සිංහලයන් තව තවත් ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දෙ දෙයි කියල.
මේ විද්‍යුත් මාධ්‍ය මඬුල්ලෙ හිටිය අනෙක් අය
ගැනත් දැන ගෙන ඉන්න එක වැදගත්. මේ සියලු
විස්තර අද දි අයිලන්ඩ් පත්තරේ තියෙනවා. සිංහල පත්තරවලට මේ තොරතුරු ලැබෙන්නෙ
නැද්ද? මඬුල්ලෙ අනෙක් සාමාජිකයන් අතර එක්සත් ජාතීන්ගේ
විශේෂ වාර්තාකාර පැබ්ලෝ ද ග්‍රීෆ්, දෙමළ ජාතික සංධානයෙ මන්ත්‍රී ඒබ්‍රහම්
සුමන්තිරන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (කුප්‍රසිද්ධ
පාක්‍යසෝති සරවනමුත්තු නිසා කුප්‍රසිද්ධ වී ඇති) භවානි ෆොන්සේකා, ශ්‍රී
ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාත්‍යන්තර
කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ අමීර් ෆයිස්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ
හිටපු කොමසාරිස්වරියක වූ අම්බිකා සත්කුනනාදන්,
සිවිල් සමාජ ක්‍රියාකාරී ශ්‍රීන්
සරූර්. භවානි ෆොන්සේකා පමණයි සිංහල. ඒත් ඇයත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ.
අපි හිතමු ගෝඨාභය රාජපක්‍ෂ අත් අඩංගුවට පත්
කොටි සාමාජිකයන් මැරුව කියල. (ඔහු රැප් කතාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප
කරල). ඒ කියන්නෙ මැරෙව්ව කියල. ඔහු ඒ බව
රැප් වැන්නකුට කියයි ද? මා එසේ කළා නම් කීයටවත් කියන්නෙ නැහැ. හමුදා නිලධාරියකුව සිටි
අයකු කෙසේවත් කියන එකක් නැහැ. රැප්, රැප් සංගීතයෙ යෙදිල ද, රැප්
වෙන්න හදනවා ද (වැරදි කරුවකු වෙන්න), වෙනත් මොකක් හරි කරන්න හදනව ද කියන එක
නම් ප්‍රශ්නයක්.
දැන් තවත් ප්‍රශ්නයක්. එසේ මැරැව්වෙ කාට කියල ද? සරත්
ෆොන්සේකා එවකට හමුදාපති හැටියට ඔය සියල්ල දැන ගෙන ඉන්න ඇති. ඒත් එක්සත් ජාතීන්ගෙ
සංවිධානයෙ ප්‍රබලයන්, බටහිර ප්‍රබල රටවල් සුමන්තිරන් හා දෙමළ
ජාතික සංධානය ආදීන් 2010 ජනාධිපතිවරණයෙ දි සරත් ෆොන්සේකට ආධාර
කළා. සරත් ෆොන්සේකා මේ මිනීමැරුම්වලට සම්බන්ධ නැද්ද? එහෙමත් නැත්නම් ඔහු පාපොච්චාරණයක්
මගින් සමාව ලබා ගත්ත ද? රැප් ඒ ගැන විස්තරයක් අප හමුවෙ තබනවා ද?
මේ මඬුල්ල ජෙනීවා විගඩම සඳහා සැරසෙන බව
පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සහකාර මහා ලේකම්වරයකු වූ චාල්ස්
පෙට්රි ලංකාවට විරුද්ධ ව ඇති තහවුරු නොකළ චෝදනා පරීක්‍ෂා කිරීම එකසත් ජාතීන් මැඩ
පවත්වා ඇත්තේ ඇයි දැයි පැහැදිලි කිරීම ප්‍රතික්‍ෂෙප කරල. ඔහු එහි දී විවාදයට තුඩු
දෙන රහස්‍ය වගන්තියක් යොදා ගෙන. ඒ චෝදනා පරීක්‍ෂා නොකර තිබීමෙන් සිදුවන්නේ අදාළ
චෝදනා මුසා බව පෙනවීමට ඇති අවස්ථාව මග හැරී යෑමයි.
මේ ඊනියා රහස්‍ය වගන්තිය අනුව ලංකාවට විරුද්ධ ව
ඇති චෝදනාවල සත්‍යාසත්‍යතාව පරීක්‍ෂා කිරීම 2031 වන තෙක් කල් යනවා. ඒ අතර ඔය මානව
හිමිකම් අයිතිකරුවන්ට විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් සරුංගල් යවන්න පුළුවන්.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හා වන්නියේ රාජ්‍ය නොවන සංවිධාන එක් වී පිළියෙළ කරන
ලද වාර්තාවක් සැලකිල්ලට ලක් නොකර ඇත්තේ ඇයි දැයි ඈසු විට පෙට්රි පවසා ඇත්තේත් රහස්‍ය වගන්තියයි.
සිංහල විරෝධී ජාත්‍යන්තරය සිංහලයන්ට විරුද්ධ ව
විවිධ චෝදනා ගේනවා. මරා දමන ලදැයි කියන සංඛ්‍යාව 7000 සිට ලක්‍ෂ ගණන් දක්වා දිව යනවා.
කිසිවකුටවත් තමන් ඉදිරිපත් කරන ලේඛන තහවුරු කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මේ තත්වයට
මුහුණ දෙන්න ශ්‍රී ලංකා ආණ්ඩුවට වෙන ම ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන්න වෙනවා.
සියලු ප්‍රශ්න සාකචඡා කිරීම 2031 දක්වා කල් දැමීම එක් ක්‍රමයක් පමණයි. 2031
දීත් රහස්‍ය කතාව ඉවත් කරන්න වෙන ම යෝජනාවක් ගෙන ආ යුතු බව කියනවා.
මා හිතන්නේ ප්‍රශ්නය ගැන විධිමත් අධ්‍යයනයක් කළ
යුතු බවයි. ඔය රහස්‍ය වගන්තිය මොකක් ද කියා හරියට ම දැන ගන්න ඕන. ඒ වගන්තියට මුවා
වී බොරු චෝදනා ඉදිරිපත් කරමින් ඒවා තහවුරු නොකරමින් කෙරෙන ජෙනීවා මගඩියට තිත
තැබීමට කාලය ඇවිත්. රැප් වැන්නකුට තමන්ට හිතෙන දෙයක් කීමට එක්සත් ජාතීන්ගේ
සංවිධානය අවස්ථාව සලසා දී තියෙනවා. රැප් කිසිම තහවුරු කිරීමක් නැතිව කරන ප්‍රකාශයක්
ඉන් පසු පඬි නැට්ටන්ට මූලාශ්‍රයක් වෙනවා. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ
කියන්නෙ මේ වගේ වැඩවලට. සුමන්තිරන් ආරක්‍ෂාව ඉල්ලමින් කොටි ආරක්‍ෂා කරන්නෙත් ඒ ප්‍රතිපත්තියෙ
ඉන්න ගමන්.