Main Logo

Saturday 29 January 2022

සිංහල බෞද්ධයන් ගැන කතෝලික ඇසකින්

 සිංහල බෞද්ධයන් ගැන කතෝලික ඇසකින්

මෙහි පහත පළවන්නේ යුනියන් ඔෆ් කැතලික් ඒෂියන් නිවුස් සංගමය දිනපතා මෙන් ප්රකාශ කරන ආසියාවේ කතෝලිකයන් හා සම්බන්ධ ප්රවෘත්ති සඟරාවකට එක් ලේඛකයකු ලියා ඇති ලිපියක කොටසක්. ඔහු මේ ලිපියෙන් කියන්නේ ආසියාවේ කතෝලික ජනයාගේ දුක්ගැනවිලි ගැනයි. මෙහි රටවල් කිහිපයක් ගැන සඳහන් වෙනවා. ඒ හින්දු ඉන්දියාව, මුස්ලිම් ඉන්දුනීසියාව, කතෝලික පිලිපීනය හා ථෙරවාද බෞද්ධ මියන්මා, තායිලන්තය හා ශ්රී ලංකාවයි.
ඉන්දියාවේ ක්රිස්තියානින්ට දිගට ම හිරිහැර වන බව ලිපියෙන් කියැවෙනවා. කතෝලික පිලිපීනයේත් ක්රිස්තියාන්ට විඳින්නට සිදු වී ඇති දුක් ගැහැට ගැන එහි කියැවෙනවා. එය වෙනත් ආගමකින් කෙරෙන්නක් නො වෙයි. එය රාජ්ය මැදිහත්වීමෙන් කෙරෙන්නක් බවයි ලිපියෙන් හැඟෙන්නේ. මුස්ලිම් ඉන්දුනීසියාවේ ක්රිස්තියානින්ට පල්ලි ගොඩ නැගීමේ දී ඇතිවෙන අවහිරකම් ගැනත් එක් ප්රාන්තයක ශර්යා නීතිය ක්රියාත්මක වන බවත් ලිපියෙන් කියැවෙනවා.
එහෙත් බෞද්ධ රටවල තත්වය එසේ නො වෙයි. මියන්මාහි ෂින් හා කචින් ප්රාන්තවල ක්රිස්තියානින් විශාල සංඛ්යාවක් ඉන්නවා. එහෙත් ඒ පළාත්වල අද ප්රශ්නය ක්රිස්තියානියක් නිසා හටගත්තක් නො වෙයි. සු චී හිතවතුන් එකී පළාත්වල ජනයා උපයෝගි කර ගන්නවා ආණ්ඩුවට විරුද්ධ ව වැඩ කරන්න. ඒ පළාත්වල උද්ගත වී ඇත්තේ ආගමික ආරවුලක් නොව දේශපාලන ප්රශ්නයක්.
තායිලන්තයේත් ඇත්තේ දේශපාලන ප්රශ්නයක්. එහි ආණ්ඩුවට විරුද්ධ කාටත් දඬුවම් විඳීමට සිදුවෙනවා. ක්රිස්තියානින් ඉතා සුළුතරයක්. ඔවුන් දේශපාලනයට තීරණාත්මක ලෙස මැදිහත් නොවන බව පමණයි ලිපියෙන් කියැවෙන්නේ. ලංකාව ගැන කියැවෙන්නේ ක්රිස්තියානින්ට විරුද්ධ ප්රහාර ගැන ඉතිහාසයක් නැති බවයි. එහෙත් පාස්කු ප්රහාරය ක්රිස්තියානින්ට විරුද්ධ ව එල්ල කෙළේ ඇයි ද යන්නට තවමත් පිළිතුරු නැති බවයි ලිපියේ කතුවරයා කියන්නේ. පාස්කු ප්රහාරයෙහි මහා මොළ කරුවන් තවමත් නිදැල්ලෙ පසුවන බව ලංකාවේ ක්රිස්තියානි නායකයන් කියන බව කතුවරයා තවදුරටත් කියනවා.
බෞද්ධයන් ක්රිස්තියානින්ට විරුද්ධ ව බෝම්බ ගසා නැහැ. පාස්කු ප්රහාරය ගෝඨාභය දිනවන්න කරපු වැඩක් බව කියන්න සූදානම් වන්නේ සිංහල බෞද්ධයන් හා සිංහල කතෝලිකයන් අතර ඇති සංහිඳියාව නැති කිරීමට උත්සාහ දරන්නන් වෙන්න ඕන. ඒ සංහිඳියාව බිඳ දැමීමෙන් යමකු යම් යම් තනතුරු බලාපොරොත්තු වෙනවා ද කියා අප දන්නේ නැහැ. ඒ අතර කියැවෙන කරුණක් තමයි මෛත්රිපාල සිරිසේන මෙයට වග කියන්න ඕන බව. මෙය නම් දේශපාලනය ගැන දන්නා අයට විසංවාදයක්.
ගෝඨාභය ජනාධිපති කිරීමට මෛත්රිපාල උපකාර කෙළේ ද? මෛත්රිපාල ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂකත්වය අනුමත කෙළේ ද? ඇතැම් රාජපක්ෂවරුන් හා වරියන් ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වයට විරුද්ධ වූ සංදර්භයක ඒ රාජපක්ෂවරුන් සමග සිටි මෛත්රිපාල ගෝඨාභයට කෙසේ නම් පක්ෂපාති වෙයි ද?
දේශපාලනයේ පිටින් සිට කියන කතා ඇතැම් විට හරියන්නේ නැහැ. දේශපාලනය කියන්නේ භෞතික විද්යාව වගේ හරියන කතා කියන්න පුළුවන් ක්ෂෙත්රයක් නො වෙයි. විශේෂයෙන් ම පඬි නැට්ටන් කියන ඊනියා අනාවැකි හැම තිස්සෙම වරදින්නෙ ඔවුන්ගෙ ඊනියා විද්යාව වැඩ කරන්නෙ නැති නිසා.
ඔවුන් සිංහල බෞද්ධ මර්දනයක් ගැන කියන්නේ කිසිම පදනමක් නැතිව ද්වේෂයෙන් පමණක් බව මේ ලිපියෙන් ද පැහැදිලි වෙනවා. සිංහල බෞද්ධයන් අන්යාගමිකයන්ට විරුද්ධව ක්රියා කර නැහැ. බෞද්ධයන් මුස්ලිමුන් ද කතෝලිකයන් ද ආරක්ෂා කර තියෙනවා. ජුසේ ද වාස් පූජකතුමාට කතෝලික ආගම ප්රචාරය කිරීමට ඉඩ දුන්නේ බෞද්ධයන්. ඒ රෙපරමාදු ලන්දේසින් කතෝලිකයන් නැති කර තිබූ පසුබිමක.
Union of Catholic Asian News
In India, which figures in the top 10 nations where Christians are facing prosecution, the emergence of a right-wing Hindu religious party has turned the table on Christians, who make up just 2.4 percent of India’s massive 1.3 billion population.
Reports show that the Christian community has been facing unprecedented violence for at least the past two years, without any resistance and almost without any worthwhile political criticism.
In Myanmar, another Asian country in the top 10 list of Open Doors, some 200,000 Christians were displaced from Christian-majority Chin and Kachin states after a military coup seized power last February.
In the Catholic-majority Philippines, the election of Rodrigo Duterte as president has proved a disaster for Christians. The spate of extrajudicial killings, intimidation of political opponents and stacking of courts such as the Supreme Court effectively meant more oppression.
In overwhelmingly Buddhist Thailand, where the military is sticking to power, religious freedom is guaranteed until one stands up for democracy and justice. Thousands of young people continue their struggle for democracy and changes in monarchical dominance but face violence and jail. The less than one percent of Christians in Thailand are conspicuous by their absence in the sociopolitical realms of the nation.
In Indonesia, radical groups attempt to have a say in running the government. In some places in the Muslim-majority archipelago, Christians are denied permission to build churches, while in one province Sharia laws are applied in the civil court system. Islamic thoughts and intolerance toward other religions are expressed in mass marches and gatherings.
Buddhist-dominated Sri Lanka has no history of attacks against Christians. However, its Christians have yet to come to terms with the 2019 Easter bombings that targeted three churches and three five-star hotels. Although all the suicide bombers were killed in the attacks, its masterminds are still at large, say Christian leaders. They have yet to uncover the reason for targeting Christians.