Main Logo

Friday 19 February 2021

පැනිය එක ම ප්‍රතිකාරය නො වෙයි

 

පැනිය එක ම ප්‍රතිකාරය නො වෙයි

 

ධම්මික වෙද මහතාගේ පැණියට අමතර ව කොවිඩ් 19 සම්බන්ධයෙන් තවත් පාරම්පරික හා දේශීය ප්‍රතිකාර තියෙනවා. මට දැන ගන්නට ලැබී ඇති ආකාරයට ප්‍රතිකාර විසිපහක් පමණ තියෙනවා. මෙහි ප්‍රතිකාරයක් කියන්නෙ මොකක් ද කියන එක මා ඊයේ (පෙබරවාරි 18) ලිපියේ පැහැදිලි කරල ඇති.  මට මතක හැටියට දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි ඒ ගැන ඒ දිනවල කතා කළා. ඔහු දැන් ඒ ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඇයි ද කියා තේරෙන්නේ නැහැ. සමහර විට විවිධ එන්නත් ලැබෙන නිසා වෙන්න ඇති. ඒත් සිසිර ජයකොඩි හරි වෙනත් කවුරු හරි අපටත් ධම්මික වෙද මහතාගේ පැනිය හෝ වෙනත් ප්‍රතිකාර හෝ එවීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙනවා. කලින් විදේශ අමාත්‍යාංශය මගින් පැනිය ගෙන්වා ගැනීමට උත්සාහ කළත් රේගු රෙගුලාසි අනුව ඒ කර ගන්න බැරි වුණා. එහෙත් ඔය කියන රේගු රෙගුලාසි මොනවා ද කියා කිසිවකු කියන්නේ නැහැ.

 

කොවිඩ් සම්බන්ධයෙන් ඇති පාරම්පරික හා දේශීය ප්‍රතිකාර එකින් එක ප්‍රකාශ කිරීමට විස්තර මා සතුව නැහැ. ඒ විිස්තර සමහර විට දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවක ඇති. ඒ ප්‍රසිද්ධ කිරීම ආණ්ඩුවේ යුතුකමක්. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අර 1898 ද කොහෙ ද නිරෝධායන රෙගුලාසිය. තවමත් සුද්දන්ගෙ රෙගුලාසි සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව යන විට ක්‍රියාත්මක වෙනවා. එහෙත් අර 1892 රෙගුලාසිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ රෙගුලාසිය 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම මත පදනම් ව නිකුත් කෙරුණක්. ඒ රෙගුලාසිය අනුව බෞද්ධ නොවන සිද්ධස්ථානයක් ඇරඹීමට පළමු ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගන්න ඕන. අද තියෙන විධියට නම් ජනාධිපති අවසරයක් ගන්න ඕන. එහෙත් කිසිවකු එවැනි අවසරයක් ගන්න බවක් පේන්නෙ නැහැ.

 

සුද්දන්ගෙ නිරෝධායන රෙගුලාසිය අනුව අද ඊනියා කොවිඩ් 19 වයිරස ඇතුල් වූ අය බටහිර වෛද්‍ය ක්‍රමය යටතට ගැනෙනවා. ඔවුන්ට වෙනත් වෙදකමක ප්‍රතිකාරයක් ලබා ගන්න ඉඩක් නැහැ. පීසිආර් ධන නම් ආසාදිතයකු ලෙස සැලකෙනවා. ආසාදිතයකු කියන්නෙ රෝගියකු නො වෙයි. ජනමාධ්‍යයෙන් ආසාදිතයන් මෙපමණ සංඛ්‍යාවක් සුව වී ඇතැයි පවසන්නේ වයිරසය ඇඟට ගිය පමණින් රෝගියකු ලෙස සලකමින්. ජනමාධ්‍යයෙන් සුව වුණා කියන්නෙත් පීසීආර් සෘණ වීමයි. දැන් ඒ අය ඊනියා සුව වීමක් ලබා තියෙන්නෙ බටහිර වෙදකම නිසා බවක් ජනතාවට ඒත්තු ගන්නන්න හදනවා. ඒත් ඒ අයට සනීප වෙන්න ලෙඩක් තිබිල නැහැ.

 

අඩුම තරමෙන් කාලෝ ෆොන්සේකා ක්‍රමයටවත් සුව වීමක් නැහැ. කාලෝ ආයුර්වේදය ගැන කියමින් පවසා ඇත්තේ ආයුර්වේදයෙන් සුව වන්නේ වතුර බිව්වත් සුව වන අය කියා. ඒ කියන්නෙ කිසිම ප්‍රතිකාරයක් නොකළත් සුව වන රෝගීන් තමයි ආයුර්වේදයෙන් සුව වන්නේ කියා. අඩුම තරමෙන් කාලෝ ක්‍රමයට සුව වීමට රෝගයක් තියෙන්නෙ ඕන. ඒත් කොවිඩ් 19 ඊනියා ආසාදිතයන් රෝගීන් නො වෙයි. ඔවුන්ගෙන් සුළු පිරිසක් පසුව රෝගීන් වන්න පුළුවන්. එහෙත් ඒ ඉතාම සුළු පිරිසක්. ජනමාධ්‍යයෙන් 90%ක් සුව වී ඇතැයි කියන්නේ රෝගීන් සම්බන්ධයෙන් නම් නො වෙයි. ආසාදිතයා හා රෝගියා අතර වෙනස පළමුව හඳුනා ගන්න ඕන.

 

සුද්දන්ගෙ නිරෝධායන රෙගුලාසිය නිසා වන්නෙ කොවිඩ් 19 වයිරසය ඇඟට ඇතුල් වෙච්ච ගමන් යමකු රෝගියකු කර බටහිර වෙදකමට භාර කිරීමයි. මේ රෙගුලාසිය ක්‍රියාත්මක වන තාක් රෝගියකුට බටහිර නොවන වෙනත වෛද්‍ය ක්‍රමයක පිහිට පතන්න බැහැ. මෙහි තකතීරු බව කියන්නෙ කොවිඩ් 19   ප්‍රතිකාරයක් නැති බටහිර වෙදකමට ඊනියා ආසාදිතයන් භාර දෙන විටත් කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි වෙද මහතුන් රටේ සිටීම නිසා.

 

මා මේ දේ ලියන එක ගැන බොහෝ දෙනාට කේන්ති ගිහින්. ධම්මික වෙද මහතා මොන ක්‍රමයකට හරි ප්‍රතිකාරයක් හඳුන්වා දීල. ඒක අපේ සංස්කෘතියෙ තියෙන ක්‍රමයක්. මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම. එයට අමතර ව ආධ්‍යාත්මික ව දැනුම ලබා ගන්නත් පුළුවන්. මට ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීමට නොහැකි වීම නිසා හරි මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් දැනුම ලබා ගැනීමට නොහැකි වීම නිසා හරි ඒ ක්‍රම ප්‍රතික්‍ෂෙප කරන එක සුදුසු නැහැ. අවකල සමීකරණයක් කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැති කී දාහක් බටහිර විද්‍යාව විශ්වාස කරනවා ද? තමන්ට කරන්න බැරි වුණත් බටහිර විද්‍යාව විශ්වාස කිරීමට අධ්‍යාපනයෙන් ජනමාධ්‍යයෙන් හා පොදුවේ අධිපතිවාදී සංස්කෘතියෙන් ඉගැන්වෙනවා.

 

මා දන්නා තරමින් ලංකාවෙ බටහිර වෙද මහතකු පහුගිය අවුරුදු එකසිය පනහට ප්‍රතිකාරයක් හඳුන්වල දීල නැහැ. මේක ටික කලකට පෙර කිව්ව ම එක් පඬි නැට්ටකු කියා හිටියා එලෙස ප්‍රතිකාර හඳුන්වාදීමට බටහිර වෙදකම දන්න එහෙත් ප්‍රතිකාර නොකරන වෙනත් පිරිසක් ඉන්නවා කියා. එහෙම එකක් නැහැ. ලංකාවෙ බටහිර වෙද මහතුනට අලුත් ප්‍රතිකාරයක් හඳුන්වා දෙන්න බැරි ඔවුන්ට ඒ බැරි නිසා. ඒ පහසුකම් පිළිබඳ ප්‍රශ්නයකුත් නො වෙයි. පිටරටවල පහසුකම් තියෙන පරීක්‍ෂණාගාරවල වැඩ කරන සිංහල බෞද්ධයකුවත් අලුත් ප්‍රතිකාරයක් හඳුනවා දී නැහැ.

 

අලුත් දෙයක් කරන්න අපේ සංස්කෘතියෙ පිහිටන්න ඕනෙ. අපේ චින්තනයෙ පදනම් වෙන්න ඕන. වෙනත් චින්තනයක දැනූමක් අපට නිර්මාණය කරන්න බැහැ. බටහිර වෙද මහතුන් ඒ ගැන පොඩ්ඩක් හිතනව නම් හොඳයි.