සුසිල් පොළේ ගිහින්
සුසිල් ප්‍රේම් ජයන්ත කඩේ ගිහින්. නැහැ පොළේ
ගිහින්. ඔහු දෙල්කඳ පොළේ නිතර දකින්න පුළුවන් කියල කියනවා. ඒත් සාමාන්‍යයෙන් පොළේ
යන විට මාධ්‍ය යන්නේ නැහැ. ඒත් පසුගිය දා අහම්බෙන් ද කොහෙද සුසිල් ප්‍රේම් ජයන්ත
ලොතරැයියක් ගන්න පොළට ගිය වෙලාවෙ මාධ්‍යවේදීන් ද ඇවිල්ල. අර ගොවීන් පොහොර විසිකරන
විටත් මාධ්‍යවේදීන් එනවා. කොහොම එනවා ද දන්නෙ නැහැ. ගෑස් නැති වුණාමත් මාධ්‍යවේදීන්
යනවා. ඒක නම් එච්චර ප්‍රශ්නයක් නො වෙයි. පාරෙ පෝලිම් දැක්කම යන්න පුළුවන්. ඒත්
ගොවීන් පොහොර විසිකරන වෙලාවල් සුසිල් ප්‍රේම් ජයන්ත පොළේ යන වෙලාවල් දැන ගැනීමට
මාධ්‍යවේදීන්ට පුදුම ඉවක් තියෙන්න ඕන.
පොළේ යන එක කඩේ යනවට වැඩිය බරපතල ද කියල පඬි
නැට්ටකුගෙන් තමයි දැනගන්න වෙන්නෙ. දැන් ප්‍රශ්නය පොළේ ගියෙ කාට ද කියන එක. සුසිල්
අමාත්‍යාංශයෙන් පිට වෙන විට ගියේ ත්‍රිරෝද රථයක. දුප්පතා ඔහුට මෝටර් රථයක්වත්
නැහැ. සුසිල් ගිය ත්‍රිරෝද රථයෙ පිටිපස්සෙ සිරස කියල ලියල තිබුණා. මා කියන්නෙ නැහැ
මේ සියල්ල සිරසෙ වැඩක් කියලා. ඔය ත්‍රිරෝද රියදුරන් රථය පිටුපස එක එක දේ ලියනවා.
ඔවුන් නූගතුන් කියමු. උගතුනුත් ලියනවා. තමන් අහවල් වෘත්තීය කරන බවට ඒ අදාළ සංගමයක
ප්‍රදර්ශක දැන්වීමක්, එහෙමත් නැත්නම් තමන් ඉගෙන ගත් පාසල ප්‍රදර්ශනය
කිරීමට දැන්වීමක් අලවා ගෙන යනවා. පාසල, වෘත්තීය නැතිව ඔවුන්ට තනියම නැගී
සිටින්න බැහැ කියල මා කියන්නෙ නැහැ. ඒ ඊනියා උගතුන්ගෙ සංස්කෘතිය, මේ
ඊනියා නූගත් ත්‍රිරෝද රියැදුරන්ගෙ සංස්කෘතිය.
මට දැන් නම් මෝටර් රථයක් නැහැ. ඉස්සර තිබුණු
කාලෙ මා හිතන්නෙ එයට පඬි නැට්ටන් ප්‍රචාරයක් දීල තිබුණා. මා යන එන තැන් නිකම් ම ප්‍රචාරය
වෙලා. මාධ්‍යවේදීන් ඒ නිසා මගේ ගමන් බිමන් ප්‍රචාරය කෙළේ නැහැ. මා සිටි මාධ්‍ය
සාකච්ඡාවක වුණත් මා කී දේ ප්‍රචාරය නොකිරීමට ඔවුන් කාරුණික වුණා. මගේ මෝටර් රථය
තවමත් තියෙනවා. අදට අවුරුදු හතළිස් පහක් වෙනවා. එය දැන් මගේ ඥති පුත්‍රයෙක්
පදවනවා. තවමත් එය දුවනවා.
සුසිල් ප්‍රේම් ජයන්ත ගැන මා කණගාටු වෙනවා. මට
ඔහු කිහිප වතාවක් මුණ ගැසී තියෙනවා. ඔහු කියා තිබුණා ඔවුන්ට ලැබී තිබුණෙ බංකුව
කියල. දැන් බංකුවත් නැහැ. බංකුව නැති වුණාට කමක් නැහැ බැංකුව තියෙනවා නම්. වඩා
වැදහත් බැංකුවයි. මගෙන් කවුරුන්වත් අහන්න එන්නෙ නැහැ ඩොලර් තියෙන බැංකුවක් ද
කියලා. කවරුන්වත් මගේ බැංකු ගිණුම් ගැන අහන්නෙ නැහැ. තානාපති කෙනකු වෙලා ඉඳලත් අහන්නෙ නැහැ. ඒක මට
මදිකමක්.
සුසිල් ප්‍රේම් ජයන්ත හා වාසු විමල් උදය ත්‍රිත්වය
අතරත් නිමල් ලන්සා වැන්නවුන් අතරත් වෙනසක් තියෙනවා. උගත් ජනමාධ්‍යවේදීන්ට වෙනස
තේරෙන්නෙ නැහැ. සුසිල් යහපාලනයට ගිය අයෙක්. ආණ්ඩු පක්‍ෂයේ ඉදිරි පෙළ අසුන්වල ඉන්න
අයගෙන් හුඟ දෙනෙක් තම දේශපාලන ජීවිතයේ පක්‍ෂ මාරු කළ අය. තම පක්‍ෂය මාරු නොකළ අය
සිටින්නේ කිහිප දෙනයි. ඒ අතර මහින්ද රාජපක්‍ෂ හා දිනේෂ් ගුණවර්ධන කැපී පේනවා. පක්‍ෂ
මාරු කිරීම පාපයක් වුණත් පංචානන්තරීය පාප කර්මයක් නො වෙයි. ඒත් යහපාලනයට යෑම
පංචානන්තරීය පාප කර්මයක්. මෛත්‍රිපාලලා දයාසිරිලා සුසිල්ලා එය අවබෝධ කරගෙන නැහැ.
යහපාලනයට ගිය කිහිප දෙනකුට ඇමතිකම් ලැබී තිබුණත් බොහෝ දෙනාට ලැබී තියෙන්නෙ බංකුව
.එයට වරදක් කියන්න බැහැ. යහපාලනයට ගොස් 2015 දී මහින්ද පරාජය කිරීම වැරදි ම වැරදි
දේශපාලන තීන්දුවක්. ඒ පාප කර්මයේ විපාක ජාති ජාති කොහොම වෙතත් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු
ගෙවන්න වෙනවා.
යහපාලනයට යන්න නොයෙකුත් හේතු තියෙන්න ඇති. ඒත්
ඒ එකක්වත් ගණන් ගත යුතුව තිබුණෙ නැහැ. අද කොහොම වෙතත් ධර්මය රජ කළ දවස දෙමවුපියන්
වැරදි කළා කියා ඔවුන් ඝාතනය කෙරුණේ නැහැ. පඬි නැට්ටන් අහන්න පුළුවන් කාශ්‍යප කාලෙ
සීතාවක රාජසිංහ කාලෙ ධර්මය රජ කෙළෙ නැද්ද කියලා. මගේ අධ්‍යයනයන් අනුව ඒ දෙදෙනාගෙන්
කිසිවකු පීතෘ ඝාතකයකු නො වෙයි. මෛත්‍රිපාලලා කළෙ බලය ලබා ගැනීමට පියා දේශපාලනික ව
ඝාතනය කිරීම.
බුදුදහමට අනුව කිසිවකු සදාකාලික අපායට යන්නේ
නැහැ. අජාසත්තලා දේවදත්තලා දිනෙක නිවන සම්මාබෝධ කර ගන්නවා. අප උත්සාහ කෙළෙ මෛත්‍රිපාලලා
නැවත මේ පැත්තට ගැනීමට. මේ පැත්ත සර්වතොභද්‍ර නැහැ. එහෙත් රට දැය සමයට ඒ පැත්තට
වඩා හොඳයි. මෛත්‍රිපාල දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවීමෙන් යම් කූසලයක් අත්පත් කර
ගත්තා. ඒත් මේ පැත්තෙ නිඝන්ටයන් ආජීවකයන් ආදීන් ඉන්නවා. පංචානන්තරීය පාප කර්මයක්
කළත් මෛත්‍රිපාලලා දයාසිරිලා සුසිල්ලා නිඝන්ටයන් නො වෙයි. මගෙන් අහන්න එපා මේ පැත්තෙ
ඉන්නෙ රෙදි අඳින නිඝන්ටයන් ද රෙදි නාඳින නිඝන්ටයන් ද කියලා.
නිඝන්ටයන් දින පනස්දෙකේ ආණ්ඩුව පවත්වා ගෙන ගියේ
නැහැ. යටත්විජිතගෙ මීටර සිය දිවිල්ල හමුවේත් ඔවුන් නිහඬ වුණා. ජෙප්පන්ට මතක නැහැ
ඔවුන් යහපාලනය ආරක්‍ෂා කළ දඩබල්ලන් බව. කසිකබල් මාක්ස්වාදීන් කිසි දිනෙක කිසිම රටක
මින් මතු බලයට එන්නෙ නැහැ. ගුණදාස අමරසේකර
කිසිම හැදැරීමක් නැතිව කිවුවත් මාක්ස්වාදය ගෑවිච්ච අයකුටවත් ලංකාවෙ බලයට එන්න
බැහැ. ජෙප්පන් කියන්නෙ ලෝකයෙ කොහෙවත් නොතිබූ රාජ්‍යයක් තමන් නිර්මාණය කරන බව. පඬි
නැට්ටන්ට, සියයට තුනට, සිහින දැකීමේ අයිතිය තියෙනවා. මාක්ස්
අවසාන වශයෙන් පෙන්නල තියෙන්නෙ ධනවාදය ඇති නොවුණු රටවල (රාජ්‍ය) ධනවාදය ඇති කිරීමේ
ක්‍රමයක් පමණයි. ලෙනින් ස්ටැලින් මාඕ ආදීන් ඒක යම් ආකාරයකට දැන ගත්තා. කස්ත්‍රෝ
මාක්ස් නොකියවා ම ප්‍රායෝගික ව එය දැක්කා. ට්‍රොට්ස්කි සහෝදරයා ඒ බව තේරුම් ගන්නෙ
නැතිව මැරුම් කෑව. ලෝකයට මින් මතු මාක්ස් අවශ්‍ය නැහැ. ලෝකය ධනවාදී වෙලා ලෙඩ වෙලා ඉවරයි. ලෝකයට අද ඕන
මාස්ක්.
සුසිල්ට රට දැය සමය වෙනුවෙන් තව කලක් බංකුවේ
ඉන්න තිබුණා. බංකුවේ නැගලා කෑ ගහලා වැඩක් නැහැ. මාධ්‍ය සංදර්ශන මාධ්‍යවේදීන්ට තම
දිවි පැවැත්ම සඳහා හොඳයි. ඔවුනුත් ජීවත් වෙන්න එපායැ. රට දැය සමයට සංර්ශනවලින්
සතපහක වැඩක් නැහැ. 2015 කළ වරද නැවතත් කිරීමෙන් රට ඉන්දියාවෙ
කොළනියක් වෙනවා.
සුසිල් පොළේ ගිහින් තියෙන්නෙ රට දැය සමය
වෙනුවෙන් නම් නො වෙයි. ඔහු පඬි නැට්ටන් මෙන් ඉංගිරිසි ජාතිකවාදයට කඩේ යනව කියලා මා
කියන්නෙ නැහැ. ඒත් තම
තමන්ට කඩේ යන මාධ්‍යවේදීන්ගෙ කැමරා ඔහු පසු පස එම තව සති දෙකකින් නවතිවි. දයාසිරිට නම් එතරම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
ඔහු වකුගඩු රෝගයට හේතුව හොයා ගෙන. සමහර විට ඔහුට උපදෙස් දෙන බටහිර වෙද මහතකු වෙන්න
බැරි නැහැ. ඔහු මහා විද්‍යාඥයෙක්.
දෙදෙනාගෙන් කාට හරි නොබෙල් තෑග්ග හිමිවෙන්න පුළුවන්. මෛත්‍රිපාල නම අනුව
නම් මෛත්‍රියෙහි ආරක්‍ෂකයා. නිකමටවත් මෛත්‍රියේ පාලකයා වෙන්න හදන්න එපා.