මියන්මාර පෙරළිය
ඊයේ රාත්‍රියේ මියන්මාරයේ හමුදාව බලය අතට ගත්තා. මියන්මාර ජනාධිපති, රාජ්‍ය උපදේශිකා (අගමැතිණිය වැනි) සු චී මැතිණිය හා තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලය ජෙනරාල් මින් අවුන් ලේන්ට පවරා දී ඇති අතර හිටපු උපජනාධිපති මින් ස්වේ මහතා තාවකාලික ජනාධිපති ලෙස කටයුතු කරනවා. ඒ අතර සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා.
හමුදාව අවුරුද්දක් බලපාන අයුරින් හදිසි නීතිය පනවා තියෙනවා. සු චී
මැතිණියගේ පක්‍ෂය ජනතාවගෙන් ඉල්ලා තියෙනවා නීතියට ගරු කරමින් සාමකාමී ව සිටින ලෙස.
මියන්මාරය පුරා සාමය පවතින අතර කැරළි කෝළාහල ගැන වාර්තා වන්නේ නැහැ.
එහෙත් බැංකු හා මුදල් මාරුකරන පුද්ගලයන් තම කාර්යයෙහි නිරත වන්නේ
නැහැ. සමහර වෙළෙඳසල් වසා දමලා. එහෙත් භාණ්ඩ මිළ දී ගැනීමෙහි ලා ප්‍රශ්නයක් නැහැ.
ලෝකයෙහි ඕනෑම තැනක සිදුවන පරිදි මිනිසුන් ආහාර රැස්කිරීමට උනන්දුවක් දක්වනවා.
හමුදාව බලය ලබා ගැනීම ගැන කසුකුසුවක් දැන් දින කිහිපයක සිට ම
පැවතුණා. එයට මූලික හේතුව පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ ප්‍රතිඵලය හමුදාවට සහාය
දක්වන පක්‍ෂය නො පිළිගැනීමයි. සු චී මැතිණියගේ පක්‍ෂය මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක්
ලැබුවා. එහෙත් අනෙක් පක්‍ෂය කියා හිටියේ මැතිවරණ දූෂණ තිබුණු බවත් තමන්ට එවැනි
දූෂණ දසලක්‍ෂයක් පමණ ඉදිරිපත් කළ හැකි බවත් ය.
මියන්මාර මැතිවරණ කොමිසම ඒ චෝදනාව ප්‍රතික්‍ෂෙප කළා. එහෙත් හමුදාවත්
කියා සිටියේ දූෂණ තිබූ බවයි. මේ ගැටුම උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේ
හමුදාව බලය ගැනීමට කටයුතු කරන්නේ දැයි ජනමාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවේ හමුදා
ප්‍රකාශකයා කියා සිටියේ එය නොවිය හැක්කක් නොවන බව ය. එහෙත් බොහෝ විශ්ලේෂකයන් කියා
සිටියේ හමුදාව සු චී මැතිණියගේ පක්‍ෂය බිය වැද්දීම සඳහා එවැනි ප්‍රකාශයක් කරන්න
ඇති බව ය.
එහෙත් එක්සත් රාජ්‍ය, එක්සත්
රාජධානිය හා යුරෝපීය සංගමය සියලු පාර්ශ්වයන්ගෙන්
ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ක්‍රියා කරන ලෙස ය. සති අන්තයේ
ඇතැම් ප්‍රදේශවල හමුදාවට පක්‍ෂ පෙළපාලි පැවැත්තුණා. නොවැමබර් මැතිවරණයෙන් පසු
අලුත් පාර්ලිම්න්තුව මුලින් රැස්වීමට තිබුණෙ අද එනම් පෙබරවාරි පළමුවැනි දා. එහෙත්
දෙපාර්ශ්වයේ ම එකඟත්වයෙන් එය දෙවැනිදාට කල් ගියා.
ඒ අතර තමයි පළමුවැනිදාට එළිවෙන යාමයේ හමුදාව බලය අල්ලා ගත්තේ. දශක
කිහිපයක හමුදා පාලනයකින් පසු පළමු වරට සිවිල් ආණ්ඩුවක් ඇති වුණේ සු චී මැතිණියගේ
නායකත්වය යටතේ දැනට වසර පහකට පෙර. එහෙත් මියන්මාර ව්‍යවස්ථාව අනුව හමුදාවට
පාර්ලිමේන්තුවේ ආසනවලින් හතරෙන් එකක් හිමි වෙනවා. උප ජනාධිපති දෙදෙනාගෙන් එක අයකු
හමුදාවෙන් වෙන්න ඕන.
එමෙන් ම රටේ ආර්ථිකය ද හමුදාවේ නිලධාරීන්ගේ අධීක්‍ෂණයට යටත් වෙනවා.
එහෙත් විදේශ කටයුතු අධ්‍යාපනය ආදී අමාත්‍යාංශ ඇත්තේ සු චී මැතිණියටයි ඇගේ පක්‍ෂයේ
සාමාජිකයන්ටයි. මේ තත්වය යටතේ හමුදාව හා සිවිල් පාලනය අතර යම් ගැටුමක් තිබුණා. එය
තවදුරටත් සමනය කිරීමේ තත්වයක් නැති වූ බවයි අද සිද්ධියෙන් කියැවෙන්නේ.
මියන්මාරයේ ජනවර්ග සිය ගණනක් තියෙනවා. ඉන් දහයක් පමණ ප්‍රධානයි.
එහෙත් එකක දෙකක හැර හැම ජනවර්ගයක ම ප්‍රධාන ආගම ථෙරවාද බුද්ධාගම. ලංකාවෙන් ගෙනා
සිංහල බුද්ධාගම. ජනතාවගේ ජාතිකත්වයක් තියෙනවා. එය ලංකාවට වඩා වැඩියි.
මේ විස්තරයට වැඩි යමක් කිරීමට මා බලපොරොත්තු වන්නේ නැහැ. බටහිර රටවල්
ඇහැත් කණත් පියාගෙන සිටී විය කියා බලාපොරොත්තු වෙන්න බැහැ. හමුදාව ඒ නොදැන ඉන්න
විධියකුත් නැහැ.