Main Logo

Thursday 18 February 2021

ධම්මික වෙද මහතා හා පඬි නැට්ටන්

 

ධම්මික වෙද මහතා හා පඬි නැට්ටන්

 

ධම්මික වෙද මහතා මොන ක්‍රමයකින් හරි කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් හඳුන්වා දුන්න. දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වෙයි ප්‍රතිකාරයක් කියන්නෙ මොකට ද කියන එක ගැන. ප්‍රතිකාරයක් දෙන්නෙ ලෙඩුන්ට. කොවිඩ් 19 රෝගය කියන්නෙ මොකක් ද? බටහිර වෙද කමේ කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාරයක් නැහැ. ප්‍රතිකාරයක් තබා රෝගය මොකක් ද කියන්නෙවත් නැහැ. ජනමාධ්‍යවේදීන් හැමදා ම කෑ ගහනවා මෙපමණ ආසාදිතයන් හමු වුණා කියල. මෙතරම් ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්නවා කියල. ඒත් ඒ කියන්නෙ පීසීආර් ධන අය ගැන.

 

මට තේරෙන විධියට, පඬි නැට්ටන් වූ ඇතැම් බටහිර වෙද මහතුනට අනුව මගේ මෝඩ ඝෝෂාවට අනුව, පීසීආර් ධන කියන්නෙ යමකුට රෝගය වැළඳිලා කියන එක නො වෙයි. යමකුගෙ ඇඟේ කොවිඩ් 19 වයිරසය තියෙන කියන එක. බටහිර වෙද මහතුන්ගෙ ශරීරවල කොතරම් වයිරස තියෙනව ද කියල අපවත් ඒ බුද්ධිමතුන්වත් දන්නෙ නැහැ. පීසීආර් මගින් කොවිඩ් 19 වයිරසය ශරීරයෙ තියෙනව ද කියල දැන ගන්න පුළුවන්.

 

හැමදාමත් අපේ ප්‍රශ්නය වුණෙ වයිරසය ඇඟට ගියා ම අනිවාර්යයෙන් ම රෝගය හැදෙනව ද කියන එක. වයිරසය ඇති එහෙත් රෝගය නැති අය කී දෙනකු ඉන්නවා ද? ධම්මික වෙද මහතාගෙ ප්‍රතිකාරය නැත්තන් පැනිය ඇඟේ තියෙන කොවිඩ් 19 වයිරසය නැති කරන එකකුත් කියල මට හිතෙන්නෙ. ඒ කියන්නෙ පීසීආර් ධන තියෙන අයකු පීසීආර් සෘණ කරනවා. එය රෝගයටත් ප්‍රතිකාරයක් වෙන්න ඕන.

 

පාරම්පරික වෙදකම අනුව මේ රෝගය සෙම් රෝගයක්. ඒ කියන්නෙ සෙම කිපීමෙන් ඇති වෙන රෝගයක්. අපි හිතමු රෝගය වැළඳුනු අයකුට  ධම්මික වෙද මහතාගේ පැනිය දුන්නා කියා. පැනියෙන් කරන්නෙ වයිරසය නැති කිරීම නම් අදාළ සෙම් රෝගයත් සුව වෙන්න ඕන. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එහෙත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් සෙම කිපීමෙන් ඇති වෙන රෝගය නිසා යම් සංකූලතාවන් ඇති වුණොත්.

 

එහෙම සංකූලතා ඇති වී තිබුණොත් පැනිය බිව් පමණින් ඒ සියල්ල සුව වෙන්නෙ නැහැ. අපි මෙහෙම ලැයිස්තුවක් පිළියෙළ කරමු.  (1) කොවිඩ් 19 වයිරසය ඇඟට ඇතුල් වීම, (2) ඒ නිසා අදාළ රෝගය, අපි එයට කොවිඩ් 19 රෝගය යැයි කියමු, වැලඳීම, (3) සංකුලතා ඇති වීම. මෙහි (1) නිසා (2) ඇති වීම අනිවාර්ය නැහැ. (2) නිසා (3) ඇති වීමත් අනිවාර්ය නැහැ. ධම්මික වෙද මහතාගේ පැනිය (1) වැළැක්වීමට හා ඇතුල් වූ වයිරස නැති කිරීම සඳහා. රෝගය වැළඳී ඇති අයකු ඉන් සුව වෙනවා, එහෙත් ඒ සංකූලතා ඇති වී නැත්නම්. ඒ කියන්නෙ පැනිය මට තේරෙන අන්දමට (3) සඳහා වලංගු වෙන්නෙ නැහැ.

 

රෝගීන් මිය යන්නෙ නැවතත් මට තේරෙන විධියට සංකූලත් ඇති වීමෙන්. කොවිඩ් 19 රෝගය පමණක් නිසා රෝගීන් මිය නොවන බවයි මගේ අදහස. මා වැරදි වෙන්න පුළුවන්. එක්සත් රාජ්‍ය හා යුරෝපීය රටවල වැසියන්ට සංකූලතා ඇති වීම වැඩි වෙන්න පුළුවන්. එ ගැන හොයල බලනව නම් හොඳයි. ඒ කියන්නෙ ඒකට හේතුව කුමක් ද කියන එක දැන ගන්න පුළුවන් ද? හේතු ව කිව්ව ම මා මෙතන දි අදහස් කරන්නෙ බටහිර විද්‍යාවෙ හේතුව කියල කියන එක. එය හේතුඵල සමග පටලව ගන්න එපා. බෞද්ධකමයි බටහිර විද්‍යාවයි එකක් නොව දෙකක්.

 

ධම්මික වෙද මහතාගෙ පැනිය පරීක්‍ෂා කිරීමට ඇතැම් බටහිර වෙද මහතුන් ඉදිරිපත් වුණා. එහෙත් පරීක්‍ෂාව නිසි අයුරෙන් කෙරුණෙ නැහැ. දැන් කියන අන්දමට පරීක්‍ෂාව කිරීමට අවශ්‍ය තරම් රෝගීන් ඉඳලා නැහැ. මෙතන තියෙන්නෙ රෝගීන් නොසිටි ප්‍රශ්නයක් ද නැත්නම් රෝගීන් ලවා පරීක්‍ෂාව ප්‍රතික්‍ෂෙප කිරීමක් ද? ඔය අනුරාධපුර ආයතනයට පැමිණි රෝගීන්ගෙ ලැයිස්තුවක් අප ඉල්ලන්නේ නැහැ. එහෙත් එ රෝගීන් අතර එක්තරා ජනවර්ගයකට අයත් රෝගීන් අසාමාන්‍ය ව හිටියා ද?

 

පැනිය සාර්ථක බව ඔප්පු වුණා නම් බටහිර වෙද මහත්තුරුන්ගෙ පුරාජේරුවට ප්‍රශ්නයක් වෙන්න තිබුණ. රෝගීන් ලවා පරීක්‍ෂාව ප්‍රතික්‍ෂෙප කෙරෙව්වෙ කවු ද? පැනිය අසාර්ථක බවක් පෙනී ගියා නම් රෝගී්න් ලවා පැනිය ප්‍රතික්‍ෂෙ කරවාවි ද? පැනිය පරීක්‍ෂාවට ලක් කිරීම වැළැක්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ පැනිය සාර්ථක බව ද? මේ පරීක්‍ෂාවට අප මුල සිට ම විරුද්ධ වුණා. එක් වෙදකමක ප්‍රතිකර්මයක් තවත් වෙදකමක් මගින් පරීක්‍ෂාවට ලක් කිරීමෙන් ම පෙන්නුම් කෙරෙන්නේ ආධිපත්‍යයක්

 

අප පහර දෙන්නේ මේ ආධිපත්‍යයටයි. බටහිර වෙදකමේ කොවිඩ් 19 ට ප්‍රතිකාරයක් නොමැතිව තිබිය දී අනුන්ගේ වෙදකමක් පරීක්‍ෂාවට ලක් කිරීමෙන් ම පෙන්නුම් කරන්නේ කුමක් ද? අද ඇතැම් පඬි නැටි බටහිර වෙද මහතුන් කියනව ඕනෑ අයකුට ඕනෑ ප්‍රතිකාරයක් ගන්න පුළුවන් තමන්ගෙන් එයට බාධාවක් නැති බවත්. පොඩ්ඩකට කියනවා ද අර පරීක්‍ෂාව කෙළේ මොහොකට ද කියල. බටහිර වෙදකමෙත් ඒ ප්‍රතිකාරය නියම කිරීමට ද?

 

බටහිර වෙද මහතුන් දන්නෙ නැත් ද ඊනියා නිරෝධායන පනත අනුව කොවිඩ් 19 සඳහා බටහිර හැරෙන්න වෙනත් ප්‍රතිකර කිරීමට නොහැකි බව. ඉංගිරිසින් නිරෝධායන පනත සකස් කරද්දි අනෙක් වෙදකම්වලට සාධාරණයක් ඉටු කළා ද? බටහිර වෙදකමේ කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් නැතිව තිබියදීත් අනෙක් වෙදකම්වලට අහිතකර බලපෑම් කරන්නේ ඉංගිරිසි නීතිය ම කර පින්නා ගෙන නො වේ ද?

 

මා නිකම් දැන ගන්න අහන්නෙ. මෙරට ඉන්න  බටහිර වෙද මහතුන් පහුගිය අවුරුදු එකසිය පනහෙ දි හඳුන්වා දී ඇති ප්‍රතිකාරවල ලැයිස්තුවක් සපයන්න කාට හරි පඬි නැට්ටකුට පුළුවන් ද? ඔවුන්ගෙ ඊනියා පරයේෂණ ගැන අප නොදන්නවා නො වෙයි. ඒ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස හඳුන්වාදුන් ප්‍රතිකාර තියෙනවා ද?