Main Logo

Wednesday, 12 January 2022

ප්‍රවාදවල වටිනාකම

 

ප්‍රවාදවල වටිනාකම

 

පහත පළවෙනි සබැඳිය මට හිතවතකුගෙන් ලැබුණු එකක්. එහි කියැවෙන පරිදි ම නොවෙතත් බටහිර විද්‍යාවේ ප්‍රවාදවල වටිනාකම අඩුවෙමින් පවතිනවා.

 

පරිගණක විද්‍යාව විද්‍යාවක් ලෙස හැඳින්නුවත් එයට පාදක වූ මූලික ප්‍රවාද නැහැ. අපේ සිසුන් පරිගණක විද්‍යාවේ දක්‍ෂයන් වන්නේ ප්‍රවාද නැති නිසයි. ඒ ගැන මා කලින් කියා ඇති මුත් එතරම් පිළිගැනීමක් ලැබුණේ නැහැ.

 

කෙසේ වෙතත් ප්‍රවාද නැත්නම් කතන්දර ප්‍රධාන වශයෙන් වැඩ කරන්නේ බටහිර භෞතික විද්‍යාවේ. ප්‍රවාදවල මූලික ව ඇත්තේ ඒක හේතුවාදය. ඇතැම්විට ඌනිතවාදය යන්නෙන් හැඳින්වෙන්නේ මේ ඒක හේතුවාදයයි. අද දැඩි ලෙස රෝගාතුර ව සිටින චම්පක රණවක කලක් ඌනිතවාදය ගැන උනන්දු වුණා. ඔහුට ඉක්මන් සුවය පතනවා.

 

අද පොහොර ප්‍රශ්නයේදීත් මේ ඒක හේතුවාදය බලපානවා. එය කෘත්‍රිම ව සකස් කරන ලද්දක්. ඒ ඒ බීජවලට ඒ ඒ පොහොර. අදාළ පොහොර නැත්නම් අස්වැන්නක් නැහැ. විස්තර පසුවට.

 

https://www.theguardian.com/.../are-we-witnessing-the...