ණය, සැමරුම් හා චීන වෙළෙන්දා
මට ලියන්න ඕන චීන විදේශ ඇමති සංචාරය පිළිබඳ ව.
එතුමා මෙරටට පැමිණෙන්නේ හුදෙක් චීන ලංකා සබඳතා ඇති කරගත් දිනය සැමරීමට නම් නොවන බව
ඊනියා භූ දේශපාලන යථාර්ථ පඬියකුට වුවත් තේරෙනවා. ඔය ලොකු වචන යොදා කතාකරන කී
දෙනකුට තමන් කියන්නේ මොකක් ද කියල තේරෙනවා ද?
සිංහලෙන් සරල ව ලියන ලිපියක් තේරුම්
ගැනීමට බැරි අය ඩෙරීඩා ප්‍රංශ භාෂාවෙන් කියවනවා. හෙගල් ජර්මන් භාෂාවෙන් කියවනවා.
ඩෙරීඩාගේ විසංයෝජනය, එංගල්ස්ගෙ අපෝහක ද්‍රව්‍යවාදය ගැන පඬි
වදන් කියවනවා. පඬි නැට්ටන් පැත්තකින් තියමු. චීන විදේශ ඇමතිතුමාගෙ සංචාරය
වැදගත්. එහෙත් මට එයට පළමු කියන්න දෙයක්
තියෙනවා.
ඊයේ ජනවාරි අටවැනි දා. සංවත්සර තුනක් යෙදී
තිබුණා. ජනමාධ්‍යයෙන් ප්‍රචාරය වූ බණ්ඩාරනායක ජන්ම දින සැමරුම. යහපාලන ජනාධිපති
ඡන්දය දිනුමේ සැමරුම, දඹරාවේ රතනසාර හිමි අපවත් කෙරූ දිනය
සැමරුම. ශ්‍රී ල නි ප
හා චන්ද්‍රිකා පළමු සැමරුම අමතක කරන්නේ නැහැ. දෙවැනි සැමරුම මෛත්‍රිපාලටත් අමතක
වෙලා ද, නැත්නම් සමරන්න දෙයක් නැද්ද? තුන්වැනි
සැමරුම ගැන බොහෝ දෙනකු අසනු ඇත්තේ කවුද ඔය හිමි නම කියා.
අපි තුන්වැන්නෙන් පටන් ගනිමු. 1965
ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන් දෙමළ ජාතිවාදයට යටවුණු යෝජනාවක් ගෙනාවා. එයට විරුද්ධ ව 1966 දී
ජාතිකවාදීන් උද්ඝෝෂණ කළා. මා එකල මාක්ස්වාදී පඹ ගාලෙ පැටළුණු පුස්සෙක්. ඒ
උද්ඝෝෂණයට කොල්ලුපිටිය හන්දියේ පොලීසිය වෙඩි තිබ්බා. දඹරාවෙ හාමුදුරුවො අපවත්
කෙරුණා. අද ජාතිකවාදීන්ටත් ඒ ඝාතනය අමතකයි. ඒ දිවි පිදීම් මැද තමයි දෙමළ ජාතිවාදී
ත්‍රස්තවාදය පරාජය කෙරුණෙ. ඒ දෙමළ ජාතිවාදී මතවාදයත් දැන් පරාජය කෙරිලා. ඒත්
එංගලන්තයේ හා ඉන්දියාවෙ පිහිටෙන් දෙමළ ජාතිවාදය දේශපාලනික ව ක්‍රියාත්මක වෙනවා.
2015 ජනවාරි 8වැනි
දා තමයි මෛත්‍රිපාල දිනුවෙ. මා 9 වැනි දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිසමෙන් අස්වුණා. යහපාලන කප්පිත්තො උද්දාමයෙන් කටයුතු කළා. චම්පක සමග සිටි අය සහ
තවත් අය විවිධ කතා කිවුවා. එකකු යුග පෙරළිය ගැන අපට කියා දුන්නා. තවත් අයකු පිටු
සිය ගණනක පොතක් ලිවුවා. අර අදත් පඬි කතා කියන මහා බැංකු ලොක්කා ඒ පොතපත අගය කරමින්
ලිවුවා. ඔහු තමයි පරාක්‍රමබාහු රජු හාල් වෙළෙන්දකු කළේ. මෛත්‍රිපාල පසුව යහපාලනේ
විසුරුවා හැරියා. අතන මෙතන පනින රතන හිමියන් වෙලාවට යහපාලෙනුත් පැන්න. යහපාලන සමරන්න රනිල්ටත් රනිල්දාසටත් අමතක වෙලා.
රනිල්දාසල සමහර විට යහපාලනේ අමතක කරන්න කැමති ඇති. ඔවුන් පෙනී සිටින්නෙ
සුද්දවන්තයන් ලෙස.
බණ්ඩාරනායක ගුණ සමරුවට විධුර වික්‍රමනායක
සහභාගි වෙලා තිබුණා. එය අගය කළ යුත්තක්. මා හිතන්නෙ පොදුජන පෙරමුණ බණ්ඩාරනායක
සමරුව පවත්වන්න ඕන කියල. අප අමතක නොකළ යුතු කරුණ නම් බණ්ඩාරනායකල නැත්නම් රාජපක්‍ෂලා
නැහැ කියන එක. මා සඳහන් කරන්නෙ චන්ද්‍රිකා ගැන නොවෙයි. පොදුජන පෙරමුණ බණ්ඩාරනායක
සැමරුම නොපැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ එය ජාතිකත්වයේ පක්‍ෂයක් නොවන බවයි. ඒ
කියන්නෙ ජාතිකවාදය පරාදය කියන එක නොවෙයි. සිංහල ජාතිකත්වය ශක්තිමත් නිසා තමයි අනුර
උපාසක මහතා නුවර ගියෙ.
දැන් චීන කතාව. අද ඇති ඩොලර් අර්බුදයට හේතුව
චීනයයි. ඉතා කෙටියෙන් කියනවා නම් අප චීනයත් සමග ඇති මිත්‍රත්වය නැති කර තම ග්‍රහණයට
හසු කර ගැනීමට බටහිර රටවල් අපට බාධක පමුණුවනවා. අපට ණය දෙන්නේ නැහැ. අප ණයට කන
ජාතියක්. අපට ඩොලර් ලැබෙන්නෙ අපනයනවලින්, සංචාරකයන්ගෙන් හා පිටරට සේවය කරන ශ්‍රමිකයන්ගෙන්.
ඒ සියල්ල එකතු කළත් අපේ ආනයන වියදම ඊට වැඩියි. අපට ණය ගන්න වෙනවා. ණය ගෙවන්න තවත්
ණය ගන්න වෙනවා. පහුගිය කාලෙ සංචාරකයන්ගෙන් ලැබුණු ඩොලර් බිංදුවට බැස්සා. ශ්‍රමිකයොත්
පිට පාරෙ සල්ලි එවුවා. අපනයන සඳහා ගෙචන මුදල් සියල්ල ලංකාවට එන්නෙ නැහැ. ඒ සියල්ල
ප්‍රශ්න වුවත් ප්‍රධාන ප්‍රශ්නය අපට ණය නො දීම. අපේ ප්‍රතිපත්තිය ණයට කෑම, ණය
ගෙවීමට තව තවත් ණය ගැනීම. ණය නොදෙන විට අප අර්බුදයට යනවා.
අප චීනයත් සමග සම්බන්ධකම් පැවැත්වීම බටහිරයන්
කීයටවත් අනුමත කරන්නෙ නැහැ. චීනය කරන්නෙ වෙළදාමක්. බටහිරයන් තම වෙළෙඳ ආධිපත්‍යය
නැති වෙනවාට කැමති නැහැ. පාස්කු ප්‍රහාරයත් චීන වෙළෙඳාම (චීන නව සේද මාර්ගය) නැති
කරන්න ගත් ක්‍රියා මාර්ගයක්. කාදිනල්තුමා කියන්නෙ පාස්කු ප්‍රහාරයෙ මහා මොළකරු
හොයන්න කියලා. මුස්ලිම් වහාබ්වාදය මෙහෙයවන්නෙ බටහිරයන්.
චීන මිත්‍රත්වය නැති කිරීමට තමයි අර පොහොර නැවේ
ප්‍රශ්නය ගත්තෙත්. අප පොහොර සම්බන්ධයෙන් කෙරුවයි කියන පරීක්‍ෂණය ගැන මගේ විශ්වාසයක්
නැහැ. චීන මිත්‍රත්වය නැති කරන්න බටහිරයන් අපට අමුතු අන්දමේ බාධකයක් ඇති
කරලා. ඒ තමයි ණය නොදීම. ෆිච් හා වෙනත්
දර්ශක පහතට යනවා. නැහැ යවනවා. මේ ඩොලර් අර්බුදය වෙන එකක් නොව ණය නොදීම නිසා ඇති
වූවක්.
අද රනිල් සජිත් හා අර බැංකු ලොක්කා හා ආර්ථික
විද්‍යාඥයන් ආදීන් කියන්නේ බටහිරයන්ට වැඳලා ණය ගෙවීම කල් දාගන්නත් ජාමූලෙන් (IMF) කොන්දේසිවලට යටත් ව ණයත් අරගෙන අවසානයේ
අර්බුදය තවත් වර්ධනය කරන්න කියලා. අවාසනාවකට චීනයට විරුද්ධ ව අද ඉන්දියාවත්
බටහිරයන් සමග එකතු වෙලා. චීන විදේශ ඇමති මෙරටට එන්නෙ මේ පසුබිමේ. අප ඩොලර් නැතිව
රත්තරන් විකුණන වෙලාවෙ. මට මතක් වෙන්නෙ සේරිවාණිජ ජාතකය. අප හොඳ වෙළෙන්දා හා නරක
වෙළෙන්දා අඳුන ගන්න ඕන. හොඳ වෙළෙන්දට රත්තරන් විකුණන්න කියන එක නොවෙයි මෙයින්
කියන්නෙ.
අප කිසිම වෙළෙන්දෙකුට ගැති වෙන්න ඕන නැහැ.
කාගෙන් වුවත් ණය ගැනීම හොඳ වැඩක් නො වෙයි. අපි යම් කැප කිරීමක් කරමු. දරුවන්
වෙනුවෙන් කැප කර අපේ අවශ්‍යතා අඩුකර ගන්න ආකාරයට රට වෙනුවෙන් කැප කරලා අපේ අවශ්‍යතා
අඩු කර ගනිමු. නිෂ්පදනය වැඩි කර ගනිමු.